ලෙඩක් දුකක් නැතිව ඉන්න අපි හැමෝම කැමතියි . ඉතින් ලෙඩදුක් ඇතිවුණාම ඒවාට ප්‍රතිකාර ගන්නවාට වඩා ලෙඩ රෝග ඇතිවීම වළක්වා ගන්නට උනන්දු වෙන එක හරිම වැදගත්. විශේෂයෙන්ම වෛරස බැක්ටීරියා හේතු කරගෙන ඇතිවන නොයෙකුත් ලෙඩ රෝගවලින් අපිට ආරක්ෂා වෙන්නට අපහසු නැහැ. මොකද ජන්මයෙන් අපිට උරුම වෙන ප්‍රතිශක්තිය මගින් මුළු ජීවිත කාලය පුරාවටම අපේ ශරීරය විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්නට විශාල මෙහෙයක් සිදු කරනවා. මේ ප්‍රතිශක්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා විවිධ සාධක අනුව.
ප්‍රතිශක්තිය වැඩි වීමට සහ අඩුවීමට බලපාන සාධක
- අප ගනු ලබන ආහාර
- ඇවතුම් පැවතුම් (විහරණ )
- මානසික ඒකාග්‍රතාවය
- බාහිරින් ලබා ගන්නා ඖෂධ
ඉතින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නට ඕන කරන ආහාරපාන සහ චර්‍යා පුරුදු කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට වඩාත් සුදුසු ආහාර
- කොළපාට එළවලු
- කහපාට එළවලු හා පලතුරු
- කුරුඳු
- කරදමුංගු
- කරාබු නැටි
- කහ
- කළු දුරු
- කොත්තමල්ලි
- සියඹලා
- දම්පාට ගෙඩි වර්ග
- සුදු ලූණු
- ඉඟුරු
- ලුණුවිල
- රසකිද
- ඉරමුසු
- වෙනිවැල්ගැට
- මී පැණි
- ගොරකා
ප්‍රතිශක්තිය වඩවන විශේෂ ආහාර

මොනර කුඩුම්බිය මේ ඔසු පැලෑටිය ව්‍යංජනයක් ලෙස වගේම කැඳ වශයෙනුත් සකස් කර ආහාරයට ගන්නට පුළුවන්. ව්‍යංජනය සඳහා ලපටි අවධියේ මේ මොනර කුඩුම්බි සම්පූර්ණ ශාකයම භාවිතා කරන්නට පුළුවන්.
පොළොස් ගැට පොළොස් ගැටයක් තම්බා පොල් සමඟ ආහාරයට ගන්නට හැකි නම් එය ඉතාම වැදගත්. ඒ වගේම පොළොස් තම්බන ලද වතුර ස්වල්පයක් ගෙන එයට ලුණු සහ දෙහි යුශ ස්වල්පයක් එකතු කර සාමාන්‍ය පානයක් ලෙස ගැනීමත් ඉතාම සුදුසුයි.
බලු නකුට ශාකය මේ ශාකය බොහෝවිට කැඳ සාදා පානය කරන්නට භාවිතා කරනු ලබනවා. ප්‍රතිශක්තිය වර්ධනය සඳහා වඩා වැදගත් ශාකයක් ලෙස මේ ශාකය හඳුන්වන්නට පුළුවන්.
ඉගිනි ඇට පානය ඉගිනි ඇට හොඳින් සෝදා කබලේ බැද කුඩු කරගෙන බෝතලයක අසුරා කාලයක් තබා ගෙන තේ, කෝපි වෙනුවට කිරිපිටි වෙනුවට භාවිතා කරන්නට පුළුවන් .ඉතාම ගුණදායක රසවත් පානයක්. ඒ වගේම ප්‍රතිශක්තිය වැඩි කිරීමේ සුවිශේෂී හැකියාවක් ද මේ ඉගිනි ඇටවල අඩංගු නිසා තේ වෙනුවට ඉගිනි ඇට පානයට ගන්න පුළුවන්.
නිල් කටරොළු මල් මේ නිල් කටරොළු මල් පානයක් ලෙස සකසා ගැනීම වගේම ආහාරයට විවිධාකාරයෙන් එකතු කර ගන්නට හැකි ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන අපූරු ආහාරයක්.
කුරුම්බා සහ තැඹිලිවල කහකඩ කුරුම්බා මද සහ කුරුම්බා වතුරත් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ඉහළ ගුණයෙන් යුක්ත ආහාරයන්. ඒ හැරුණාම බොහෝඅයට අමතක වෙන ආහාරයට නොගන්නා ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණයක් සහිත කොටසක් තමයි කහකඩ කියන්නේ. ඒ කියන්නේ නොමේරු පොල් කටුව. මෙය නිතරම ආහාරයට නොගත්තත් ඉදහිට හෝ මේ කහකඩ ආහාරයට ගන්නට මතක කරන්න එපා.

ඕට්ස් කැඳ-ඕට්ස් ධාන්‍ය වර්ගය සුප් එකක් ලෙස කැඳ ලෙස කිරි පානයක් ලෙස ආදී ආකාර බොහොමයකට ඉතා රසවත්ව වගේම ගුණවත්ව සකස් කරගන්නට පුළුවන්. මුළු ලෝකයේම ජනප්‍රියම උදෑසන ආහාරය බවට පත් වෙලා තියෙන ඕට්ස් කුමන රෙසිපියකට සකසා ගත්තත් එය ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණයක් සහිත සුපිරිම ආහාරයක් බව අවිවාදයෙන්ම පිළිගන්නට පුළුවන්.
- සුවදායක නින්දක් ලබ ගැනීම
- නිදිවැරීමෙන් වැළකීම
- උදෑසන හිරු එළියට නිරාවරනය වීම
- ව්‍යායාම
- ආහාරවේල් අතර කාල පරතරය
නිතරම ආහාර ගන්නවාට වඩා එක් ආහාරවේලක් ගෙන පැය 6 ක් ඉක්ම ගිය පසු ආහාර ගැනීම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා අතිශයින්ම වැදගත් කාරණාවක්.
- මානසික ආතතිය අඩු මට්ටමක පවත්වා ගෙන යාම (නිතර ක්‍රෝධයෙන් , කේන්තියෙන්, බයෙන් නොසිට මානසික සැහැල්ලුවෙන් කාලය ගත කිරීම . )
- නිරුවත් දෙපාවලින් පොළව මත ඇවිදීම
- භාවනා සහ යෝගී ව්‍යායාම්වල නිරත වීම
- මළ මුත්‍රා, කිවිසුම් ඈනුම්, අධෝ වාතය ආදී වේග දරා නොසිටීම
- නිසිවෙලාවට ආහාර ලබා ගැනීම
- කොත්තු, රයිස්, පැණි බීම, ටින් කරන ලද ආහාර , ක්ෂණික හා කෘතීම ආහාරපානවලින් වැළකීම
ප්‍රතිශක්තිය අඩු වීම හෝ වැඩි වීම කියන කාරණාව අපි හිතන පතන පුන්චි සිතුවිල්ලේ සිට කන බොන කරන කියන හැමදෙයකම බලපෑම මත තීරනය වෙන දෙයක්. එනිසා ආහාරවලින් පමනක් ශක්තිමත් ප්‍රතිශක්තිකරන පද්ධතියක් ගොඩනගා ගන්නට හැකියාවක් නැහැ. එනිසා මේ කරු