විටමින් B 12 ඌණතාව ඇතිබව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 14 ක්

health tips

අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට විවිධ පෝෂක අවශ්‍ය වෙනවා. සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට සහ පැවැත්මට ඕන කරන සංඝටක හීන වූ විට අපේ ශරීරයේ විවිධ අවයවයන්වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා රෝගවලට ගොදුරු වෙනවා. ඉතින් මේ කතා කරන්නට යන විටමින් B 12 කියන්නෙත් අපේ ශරීරයේ පැවැත්මට ඉතා අත්‍යවශ්‍ය විටමිනයක්. ඒ වගේම තමයි මේ විටමින් B 12 ප්‍රමාණවත් පරිදි නොලැබීමෙන් අපේ ශරීරයේ ප්‍රධාන නියමුවා වන රුධිරය පවා රෝගී වෙනවා. ඒ නිසා සමස්ත ශරීරයම අඩපණ කරන්නට හේතුවන නොසලකා හැරිය යුතු නොවන ඌණතාවයක් තමයි මේ විටමින් B 12 ඌණතාවය. ඉතින් මේ විටමින් B 12 අපේ ශරීරයට හිඟ වුණොත් ඒ බව අපේ ශරීරයට විවිධ සංඥා මගින් පෙන්නුම් කරනු ලබනවා. ඒ නිසාම ඒ ලක්ෂණ මොනවා ද යන්න දැනුවත්ව සිටීම අපේ ශරීරයේ නීරෝගිභාවයට ඉතාම යහපත්. ඉතින් ඒ නිසාමයි අද මේ ලිපිය තුළින් විටමින් B 12 ඌණතාවය පිළිබඳව කතා කරන්නට තීරණය කළේ.

විටමින් B 12 වල කාර්යයන් 

  • ජලීය ද්‍රාවීය විටමින් B 12 හෙවත් කොබොලයිමින් අපේ ශරීරයේ සෑම සෛලයකම පරිවෘත්තීය ක්‍රියාවලියට අත්‍යවශ්‍යම විටමිනයක්. (ශරීරයේ සෛලවලට ශක්තිය සැපයීම,ශරීර සෛල සෞඛ්‍යමත්ව හා ප්‍රබෝධමත්ව තැබීම, ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර කිරීම ) . මේ විටමින් B 12 ස්වාභාවිකවම සත්ව ආහාර, මස්, මාළු කුකුළු මස්, බිත්තර ධාන්‍ය වර්ග,ආමන්ඩ් කිරි, පොල් කිරි සහ කිරි ආහාරවලින් අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්.
  • රතු රුධිර සෛල සහ DNA  නිපදවීම සඳහා දායක වෙයි.
  • ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා බලපානු ලබයි.
  • හෘද රෝග සහ ආඝාතය වැනි තත්ත්වයන් වළක්වයි.

විටමින් B 12 හිඟය

  • සාමාන්‍යයෙන් මේ විටමින් B 12 ඌණතාවය නිසා ඇතිවන ලෙඩ රෝග ඇති වෙන්නේ පුද්ගලයා වයස්ගත වීමත් සමඟයි. ඒ නිසා මේ රෝගී තත්ත්වය බොහෝ උත්සන්න වනතුරු හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. එය සැබැවින්ම අවාසනාවක්. විශේෂයෙන්ම මේ ඌණතාවයේදී ආහාරවලින් අවශ්‍ය පෝෂක කොටස් උරා ගැනීමට අපොහොසත්වීම නිසා අප කොතරම් පෝෂ්‍යදායි ආහාර ලබා ගත්තත් ඒ කිසිම පෝෂක කොටසක් ශරීරයට අවශෝෂණය වෙන්නේ නැහැ. 

විටමින් B 12 ඌණතාවය ඇතිවීමට වැඩි අවදානම් සහිත අය 

  • මේ විටමිනය අපේ ශරීරයේ නිපදවන්නේ නැති නිසා අපිට ඒවා ආහාර මගින් ලබා ගන්නට සිදු වෙනවා. විටමින් B 12 අඩංගු ආහාරවලින් වැඩි ප්‍රමාණයක් සත්ව නිෂ්පාදනවලින් ලැබෙන නිසා නිර්මාංශික අයට මේ ඌණතාවය වැළදීමේ අවදානමක් පවතිනවා.
  • බර අඩු කර ගැනීමේ සැත්කම් කළ අය 
  • බඩවැල් ආශ්‍රිත රෝග ඇති අය 
  • අධික ලෙස මත්පැන් පානය කරන අය 
  • වයස්ගත අය. වයෝවෘද්ධභාවයට පත්වීමත් සමඟ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමේ ගැටළු ඇතිවීම එයට හේතුවයි.

විටමින් B 12 ඌණතාවය පෙන්වන ලක්ෂණ 

නිතර ඇතිවන කරකැවිල්ල  විටමින් B 12 ඌණතාවය හඳුනා ගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ නිරන්තරයෙන් ඇතිවන කරකැවිලි තත්ත්වයයි.පඩිපෙළක් නැගීමේදී හා බැසීමේදී, වාඩිවී සිට ක්ෂණිකව නැගිටිද්දී ආදී අවස්ථාවල හිස කැරකීම මේ විටමින් B 12 ඌණතාවය නිසාවෙන් ඇති වෙන තත්ත්වයක් වීමේ ඉඩකඩ ඉතා වැඩියි.

සම පාණ්ඩු පැහැයක් ගැනීම අපේ ශරීරයේ විටමින් B 12 හිඟ වූ විට රතු රුධිරාණු ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඒ නිසා ඇට මිදුළුවලින් රතු රුධිරාණු අඩුවෙන් මුදා හැරෙන අතර රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය අඩුවීමෙන් සුදුමැලි ස්වභාවයක් ඇතිවෙනවා. ඒ වගේම මේ ඌණතාවය නිසා රතු රුධිර සෛල දුර්වල වී ඉක්මනින් බිඳී යනවා. සිරුරේ රතු රුධිරාණු මට්ටම පහත වැටෙනවා. මේ නිසා සම සුදුමැලි පාණ්ඩු ස්වභාවයක් ගනු ලබනවා.

නිතර අමතක වීම බොහෝ අය මේ තත්ත්වය ඩෙමෙන්ෂියා හෝ ඇල්ෂයිමර් රෝගය යැයි සිතුවත් මේ විටමින් B 12 ඌණතාවය නිසා ද ඇති වෙන්නට පුළුවන්.

හුස්ම ගැනීමේ අපහසුව අපේ ශරීරයේ රතු රුධිරාණු නිෂ්පාදනයට අවශ්‍ය මේ විටමින් B 12 ඌණවීමෙන් රතු රුධිර සෛල මට්ටම අඩු වෙනවා. ශරීරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නොමැති නිසා සමස්ත ශරීරයේ කොටස් කරා ඔක්සිජන් පරිවහනය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. ඒ නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

පෙනීම දුර්වල වීම විටමින් B 12 ඌණතාවය නිසා ස්නායු දුර්වලවීමෙන් ඇස ග්‍රහණය කරගන්නා රූප මොළයට යවන ස්නායු අඩපණවීම නිසා ඇසට හසුවන රූප මොළයට  ගමන් කරන්නේ නැහැ. ඒ නිසා රූප හඳුනා ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

මාංශ පේශීවල දුර්වල බව සුළු බරක් ඔසවන විට වුණත් අධික බරක් ලෙස දැනීම හා වේදනාව ඇතිවීම මාංශපේශී දුර්වල වී ඇති බව පෙන්නුම් කරනවා.විශේෂයෙන්ම විටමින් B 12 නිසි පරිදි නොලැබීම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.

අක්ෂි රෝග ඇතිවීම පෙනීම බොඳ වීම ,ආලෝකයට අදි සංවේදිතාවය නිසා කදුළු ගැලීම දර්ශන දෙගුණ වි පෙනීම් නාහිය මේ විටමින් B 12 ඌණතාවය නිසා ඇතිවෙන්නට පුළුවන්.

අධික තෙහෙට්ටුව සුවදායි රාත්‍රී නින්දක් ලැබූ පසුවත් ශරීරයට අධික ලෙස තෙහෙට්ටුවක් දැනෙයි නම් එය විටමින් B 12 ඌණතාවයක් ඇති බව හඟවන ලක්ෂණයක් විය හැකියි. මේ ඌණතාවයේදී ශරීරයේ රතු රුධිරාණු නිෂ්පාදනය අඩපණවීමෙන් ශරීරයට ඔක්සිජන් සැපයීම, ප්‍රමාද වූ විට මේ තෙහෙට්ටුව දැනෙන්නට පුළුවන්.

ඉදිකටු තුඩකින් අනිනවා සේ දැනෙන සංවේදන මේ විටමින් B 12 ඌණතාවය ස්නායු සෛලවලට හානි සිදු කෙරෙන නිසා එය අපේ අත් පා වල කටුවලින් අනින්නා සේ දැනීම ඇති කරයි.නමුත් මේ තත්ත්වය නොසලකා හැරීමෙන් ප්රෙස්ටේෂියා තත්ත්වයට වුණත් පත්වෙන්නට පුළුවන්.

  • දිව ඉදිමීම 
  • මලබද්ධය හෝ ආහාර ජීර්ණ ගැටලු 
  • ආහාර රුචිය අඩුවීම 
  • මානසික අවපීඩනය 

විටමින් B 12 ඌණතාවයේ සංකූලතා

  • ස්නායු පද්ධතියේ කොටස්වලට හානි සිදුවීම 
  • මතකය අහිමිවීම 
  • දෘශ්‍ය ගැටළු 
  • තාවකාලික මඳ සරුභාවය 
  • ආමාශ පිළිකා 
  • බරපතල උපත් දෝෂ ඇතිවීම  

මේ රෝග ලක්ෂණවලින් කිහිපයක් ඔබත් අත්විදින්නේ නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයෙක් හමුවී සරල රුධිර පරීක්ෂාවක් කරවා ගන්න. ඒ වගේම විටමින් B 12 අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාර වේලට එකතු කරගන්නටත් අමතක කරන්න එපා.