සිරුරේ විටමින් D ඌනතාවයක් ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 14 ක්

health tips

සිරුරට අවශ්‍ය කරන ඇතැම් විටමින් පදාර්ථ එළවලු සහ පලතුරු පරිභෝජනයෙන් පමණක් පහසුවෙන් ලබාගත නොහැකිය. විටමින් D කියනේත් එවැනි වැදගත් පෝෂකයකි.හිරු එළියෙන් අපේ ශරීරයට විටමින් D සෑදිය හැකිය. අනෙකුත් විටමින් සමඟ සසඳන විට විටමින් D අද්විතීය වන්නේ ද මේ සුවිශේෂි හේතුව නිසාමයි.අපගේ සිරුරේ අස්ථි සැකිල්ල නිර්මාණය කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම වැදගත් කාර්යක් ඉ‍ටුකරන පෝෂකයක් ලෙස විටමින් D පදාර්ථ හැඳින්විය හැකියි. එදිනෙදා පරිභෝජනය කරනු ලබන ආහාර වලින් ලැබෙන කැල්සියම් පෝෂණය සිරුරට අවශෝෂණය වීමට ආධාර කිරීම විටමින් D පදාර්ථ වල ප්‍රධාන කාර්යකි.පසුභාවිතය සඳහා සිරුරේ ඒවා තැන්පත්කරගැනීමට උපකාර කරයි.

එමෙන්ම විටමින් D මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ සහ ලිංගික ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අතට පත්කිරීමේ කාර්යය ද සිදුකරයි. හෘදයේ මෙන්ම සම්පුර්ණ ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා විටමින් D පෝෂණය ලැබීම අත්‍යාවශ්‍ය වේ.විටමින් D ඌනතාව කුඩා ළමුන් අතර මාන්දම වැනි තත්වයන් ඇතිවීමට බලපායි. දිනකට පරිභෝජනය කල යුතු විටමින් D පෝෂක මාත්‍රාව දැක්වෙන්නේ මයික්‍රෝග්‍රෑම් 2.5 ක් ලෙසයි. කෙසේවෙතත්, විටමින් D ඌනතාව අප නොසිතන තරමේ බරපතල සෞඛ්‍යය ගැටලු උත්සන්න වීම කෙරෙහි බලපෑ හැකි නොසලකා හැරීම නොකල යුතු තත්වයක් බව සෞඛ්‍ය සංවිධාන පෙන්වාදේ.

පහත සඳහන් ලක්ෂණ අත්දකින්නේ නම් ඉන් බොහෝ විට ඔබ විටමින් D ඌනතාවෙන් පෙළෙන බව සංඥා කරනවා විය හැකියි. දිගින් දිගටම මෙම රෝග ලක්ෂණ නිසා පීඩාවන් මතුවේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.

සිරුරේ අධික තෙහෙට්‍ටුව සිරුරේ තෙහෙට්‍ටුවට බලාපන හේතු බොහෝමයක් අතරින් එකක් ලෙස විටමින් D ඌනතාව ද හැඳින්විය හැකියි.නිතරම සිරුරේ අධික මහන්සියක් දැනීමට හේතුව මෙම පෝෂකය හිඟකම නිසා විය හැකියි.හොඳ රාත්‍රී නින්දකට පසුව ද උදෑසන අවදි වූ විට තදබල තෙහෙට්‍ටුවක් අත්දකින්නේ නම් බොහෝ විට ඔබ මේ තත්වයෙන් පෙළෙනවා විය හැකියි. විටමින් D බහුල ආහාර පාන පරිභෝජනයට ගැනීම මෙම රෝග ලක්ෂණ සමනය වීමට උපකාරී වෙයි.දවස පුරා මෙම තත්වය පවතියි නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

තුනටියේ වේදනාව ව්‍යායාම වල යෙදීමෙන් හෝ කාර්යබහුල දවසක අවසානයේ මාංශ පේශී තැලුම් ස්වභාවයක් අත්දැකීම සාමාන්‍ය දෙයක්.නමුත් දිගින් දිගටම ඔබේ තුනටිය ප්‍රදේශයේ වේදනාවක් දැනෙයි නම් ඊට හේතුව විටමින් D ඌනතාව වන්නට ද පුළුවන්.

මාංශ පේශී වල අප්‍රාණිකබව නිතිපතා මාංශ පේශී වල අප්‍රාණිකබවක් අත්දැකීම සාමාන්‍ය තත්වයක් නොවෙයි.නිතර නිතර මාංශ පේශී පෙරළීම (කෙණ්ඩා පෙරළීම) සිරුරට ප්‍රමාණවත් තරම් විටමින් D නොලැබෙන බව පෙන්නුම් කරන තවත් ලක්ෂණයක්.කුඩා ළමුන් තුළ විටමින් D ඌනතාව ඇතිවීම බරපතලයි(බොහෝ විට මාන්දම තත්වයට තුඬු දිය හැකියි.මෙය ළමුන්ගේ අස්ථි වර්ධනයට බලපෑම් ඇතිකරන රෝග තත්වයකි).

මාංශ පේශී කැක්කුම් පැහැදිලි හේතුවක් නැතිව සිරුරේ පේශීන් වල කැක්කුම් ඇතිවීමට මෙම විටමින් ඌනතාව හේතුවක් විය හැකියි.සීත කාල වල මෙම කැක්කුම් තත්වයන් වැඩිවේ නම් බොහෝ විට ඒ මේ නිසා විය හැකියි.විටමින් D ඌනතාව නිසා ඇතිවන පේශි කැක්කුම් තත්වයට වයස් භේදයක් නැතිබව අධ්‍යයන පෙන්වාදෙයි.

අස්ථි වල අපහසුතා මතුවීම අස්ථි වල වේදනාව හටගැනීම ඉතා පීඩාකාරීය.එය ඔබේ දෛනික වැඩකටයුතු වලට පවා බාධා ඇතිකරයි.තද කිරීමේදි (පීඩනය යෙදීමේදී) අස්ථි වල වේදනාවක් ඇතිවේ නම් ඊට හේතුව බොහෝදුරට විටමින් D ඌනතාවයි (බොහෝවිට පපු ඇටය හෝ දණහිසට පහළින් පිහිටි අස්ථිය ආශ්‍රිතව වේදනාව ඇතිවෙයි නම් මෙය වඩාත් සත්‍යවේ).අස්ථි මොළොක් බව හා වේදනාකාරීබවට ප්‍රමාණවත් ලෙස විටමින් D පෝෂණය සිරුරට ලබානොගැනීම බව අධ්‍යයන පෙන්වාදෙයි.දිගු කලක් තිස්සේ මේ තත්වය අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසුයි.

නින්ද අපහසුවීම විටමින් D ඌනතාව හොඳ නින්දක් ලැබීමට නොහැකිවීමට බලපාන තවත් සාධකයක් බව විශේෂඥයින් පෙන්වාදෙනවා.විටමින් D හිඟකම නින්දේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවට ද බලපෑම් කරයි.විටමින් D ඌනතාව නින්ද ආශ්‍රිත රෝගාබාධ ‍රැසකට මූලික විය හැකි හේතුවක් ලෙස සොයාගෙන ඇති බව අධ්‍යයන ගණනාවක් මඟින් පෙන්වාදී තිබෙයි.

හිසකෙස් හැලීයාම වයසට යන විට හිසකෙස් හැලීයාම සාමාන්‍ය දෙයක්.නමුත් අකලට හිසකෙස් හැලීයාම , අන් අයට වඩා වේගයෙන් හිසකෙස් හැලීයාම අත්දකින්නේ නම් මේ සඳහා බොහෝ විට ඔබේ සිරුරේ විටමින් D ඌනතාව බලපා ඇති.පිරිමි අය සම්බන්ධයෙන් මෙය වඩාත් නිවැරදි බව පෙන්වාදෙයි. කාන්තාවන් ගත් විට සිරුරට විටමින් D පෝෂණය ලැබෙන තරම අඩු වන තරමට හිසකෙස් හැලීයාම වඩාත් වැඩි බව පෙන්වාදෙයි.

දද (එක්සිමා) දද නිසා ඔබේ සම රතු වීම හා කැසිල්ල හටගැනීමට පටන්ගනියි.විටමින් D ඌනතාව මීට බොහෝවිට මූලික වෙයි.නිසි විටමින් D පෝෂණයක් සිරුරට ලබානොගැනීමෙන් මෙවැනි චර්ම ගැටලු වල ලක්ෂණ තව තවත් උත්සන්න විය හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.

තුවාල සුවවීමට කල් ගත වීම සුලු තුවාලයක් වුවත් සුවවීම මන්දගාමී නම් ඊට විටමින් D ඌනතාව ද එක් හේතුවක් වී තිබෙන්නට පුළුවන්.සැත්කම් වලින් පසු තුවාල නිසි ලෙස සුවවීම සඳහා සිරුරේ ප්‍රමාණවත් තරම් විටමින් D පෝෂණයක් තිබීම වැදගත් බව පෙන්වාදෙනවා.තුවාල සුවවීමට බොහෝ කලක් ගත වන බවක් පෙනී යයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කරන්න.

නිතර අසනීප වීම නිතර නිතර ඔබ අසනීප වන්නේ නම් ඊට හේතුව ඔබේ සිරුරේ විටමින් D ඌනතාවක් මතුවී තිබීම වීමට පුළුවන්.විටමින් D සහ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරස හා ආසාදන වලට එරෙහිව ක්‍රියාකාරීවන ආකාරය අතර සෘජු සම්බන්ධතා නිරීක්ෂණය කළ හැකි බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි. අසනීප වීමෙන් වැළකී සිටීමට නම් නිතිපතා විටමින් D ඇතුළු සිරුරට වැදගත් අනෙකුත් පෝෂක සපිරි ආහාර පාන වර්ග පරිභෝජනයට එක්කරගන්න.

විටමින් D හිඟවීම සිරුර තුළ ස්වයං ප්‍රතිශක්ති ආබාධ වර්ධනය වීමේ අවදානම ඉහළ දැමිය හැකි බව ද සඳහන්.ඇතැම් විට පිළිකා තත්ව පවා මතුවිය හැකියි.නිතර අසනීප වන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.

ඉස කරකැවිල්ල ඔබ වටා ඇති දේවල් සියල්ල ඔබ වටා කරකැවෙනවාක් මෙන් පෙනෙනවාද?කරකැවිල්ල ගතිය නිතර ඇතිවීමට ඔබේ සිරුරේ විටමින් D ඌනතාව ද බලපෑ හැකියි.නිසි ලෙස විටමින් D පෝෂණයක් සිරුරට නොලැබීමෙන් මෙම ලක්ෂණය තවත් නරක අතට හැරීමට ඉඩ තිබෙයි.

නිතර මූත්‍රා ආසාදන ඇතිවීම මූත්‍රා මාර්ගයේ ආසාදන ඉතා පීඩාකාරී අත්දැකීමක්. නිතරම වගේ මෙවැනි ආසාදන වලට ගොදුරුවීම සිරුරේ විටමින් D ඌනතාව හේතුවෙන් තුඬු දුන් තත්වයක් වීමට ඉඩ තිබෙයි.අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට ප්‍රමාණවත් ලෙස විටමින් D පෝෂණයක් සිරුරට ලබාගැනීමට අපොහොසත් වන කාන්තාවන් නිතර නිතර බැක්ටීරියා මූත්‍රා ආසාදන වලට ලක්වීමේ අවදානම වැඩි බවයි.

ජීර්ණ මාර්ගයේ ගැටලු ජීර්ණ මාර්ගයේ ප්‍රදාහය ඇතිවීම (inflammatory bowel disease) ඉතා පීඩාකාරි තත්වයකි.නිතිපතාම මෙම තත්වය ඇතිවීම පාචනය, උදර වේදනාව වැනි අපහසුතා නිතර මතුකරවයි.හොඳ විටමින් D පෝෂණයක් සිරුරට ලබාගැනීම මෙම පීඩාකාරී ලක්ෂණ අවම කරගැනීමට ප්‍රතිලාභ දෙන බව පෙන්වාදෙයි.එසැ ප්‍රමාණවත් විටමින් D පෝෂණය ලබාගැනීමට සැලකිලිමත් නොවීම එම ලක්ෂණ නරක අතට හැරීමට පවා බලපෑ හැකිය.

අධිබර ස්ථූලවීමට ආතතිය, අධික ලෙස ආහාර පාන ගැනීම, ඇතැම් රෝගාබාධ වැනි බොහෝ සාධක බලපායි.මීට නිසි ලෙස විටමින් D පෝෂණයක් නොලැබීමේ ද යම් බලපෑම් තිබෙයි.එමෙන්ම ස්ථූල පුද්ගලයින් තුළ විටමින් D ඌනතාව ඇත්වීමේ අවදානම 35%කින් පමණ වැඩි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.