විටමින් D  ඌණතාවය ඇති බව හඟවන ලක්ෂණ 8 ක්

health tips

ඔබගේ හිසකෙස් අහුරු පිටින් ගැලවී යනවා නම් හිසකෙස් වර්ධනය බාල නම් බොහෝ සිත් තැවුලෙන් පසුවෙනවා ඇති. ඒ සඳහා හේතුවක් නොදැන හිසකෙස් සඳහා විවිධ ප්‍රතිකාර කරනවා ඇති. නමුත් ඔබ කෙසේවත් නොසිතන විටමින් D ඌණතාවයක් නිසා මේ විදියට හිසකෙස් ගැලවී යන බව ඔබ නොදන්නවා ඇති. අපේ  ශරීරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය පෝෂකයක් තමයි විටමින් D . අපි ගන්නා ආහාරවල පවතින කැල්සියම් ශරීරයට අවශෝෂණය කරගනු ලබන්නේ විටමින් D මගින්. ඒ හැරුණාම විටමින් D වලින් ප්‍රයෝජන රාශියක්ම පවතිනවා. ඒ නිසාම විටමින් D ශරීරයේ ප්‍රමාණවත් තරම් තිබීම අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් විටමින් D ඌණතාවයක් අපේ ශරීරයේ ඇත්නම් එය අපේ ශරීරයේ පැවැත්මට විශාල බලපෑමක් කරනු ලබනවා. මේ නිසාවෙන් විටමින් D ශරීරයට ඌණ බව විවිධ  සංඥා මගින් දැනුම් දෙනවා.  ඒ එක් ලක්ෂණයක් තමයි හිසකෙස් අහුරු පිටින් ගැලවී යන එක. ඉතින් මේ වගේ ලක්ෂණ කිහිපයක් මගින් අපිට මේ විටමින් D ඌණතාවය දැනුම් දෙන අතර ඒ සඳහා පිළියම් යෙදීම අප සතු වගකීමක්. ඉතින් ඔබට විටමින් D ඌණතාවයක් ඇති බව හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද කියලා බලමු.

විටමින් D අපේ ශරීරයට අවශ්‍ය ඇයි 

  • ආහාරවල ඇති කැල්සියම් ශරීරයට අවශෝෂණය කිරීම සඳහා
  • ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා
  • හදවත් රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා
  • මානසික ආතතිය දුරු කිරීම සඳහා
  • අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා
  • ඔස්ටියෝ පොරෝසීස් හා ආතරයිටීස් වැනි රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා 
  • විශාදිය වැනි තත්ත්වයන් දුරු කිරීම සඳහා
  • පිළිකා සෛලවලට එරෙහිව සටන් කිරීම සඳහා  

විටමින් D ලබාගත  හැකි ආකාර අපේ ශරීරයට විටමින් D ලැබෙන ප්‍රභවයන් කිහිපයක්ම පවතිනවා. උදෑසන හිරු කිරණ සමට වැටීම මගින් විටමින් D අපිට ලබා ගන්නට පුළුවන්. උදෑසන හිරු එළියට නිරාවරණය වෙලා විනාඩි 15-30 ක කාලයක් සිටීම තුළින් සිරුරේ විටමින් D නිපදවීම සිදු වෙනවා. ඒ හැරුණාම ආහාර මගින් ද විටමින්  D ලබා ගන්නට පුළුවන්.බිත්තර කහ මදය, සැමන්, ඕට්ස්, ටූනා , මාළු, චීස්, හතු  කිරි  බටර් , ධාන්‍ය ආහාර, තැඹිලි වතුර,දොඩම් යුෂ, මගින් විටමින් D සුළු ප්‍රමාණයක් ලැබෙන අතර ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිරු එළියෙන් ලැබෙනවා. ඒ හැරුණාම විටමින් D පෙති වශයෙන් ලබා ගන්නටත් පුළුවන්.

විටමින් D ඌණතාවය රිකට්ස් කියන ආබාධ තත්ත්වයන් ආදී ආබාධ රාශියක්ම ඇති කරනවා.ඉතින් ඔබටත් විටමින් D ඌණතාවයක් පවතින්නේ ද යන්න හඳුනා ගන්නට හැකි ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබා තිබීම මේ ආබාධ තත්ත්වයන්ගෙන් වැළකීමට බෙහෙවින් උපකාරී වෙනවා.

හිසකෙස් ගැලවී යාම අපේ බාහිර පෙනුම වැඩි කරන්නට හිසකෙස් විශාල මෙහෙයක් ඉටු කරනවා. ඒ වගේම තමයි බොහෝ ආබාධ අපේ ශරීර අභ්‍යන්තරයේ පවතින බවට මුලින්ම දැන කියා ගන්නට හැකි වෙන්නේත් මේ හිසකෙස් මගින්. මොකද හිසකෙස් හැලී යන්නට විවිධ පෝෂක ඌණතාවයන් වගේම ලෙස විටමින් D ත් හේතු වෙන නිසා. විටමින් D ඌණතාවය කියන්නේ හිසකෙස් ගැලවී යන්නට, හිසකෙස්වල වර්ධන ක්‍රියාවලිය අඩපණ වෙන්නට හිසකෙස්වල තුනී බව ඇති වෙන්නට  හේතුවන සාධක අතුරින් එකක්. ඉතින් අසාමාන්‍ය ලෙස හිසකෙස් අහුරු පිටින් ගැලවී යාම ආදී තත්ත්වයන් විටමින් D ඌණතාවයක් සිරුරේ ඇති බව හඟවන එක් ලක්ෂණයක්. මොකද විටමින් D  හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍ය අංගයක් වන නිසා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම බොහෝ කාලයකට පෙර සිටම ක්ෂය රෝගීන් සූර්යාලෝකයට නිරාවරණය වූ සනීපාරක්ෂක මධ්‍යයස්ථාන වෙත යවනු ලැබුවා. ඒ අනුව එවක වෛද්‍යවරුන් සූර්යා ලෝකයෙන් ලැබෙන විටමින් D මගින් ආසාදන මරාදමා තියෙනවා. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ආදී රෝගවලින් වළක්වා ගෙන ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට විටමින් D විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔබ නිතර නිතර රෝගවලට ගොදුරු වෙනවා නම් වෛරස් ආසාදනවල ලක්වෙනවා නම් එය D විටමින් ඌණතාවයක් නිසා වෙන්නට පුළුවන්.

මාංශ පේශී වේදනාව විටමින් D  ඌණතාවයක් ශරීරයේ පවතී නම් එය අපිට දැන ගන්නට හැකි තවත් ලක්ෂණයක් තමයි මාංශ පේශීවල ඇතිවන අධික වේදනාව වගේම දුර්වල බව.මේ නිසා ක්‍රමයෙන් ශරීරයේ මාංශ පේශීවල වේදනාව පුළුල් වෙනවා.

අස්ථිවල වේදනාව අස්ථි පටකවලට කැල්සියම් ලබාදීම සඳහා විටමින් D අපේ ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා. නමුත් යම් ආකාරයට අපේ ශරීරයේ ප්‍රමාණවත් ලෙස විටමින් D නොමැතිවීම අස්ථි වේදනාවට පත්කරමින් ඔස්ටියෝපොරෝසීස් තත්ත්වයන් වුණත් ඇති කරන්නට පුළුවන්. අවශ්‍ය විටමින් D ප්‍රමාණය ශරීරයට ලැබීමෙන් අස්ථි වේදනාවන් , අස්ථි බිදීම් ආදී තත්වයන්වලින් වැළකෙන්නට පුළුවන්.

හිසට දහදිය දැමීම විශේෂයෙන්ම ශරීරයේ අනෙක් කොටස්  සමඟ සසදන විට හිසට අධික ලෙස දහදිය දැමීම ඇතැම් විට විටමින් D  ශරීරයේ ප්‍රමාණවත් තරම් නොමැතිවීම නිසා වෙන්නට පුළුවන්. එවැනි ලක්ෂණයක් ඔබට ඇති වුණොත් ඒ සඳහා  වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

අධික තෙහෙට්ටුව වෙනත් රෝගවල පූර්ව ලක්ෂණයක් ලෙසත් මේ තෙහෙට්ටුව සහ සිරුරේ දුර්වල බව ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී එය විටමින් D ඌණතාවයක නිසාවෙන් වුණත් ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.

කාංසාව සහ මානසික අව පීඩනය මොළයේ තුළු ශරීරයේ බොහෝ කොටස්වලට විශාල බලපෑමක් කරන්නට විටමින් D ට හැකියාව පවතිනවා.  ඒ නිසා කාංසාව වගේම මානසික අවපීඩන තත්ත්වයන් විටමින් D ඌණතාවයන් නිසා ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණය නොසලකා හරින්නට එපා.

ඉක්මනින් වයසට යාම ඉතින් මේ ලක්ෂණ ඇත්නම් එය ඔබේ සිරුරට අවශ්‍ය විටමින් D හිඟවීමක් පිළිබඳව හඟවන ලක්ෂණ විය හැකි බැවින් සුදුසු වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගන්න.