සිරුරේ විටමින් ඌණතාවයක් ඇති බව හඟවන ලක්ෂණ 21 ක්

health tips

අපේ ශරීරයේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේ ආහාරය කුසගින්න නිවා ගැනීම සඳහා පමණක් ගැනීම නුවණට හුරු නැහැ. අපි ගනු ලබන ආහාරවේල කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, තන්තු, ලිපිඩ, විටමින් ආදී පෝෂක ලබාදෙන ආහාරවේලක් විය යුතුයි. යම් විටෙක අපේ ශරීරයට අවශ්‍ය මෙවැනි පෝෂකවලින් එකක් හෝ ඌණ වුණොත් ඒ බව අපිට විවිධ ලක්ෂණ මගින් පෙන්නුම් කරනු ලබනවා. ඉතින් විටමින් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම පෝෂකයන්ගෙන් එකක්. මේ විටමින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසියාකාරව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන පෝෂකයක්. ශරීරය විවිධාකාරයේ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නට වගේම  මුළු ශරීරයේම වර්ධනයටත් මේ විටමින් අත්‍යවශ්‍ය වෙනවා.නමුත් විටමින් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට නොලැබුණු විට විවිධාකාරයේ ලෙඩ රෝග ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී ඒ බව අපිට ලක්ෂණ කිහිපයකින් හඳුනා ගන්න පුළුවන්.

  1. විටමින් B7 ඌණතාවය පෙන්නුම් කරන ලක්ෂණ 

මේ විටමින් වර්ගය ශරීරයට ලබා ගන්නා ආහාර  ශක්තිය බවට පරිවර්තනය  කරන්නට උපකාර කරනවා.විටමින් B7 ඌණතාවය ලෙහෙසියෙන් ඇති නොවන ඌණතාවයක්. මේ විටමින් ඌණතාවය වැඩි වශයෙන් ඇති වෙන්නට ඉඩකඩ ඇති කාණ්ඩ කිහිපයක්ම පවතිනවා. 

  • ගර්භනී කාන්තාවන්
  • දුම්පානය කරන පුද්ගලයන් 
  • මත්පැන් භාවිතා කරන පුද්ගලයන් 
  • ආහාර මාර්ගය ආශ්‍රිත ගැටළු ඇති පුද්ගලයන් 
  • ප්‍රතිජීවක ඖෂධ ඇතුළු වෙනත් ඖෂධ වැඩි වශයෙන් භාවිතා කරන පුද්ගලයන් 
  • බිත්තර සුදු මදය අමුවෙන් ආහාරයට ගන්නා පුද්ගලයන් 

බිත්තර අමුවෙන් ආහාරයට ගන්නා විට එහි ඇති ඇවිට්යීන් කියන සංයෝගය බයෝටීන් බැඳ තබා ගන්නවා.ඒ නිසා ශරීරයට ඕන කරන බයෝටීන් ප්‍රමාණය උරාගන්න  අපහසු වෙනවා.

විටමින් B 7 ඩංගු ආහාර වර්ග බිත්තර කහ මදය, මස්, මාළු, කිරි ආහාර, රට අජු ඇතුළු වෙනත් ඇට වර්ග, බ්‍රොකෝලි, නිවිති, මල් ගෝවා, බතල, යීස්ට්, ධාන්‍ය , කෙසෙල් ආදී පලතුරු 

  • නියපොතු සහ හිසකෙස් ඉතා පහසුවෙන් කැඩීයාම මේ සඳහා හේතු කිහිපයක්ම බලපාන්නට පුළුවන්.බයෝටීන් හෙවත් විටමින් B 7අඩුවීම නිසා මේ ලක්ෂණය ඉතා හොඳන් දැක ගන්නට පුළුවන්. ඒ ඌණතාවය ඇතිවුණොත් එය හිසකෙස්වලටත් නියපොතුවලටත් තදින් බලපානු ලබනවා. එහි ප්‍රතිඵලයක් විදියට නියපොතු සහ හිසකෙස් කැඩීයාම ඉතාම පහසුවෙන් සිදු වෙනවා. ඒ වගේම තුනී දුර්වල නියපොතු ඇතිවීම, දුර්වල සහ තුනී හිසකෙස් ඇතිවීම සහ කෙස් අග පැලීම ආදියත් ඇතිවෙන්නට පුළුවන්. මේ තත්ත්වයට මුහුණ දෙන වැඩිහිටියෙකුට දවසකට බයෝටීන් ග්‍රෑම් 30 ක් වත් අවශ්‍ය වෙනවා.
  • අධික වෙහෙස 
  • අත් පා හිරි වැටීම 
  • මාංශපේශීවල වේදනාව 

විටමින් B1 (තයමින්), විටමින් B2 (රයිබොෆ්ලේවින් ) විටමින් B6 (පයිරොඩොක්සින්)  ඌණතාවය හඟවන ලක්ෂණ  

  • මුඛය ඇතුළේ සහ පිටත බිබිලි, තුවාල සහ පැලීම් ඇතිවීම විටමින් B ඌණතාවය නිසා මුඛයේ ඇතිවන බිබිලි සහ තුවාලවලින් ලේ ගැලීමක් වුණත් සිදු වෙන්න්ට පුළුවන්. ඒ වගේම  විටමින් බී ලබාදීමෙන් මේ තත්වයන් බොහෝදුරට අඩුවන බව සොයාගෙන තියෙනවා. මේ ඌණතාවය මගහරවා  ගන්නට විටමින් B අඩංගු ආහාර වැඩි වශයෙන් ගත යුතුයි.පලා වර්ග, මස් මාංශ වගේ දේවල් ආහාරයට එකතු කරගන්නට අවශයයි.ඒ හැරුණාම නැවුම් එළවලු සහ පලතුරු ආහාරයට ගැනීමත් විටමින් B ඌණතාවයට අතිශයින්ම වැදගත්.
  • විටමින් C ඌණතාවය හඟවන ලක්ෂණ ශරීරයේ තුවාල සුව කරන්නට, ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට වගේම සෛලවලට හානිවීම වළක්වා ගන්නටත් විටමින් C අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරනු ලබනවා. පෙති වශයෙන් විටමින් C ලබා ගන්නවාට වඩා නැවුම් එළවලු සහ ඇඹුල් රසැති පලතුරු වර්ගවල  විටමින් C බහුලව අඩංගු වෙනවා.
  • විදුරුමස්වලින් ලේ ගැලීම ඉතා වේගයෙන් දත් මැදීමකදී හැර සාමාන්‍ය අවස්ථාවලදී විදුරුමස්වලින් රුධිරය ගැලීම විටමින් C ඌණතාවයක් නිසා ඇති වෙන්නට පුළුවන්.  ඒ වගේම දත්වල ශක්තිමත් බව අඩුවීමත් මේ විටමින් C ඌණතාවය නිසා ඇතිවෙන්නට පුළුවන්.
  • මාංශපේශී සහ අස්ථිවල ගැටළු ඇතිවීම හෙවත් ස්කර්වි රෝගය 
  • නාසයෙන් වරින් වර රුධිරය ගැලීම 
  • තුවාල ඉක්මනින් සුව නොවීම
Vitamin A Deficiency: Symptoms, Causes, Treatment, And Prevention

විටමින් A ඌණතාවය හඟවන ලක්ෂණ විටමින් A බහුල ආහාර වන්නේ මස්, මාළු, තද කොළ පැහැ එළවලු, පලා වර්ග සහ කහ තැඹිලි පැහැ එළවලු ආදියයි. නමුත් විටමින් A ශරීරයේ තිබිය යුතු ප්‍රමාණයට වඩා ගැනීමත් ශරීරයට විසක් ලෙස හානිදායක තත්ත්වයන් ඇති කරන්නට  පුළුවන්.ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්. 

  • රාත්‍රී  අන්ධභාවය  රාත්‍රියේදී ඇසේ පෙනීම ඇති වෙන්නට නම් ඇසේ දෘෂ්ටිවිතානයේ තයිරොඩොක්සීන් කියන වර්ණකය අඩංගු වෙන්නට ඕන. මේ වර්ණකය නිෂ්පාදනයට විටමින් A අත්‍යවශ්‍ය වන බැවින් විටමින් A අපේ ශරීරයේ ඌණ වූ විට රාත්‍රියේදී ඇසේ පෙනීම දුර්වල වෙන්නට පුළුවන්.
  • ඇසේ සුද ඇතිවීම  
  • මංශපේශීවල වේදනාව 

විටමින් B3 (නියසීන් ), විටමින් B2 (රයිබොෆ්ලේවින් ), විටමින් B 6 හෙවත් පයිරොඩොක්සීන් ඌණතාවය හඟවන ලක්ෂණ 

  • හිස්සොරි ඇතිවීම 
  • විවිධ සමේ රෝග ඇතිවීම
  • හිසකෙස් මුලින්ම ගැලවී යාම 

විටමින් C සහ විටමින් B ඌණතාවය හඟවන ලක්ෂණ 

  • සමේ රතු හෝ සුදු බිබිලි ඇතිවීම  රෝම කූප ආශ්‍රිතව මෙසේ බිබිලි ඇතිවීම දරුවෙකුට සාමාන්‍ය දෙයක් වුණත් වැඩිහිටියෙකුට මෙවැනි තත්ත්වයක් ඇතිවීම අසාමාන්‍ය දෙයක්.මේ සඳහා හේතු වන්නේ සමේ කෙරටීන් නිෂ්පාදනය ඉහළයාම.කෙරටොයිස් පයිලරිස් කියන තත්ත්වය මේ නිසා ඇතිවෙනවා. මේ තත්ත්වය ජානමය හේතු නිසා වගේම විටමින් ඒ සහ ඊ ඌණතාවය නිසා ඇති වෙන්නටත් පුළුවන්.

විටමින් වගේම අපේ ශරීරයට අවශ්‍ය පෝෂක නිසිපරිදි සිරුරට නොලැබීයාම නිසා විවිධ රෝගයන් ඇතිවෙන්නට පුළුවන්.විශේෂයෙන්ම ඉහත සඳහන් ලක්ෂණ ඔබට දැක ගන්නට ලැබෙන්නේ නම් එය විටමින් ඌණතාවයක් නිසාවෙන් වන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම ඔබේ වගකීමක්.