වර්ධනය උන පිළිකා සෛල පවා නසන නික ශාකය සතු ගුණ 30ක්

health tips

අපේ රටේ ඇති ඖෂධ පැලෑටි අතුරින් තවත් වටිනාම ඔසුවක් තමයි නික ශාකය. තමන්ගේ ගෙවත්තේ හැදී වැඩී තිබුණත් ඇතැම් අය නොදන්නා මේ ශාකය රෝග බොහොමයකින්ම ආරක්ෂා වෙලා ඉන්නට බෙහෙවින්ම අපිට උදව් වෙන වටිනා ශාකයක්. නික සඳහා  කියන තවත් නම් තමයි ඉදුවර, නිර්ගුණ්ඩි කියන්නේ.  ඉතින් අපි කතා කරමු මේ නික ශාකය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. 

අඩි 10 ක් පමණ උසට වැඩෙන නික ශාකය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැක ගන්නට පුළුවන්. නමුත් බහුලවම මේ ශාකය වියළි කලාපයේ දකින්නට ලැබෙනවා.මේ ශාකයේ වැඩුණු කඳ රතු දුඹුරු පැහැයෙන් යුක්ත වුණත් එහි ලපටි අතු සුදු පැහැයෙන් සමන්විත වෙනවා. වසර පුරාම මල් හට ගන්නා මේ කෘමි සතුන් විසර්ජකයක්  ලෙසත් වැදගත් වෙනවා. වේදනා නාශක ගුණයෙන් සමන්විත ඒ ශාකයේ පත්‍ර  ඖෂධ පිණිස බහුලවම භාවිතයට ගැනෙනවා. පවනේ වියළා ගත් නික කොළ කුඩු වශයෙන් සකසා ගෙන තේ මෙන් භාවිතයට ගන්නටත් පුළුවන්. ඒ හැරුණාම  මේ නික කොළ බහුලවම තැවිලි පොට්ටනි ආදිය සඳහාත් යුෂ ලබා ගෙන තෙල් සෑදීම සඳහාත් භාවිතා වෙනවා. ඒ හැරුණාම නික ශාකයේ පොතු, මුල්, මල් ආදියත් ඖෂධ සකස් කිරීමේදී භාවිතයට ගැනෙනවා.

නික ශාකයේ අපූරු  ගුණ 

  • සෙම් රෝග නසයි.
  • වාත රෝග සමනය කරයි.
  • සන්ධිවල වේදනා සහ ඉදිමීම් සුව කරයි.
  • යටි බඩේ වේදනා සහ මුත්‍රා  රෝග සඳහා ගුණදායකයි.
  • සයිටිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි.
  • වාත කෝපයෙන් සහ සෙම කෝපවීමෙන් ඇතිවන හිසරදය සුව කරයි.
  • පණුවන් සහිත තුවාල පිරිසිදු කිරීම සඳහා භාවිතා කරයි.
  • ආතරයිටීස් රෝගයට ගුණදායකයි.
  • පණු රෝග සඳහා ගුණ ලබාදෙයි.
  • උගුරේ ආසාදන සුව කරයි.
  • පිළිකා සෛල විනාශ කරයි.
  • ඉස්සොරි සුව කරයි.
  • ඇස් රෝග නසා ඇස්වල නීරෝගි බව ඇති කරයි.
  • දද කුෂ්ට සුවපත් කරයි.
  • නාග විෂ නැසීමට උපකාරී වෙයි.
  • හිස සහ ගෙල ආශ්‍රිතව සිරවී ඇති සෙම ඉවත් කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
  • අකලට හිසකෙස් ගැලවී යාම සහ අකලට හිසකෙස් පැසීම අඩු කරයි.
  • හුස්ම ගැනීමේ අපහසුතා සමනය කරයි.
  • අංශ භාග රෝගය සඳහා ප්‍රතිකාරවලදී භාවිතයට ගනියි.මේ සඳහා නික දළු තම්බන ලද ජලය පානයට ලබා දෙනවා.
  • මාංශ පේශී ඉරීම නිසා හට ගන්නා වේදනාව සහ තැලුම් සුව කරයි.

නික ශාකයේ ඖෂධීය භාවිතයන් 

  • ස්වසන රෝග සඳහා නික කොළ පිළිස්සීමෙන් දුම් ඇල්ලීම මේ සඳහා ඵලදායි වෙනවා.
  • හිසරදය සඳහා සෙම හේතුවෙන් හට ගන්නා හිසරදය නිසා නික කොළ හා හීන් උදුපියලිය සමව ගෙන කොටා වන්ඩුවේ තම්බා නළල හා බෙල්ල තැවීමෙන් ඒ අපහසුතා මගහරවා ගන්නට පුළුවන්.තද හිසරදයක් ඇත්නම් නික කොළ ස්වල්පයක්  ඇල්දියෙන් අඹරා තලපයක් ලෙස නළලේ ආලේප කරන්න.
  • සන්ධි  වේදනා සහ ඉදිමුම් සඳහා නික කොළ කොටා වණ්ඩුවේ තම්බා තැවීම මගින් වේදනාවන්ට සහනය සලසා ගන්නට පුළුවන්. ඒ වගේම නික කොළ, පාවට්ටා, කොළ, එඩරු කොළ සමඟ අමු ඉඟුරු සමඟ කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තැවීම මගින් වයස්ගතවීමත් සමඟ අස්ථිවල ඇතිවන වේදනාවන් සහ අස්ථි සම්බන්ධ රෝග බොහොමයක් සුවපත් වෙනවා.
  • සමේ රෝග සඳහා දද කුෂ්ට ආදිය ඇතිවිට නික කොළ තම්බන ලද වතුරෙන් ඒ ප්‍රදේශ සෝදා පිරිසිදු කරන්න. 
  • හිස්සොරි සඳහා මේ සඳහා නික කොළ තම්බන ලද ජලයෙන් හිස සේදීම ප්‍රමාණවත්.
  • අකලට හිසකෙස් පැසීම සඳහා නික කොළ පොකුරු වදමල් සමඟ කොටා මිරිකා ගත් යුෂ පොල් තෙල්වලටදමා රත්කර තබා භාවිතා  කිරීමෙන් අකලට හිසකෙස් සුදුවීම අඩුකර ගන්නට පුළුවන්.
  • ඇස් රෝග සඳහා නික කොළ තම්බා ගත් ජලයෙන් ඇස් සේදීමෙන් ඇස් ආශ්‍රිත රෝග සුව කරගන්නට හැකියාව ලැබෙනවා.
  • තුනටිය අමාරුව සඳහා නික කොළ, පාවට්ටා  කොළ,එඩරු කොළ ඉඟුරු සුදු ළූණු කොට්ට පොල් සමව ගෙන  පොට්ටනි බැඳ තම්බා මඳ රස්නයෙන් තැවීම ඒ වේදනාව අඩුකර ගෙන සහනය ලබා ගන්නට හැකි සාර්ථක පිළියමක්.
  • කැස්ස උගුරේ වේදනාව සඳහා නික කොළ සමඟ ගම්මිරිස් ඇට කිහිපයක්  සූදුරු ස්වල්පයක් හා කොත්තමල්ලි ස්වල්පයක් දමා එකට අඹරා ගෙන එයින් තේ හැදි භාගයක් පමණ  මී පැණි සමඟ ගැනීම සෙම ආශ්‍රිත මේ අපහසුතා දුරු කරනවා.

ඒ හැරුණාම නික කොළ තම්බන ලද ජලයෙන් ස්නානය සහ ඇඟ තැවීම අලුත දරුවන් ලද මව්වරුන්ට සහ වාත රෝගවලින් පෙළෙන අයටත් ඉතාම ගුණදායක වෙනවා. 

නික හෙළ වෙදකම් තුළ නැතිවම හරි වටිනා ඖෂධයක්. අත්  බෙහෙත් බොහොමයකට අත්‍යවශ්‍ය වෙන නික සෑම ගෙවත්තකම තිබිය යුතු වටිනා ඔසු ශාකයක්.