රූපලාවන්‍ය ශීල්පිනියන් කීයටවත් කියලා දෙන්නේ නැති කොන්ඩේ පිරිපුන් බව වැඩි කරන රහස් 9 ක්

health tips

නීරෝගි කෙස් කලඹක් කාන්තාවක් සතු ආකර්ෂණීය රූප ලක්ෂණ වලින් එකක්. නමුත් ඉතින්, නිරෝගි,ශක්තිමත් දිදුලන කෙස් කලඹක් ඇතිකරගැනිම වගේම පවත්වාගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. 

හැබැයි අද අපි ඔබට කියාදෙන මේ ටිප්ස් 9 භාවිතා කලොත් ඔබට ඔබේ කෙස් කලඹේ වොලියුම් (Volume) එක ,එහෙමත් නැතිනම් කෙස්කලඹේ පිරිපුන් හා ප්‍රමාණයෙන් විශාල බව වැඩිකරගනිමින් කැපී පෙනෙන ලස්සන පෙනුමක් ඇති කරගන්න ලේසියෙන්ම පුලුවන් වේවි!

  1. කෙස්කලඹ පීරීමට කළින් හොඳින් හිසකෙස් වියළාගන්න

ඩ්‍රයර් එකක් භාවිතයෙන් හිසකෙස් වියළා ගැනීමේදී පනාවකින් නොව ඇඟිලි තුඬු භාවිතා කරමින් කෙස් කොටස් වෙන්කරගන්න. වෙන් කරගත් කොටස් ඉහළට ඔසවමින් කෙස් මුල කොටස් හොඳින් වියළා ගන්න. මෙම උපක්‍රමය කෙස්කලඹට හොඳ පිරිපුන් බවක් ලබාදෙයි. හිසකෙස් ප්‍රමාණවත් ලෙස වියළා ගත් පසු හෙයාර් බ්‍රෂ් එකකින් කොණ්ඩය අවශ්‍ය ලෙස පීරා සකස්කරගන්න.

  1. සාමාන්‍ය කොණ්ඩ කට්ටකින් පෝනි ටේල් එකේ වොලියුම් එක වැඩිකරන්න ආකාරය

සාමාන්‍ය පරිදි කොණ්ඩය පෝනි ටේල් එකක් ලෙස බැඳගන්න. දැන්, කොණ්ඩයේ කොටසක් ඉහළට ඔසවා (සම්පූර්ණ කොණ්ඩ ප්‍රමාණයෙන් හතරෙන් එකක් ලෙස) ඒ යටින් රූපයේ පරිදි කොණ්ඩ ක‍ටුවක් ගසාගන්න. පසුව, කොණ්ඩ කොටස පහළට කර කොණ්ඩ ක‍ටුව නොපෙනෙන සේ සකසාගන්න. මේ ක්‍රමය මඟින් පෝනි ටේල් එකට ආකර්ෂණීය පෙනුමක් ඇතිකරගන්න පුලුවන්!

  1. අලංකාර පෝනි ටේල් විලාසිතාවකට තවත් ක්‍රමයක්

එක්වරම කොණ්ඩය පෝනි ටේල් එකක් ලෙස බැඳගන්නේ නැතිව කොණ්ඩය කොටස් දෙකකට වෙන්කරගන්න. පසුව, එක කොටසක් ඉලාස්ටික් බෑන්ඩ් එකකින් ගැටගසාගන්න. දැන් ඉතිරි කොටස සහ පෙර ගැට ගසාගත් කොටස යන කොටස් දෙකම තවත් ඉලාස්ටික් බෑන්ඩ් එකක් ආධාරයෙන් ගැටගසාගන්න. සරල ක්‍රමයක්!

  1. කාලය ඉතිරිකරගනිමින් කොණ්ඩේ වොලියුම් එක වැඩිකරගන්න ක්‍රමයක්

ඉතාම කෙටි කාලයකින් කොණ්ඩේ පෙනුම වැඩිකරගන්න මේ උපක්‍රමය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි.  කොණ්ඩය කඩා හැලෙන විලාසිතාවක් භාවිතා කරන විට මේ ක්‍රමය භාවිතා කරන්න. ස්නානය කිරීමෙන් පසු තෙත කොණ්ඩය කොටස් දෙකකට බෙදා වෙන්කරගන්න. ඒවා පළමු රූපයේ ආකාරයෙන් ගුලියක් සේ ගැටගසාගන්න. කොණ්ඩ කොටස් දෙකට හෙයාර් ස්ප්‍රේ ස්වල්පයක් ඉසගන්න. බ්ලෝව් ඩ්‍රයර් එකක් භාවිතයෙන් කොණ්ඩ ගුලි දෙක වියළා ගන්න. සිසිල් වන තුරු තිබෙන්නට හැර කොණ්ඩ ගුලි දෙක ලිහාගන්න. 

  1. ෂැම්පු භාවිතයෙන් තවත් එක් ක්‍රමයක්

හිසකෙස් මුල කොටස් වලට ෂැම්පු ආලේප කරගන්න. කොණ්ඩය කුඩා කොටස් ලෙස වෙන්කරගනිමින් එහි මුල කොටස් තෙමාගන්න. මේ ආකාරයෙන් කොණ්ඩයම ෂැම්පු ගල්වමින් තෙමාගන්න. හිස්කබලට ෂැම්පු හොඳින් උරාගත් පසු කොණ්ඩයේ වොලියුම් එක වැඩිවන පරිදි කෙස්ගස් මුල දෙසට පනාවකින් පීරාගන්න (backcomb). හිසකෙස් වැඩි පෙනුමකට පත්කරගත්  එම පෙනුම බොහෝ වෙලාවක් තිස්සේ රඳවාගැනිමට නම් හෙයාර් ස්ප්‍රේ භාවිතා කරන්න.

  1. ගොතන ලද කොණ්ඩයේ වොලියුම් එක වැඩිකරගැනීමට

කොණ්ඩය ගොතා අවසන් වූ පසු කොණ්ඩ කරලේ පහළ සිට ඉහළට කොණ්ඩ කොටස් පිටතට සෙමින් ඇදීම සිදුකරන්න. අවසානයේ හෙයාර් ස්ප්‍රේ ඉසගන්න. 

  1. හිසකෙස් වල ඝනකම් ස්වභාවය වැඩිකරගැනීමට

හිසකෙස් හැඩගන්වා අවසන් වූ පසුවද අවශ්‍ය නම් බ්ලෝව් ඩ්‍රයර් එක භාවිතා කර කොණ්ඩය නැවත වියළා ගන්න.හිස පහළට නවා මිනිත්තු දෙකක් පමණ හිසකෙස් එසේ වියළා ගන්න. මෙමඟින් කොණ්ඩය හොඳින් සකසාගන්න වගේම වොලියුම් එක තවත් හොඳින් වැඩිකරගන්න හැකියි.

  1. වෙනත් කොණ්ඩ විලාසිතා ක්‍රමත් උත්සාහ කරන්න

කොණ්ඩය මැදින් බෙදා පීරීම වෙනුවට පැත්තකින් බෙදා පීරන්න. මේ ආකාරයෙන් පීරන ආකාරය වෙනස් කර එය ඔබේ මුහුණට ගැලපෙනවා ද කියා බලන්න.කොණ්ඩය තෙත්ව තිබෙන විට මෙය සිදුකිරීම පහසුයි. ඇඟිලි තුඬු වලින් කොණ්ඩයේ කොටස් වෙන් කරගෙන බ්ලෝව් ඩ්‍රයර් එකකින් වියළා ගන්න.

  1. කොණ්ඩ විලාසිතා සිදුකිරීමට කාලය අඩුයි නම් හෙයාර් වොලියුම් ස්ප්‍රේ තමයි විසඳුම!

කොණ්ඩය සෝදාගැනීමට, වියළා ගැනීමට හෝ විලාසිතාවක් සිදුකරගැනීමට ඔබට ඇති කාලය මදි නම්, හෙයාර් ස්ප්‍රේ හෝ ස්ටයිලිං ෆෝම් හිසකෙස් මුල් වලට ආලේප කරන්න. ඉන්පසුව, ඇඟිලි තුඬු වලින් මදක් හිසකෙස් අවුල් කරගෙන කොණ්ඩයේ උඩු අතට පීරාගන්න (backcomb). මේ ක්‍රමය මඟින් ඔබට සිතේ තියෙන ආකාරයටම ඉතා හොඳින් කොණ්ඩයේ වොලියුම් එක වැඩිකරගන්න පුලුවන්.