දරු ගැබක් කුස දරා සිටින මව්වරුන් බොහෝදෙනෙක්ට ඒ කාලය තුළදී ඔක්කාරය වමනය කියන තත්ත්වයන් ඇති වෙනවා. ඇතැම් අයට මුල් මාස තුනේදී වගේම තවත් මව්වරුන්ට දරුවා බිහිවන තුරුම ඒ අපහසුතාවයට ලක් වෙන්නට සිදු වෙනවා. මේ නිසා ආහාර ලබා ගන්නට ඇති රුචිය අඩුවීම වගේම ගත් ආහාරය නැවත දැමීම වගේ තත්ත්වයන් ඇතිවෙනවා. ඉතින් මේ අපහසුතාවයෙන් මිදෙන්නට ගැබිනි මව්වරුන් කළ යුතු දේ මොනවද ?. අද අපි කතා කරමු ඒ පිළිබඳව.
සාමාන්‍යයෙන් මෙවැනි වමනය තත්ත්වයක් ඇති වෙන්නේ මුල් මාස තුනේදී. සති 6-8 ත් අතර කාලයේ දී ආරම්භ වන මේ තත්ත්වය සති 12 න් අවසන් වෙනවා.මෙය සෑම ගැබිනි මවකටම ඇතිවෙන රෝග තත්ත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම 80% ට පමණ වමනය එන ගතිය තිබුණත් 60-70% ට පමණ තමයි වමනය යාම පවතින්නේ. මේ සඳහා මූලික වශයෙන් හේතු වෙන්නේ ශරීරය තුළ සිදුවෙන සාමාන්‍ය ක්‍රියාවලින් ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය මගින් යම්තාක් දුරකට මන්දගාමී කිරීම මගින්. බඩවැල්වල ක්‍රියාකාරිත්වය පවා මන්දගාමී කරන නිසා මෙසේ වමනය ඇති වෙන්නට හැකියාව තියෙනවා. මෙය සාමාන්‍ය තත්ත්වයක් වුණත් එය රෝගී තත්ත්වයක් වන අවස්ථා ද පවතිනවා.
වමනයෙන් මිදෙන්නට අනුගමනය කළ යුතු උපදෙස්

නොගත යුතු ආහාර සැර ගන්ධයක් සහිත එළවලු සහ ආහාරවලින් ගර්භනී ඔබ වැළකී සිටියොත් මේ වමනය තත්ත්වය බොහෝදුරට අඩු කර ගන්නට හැකියාව ලැබෙනවා. .ගෝවා, රාබු ආදී ආහාර වර්ග ඒ සඳහා නිදසුන් ලෙස දක්වන්නට පුළුවන්.
- අම්ල ගතිය වැඩි ආහාර සහ අධික ලෙස මිරිස් යෙදූ ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම
- ආහාර වෙනත් අයෙකු ලවා පිස ගැනීම
ඇතැම් මව්වරුන්ට තමන් පිස ගන්නා ආහාර ගනිද්දි වමනය ඇතිවෙනවා. ඒ නිසා ඒ කාලයේදී ස්වමියාගෙන් හෝ නිවසේ වෙනත් අයගෙන් උදව් ලබා ගන්නට සිදු වෙනවා.
ආහාර නොගෙන සිටීමෙන් වළකින්න.වමනය නිසා නොකා නොබී සිටීමෙන් වමනයට එන ගතිය වැඩි වෙනවා. ඒ නිසා දිනකට වාර 6-7 ක් හෝ ආහාර ගැනීම මේ කාලයේදි කළ යුතු වෙනවා. ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරමින් ආහාර ලබා වාර ගණන වැඩි කිරීම මෙහිදී වැදගත්.
ජලය හොඳින් පානය කරන්න.මෙහිදී පානය කරන ජලය ප්‍රමාණය වරකට අඩුවෙන් වාර ගණන වැඩියෙන් ගන්න. ශරීරය තුළ ජලය ප්‍රමාණවත්ව තිබීම වමනය ඇතිවීම බොහෝවිට අඩු කරන්නට සමත් වෙනවා. වමනය පිටවීමෙන් දේහයේ ඇති අපහසුතා මගහැර ශරීරය සජලනව තබා ගන්නත් උදව්වක් වෙනවා.
කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වැඩිපුර ගෙන මේදය අඩංගු ආහාර අඩු කිරීම මේදය අඩංගු ආහාර ගැනීමෙන් පසුව ආමාශය තුළ ඒ ආහාර වැඩි වේලාවක් රැඳී තියෙන නිසා එය වමනය ඇතිවෙන්නට ඔක්කාරය ඇති කරන්නට හේතුවක් වෙනවා. කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර ඉක්මනින් ජීර්ණයට ලක්වීමෙන් ආමාශයෙන් ඉතා ඉක්මනින් ඉවත්ව යනවා.ඒ නිසා කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වැඩිපුර ගත්තත් මේදය අඩංගු ආහාර අඩුවෙන් ලබා ගන්නට උනන්දු වෙන්න.
සුවඳකාරක ඇතැම් සුවඳකාරකවලටත් වමනය ඇතිවීම වළක්වන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඉඟුරු, ලෙමන් (මෙන්තෝල් ) ලැවෙන්ඩර් සහ මින්චි කොළවල සුවඳ වමනය අඩුකර ගන්නට උදව් වෙනවා. ඇතැම් ඉඟුරු එසෙන්ෂල් ඔයිල්, ලෙමන්වල එසෙන්ශල් ඔයිල් ටිකක් අරගෙන ලේන්සුවක තවරා ආඝ්‍රානය කිරීම සිදු කරනවා. ඉඟුරු ආහාරවලට එකතු කර ගන්නත් පුළුවන්. නැත්නම් තේ සඳහා ඉඟුරු යොදා ගන්නත් පුළුවන්. නමුත් කෝපිවලට වමනය වැඩි කිරීමේ හැකියාවක් තියෙන නිසා කෝපි වෙනුවට තේවලට මේ කාලයේ දී හුරුවීම වමනය අඩුකර ගන්නට උදව් වෙනවා.
පලතුරු වැඩිපුර ගන්න වමනය තත්ත්වයන් මගහැර ගන්නට ඕනෑම පලතුරු වර්ගයක් ආහාරයට එකතු කර ගන්නට පුළුවන්. ප්‍රධාන ආහාරවේලෙන් පසුව පමණක් නෙවෙයි ආහාරවේල් අතරතුරෙත් පලතුරු ටිකක් වැඩිපුර ආහාරයට ගන්නා එක ප්‍රතිලාභ බොහොමයක් සඳහා උදව් වෙනවා. ඒ වගේම කැරට් වගේ එලවලු වර්ගත් ආහාරයට ගනිද්දි ව්‍යංජනයක් විදියට පිස ආහාරයට ගනිද්දි ඇතිවන ඔක්කාරය අඩුකර ගන්නට තම්බා ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා.

කැඳ වර්ග ගැබිනි මවකට කැඳ වර්ග ඉතාම වැදගත්. විශේෂයෙන් බත් කැඳවලට වමනය ඇතිවීම බොහෝ අඩුයි. ඒ වගේම ශරීරයට විජලනයට පත් නොවී තබා ගන්නත් එය උදව් වෙන නිසා කැඳ වර්ග ගැනීම ඉතා සුදුසුයි.
ඇවිදීම බොහෝ ගැබිනි මව්වරුන් වමනය සහ ඔක්කාරය ගතිය පවතින විට ඇදටම වෙලා ඉන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් එයින් ඒ වමනය තත්ත්වයට සහනයක් ලැබෙන්නේ නැහැ වැඩිවෙනවා මිස. ඒ වගේ වෙලාවක එළියේ පොඩ්ඩක් ඇවිදීම වැදගත්. විශේෂයෙන්ම ගර්භනී මවක් දිනකට විනාඩි 20 ක් පමණ ඇවිදීම එහෙමත් නැත්නම් යෝගා ව්‍යායාම ආදී සුදුසු ශාරීරික ව්‍යායාම්වල නිරත වීම මේ අපහසුතා මගහරවා ගෙන සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්නට උපකාරී වෙනවා.
මේ කරුණු කාරණා අනුගමනයෙන් හෝ වමනයේ අඩුවක් නැත්නම් එය සැලකිලිමත් වීමට සිදු වෙන තත්ත්වයක්. මොකද එකදිගට වමනය යාම නිසා මව විජලනයට පත්වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේ අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම අනිවාර්යයි. එසේ වමනය යන තත්ත්වය Hyperemesis gravidarum රෝගය ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී අධිකව වමනය යාම වළක්වන්නට වෛද්‍යවරුන් ප්‍රතිකාර කරනවා. එහිදී සිදු කරන රුධිර පරීක්ෂණ මගින් සිරුරේ ලවන බොහෝසෙයින් අඩුවී ඇතිද යන්න වගේම අක්මාවේ යම් ගැටළු පවතිනවා ද ආදී කාරණා ද පරීක්ෂාවට ලක් කරනවා. ඉන්පසු එයට අදාල ප්‍රතිකාර වෛද්‍යවරුන් ලබාදෙනවා. ඒ නිසා අධිකව වමනය යාමක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න.