වර්තමානය වන විට වද ශාකය යොදා ගනිමින් ජෑම් වර්ග, සෝස් වර්ග, පාන වර්ග නිශ්පාදනය කරනු ලැබේ. මේ හැරුණු කොට ඈත අතීතයේ සිටම වද ශාකය ඖෂධයක් ලෙස භාවිතයට ගෙන තිබේ. Malvaceae නම් උද්භිද ශාක කුලයට අයත් වද විසිතුරු ශාකයක් ලෙස බොහෝ ප්‍රදේශවල දැකගත හැකිය. එනම් වද ප්‍රභේද කිහිපයක් පවතින අතර ඒවායෙහි පිපෙන මල් වල පැහැයන් හා හැඩයන් ද විවිධාකාර වේ.

වද ශාකය මීටර් 03 ක් පමණ උසට වැඩෙන පදුරක් හෝ කුඩා ශාකයකි. පත්‍ර සරල පත්‍ර ඒකාන්තරව පිහිටා ඇති අතර පත්‍රයක් සෙන්ටිමීටර් 10 -15ක් පමණ දිගකින් යුතුවේ.
පුෂ්ප පුනීලාකාර ස්වභාවයක් ගන්නා අතර තනි තනිව හටගනී.
මේ හැරුණු කොට පොකුරු වද මල් පෙති බොහෝමයකින් යුතු වන අතර කළු පැහැයට හුරු රතු පැහැයක් ගනී. එමෙන්ම සුදු ,කහ ,තැඹිලි ආදී විවිධ වර්ණයන්ගෙන් ද යුක්ත වේ.
වද ශාකය භාවිතා කර බොහෝ රෝග සුව කර ගත හැකිය.
• හිසකෙස් සම්බන්ධ රෝග
අකලට හිසකෙස් වැටීම ,පැසීම , හිස්සොරි ආදී තත්වයන් සමනය කර ගැනීම සදහා
• මූත්‍ර රෝග
මුත්‍ර අඩස්සිය
•සමෙහි රෝග
මුහුණේ ඇතිවන ලප කැළැල් , සමෙහි ඇතිවන බිබිලි ආදිය සදහා
•අක්ෂි රෝග සදහා
• අධි රුධිර පීඩනය
• අධික ආර්තවය
• ළදරු රථගාය
• හන්දිපත් වේදනා
• පපුවේ සෙම
• හෘද රෝග
•පෙනහළු රෝග සදහා
• ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග
• අක්මාවේ රෝග
ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස වද ශාකයේ කොටස් එනම් මල්, කොළ ,මුල් භාවිතා කළ හැකිය.
වද ශාකයේ ඖෂධීය භාවිතය.
•ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සදහා.
වදමල් පෙති ස්වල්පයක් ගෙන සිසිල් ජලය සහිත බදුනකට දමා පැය භාගයක් පමණ තබා ජලය රතු පැහැයට හැරුණු විට එයට සීනි ,දෙහි ,ලුණු අවශ්‍ය පදමට එක්කර මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර රසවත් පානයක් සකසා ගෙන පානය කිරීම මගින් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කර ගත හැකිය. ඊට අමතරව ,මුත්‍ර අඩස්සිය, මල බද්ධය, හෘද රෝග ආදී රෝග සමනය කිරීම සඳහා ද මෙම ඖෂධය භාවිතය යෝග්‍ය වේ.
• හන්දිපත් වේදනාවට
වද මල් සහ කොළ මිටක් පමණ ගෙන බදුනකට වතුර පත අටක් යොදා එකක් වන තුරු සිද උදෑසන සවස පත භාගය බැගින් දින කිහිපයක් එක දිගට පානය කිරීම.
•ආර්තවයට
අධික ආර්තවය සමනය කිරීම සඳහා
වදමල් පෙති එළගිතෙලින් බැද ආහාරයට ගැනීම.
• අක්මා රෝගයන්ට
විශේෂයෙන්ම අක්මාවේ මේද තැන්පත් වූ විට එම මේදය දියකර හැරීම සඳහා
පොකුරු වදමල් පෙති මද පවනේ වියළාගෙන සිහින් කැබලි ලෙස කුඩුකර දිනපතා උදෑසන එම කුඩු ස්වල්පයක් උණු වතුරෙන් තම්බා තේ මෙන් පානය කිරීම යෝග්‍ය වේ.

• අධි රුධිර පීඩනයට
පොකුරු වදමල් පෙති උණුවතුර බදුනකට දමා වසා තබා පෙරා පානය කිරීම මගින් අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගත හැකිය.
• තුවාල සමනයට
වදමල් පෙති පොල්තෙල්වල හෝ තල තෙල්වලින් මලවා නිවුණු පසු තුවාලයේ ආලේප කිරීම සුව වීමට දින කිහිපයක් එක දිගට ආලේප කිරීම කළ යුතුය.
• ළදරු රථගායට
වදමල් කැකුළු, රත්මල් කැකුළු, කොහොඹ කොළ, රත් හදුන්, සහ කලාදුරු කලං හයක් බැගින් ගෙන බදුනකට දමා වතුර පත හතරක් එක් කර පත භාගයක් වන සේ සිදුවා පත කාල බැගින් උදෑසන සවස දින පහක් පමණ දරුවාට ලබා දීම.
• හිසරදයට
ළපටි වදමල් දලු , වදමල් පෙති කොටා තලපයක් ලෙස නළලේ ආලේප කිරීම.
• සමෙහි අඳුරු පැහැය සමනය කිරීමට
හිරු එළියට නිරාවරණය වීම, කුරුලෑ ලප කැලැල් හටගැනීම වැනි තත්වයන් හේතුවෙන් සම අවපැහැ ගැන්වේ. එවැනි අවස්ථාවක
ළපටි වදමල් සහ කොළ තලා ගත් යුෂ මුහුණේ ආලේප කිරීමෙන් සම යතා තත්වයට පත් කර ගත හැකිය.
•දාඩිය, බිබිලි ,දද ,කුෂ්ඨ සමනයට
උණුසුම් වතුර බදුනක් ගෙන එයට නැවුම් වදමල් පෙති දමා වසා එම ජලය රතු පැහැයට හැරුණු විට එය ලිපෙන් තබා පොල්තෙල් සමග කකාරා ආලේප කළ හැකි ලෙස උකු පදමට පැමිණි විට ඇසුරුමකට දමා විටින් විට දාඩිය බිබිලි, දද, කුෂ්ඨ ආදියෙහි ආලේප කිරීම.
•හිසකෙස් ගැටලු සමනය කිරීමට
තල තෙල් ස්වල්පයක් ගෙන බදුනකට දමා ළපටි වදමල් සහ කොළ ස්වල්පයක් එයට මිශ්‍ර කර මද ගින්නෙහි තබා තෙල් සමග මල් සහ කොළ සාරය මිශ්‍ර වූ පසු ලිපෙන් බා එම තෙල් පෙරා හිසෙහි ආලේප කර පැයක් පමණ තබා සෝදා හැරීමෙන් අකලට හිසකෙස් පැසීම, වැටීම,හිස්සොරි ආදී හිසකෙස් ගැටලු සමනය කර ගත හැකිය.
මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට වද ශාකයේ මල්, කොළ ,මුල් ඖෂධ ලෙස භාවිතා කළ හැකිය.