සුව නොවන අර්ශස් රෝගය පවා ඉක්මණින් සුව කරන වැල් කොහිල ව්‍යංජනය සතු ගුණ 16 ක්

health tips

ඉස්සර අපේ මුතුන් මිත්තන් ආහාරයක් තෝරා ගනිද්දී එය අපේ ශරීරයට ඉතා ඉහළ පෝෂණයක් දෙන  ඒවා විදිහට තෝරා ගත්තා. ඒත් අද පුද්ගලයෙකුගේ සමාජ මට්ටම පෙන්වන එක්තරා අංගයක් විදියටයි  ඇතැමුන් ආහාර තෝරා ගන්නේ. එය  සැබැවින්ම කණගාටුවට කාරණාවක්. ආහාරයත් විලාසිතාවක්  වෙලා තියෙන මේ නූතන කාලයේදී හැම් බේකන් පීට්සා වගේ ආහාර ගන්නට තමයි කැමැත්තක් දක්වන්නේ. 

නමුත්  මේ අපි කන්නට වැඩිපුර කැමැත්තක් දක්වන සුපිරි පෙළේ කෘතිම ආහාර වර්ග හේතුවෙන් කොතරම් ලෙඩ රෝග ඇති වෙනවද කියන එක අපි වටහා ගන්නට ඕන. ඒ වෙනුවට රසය වගේම ගුණයත් සහිත ආහාර වර්ග තෝරා බේරා ගන්නට ඕන. වස විස නැති දේශීය එළවළු, පලතුරු සහ පලා වර්ග ඕනෑතරම් තියෙන නිසා අපි හරි වාසනාවන්තයි. ඒත් දැනුවත් බවේ අඩුකම සහ වැරදි ආකල්ප හේතුවෙන් අපේ රටේ දේ අපිට අගයක් නැති දේවල් බවට පත් වෙලා. ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තියෙන එවැනි ඖෂධීය ආහාරයක් වෙන වැල් කොහිල ගැන ඔයාට මතක් කරන්න හිතුවේ ඒ නිසාමයි.

සාමාන්‍යයෙන් තරමක කේන්ති යන කෙනෙකුට ගමේ ගොඩේ උදවිය කියන්නේ කොහිල ටිකක් කටුත් එක්කම තම්බල දෙන්න කියලා නේ. බහුතරයක් කන්නට ආස නැතත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නම් කොහිල කියලා කියන්නේ දිව්‍ය ඖෂධයක්. මේ කොහිල රෝග බොහෝමයක් වළක්වා ගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්නට ඉතාම වටිනා කියන ආහාරයක්.  කොහිලවල ප්‍රභේද කීපයක්ම තියෙනවා ගුරු කොහිල, කිරි කොහිල,  කළු කොහිල, ගොඩ කොහිල වගේම වැල්කොහිල ආදී වශයෙන්. ඉතින් අපි අද කතා කරන්නේ වැල්කොහිල ගැන නේ.

 මේ වැල්කොහිල දිරා ගියපු ගස්වල පොතු හෝ ගල් තලාවල පවා වර්ධනය වෙනවා. වැල් විශේෂයක්  ලෙස  වර්ධනය වෙන මේ ශාකය  ජලාශ්‍රිත ප්‍රදේශවල බිම දුවමින් වැඩෙන අවස්ථාත් නැතුවාම නෙවෙයි. අපේ රටේ බොහෝ පළාත්වල දකින්නට තියෙන මේ වැල් කොහිල ශාකය  Araceae කුලයටයි අයත් වෙන්නේ. කොළ පැහැති පත්‍ර සහිතව සහ සුදු ඉරි සහිත පත්‍ර සහිතව කියන ආකාර දෙකකින් දකින්නට ලැබෙන මේ වැල් කොහිල ශාකය අපේ රටේ විතරක් නෙවෙයි තවත් බොහෝ රටවල්වල දකින්නට ලැබෙන ශාකයක්. ඒ වගේම එහි ප්‍රභේද 32 ක් දැනටම හඳුනාගෙන තියෙනවා.

ඇන්තූරියම් මලක සමාන සුදු පාටින් පිපී එන හැකි මල් මෝරන විට රත් පැහැයක් ගන්නවා ආසියානු රට රටවල වගේම මෙක්සිකෝව නිකරගුවාව ගෝතමාලා ආදි ඇමරදි ඇමරිකානු ඔස්ට්‍රේලියානු මහද්වීපක රටවලත් මේ පවැල්කොහිල දකින්නට පුළුවන් 

 මේ වැල් කොහිල ඖෂධයක් විදිහටත්, ආහාරයක් විදිහටත් අපිට ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. පරිප්පු හෝ කොස් ඇට සමග ව්‍යංජනයක් විදිහටත් මැල්ලුමක් විදිහටත් කැඳ ආකාරයෙනුත් සලාදයක් විදියටත්  වැල් කොහිල සකසා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සුදු ලුණු, ගොරකා ආදිය  මිශ්‍ර කර සකස් කරන වැල්  කොහිල  ඇඹුලත් හරිම රසවත් වගේම ගුණදායකයි. 

ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහළ මේ ශාකයේ කොළ තමයි  ආහාර පිණිස ලබාගන්නේ.  ලපටි තෙල් ගතියෙන් යුක්ත පත්‍ර ව්‍යංජනයට, මැල්ලුමට,  කොළ කැඳ ආදියට භාවිතයට ගන්නවා. තරමක් මෝරන ලද කොල කසන ස්වභාවයක් ගන්නා නිසා ඒවා කඩා ගත් විගස ආහාරයට එකතු කරගන්නෙ නැහැ. කඩා දවසක් පමණ මැලවෙන්නට තියලා ගොරක ආදිය එකතු කර පිස ගැනීමෙන් මේ කසන සුළු බව නැතිකර ගන්නට පුළුවන්. 

වැල් කොහිල ආහාරයට ගැනීමෙන් ලැබෙන අපුරු ප්‍රතිලාභ

  • අර්ශස් රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
  • ‍ප්‍රතිජීවක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති නිසා ඇස්වලට ඉතාම හිතකරයි .
  • විටමින් A  ඌණතාවය ඇති වීම ඇතුළු ගැටළු බොහොමයක් නිරාකරණයට උපකාරී වෙයි.
  • ශරීරයේ දාහය නැති කර ඇඟ සිසිල් කරයි.
  • අමිලපිත්ත රෝගය වගේම අමිල පිත්ත රෝගය හේතු කරගෙන ඇති වන ආමාශයේ තුවාල සුව කරන්නටත් උපකාරී වෙයි.
  • ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්නට උපකාරී වෙයි.
  • මලබද්ධය නැති කරයි.
  • මල මාර්ගයේ අපහසුත  දුරු කරයි.
  • මුත්‍ර රෝගවලට එරෙහිව ක්‍රියා කරයි.
  • කුසගිනි වර්ධනය කරයි. 
  • බෙල්ලේ ඇතිවන වායු ගෙඩි දුරුකරන්නට උපකාරී වෙයි.

වැල්  කොහිල සඟ සතු ඖෂධීය භාවිතයන්

දත් කැක්කුමට වැල් කොහිල කද කැපූ විට වෑස්සෙන කිරි දත් කැක්කුම් සුවපත් කරන්නට උපකාරී වෙනවා.

කුහුඹුවන් සපා කෑ විට  වැල්කොහිල කද කැපූ විට වෑස්සෙන කිරි ගැල්වීමෙන් ඒ විශ ඉවත්වෙලා වේදනාව නැති වෙනවා.

ශරීරයේ ඉදිමුම් සඳහා මේ ශාකයේ මුල් සහ පොතු මේ සඳහා භාවිතයට ගන්නට පුළුවන්.

බෙල්ලේ ඇති වායු ගෙඩි සදහා වැල් කොහිල දළු ඉදෙන බත් මත හුමාලයෙන් තැම්බෙන්නට තබා ආහාරයට ගැනීමෙන් මේ රෝගී තත්ත්වයට සුවයක් ලබාගන්න පුළුවන්. 

අර්ශස් රෝගීන් සඳහා වැල් කොහිල දලු මිටක් ගෙන ඒවා හොඳින් සෝදා  පිරිසිදු කරගෙන එයට රතුළූණු ගෙඩි හතරක් පමණ දමා හොඳින් කොටාගන්න. ඉන්පසු පිරිසිදු රෙදි කඩක් ගෙන මේ කොටාගත් මිශ්‍රණය දමා පොට්ටනියක් ආකාරයෙන් සකසා ගෙන වණ්ඩුවේ හොඳින් තම්බා ගන්න .

එය තරමක් නිවුණු පසු අඩු කෝප්පයකට එය මිරිකා ගන්න. මෙය දිනපතාම උදෑසන දින 14 ක් පමණ හිස්බඩ පානය කරන්න. මෙය අලුතෙන් හටගත් අර්ශස් ගෙඩි මුළුමනින්ම සුවපත් කරගන්නට හැකියාව ලැබෙන කල් ගතවනු අර්ශස් රෝගීන්ටත් ඉතාම ගුණදායක ඖෂධයක්. මෙය මල බද්ධය මුළුමනින්ම  දුරු කර ගන්නටත් භාවිතා කරන්නට හැකි ඖෂධයක්. 

වැල් කොහිල  ව්‍යංජනය පිළියෙල කරගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය

  •  වැල් කොහිල දළු
  • රතු ළූණු  ගෙඩි 8-10
  •  සුදු ළූණු  4
  •  සියඹලා හෝ ගොරකා
  •  පොල්කිරි
  •  ලුණු
  •  මිරිස් කුඩු
  •  තුපපහ කුඩු 
  • කුරුදු පොත්තක්
  •  තෙම්පරාදුවට තෙල්

 සාදාගන්නා ආකාරය මුලින්ම සෝදා පිරිසුදු කර ගත් කොහිල දලු තරමක කෑලිවලට කපාගන්න. ඉන්පසු මේවායේ කසන ස්වභාවය ඉවත් කිරීම සඳහා උණුවතුරට ලුණු කුඩු ටිකක් දමා විනාඩි කිහිපයක් තියෙන්නට හරින්න. ඉන්පසු දිය බේරාගෙන මේ වැල් කොහිල දළුවලට මිරිස්, තුනපහ, ලුණු, කුරුඳු පොතු, සියඹලා ලියාගත් අමූමිරිස්, සුදු ළූණු රතුළූණු පොල් කිරි ආදිය එකතු කර තම්බා ගන්න,

 තෙම්පරාදුව සදහා සුදුළූණු බික් කීපයක් රතුලුණු කරපිංචා ආදිය වෙනම ගන්න. කොහිල හොඳින් පිස ගෙන පසුව වෙනත් භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා තෙම්පරාදුව සකසාගෙන පිසගත් වැල් කොහිල ව්‍යංජනයට එකතු කර හොඳින් කලවම් කර රස බලන්න,

වස විස එකතු කරපු එළවලු පලා වර්ගවලට වඩා පෝෂණයෙන් ඉහළ වැල් කොහිල ඔබේ ආහාරයටත් එකතු කරගත යුතුමයි.