පිළිකාව ඇතුළු ලෙඩ රෝග රැසකට සුව කැන්දන වැල්මී ශාකයේ ඔබ නොදත් ඖෂධීය ගුණ

health tips

බහු වාර්ෂික ශාකයක් වන වැල්මී Leguminosae කුලයට අයත් අඩි හතරක් පමණ උසට වැඩෙන ඖෂධිය ගුණයෙන් යුතු ශාකයකි.  එනම් ශ්‍රී ලංකාවේ වැල්මී ශාකය  සොයා ගැනීමට නොහැකි අති දුර්ලභ ශාකයකි එනම් විදේශීයව මෙම ශාකය අරාබිය, මිසරය, ඇෆ්ගනිස්තානය, තුර්කිය,චීනය… වැනි රටවල දේශීය ශාකයක් ලෙස හඳුනා ගැනේ. 

වැල්මී ශාකය ඉතිහාසය විමසා බලන විට මෙය ඈත අතීතයේ සිට ම ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ එනම් ආයුර්වේදයේ සුප්‍රකට ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ සඳහන් වන කෂාය වර්ග 50 ක පමණ වැල්මී ඖෂධය පිළිබඳව සඳහන් වේ. 

එනම්  සංස්කෘත භාෂාවේ  ක්ලීකක,මධුවල්ලි, මධුයෂ්ටී යන නම් වලින් හඳුන්වන  වැල්මී ප්‍රභේද කිහිපයක් පිළිබඳව සඳහන් වේ. 

අරාබි වැල්මී 

තුර්කි වැල්මී 

මිසර වැල්මී 

එනම් මෙම වැල්මී ප්‍රභේද වල රසය සහ ගුණය එකිනෙකට වෙනස් වේ. කෙසේ නමුදු පොදුවේ ගත් විට වැල්මී පැණි රසයෙන් අනූන වේ. 

වර්තමානයේ වැල් මී යොදාගෙන කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ  එහි ශරීරයට හිතකර පෝෂපදාර්ථ රැසක් අඩංගු වන බවයි. 

මැග්නීසියම්

කැල්සියම්

මාලික් අම්ලය

ග්ලීසීරයිසීන්

පිෂ්ඨය 

වැනි පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් ඒ අතර ප්‍රධාන වේ. 

එනම් වැල් මී තම්බා පානය කිරීම හෝ ඖෂධයක් ලෙස භාවිතා කිරීම මගින් බොහෝ රෝග සුව කර ගත හැකිය. 

වැල්මී ශාකයේ ඖෂධීය භාවිතය.  

පිළිකාවට

වැල් මී තම්බා පානය කිරීම මගින් Interferon නිශ්පාදනය වැඩි කර පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. එනම් පිළිකා රෝගීන්ට මෙය ගුණදායක ඖෂධයකි. එනම් මේ නිසා පිළිකාව ඇති වීම වළක්වා ගැනීමට මෙන්ම ඇති වූ පිළිකා මර්දනය කිරීමට වැල්මී තම්බා පානය කිරීම යෝග්‍ය වේ.

මුහුණ පැහැපත් කිරීමට.

මුහුණේ ඇති ලප කැළැල් අඳුරු පැහැය දුරු කරගෙන මුහුණ පැහැපත් කර ගැනීමට ඖෂධයක් ලෙස වැල් මී භාවිතා කළ හැකිය.

එනම්  වැල්මී කුඩු ඇල්දියෙන් (රෝස වතුර) අඹරා මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම මගින් මුහුණ පැහැපත් කර ගත හැකිය. 

රුධිරය පිරිසිදු කිරීමට

රුධිරය අපිරිසිදු වූ විට විවිධ රෝග තත්ත්වයන් ඇති වනු ලැබේ එවැනි අවස්ථාවක නැවත රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා මෙන්ම රුධිරය වර්ධනය කර ගැනීම සඳහා වැල් මී  තම්බා පානය කිරීම වඩාත් සුදුසුවේ. එනම් එමගින් අපිරිසිදු වූ රුධිය පිරිසිදු කර ගත හැකිය. 

සම පැහැපත් කිරීමට

සමට හිතකර තවත් ආයුර්වේද ඖෂධයක් ලෙස වැල් මී හඳුනාගත හැකිය. එනම් 

වැල්මී තම්බා පානය කිරීම මගින්  සමෙහි අඳුරු බව ,ලප කැළැල් ඉවත්කර සම වයසට යෑම පාලනය කර සම පැහැපත් කර ගත හැකිය. 

මුත්‍ර ආබාධයන්ට 

සෑම දෙනාම පාහේ පීඩා විඳින මුත්‍ර රෝග සමනය කිරීමට එනම් මුත්‍ර අඩස්සිය,මුත්‍ර දැවිල්ල සමනය කිරීම සඳහා වැල්මී තම්බා පානය කිරීම ඖෂධයක් වේ.

ඉක්කාවට 

නිතර ඇතිවන ඉක්කාව නිසා බොහෝ දෙනෙකුට අපහසුතාවයට පත්වේ. එනම් ඉක්කාව සමනය කිරීම සඳහා වැල්මී ඈත අතීතයේ සිටම ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. 

“රුක්මල් හඳුන් ලොත් සුබලුත් වැල්මීය

මයිල මල් අරළු ඉරමුසු වම් මුතුය

ඉරිවේරිය සුඹුලු වැටි සහ සිඳපු දිය 

සීනි සමඟ දුන් ඉක්කා නසාවිය.” 

ශරීරගත දාහයට 

ශරීරගත දාහය සමනය කිරීමට වැල්මී තම්බා පානය කිරීම යෝග්‍ය වේ. එමෙන්ම මෙය  මහන්සිය, විඩාව නිවා ගැනීමට ද ගුණ දෙන පානයකි. 

ස්වරාලය ආශ්‍රිත රෝගයන්ට

නොයෙක් අවස්ථාවන් වල ස්වාරලය ආශ්‍රිතව

ඇතිවන තුවාල, ආසාදන සමනය කර ගැනීමට මෙන්ම කටහඬ වෙනස් වූ විට නැවත යතා තත්වයට පත් කර ගැනීමට වැල්මී තම්බා පානය කිරීම සුදුසුවේ.  

වමනය ඇති කිරීමට මෙන්ම වමනය සමනයට

ආයුර්වේදය තුල

වමනය ඇති විට එය සමනය කිරීමටත් වමනය ඇති කිරීමට අවශ්‍ය වූ විටක වමනය ඇති කිරීමටත් ඖෂධයක් ලෙස වැල් මී යොදා ගනී. 

එමෙන්ම 

සෙම් රෝග වලට 

අක්මාව රෝගයට 

අක්ෂි රෝග සමනය කිරීමට 

වෛරස් රෝගයන්ට 

මල මුත්‍ර වල ඇතිවන වෙනස්කම් සමනය කිරීමට 

මේ ආදී රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස වැල්මී භාවිතා කළ හැකිය