දරු ඵල අහිමි කාන්තාවන්ට ගුණදෙන වරකා

health tips

කොස් ගස කියන්නේ ලාංකීය  අපේ බත් ගස බව අපි හැමෝම දන්නවා. ඒ නිසා  පොළොස්, කොස්, වැල, වරකා කියන්නේ අපිට නුහුරු නුපුරුදු ආහාර නම් නෙවෙයි. මේ මිහිපිට ඇති  වස විසෙන් තොර සුරක්ෂිත ගුණදායක ආහාරයක් වන කොස් ගසේ ඵලය වගේම පත්‍ර  පවා ආහාරය සඳහා යොදා ගන්නවා. ඉතින් අද මේ සූදානම් වෙන්නේ කොස් ගැන කතා කරන්න නම් නෙවෙයි. කොස් ගෙඩිය නොමේරු පසු මේරූ පසු සහ ඉදුණු පසු වශයෙන් අපි භාවිතයට  ගන්නවා නේ. ඒ අතුරින් පැසුණු  සහ ඉදුණු අවස්ථාවේදී ඇති ගුණයන් පවා එකිනෙකාට වෙනස් වෙනවා.ඉතින් අද අපි කතා කරන්නේ කොස් ගෙඩියක් හොඳින් ඉදුණු පසුව අපි හඳුනා ගන්නා වැල වරකා පිළිබඳව. ජනප්‍රවාදය පැවසෙන විදියට නම් වැල යනු කොස් ගසේ ස්ත්‍රී ශාකයේ ඉදුණු  මදුලු වන අතර වරකා යනු පුරුෂ ශාකයේ ඉදුණු මදුලු . කොහොමනමුත් මේවා අපි ඉතාම ගුණදායක පලතුරක් ලෙසටයි සලකනු ලබන්නේ. 

වරකා පලතුරක් ලෙස ආහාරයට ගන්නටත් එහි මදුලු මිරිකා යුෂ ගෙන පානයක් ලෙස සකසා ගන්නටත් දෝසි ආදී රස කැවිලි සකසා ගෙන ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා.ලොකු කුඩා හැමෝම ආහාරයට ගන්නට කැමති රසවත් ගුණවත්ම මේ පලතුර අපේ දේහය විවිධ ලෙඩරෝගවලින් ආරක්ෂා කරමින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා.

තන්තු බහුල ආහාරයක් වන වරකාවල මැග්නීසියම්, ප්‍රෝටීන් පොටෑසියම්, කැල්සියම්, යකඩ, ඛනි ලවණ, විටමින් B ,A ,B 6 ආදී පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගු වෙනවා. වරකා මදුළු කෝපයක කැලරි 155 ක ප්‍රමාණයක් අඩංගු වන අතර වරකාවල ෆ්රුක්ටෝස්, සුක්‍රෝස් සග ග්ලූකෝස් යන සීනි වර්ග අන්තර්ගත වෙනවා. ඒ වගේම සංතෘප්ත මේදය කොලෙස්ටරෝල් සහ සෝඩියම් ඉතා අඩු  ප්‍රමාණයකින් අඩංගු වෙනවා.

වරකා ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ

  • මඳසරුභාවයට කදිම පිළියමක්  පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනය කරයි
  • කාන්තාවන්ගේ ඩිම්බ හොඳින් මේරීමට උපකාරී වෙයි. ඍෂි නාඩි වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට වරකා මදුළුවලින් ලබාගන්නා යුෂ මගින් පානයක් සකස් කරගෙන භාවිතා කිරීම දරුඵල පමාවෙන්නට ප්‍රධාන හේතුවක් වන ශුක්‍රාණු ආශ්‍රිත ගැටළුවට දිව ඔසුවක්.ඒ වගේම දරුඵල අහිමි වෙන්නට වගේම දරු ඵල පමා වෙන්නට බලපාන නොමේරූ  ඩිමබ සම්බන්ධ ගැටලුවලට වැල මදුලු  යුෂවලින් සකස් කරගත හැකි  පානය අතිශයින්ම ගුණදායක බව සඳහන්. එය ඩිම්බවල සරුබව වැඩි කරන්නටත් ඩිම්බ මේරීම සඳහාත් ඉතාම ගුණදායක පලතුරක් බව පැවසෙනවා.
  • පිළිකා මර්දනය කිරීමේ හැකියාවෙන් සමන්විතයි විශේෂයෙන්ම අන්ත්‍රවල හා උදරයේ ඇතිවන පිළිකා මර්දනය කිරීමට වරකා සමත් වන බව ඇමරිකාවේ ජාතික පිළිකා ආයතනය මගින් සිදු කරන පර්යේෂනයකින් අනාවරණය කරගෙන තියෙනවා.වරකා සතුව අයිසෝප්ලේවින්ස් ලිග්නැන්ස් ආදී ප්‍රතිපිළිකා සංයෝග අඩංගු වී පැවතීම එයට හේතුවයි. ඒ වගේම වරකාවල  අඩංගුව නම් ඒ සැපොනින් කියන සංයෝගයට ලියුකේමියා සෛලවලට එරෙහිව යම් ආකාරයකට සටන් කරන්නටත් හැකියාව ඇති බව සොයාගෙන තියෙනවා.
  • කාන්තාවන්ගේ සෞඛ්‍යය ඉහළ නැංවීමට උපකාරී වෙයි. වරකා ආහාරයට ගැනීම මගින් කාන්තාවකට ඊස්ට්‍රජන් හෝර්මෝනය මගින් ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලැබෙන බව පැවසෙනවා. ඒ වරකාවල අඩංගු වෙන ලිග්නන් සහ අයිසෝෆ්ලේවින්ස් යන සංයෝග මගින්. එමගින් කාන්තාවන්ගේ ගර්භාශයේ පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩු කරගන්නට උපකාරී වෙනවා.
  • සිරුරේ ඉන්ද්‍රියන් පිරිසිදු කරයි. ආමාශය, මහ බඩවැල්, කුඩා බඩවැල් ආදී ඉන්ද්‍රියන්ගේ වියළි බව නැති කර ඒ අවයව හොඳින් පිරිසිදු කිරිමේ හැකියාව වරකා සතු වෙනවා.  
  • තන්තු බහුල නිසාවෙන් මල බද්ධය නැතිකර මල පිටවීම හොඳින් සිදු කරන්නට උපකාරී වෙයි. 
  • අක්මාව ශක්තිමත් කරයි. 
  • සමේ පැහැපත් බව ඇති කරයි.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. 
  • වරකාවල අඩංගු වෙන විටමින් C සහ සරල සීනි යන සංයෝග දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කරනු ලබනවා. 
  • ධාරණ ශක්තිය දියුණු කිරීමේ හැකියාවෙන් සමන්විතයි. 

ගැබිණි මව්වරුන්ට වරකා ආහාරයට ගැනීමෙන් ඇතිවන බලපෑම් 

  • කිරි පිරිසිදු කරයි. 
  • දරු ප්‍රසූතිය පහසු වෙයි. 
  • ගර්භනී සමයේදී ඇතිවන ආමාශ ආබාධවලින් ආරක්ෂාව සලසයි. 
  • දරුවාගේ වර්ධනයට උපකාර කරයි. 
  • රුධිර පීඩන මට්ටම පාලනය කිරීමට උපකාරී වෙයි. 
  • තෙහෙට්ටුවට එරෙහිව සටන් කරයි. 
  • මලබද්ධය සමනය කර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් පවත්වා ගනියි. 
  • මානසික ආතතිය අඩුකර ගැනීමට උපකාරී වෙයි. 

ඉතින් වරකා රසවත් නිසා ඔබත් ආහාරයට ගන්නට ඇති. නමුත් මේ තරම් ගුණයක් ආරක්ෂාවක් අපේ දේහයට ලැබෙන බව නම් ඔබ නොදැන සිටියා වන්නත් පුළුවන්. ඉතින් වරකා වැල ආදී පලතුරු දහවල් කාලයේදී ආහාරයට ගැනීමටත් අහාරයට ගන්නා විට ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එයට මිශ්‍රකර ගැනීමට මතක තබා ගන්න.එය  උදරයේ පිපීම හා අජිර්ණ තත්ත්වයන් වළක්වා ගන්නටත් උපකාරී වෙනවා.