ඔබ රෝගයකින් පෙළෙන බව පෙන්නුම් කරන සිරුරේ අවයව වල වෙනස්කම් 8 ක්

health tips

මිනිස් ශරීරය කියන්නේ විශ්මිත නිර්මාණයක්. එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන විට ඒ ගැන අපව දැනුවත් කිරීම සඳහා ශරීරය භාවිතා කරන සංඥා ක්‍රමයන් එහි ආශ්චර්යමත් බව දෙගුණ තෙගුණ කරවයි. ඔබේ ශරිරය ඔබට පැවසීමට උත්සාහ කරනු ලබන දේ වටහාගැනීමට නම් ඔබ ඒ ඉඟි කෙරෙහි හොඳ සුපරික්ෂාකාරී බවකින් පසු වීම් ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස ශරීරයේ ස්වභාවයන් වෙනස් වීම, පැහැයන් වෙනස් වීම, සංවේදනා සම්බන්ධ වෙනස්කම් ඇති වීම සහා ඔබේ ආශාවන් වල ඇති වන වෙනස්කම් ආදී ආසාමාන්‍ය වෙනස්වීම් කෙරෙහි සාවධානයෙන් සිටීම ඔබේ නීරෝගි බව ‍රැකගැනීම සඳහා වඩාත් වැදගත් වේ.

ඔබේ ශරීරයේ නිරීක්ෂණය කල හැකි අමුතු වෙනස්වීම් මඟින් ඔබේ සිරුරේ ගැටලු ගැන ඉඟි කරනවා විය හැකියි. එම නිසා පහත සඳහන් ආකාරයේ සංඥා ලක්ෂණ නොසලකා හරින්න එපා! දිගින් දිගටම එම ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.

  1. සම කහවීම

සමේ පැහැය කහ වර්ණයට හුරු පැහැයක් ගැනීම බොහෝ විට සිදුවන්නේ ජෝන්ඩිස් (සම හා ඇස් කහවීමට පටන්ගන්නා රෝගයකි) හා වෙනත් අක්මා රෝග ගැටලු නිසා විය හැකියි.පිත වර්ණක හෙවත් බිලිරුබින් මට්ටම අධික වීමෙන් ඒවා අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම සිරුරට අසීරුවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා රුධිරයට මිශ්‍ර වී සම හා ඇසේ සුදු ඉංගිරියාවේ ස්වභාවික වර්ණය වෙනස්වී කහ වීමට පටන්ගනියි.

  1. නියපොතු වල සුදු තිත් මතුවීම (නියමල්)

නියපොතු වලට හානිවීමෙන් හෝ නියපොතු සැපීමේ පුරුද්ද නිසා බොහෝ විට නියපොතු වල මෙවැනි සුදු තිත් මතුකරයි.නියපොතු වලට අනතුරක් නොවී හෝ නියපොතු සැපීමේ පුරුද්දක් නැතත් ඔබේ නියපොතු වල මේ ලක්ෂණ මතුවී ඇත්නම් , ඇතැම් විට ඊට හේතුව යම් සැඟවුණු සෞඛ්‍ය ගැටලුවක් වන්නට ද පුළුවන්.බොහෝවිට ඊට හේතුව සින්ක්,කැල්සියම් හෝ ප්‍රෝටීන ඌනතාවක් විය හැකියි.

  1. කට කොන් පැළී තුවාල වීම

තොල් වල දෙකෙළවර පැළී හෝ තුවාල බිබිලි මතුවීමට නොයෙකුත් හේතු බලපෑ හැකියි.බොහෝ විට සිරුර විජලනය වීම හෝ අධික ලෙස හිරු එළියට නිරාවරණ වීම නිසා විය හැකියි.ඇතැම් විට දිනපතාම ඔබ භාවිත කරන දන්තාලේපය ඔබට ආසාත්මික හෝ සැර වැඩි අමුද්‍රව්‍ය වලින් සකසා තිබෙන එකක් නිසා වන්නට ද පුළුවන්.ඇතැම් විට ඔබ නිතර භාවිත කරන තොල් සායම් වල බලපෑමට ද මෙසේ විය හැකියි.

  1. නියපොතු පැතලි වී වක්‍ර වීම

ඇඟිල්ල වටා නියපොත්ත පැතලිව වක්‍ර වීම නිදන්ගත පෙනහළු ගැටලු වලින් පෙළෙන පුද්ගලයින් තුළ බොහෝවිට පොදුවේ දකින්නට ලැබෙන ලක්ෂණයක් ලෙස සැලකේ.ඇතැම් ආමාශයික-ආන්ත්‍රික ගැටලු තත්වන්ගේ බලපෑමින් ද එවැනි තත්වයක් නියපොතු ආශ්‍රිතව වර්ධනය විය හැකියි.නිසි කලට ප්‍රතිකාර නොකිරීමෙන් නියපොතු විශාලව පහළ අතට වකු‍ටු වීමට පටන්ගත හැකියි.

  1. උෂ්ණ බිබිලි (කටේ ඇතිවන තුවාල බිබිලි)

කට ඇතුළේ වර්ධනය වෙන වේදනාකාරි තුවාල වලට හේතුව හෝර්මෝන වෙනස්කම්, අධික ආතතිය හෝ සිරුරේ අධික ඌෂ්ණය වැනි හේතුයි. පවුලේ අනෙක් සාමාජිකයින්ට තිබේ නම් බොහෝ විට ජානමය වශයෙන් මේ ගැටලුව ඔබට ද උරුම වි තිබිය හැකියි.එම නිසා කලින් කලට මේවා කටේ මතුවීමට පුළුවන්. කටේ තුවාල ඇතිවීමට බලපාන තවත් ප්‍රබල හේතුවක් වන්නේ විටමින් B12 ඌනතාවයි.

  1. ඇහි පිය දාරයේ ගැටිති

ඇහි පිය දාරයේ මතුවන කුඩා කුරුලෑ වැනි ගෙඩි හඳුන්වන්නේ නගන (styes) ලෙසයි.බොහෝවෙලාවට මේවා  වර්ධනය වන්නේ ඇහිපිල්ලම් වලට වඩාත් ආසන්නයෙන්. ඒ නිසාම ඇහිපිල්ලම් ගැසීම පවා ඉතා වේදනාකාරී බවක් ගෙන දෙයි.එමෙන්ම ඒවා කසනසුලුයි.දියවැඩියාවෙන් පෙළෙන අය තුළ හා සම අධික ලෙස වියළි ස්වභාවයක් ගන්නා අය ගේ සම මත මේවා බොහෝ විට වර්ධනය වෙයි.ඔබේ ඇස් කාච මාරුකළ යුතු බව- පිරිසිදුව පරිහරණය කළ යුතු බව හෝ කාලයක් තිස්සේ ඔබේ ඇස් හැඩගැන්වීමට යොදාගන්නා මේක්-අප් බුරුසු වෙනස්කිරීමට කාලය බව පෙන්නුම් කරන සංඥාවක් වීමට ද පුළුවන්. 

  1. ඇසේ කනීනිකාව (cornea) වටා වළල්ලක් සේ මතුවීම

ඇසේ කනීනිකාව දෙස සමීපව බැලූ විට නිල්, අලු හෝ සුදු පැහැති වළල්ලක් මෙන් මතුවී තිබෙනවාද? මෙය arcus senilis නම් තත්වයයි.මෙම වළලු සැබැවින්ම ඇසේ තැන්පත්වූ මේදය වේ.සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් අධික වීමේ බලපෑමින් ඇස් වල මෙවැනි ලක්ෂණ වර්ධනය වීමට පටන්ගනියි.වයසට යාමේදී මෙම අවදානම් වඩාත් වැඩිවෙයි.ඔබේ කොලෙස්ටරෝල් මට්ටම් ගැන සැලකිලිමත්වීම ඔබේ නීරෝගී පැවැත්මට ඉතා වැදගත්ය.

  1. දිව තද පැහැයකට හැරීම

දිව තද රතුවීම ආසාදනය වීම නිසා ඇතිවන ලක්ෂණයක් පමණක් නොවේ.දිවේ කුරුලෑ බිබිලි මතුවීම හා විටමින් ඌනතා නිසා ද මේ තත්වය හටගත හැකියි.ස්කාලට් උණ (රතු උණ) වැනි රෝග නිසා ද දිවේ වෙනස්කම් මතුවිය හැකියි. බොහෝ විට දිව සුදුමැලි වී ගිය ද තද රතු පැහැති පැල්ලම් මතුකරයි.මුඛ හර්පීස් (oral herpes) වැනි රෝග නිසා ද දිව තද පැහැයකට වෙනස්විය හැකියි.