සම මතුපිට හට ගන්නා ගැටයක් වැනි දෙයක් තමයි ඉන්නන් කියන්නේ. බරපතල නොවුණත් මේ ඉන්නන් නිසා බොහෝදෙනා මානසිකව පීඩාවට පත් වෙලා ඉන්නවා. පෙනුමට ප්‍රියමනාප නැති මේ ඉන්නන් කියන්නේ වෛරසයක් හේතුවෙන් හට ගන්නා දෙයක්. නමුත් ඇඟට මේ වෛරසය ඇතුල් වුණොත් එය මාස ගණන් යනතුරු ඇතැම් විට පිටට මතු කරන්නේ නැහැ. කොහොමනමුත් මේ ඉන්නන් සමේ ඕනෑම ස්ථානයක ඇති වෙන්නත් පුළුවන්.
බොහෝ වෙලාවට මේ ඉන්නන් බෙල්ලේ මුහුණේ අත්වල සහ පියයුරුවල ඇති වෙනවා. ඒ හැරුණාම ඉකිලි ආශ්‍රිතවත් මේ ඉන්නන් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් ඇතිවන ඉන්නන් බරපතල නොවුණත් මානව පැපිලෝමා වෛරසය ආදී රෝග ඇති කරන්නට ඇතැම් ඉන්නන් හේතුවිය හැකි නිසා ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඉන්නන් ඇතොත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉන්නන් පැතිරෙන සුළු නමුත් ඒවා අතින් හෝ නූල් ආධාරයෙන් ඉවත් කිරීම නම් නුවණට හුරු නැහැ. ඒ වෙනුවට ඉන්නන් ඉවත් කරන්නට හැකි විවිධ ක්‍රමවේද තියෙනවා.
ඉන්නන් ඇතිවීම නිතරම හිර ඇදුම් අදින පුද්ගලයන්ට , ළමුන්ට, යෞවනයන්ට සහ දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන්ටත් (ඒඩ්ස් සහපිළිකා රෝගීන්ට ) වැඩි අවදානමක් පවතිනවා. ඇතැම් ඉන්නන් ස්වභාවිකව නැතිවී ගියත් බොහෝවිට බොහෝ කාලයක් මේ ඉන්නන් රැඳී පවතිනවා. ඒ නිසා ඒවා ඉවත් කරන්නට පුද්ගලයන් විධිමත් ක්‍රම සහ හානිදායක විය හැකි ක්‍රමවේදත් බොහෝ අනුගමනය කරනවා.
ඉන්නන් පහසුවෙන් ඉවත් කර ගන්නට හැකි ක්‍රම කිහිපයක්ම තියෙනවා. නමුත් මේ ආලේපනයන් ඉන්නන් මත හැරුණාම සමේ වෙනත් ස්ථානවල තැවරීමට ඉඩ නොතබා ටූත් පික් එකක් භාවිතයෙන් මේ ආලේපන ඉන්නන් මත පමණක් ආලේප කරන්නට වග බලා ගන්න.

- විට කෑම සඳහා ගන්නා හුණු ස්වල්පයක් සන්ලයිට් ස්වල්පයක් සමඟ මිශ්‍රකර ඉන්නන් මත ආලේප කරන්න. මෙයින් ඉන්නන් ඉබේම ගැලවී යනවා.
- බුරුල්ල ගසේ දළු අඹරා එහි යුෂ දින 3 ක් පමණ ඉන්නන් මත ආලේප කරන්න.
- දෙහි යුෂ ස්වල්පයක් පුළුන් කැබැල්ලක් ආධාරයෙන් දිනකට තුන්වරක් ඉන්නන් මත ආලේප කරන්න.
- පතොක් කිරි දින කිහිපයක් ඉන්නන් මත ආලේප කරන්න.
- බී ළූණු ගෙඩියක් කපා කපන ලද පැත්තේ කන හුණු ස්වල්පයක් ආලේප කර ඉන්නන් මත ආලේප කරන්න.
- ටී ට්‍රි යිල් සහ පොල් තෙල් එකට මිශ්‍රකර පුළුන් කැබැල්ලකින් ඉන්නන් මත ආලේප කර සම්බාහනය කරන්න.
- වීදුරු බදුනකට බේකින් සෝඩා තේ හැදි 1 ක් එඩරු තෙල් තේ හැදි 2 ක් දමා එයට දන්තාලේප ස්වල්පයක්ද එකතු කර මිශ්‍රකර ගන්න. මේ ආලේපය ඉන්නන් ඇති ස්ථානවල හොඳින් ආලේප කර ඉදුණු කෙසෙල් ලෙල්ලකින් ආවරණය කර බැන්ඩේජ් කර නින්දට ගොස් පසුදා ඉවත් කරන්න.
- කැකුළු සහල් ඇට කිහිපයක් ගෙන එය පැය කිහිපයක් විනාකිරිවල පොගවා ගෙන අඹරා ඉන්නන් මත ආලේප කරන්න.

- අර්තාපල් පෙත්තක් ගෙන ඉන්නන් මත තබා වෙළුම් පටියකින් ආවරණය කරන්න.
- සුදු ළූණු උදුපියලිය යුෂයෙන් අඹරා ඉන්නන් මත දින කිහිපයක් ආලේප කරන්න.
- ලබු දළු සමඟ විට කෑමට ගන්නා හුණු අඹරා ඉන්නන් මත ආලේප කරන්න.
- හෙන්දිරික්කා මල් කිහිපයක් ගෙන එය අඹරා ඉන්නන් මත තබා ප්ලාස්ටරයකින් වෙලා නින්දට ගොස් පසුදා ඉවත් කරන්න. මෙය දින දෙක තුනක් කළ යුතුයි.
- ඇපල් සයිඩර් විනාකිරි දිනපතා උදේ සවස ඉන්නන් මත ආලේප කර වෙළුම් පටියකින් වෙලන්න. සතියකින් පමණ පසුව රෙදි කැබැල්ලකින් පිරිමදින විට ඒ ඉන්නන් පහසුවෙන් ගැලවී යාම සිදු වෙනවා.
- ඉන්නන් මත කෙසෙල් ලෙල්ලක් මිනිත්තු කිහිපයක් අතුල්ලන්න. එසේ නැත්නම් කෙසෙල් ස්වල්පයක් ඉන්නන් මත තබා වඩාත් හොඳින් රැඳෙන ආකාරයට බැන්ඩේජ් පටියක් භාවිතයෙන් වෙළන්න.
- ඇස්ප්‍රින් පෙති 3-4 ක් කුඩු කර ජලය එකතු කර සාදාගත් මිශ්‍රණය ඉන්නන් මත ගල්වා බැන්ඩේජ් කර රාත්‍රියක් පුරාවට තබා පසුදා සෝදා හරින්න.
- වදකහ, නියගලා අල, රුක් අත්තන මුල් සමව ගෙන වලාවැන්න ඉස්මෙන් අඹරා ආලේප ගන්න.
මේ පිළියම් දින කිහිපයක් එකදිගට කිරීමෙන් ඉතා අපහසුවෙන් ඔබට ඉන්නන් ඉවත් කර ගන්නට හැකියාව ලැබෙනවා.
ඉන්නන් කාලයක් අතක හෝ කකුලක තිබුණු පමණින් එය පිළිකාවක් බවට පත්වෙනවා කියන බිය ඇති කරගත යුතු නැහැ. නමුත් ඉන්නන් කැඩීම ආදියෙන් විශබීජ ඇතුල් වී විවිධ ආසාදන සහ බරපතල තත්ත්වයක් කාලයක් ගත වෙද්දි ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි දෑ නොකර ස්වභාවික පිළියම් පමණක් කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තමයි සුදුසු වෙන්නේ. ඒ වගේම ලිංගාශ්‍රිතව ඇතිවන ඉන්නන් වේදනාකාරී වීම සහ ඒවා පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ද පවතින නිසා ඒ පිළිබඳව දැඩිව සැලකිලිමත් විය යුතු වෙනවා.