ඕනෑවට වඩා මුහුණ සේදීම නතර කර විට සමට සිදුවෙන දේවල් 6 ක්

health tips

සාමාන්‍යයෙන් උදෑසන අවදි වූ පසු වගේම රාත්‍රී නින්දට පෙර අප මුහුණ සෝදා පිරිසිදු කරගන්නවා. සම කුරුලෑ, බිබිලි,අඳුරු ලප කැලැල් (බ්ලැක්හෙඩ්ස්) මතුවීමෙන් ආරක්ෂා කරගැනීමට නම් මුහුණේ සම හොඳින් පිරිසිදුව තබාගැනීම වැදගත් බව චර්ම විශේෂඥයින් උපදෙස් දෙනවා.

ඇතැම් අය විටින් විට කිහිපවරක් මුහුණ සේදීමට හුරු වී සිටිනවා.මුහුණ සෝදන සෑම අවස්ථාවකම ක්ලෙන්සර්, ෆේස් වොෂ්, සබන් වැනි දෙයක් භාවිත කරනවා.නමුත් නිතරම ඒවා භාවිත කරමින් මුහුණ සේදීම සමට එතරම් හිතකර නැහැ. ඊට ප්‍රධානම හේතුව ඒවායේ රළු රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකිවීම.

අධිකව මුහුණ පිරිසිදුකිරීම (overcleansing) සමේ pH අගයට බලපෑම් ඇතිකළ හැකියි

කොතරම් නිෂ්පාදන භාවිත කළත් කිසිඳු ප්‍රතිඵලයක් නැත්නම් ඒවා භාවිත නොකර යම් කාලයක් සිටීම වඩාත් සුදුසුයි.ඕනෑවට වඩා සමට සත්කාර කිරීමෙන් නොසිතූ විදියට ඔබේ සමට බලපෑම් ඇතිවීමට ඉඩ තිබිය හැකියි.ඇතැම් ක්ලෙන්සින් නිෂ්පාදන වර්ග භාවිතය නිසා සමේ හිතකර බැක්ටීරියා විනාශ වී යාම වගේම සමේ pH අගයට හානිවීම සිදුවිය හැකියි.

දිනකට දෙවරක් මුහුණ සේදීම ප්‍රමාණවත්ය. නින්දට පෙර මුහුණ සෝදා පිරිසිදු කරගෙන තිබීම වැදගත්ය.සමේ ක්‍රීම් වර්ග, SPF හෝ මේක්-අප් සහිතව නින්දට යාම සමේ ගැටලු ඇතිකළ හැකියි.

ටැප් ජලය සමට එතරම්ම හිතකර නැහැ

ටැප් ජලයේ ක්ලෝරීන් වැනි රළු රසායනික ද්‍රව්‍ය, ඛනිජ අඩංගු වෙන නිසා සම වියළීයාමට හා නොයෙකුත් අපහසුතා (irritaion) මතුවීමේ ඉඩ තිබෙයි.ජලයේ ගුණාත්මක බව ඔබ ජීවත් වන ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වීමට පුළුවන්.එම නිසා මුහුණ පිරිසිදුව තබාගැනීමට කියා අනවශ්‍ය ලෙස අධිකව ජලයෙන් මුහුණ සේදීම නොකරන්න.

ජලය භාවිතය අවම කර මුහුණ පිරිසිදුව තබාගන්න පුළුවන් ද?

ජලය නැතිව මුහුණ සෝදන්න පුළුවන් ද කියන එක විහිළුවක් වගේ පෙනුනත් එසේ කිරීමට නොහැකිමත් නැහැ.පියවර වෙනස් වන්නේ මුහුණට ජලය ඉසිමින් පිරිසිදු කිරීම වෙනුවට ක්ලෙන්සර් එකක් භාවිත කිරීම මඟිනි.ක්ලෙන්සර් එකකින් සම පිරිසිදු කළ පසු සාමාන්‍ය විදියට මුහුණේ ක්‍රීම් ගැල්වීම හෝ මේක්-අප් කරගැනීම කිරීමට බාධාවක් නැහැ.ජලයෙන් සෝදන විට සම වඩාත් වියළී යන බව ඔබ දන්නවා. සමේ ආරක්ෂාවට ඇති ස්වභාවික තෙල් පවා සමෙන් ඉවත්වී යාම නිසා මෙම බලපෑම තවත් වැඩියි.

ක්ලෙන්සර් භාවිතය

ක්ලෙන්සර් කියන්නේ සමට හිතකර ආදේශකයක්.ඔබ යම් ක්ලෙන්සර් වර්ගයක් ‍තෝරාගත් විට වෙනත් එකකට නිතර නිතර මාරු වීමෙන් වළකින්න. දිනකට එක්වරක් මෙය භාවිත කරන්න.

ක්ලෙන්සර් වර්ග කිහිපයක්

  • මයිසෙලර් ක්ලෙන්සර් (micellar cleanser)- සම සේදීම නොකර තෙත මාත්තු කිරීමට භාවිත කළ හැකියි
  • තෙල් අඩංගු ක්ලෙන්සර් (oil-based cleansers)- සමේ බාධක ස්තර ආරක්ෂා කරයි
  • වතුර අඩංගු ක්ලෙන්සර් (water-based cleansers)-  සම තෙල් ස්වභායක් ගනියි නම් හෝ කුරුලෑ බිබිලි මතුවීමේ හැකියව බහුල සමකට වඩාත් සුදුසුයි.

වතුරරහිතව මුහුණ ක්ලෙන්ස් කිරීමේ පරීක්ෂණය-මුල් දින 3

පළමු දිනය- ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගැනීමට ඔබ පුරුදු වී සිටි නිසා ඔබට යම් අමුත්තක් මෙන් දැනිය හැකියි.ඔබ ‍තෝරාගත් ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරගන්න.වෙනදා මෙන් මේක්-අප් එක එලෙසම භාවිත කරන්න. රාත්‍රී නින්දට කලින් රෝස වතුර (rose water) ටෝනර් එකක් ලෙස සමේ ගල්වා නින්දට යන්න.

දෙවන දිනය- සමේ ලොකු වෙනසක් නොපෙනේවි. සමේ තෙතමනයක් තෙල් ගතියක් දැකීමට අවශ්‍ය වුවත් වෙනදා මෙන් වියළි බවක් දැකිය හැකිවේවි.මෙසේ වන්නේ අලුත් පුරුද්දත් සමඟ සම එහි ස්වභාවික තෙල් මට්ටම් සමතුලිතව පවත්වාගැනීමට උත්සහ කිරීම නිසයි.

තෙවන දිනය-සම වියළි ගතියෙන් තෙතමනයට වෙනස්වෙමින් පවතියි.සමේ බ්ලැක්හෙඩ්ස සහ ලොකු කුරුලෑ බොහෝ දුරට දුරු වී ගොස් ඇති අයුරු දැකිය හැකිවෙයි. පළමු මාසය අවසානයේදී ඔබේ සමට හොඳ ප්‍රතිඵලයක් ලැබී ඇති අයුරු දැකිය හැකිවේවි.