මුළුතැන්ගෙට වගේම විවිධ අත්බෙහෙත් සකස් කිරීමේදීත් නැතිවම බැරි සුදු ළූණු අපේ ශරීරයට බොහොමයක් සෞඛ්‍යම ප්‍රතිලාභ ළඟාකර දෙන බව නොරහසක්. සුදුළූණු විවිධ ආකාරයෙන් අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් සුදු ලූණු මිශ්‍ර කරපු ජලය කියන්නේ බොහෝදෙනෙක් සුදු ළූණුවල විස්මිත ගුණ සිරුරට එකතු කර ගන්නට වැඩි වශයෙන් භාවිතා කරන ක්‍රමවේදයක්. ගුණ දන්නා අය බොහෝදෙනෙක් නොවරදවාම භාවිතා කරන මේ සුදු ළූණු මිශ්‍ර ජලය පානය කිරීමෙන් අපිට ලබා ගන්නට හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳවයි අද අපි ඔබට කියන්නේ.

- වකුගඩු නීරෝගී කරනවා.වකුගඩු රෝගයකින් පීඩා විදින කෙනෙක් ඒ රෝගය කොතරම් පීඩාකාරී සහ භයානක එකක් ද යන්න දන්නවා. ඉතින් ඒ වකුගඩු රෝගී නොවී තබා ගන්නා එක තමයි අපිට ඒ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නට කළ හැකි වෙන්නේ. සුදු ළූණු මිශ්‍ර ජලය කියන්නේ වකුගඩුවල නීරෝගීභාවයට අතිශයින්ම වැදගත් පානයක්. ඔරිජිනෝසා බැක්ටීරීයාව කියන බැක්ටීරියාව මුත්‍රා මාර්ගයේ බිත්ති මත වර්ධනය වෙමින් වකුගඩුවල ආසාදන ඇති කරනවා. මේ සුදු ළූණු මිශ්‍ර ජලය වකුගඩුවලට හානි සිදු කරන ඒ බැක්ටීරියාවේ වර්ධනය වළක්වා එයින් වන හානිය වළක්වනවා. සුදුළූණු බික් දෙකක් තුනක් උදෑසන ආහාරයට ගැනීම මගින් හෝ සුදු ළූනු යෙදූ ජලය උදෑසන භාවිතා කිරීමෙන් ඔබටත් ඔබේ වකුගඩු ආරක්ෂා කර ගන්නට පුළුවන්. ඒ වගේම දවස ප්‍රබෝධමත්ව ගත කරන්නටත් අවස්ථාව හිමි වෙනවා.
- දියවැඩියාව පාලනය කරනවා.සුදු ළූණුවලට අපේ රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩු කරන්නටත් අපූරු හැකියාවක් පවතිනවා. දියවැඩියාව , ස්ථුලතාවය ආදී සංකූලතා වළක්වා ගන්නට නම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම හොඳ තත්ත්වයේ පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ඉතාම ක්‍රියාකාරී වෙන්නේ අමු සුදු ළූණු බව කුවේට් විශ්ව විද්‍යාලයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන තියෙනවා. දිනපතාම සුදු ළූණු යෙදූ ජලය පානය කිරීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටා ඉතා යහපත් මට්ටමක තබා ගන්නට හැකියාව ලැබෙනවා.
- ලේ කැටි ඇතිවීම වළක්වනවා. රුධිර පීඩනය අධික වීම වගේම කොලෙස්ටරෝල් ඇති අයෙක් නම් සුදු ළූණු අනිවාර්යයෙන්ම ආහාරයට ගත යුතු වෙනවා. සුදුළූණුවලට හැකියාව පවතිනවා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් යහපත් ආකාරයට පාලනය කිරීමට. ඒ නිසා සුදු ළූණු යෙදූ ජලය පානය කිරීම මගින් අධි රුධිර පීඩනය අඩුකර ගන්නට උපකාරී වෙනවා. කින්ග් කාලිඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඖෂධ විද්‍යා විදුහල මගින් සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත්තේ හොඳින් මෝරන ලද සුදුළූණු යුෂ අවුන්ස 0.02-3.5 ක පමණ වනතුරු ආහාරයට එකතු කර ගැනීමෙන් රුධිර පීඩනය සඳහා භාවිතා කරන ඖෂධ තරම්ම හොඳින් සුදු ළූණු ක්‍රියා කරන බවයි . ඒ වගේම සිරුරට හිතකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය 10% කින් පමණ අඩු කරන්නට සුදු ළූණුවලට ඇති හැකියාව පිළිබඳවත් බොහෝ පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා.
- අස්ථි ශක්තිමත් කරනවා. ඔස්ටියෝ ආතරයිටීස් සහ සන්ධිවල ඇතිවන වේදනාවන් අද බොහෝ දෙනෙක් පීඩා විදින රෝග තත්ත්වයන්. සන්ධිවල වේදනාවන් සුව කරගන්නට හැකි සරලම සහ හොඳම ක්‍රමයක් වෙන්නේ දිනපතාම සුදු ළූණු යෙදූ ජලය පානය කිරීම. සන්ධිවල සෞඛ්‍ය තත්ත්වය යහපත් කරන්නට උපකාරී වෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය නිපදවීම කාර්යක්ෂම කරන්නටත් සුදු ළූණු උපකාරී වෙනවා.
- ව්‍යායාම්වල ඵලදායිතාවය වැඩි කරනවා.මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලට අනුව තහවුරු කරගෙන ඇත්තේ දිනපතාම සුදු ළූණු යෙදූ ජලය වීදුරුවක් පානය කරන හෘද රෝගීන්ගේ ව්‍යායාම් දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙන බව. ඒ වගේම සුදු ළූණුවලට අපි ව්‍යායාම් සිදු කරන අවස්ථාවේ ඇතිවන වෙහෙස අඩුකර ගන්නටත් අපූරු හැකියාවක් පවතිනවා. ඒ වගේම වැඩ කටයුතු කරද්දිත් කාර්යක්ෂමතාවය වැඩිකර ගන්නටත් ඈත අතීතයේ සිටම සුදු ළූණු භාවිතා කර තිබෙනවා.

- බර අඩු කරනවා.සුදු ළූණු යෙදූ ජලය වීදුරුවක හිස්බඩ පානය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය දවස පුරාම හොඳින් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ වගේම සුදු ළූණුවල අඩංගු සල්ෆර් මගින් මේද අම්ලවල ප්‍රමාණය විශාල වීම පාලනය කරනවා. ඒ අනුව සිරුරේ බර අඩුකර ගන්නත් ගනු ලබන ආහාරවල පෝෂ්‍ය කොටස් ඉතා හොඳින් අවශෝෂණයටත් සුදු ළූණු උපකාරී වෙනවා.
- ඇස් පෙනීම වර්ධනය කරනවා.සුදු ළූණුවලට ඇසේ තරලයේ පීඩනය ඉතා හොඳ මට්ටමේ පවත්වා ගන්නට හැකියාව ඇති බව පරීක්ෂණවලින් සොයාගෙන තියෙනවා. ඇස්වල ඇතිවන කෙරටීස් යන බරපතල රෝග තත්ත්වය ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් මර්දනය සඳහාත් සුදු ළූණුවලට ඇත්තේ විස්මිත හැකියාවක්. ඒ නිසා ඇස්වල පෙනීම වර්ධනය කරමින් ඇස් ආරක්ෂා කර ගන්නට දිනපතාම සුදු ළූණු යෙදූ ජලය වීදුරුවක් ඔබත් පානය කරන්න.
- මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා.සුදු ළූණුවලට මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන ඩිමෙන්ෂියාව නම් රෝගය පාලනය කරන්නටත්, ඇල්ෂයිමර් රෝගය ඇතිවීමටත් අපූරු හැකියාවක් පවතිනවා.වයසට යාම වේගවත් කරන ඔක්සිකාරකවල ක්‍රියාකාරිත්වය පාලනයටත් සුදු ළූණුවලට හැකියාවක් පවතිනවා.
- ශරීරයේ විෂ ඉවත් කරනවා.
- ප්‍රතිශක්තිකරණය පද්ධතිය නීරෝගී කරනවා.
- උදරයේ පිපීම හා වේදනාව අඩු කරනවා.
- කුරුලෑ සුව කර සම පැහැපත් කරනවා.
- සුදු ළූණු කැබලිවලට කපා වතුර වීදුරුවකට දමා මදවේලාවක් තබා පානය කිරීම හෝ කපාගත් සුදු ළූණු කැබලි ජලය කෝප්ප තුනක් පමණ දමා තම්බා ගත් ජලයට මී පැණි ස්වල්පයක් එකතු කර පානය කිරීමත් ඔබට දවස ආරම්භය ප්‍රබෝධමත්ව පටන් ගන්නටත් ලෙඩරෝග බොහොමයකින් හොඳ ආරක්ෂාවක් ලබා ගන්නටත් උපකාරී වෙනවා නිසැකයි.