උදෑසන හිස්බඩට කිරි පිටි,තේ කෝපි ආදී විවිධ වූ පානයන් අපි ලබාගන්නවා. නමුත් මේ පානයන්ගෙන් බැහැර වෙලා උදෑසන හිස්බඩ ඔයා පානය කරන වතුර වීදුරුවට මී පැණි ටිකක් එකතු කර පානය කළොත් ඔබට විශ්මිත ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්. අපි කවුරුත් ලෙඩ වෙන්නට කැමති නැහැ නේ. ඉතින් ඒ නිසා නිරෝගීකම රැක ගන්නට නම් අපිට කෘතිම පානයන්වලින් වැළකිලා දේහයට හිතකර පානයන්වලට හුරු වෙන්නට සිද්ධ වෙනවා. අපි මේ කියන්නේ එවැනි හිතකර පානයක් පිළිබඳව. ඉතින් මේ පානය සකසා ගන්නට ඔබට අපහසුවක් නැහැ. අපි බලමු නිතර උදෑසන හිස්බඩට මී පැණි සමග ජලය ලබාගත්තොත් ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා.
මී පැණි කියලා කියන්නේ සොබාදහමෙන් අපිට ලැබිලා තියෙන හරි අපූරු වටිනා දායාදයක්. ඒ වගේම වටිනා ඖෂධයක්. ඒ නිසාම අපේ ආදි මුතුන් මිත්තන් ඔවුන්ගේ ආහාරපාන හානියක් නොවී කල්තියා තියා ගන්නටත් මී පැණි භාවිතයට ගත්තා. ඒ විතරක් නෙවෙයි හෙල වෙද මහතුන් සඳහන් කරන විදිහට මරණාසන්න වුණු තැනැත්තෙකුට මී පැණි ස්වල්පයක් ඔහුගේ දිව ගෑවෙන්න පෙවීමට හැකි නම් එයත් මහත් භාග්‍යයක් පිනක් බව සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගෙඩියක් හෝ තුවාලයක් මත මීපැණි ආලේප කළොත් ඒ ගෙඩිය කුණු වෙන්නේ නැහැ .
ඒ වගේම තමයි ඕනෑම ආහාරයක් මේ පැණිවල ගිල්වා තැබුවොත් කොතරම් කාලයක් ගියත් ඒ දේවල් හානියට පත් වෙන්නේ නැහැ. මොකද මී පැණිවල ඊටම ආවේණික සුවිශේෂී ගුණයන් රැසක් පවතින නිසා.
ස්වභාවිකවම නිෂ්පාදනය වෙන වටිනාකම කියා නිම කරන්නට බැරි මේ මීපැණි දවසෙන් දවස වසරින් වසර පරණ වෙද්දී එහි තියෙන වටිනාකමත් තවදුරටත් වර්ධනය වෙනවා. මේ නිසාම තමයි ඕනෑම රෝගයක් සුවපත් කරන්න පවා මේ මී පැණි භාවිතා කෙරෙන්නේ.
ඉතින් සෑම රෝගයක්ම සුවපත් කරන්නට හැකියාව තියෙන මී පැණි අපේ ශරීරයට උදෑසන හිස්බඩ ලබා ගන්නට පුළුවන් නම් එයින් ලබාගන්නට හැකි ප්‍රතිලාභ අතිමහත්. නමුත් මෙහිදී හොඳම තත්ත්වයේ කලවම් නොකරන ලද මී පැණි ලෙස ඒවා මිලට ගන්නට හැකි නම් පමණයි ඔබට මේ ප්‍රතිලාභ ලබාගන්නට හැකියාව තියෙන්නේ.
උදෑසන ඔබ පානය කරන ජලය වීදුරුවට පිරිසිදු මී පැණි තේ හැන්දක ප්‍රමාණයක් දමා හොඳින් කලවම් කර පානය කිරීමෙන් ඔබට මේ ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්.
උදෑසන හිස්බඩ මී පැණි මුසු ජලය පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ

- බඩවැල්වල ඇති විශ ඉවත්කර සම්පූර්ණ ශරීරයම පිරිසිදු කරනවා.ප්‍රතිදිලීර, ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිවයිරස ගුණයක් මී පැණි සතු වීම මෙයට මූලිකවම හේතු වෙනවා.
- රාත්‍රී කාලයේ දී ඇතිවන පාලනය කළ නොහැකි මුත්‍රා පිට කිරීම සඳහා ගුණදායකයි.
- වකුගඩුවල ඇති ජලය මී පැණි මගින් අවශෝෂණය කරගනිමින් එහි ක්‍රියාකාරීත්වය පහසු කරනවා.
- ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය හොඳින් සිදුවෙන නිසා බර අඩු කර ගන්නට උදව් වෙනවා.
- සුවදායී නින්දක් ලබා දෙනවා.
මේ සඳහා රාත්‍රියේ නින්දට පෙර මේ පානය ලබා ගැනීමත් ඉතාම ගුණදායකයි.
- මතක ශක්තිය වර්ධනය කරනවා.
- කටහඬ යහපත් කරනවා.
- තුවාල සහ ආසාදන සුවපත් කරනවා
- තද අව්වේ සිටීමෙන් සමේ ඇතිවන ඉරිතැලීම් පිපිරීම් ආදිය සුව පත් කරනවා.
- ඇස්වල පෙනීම සහ කන්වල ඇසීම වර්ධනය කරනවා.
- හෘදය වස්තුව ශක්තිමත් කර නිරෝගී කරනවා.

- මදසරුභාවයෙන් පෙළෙන කාන්තාවන්ට ගුණදායකයි.
- දීර්ඝායුෂ ලබා දෙනවා.
- මුඛ රෝග සුවපත් කරනවා.
- සම දීප්තිමත් සහ මෘදු බවට පත් කරනවා.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරනවා.
- පෙණහලු ආශ්‍රිතව ඇතිවන සෙම ඉවත් කරනවා.
ඉතින් වෙනදා බොන වතුර වීදුරුවට හොඳ තත්ත්වයේ පිරිසිදු මී පැණි ස්වල්පයක් එකතු කළොත් බොහෝකලක් නිරෝගීව ඉන්නට ඔයාට අවස්ථාව ලැබෙනවා.