හිසකෙස් ගැලවී තට්ටයට පැදීගෙන එන විට කොමඩු ඇට ආහාරයට ගැනීමට හේතු 9 ක්

health tips

බොහෝ දෙනෙකු කොමඩු පලතුරක් ලෙස ආහාරයට ගත්තද කොමඩු ඇට ඉවත් කරයි. නමුත් කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ කොමඩු මදයෙහි මෙන්ම කොමඩු ඇටවලද බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන බවයි. එනම් කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් රෝග ගණනාවක් සුව කර ගත හැකිය.  කොමඩු මදය ආහාරයට ගන්නා විට කොමඩු ඇටද ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. 

  • කොමඩු ඇටවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ. 
  • විටමින් B 
  • පොටෑසියම්
  • පොස්පරස්
  • මැග්නීසියම්
  • සින්ක්
  • ප්‍රෝටීන්
  • යකඩ
  • මැංගනීස්ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් කොමඩු ඇටවල අඩංගුවේ. 

මේ නිසා කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. 

මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට හේතුවේ. බාල මහළු සෑම දෙනා කොමඩු ඇට ආහාරයට ගන්නේ නම් එය මොලයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට හේතු වේ. එනම් බොහෝ දෙනකුට වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන මතක ශක්තිය අඩු වීම ඇල්සයිමර් වැනි රෝග තත්ත්වයන් කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් වලක්වා ගත හැකිය. එනම් කොමඩු ඇටවල අඩංගු පොටෑසියම් මතක ශක්තිය වැඩි කිරීමටත් ෆෝලික් අම්ලය හා විටමින් බී9  මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමටත් හේතුවේ. 

අධි රුධිර පීඩනය සමනය කිරීමට උපකාරී වේ. වර්තමානය වන විට බොහෝ දෙනෙකු අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ලබා ගනී. එනම් එවැනි රෝගීන්ට අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කරගැනීමට ස්වාභාවික ඖෂධයක් ලෙස කොමඩු ඇට ආහාරයට ගත හැකිය.   එනම් කොමඩු ඇට වල අඩංගු  පොටෑසියම්, මැග්නීසියම් රුධිර නාල ඝන වීම වලක්වා රුධිරනාල විස්තාරණය කර ක්‍රමවත්ව රුධිර ගමනා ගමනය සිදු කරනු ලැබේ. එනම් මේ නිසා අධි රුධිර පීඩනය ඇති නොවේ. 

ඇස් පෙනීමේ දුර්වලතා ඇති වීම වළක්වනු ලැබේ. කොමඩු ඇට වල අඩංගු විටමින් ඒ මගින් ඇස් පෙනීමේ දුර්වලතා මගහරවා ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සිදුකරයි.  එනම් මේ සඳහා කොමඩු ඇට අහුරක් දිනපතා ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ.

හිසකෙස් නීරෝගී කිරීමට හේතුවේ. කොමඩු ඇට ආහාරයට ගන්නේ නම් හිසකෙස් ගැලවී යාම ,කැඩී යාම, හිසකෙස් අග පැලීම වළක්වාගත හැකිය. එනම් කොමඩු ඇට වල අඩංගු  යකඩ, ප්‍රෝටීන් හිසකෙස් කැඩී යාම,ගැලවී යාම වලක්වා හිසකෙස් වර්ධනය කිරීම සිදුකරනු ලැබේ. එනම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට කොමඩු ඇට අහුරක් දිනපතා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

සමට හිතකර වේ. හිසකෙස් වල මෙන්ම සමෙහි නීරෝගී භාවය පවත්වා ගැනීමට සහ සම පැහැපත් කර ගැනීමට කොමඩු මදය මෙන්ම කොමඩු ඇටද වැඩි දායකත්වයක් සපයනු ලැබේ. එනම් කොමඩු ඇටවල අඩංගු විටමින් C සමෙහි අඳුරු පැහැය ඉවත් කර කර සම පැහැපත් කිරීමට උපකාරී වේ. 

දියවැඩියාව පාලනය කරන ඖෂධයක් වේ. රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා කොමඩු ඇට ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය බව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් කොමඩු ඇට වල අඩංගු ඇමයිනෝ අම්ල 

මානසික ආතතිය දුරු කිරීම හා කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම් පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කර රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමද සිදු කරන බැවින් කොමඩු ඇට දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු වේ. නමුත් රුධිර ගත සීනි මට්ටම පාලනය කරන වෙනත් ආහාර සමඟ හෝ ඖෂධ සමඟ කොමඩු ඇට ආහාරයට නොගත යුතුය. 

හෘද රෝගීන්ට යෝග්‍ය වේ. කොමඩු ඇට ආහාරයට එක්කර ගැනීම හෘද රෝගීන්ට වඩාත් යෝග්‍ය වේ. එනම් දිනපතා කොමඩු ඇට අහුරක් පමණ ආහාරයට ගැනීමෙන් කොමඩු ඇට වල අඩංගු මොනසැකරයිඩ හා පොලිසැකරයිඩ යන මේද අම්ල ශරීරගත කොලෙස්ට්‍රෝල් අවම කර අධි රුධිර පීඩන තත්වයන් වළක්වා හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදු කරයි. එනම් එමගින් හෘද රෝග ඇතිවීම පාලනය වේ. 

අස්ථිවල ශක්තිමත්භාවය වැඩි කිරීමට හේතු වේ. අස්ථි හා සම්බන්ධ රෝග තත්ත්වයන් බොහෝ වේදනාකාරී හා පීඩාකාරී වේ. එනම් අස්ථි හා සම්බන්ධ රෝග වැඩි වශයෙන් ඇතිවන්නේ වයස්ගත වූ පුද්ගලයින්ටය. එමෙන්ම විටමින් ඌනතා මත ද අස්ථි සම්බන්ධ රෝග ඇති විය හැකිය. එවැනි රෝග ඇති වූ විට එම රෝග සමනය කිරීමට මෙන්ම අස්ථි රෝග ඇතිවීම වලක්වාගැනීමට කොමඩු  ඇට ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් කොමඩු ඇටවල අඩංගු citrulline අස්ථි ශක්තිමත් කර ගෙවීගිය පටක වර්ධනය කිරීම සිදුකරයි. එනම් මෙමගින් ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් වැනි රෝග වලින් ද ආරක්ෂා විය හැකිය. 

මේදය දහනය කරනු ලැබේ.අනවශ්‍ය මේදය දහනය කර ගැනීම සඳහා කොමඩු ඇට ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කොමඩු ඇට අහුරක් දිනපතා ආහාරයට ගන්නේ නම් කොමඩු ඇට වල අඩංගු citrulline සංයෝගය alginine නැමැති ඇමයිනෝ අම්ලය බවට පත්වී මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කර අනවශ්‍ය මේදය දහනය කරනු ලැබේ.  එනම් ඉන් ශරීර බර පාලනය වීමද සිදුවේ.