උෂ්ණාධික කාලවලට නිතැතින්ම සිහියට නැගෙන ඇඟ සිසිල් කරන පලතුරක් තමයි පැණි කොමඩු කියන්නේ. ඉතා ආකර්ෂණීය පෙනුම වගේම එහි සිසිල් බව නිසාම පැණි කොමඩු අපි අතර ඉතා ජනප්‍රිය පලතුරක්. ජල පිපාසාවට කදිම පෝෂණීය පලතුරක් වන පැණි කොමඩු ශ්‍රී ලංකාව තුළ අඩු මිලකට මිලට ගන්නටත් පුළුවන්.කුඩා දරුවන් වගේම වැඩිහිටියන් පවා ඉතා කැමැත්තෙන් ආහාරයට ගන්නා පැණි කොමඩු සතු පෝෂණ ගුණය ඉතා ඉහළයි. නමුත් කොමඩු ආහාරයට ගන්නා විට අපි එහි පිට ලෙල්ල වගේම ඇටත් ඉවත් කරන්නට පුරුදු වෙලා ඉන්නවා. නමුත් කොමඩු ගෙඩියේ රතු පැහැ කොටස වගේම එහි ඇට සතුවත් ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වෙනවා.
Citrullis vulgaris යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු කොමඩු පහසුවෙන් වගා කරන්නට හැකි අපේ රටේ වියළි කලාපයේ හැදෙන පලතුරක්.මේ කොමඩුවල නිජ භූමිය අප්‍රිකානු මහද්වීපය කියලයි සඳහන් වන්නේ. කොහොමවුණත් මේ කොමඩු පිපිඤ්ඤා, අළු පුහුල් ආදි එළවලු අයත් වන පවුලටම අයත් වෙනවා. මේ කොමඩු යුෂවලින් බීම, අයිස් ක්‍රීම්, කේක් වර්ග ආදියත් සකසා ගන්නට හැකි අතර ප්‍රධාන ආහාරයෙන් පසුව අතුරුපසක් ලෙසටත් ආහාරයට ගන්නට පුළුවන්.
කොමඩුවල 92 % ක් පමණම අන්තර්ගතව ඇත්තේ ජලය. ඒ හැරුණාම කාබෝහයිඩ්රේට්, තන්තු,මේදය, ප්‍රෝටීන්, විටමින් A, විටමින් C, තයමින්, රයිබොෆ්ලේවින්. සෝඩියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සින්ක් ආදී පෝෂක බොහොමයක් මෙහි අන්තර්ගත වෙනවා.බීටා කැරොටීන්, ලයිකොපීන්, කුකර් බිටැසින් ඊ ආදී ප්‍රතිඔක්සිකාරක බහුලව මේ කොමඩුවල අඩංගු වෙනවා.ඒ නිසා කොමඩු අපේ ශරීරයට සෞඛ්‍යමය වශයෙන් වාසි බොහොමයක් ලබාදෙන පලතුරක්.
කොමඩු සතු අපූරු ගුණ

- විජලනය ඇතිවී වළක්වා ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය සමතුලිතව පවත්වා ගන්නට උපකාරී වෙයි.
- සම් වියළීම පාලනය කරයි.
- ශරීරයේ ඇතිවන කැසීම් ආදී තත්ත්වයන් සඳහා සුවය සලසා දෙයි.
- අධි රුධිර පීඩනය අඩු කරයි.
- මාංශපේශී වේදනාව අඩු කිරීමේ ගුණයෙන් සමන්විතයි.
- ගර්භනී කාන්තාවන්ට ඉතා සුදුසුයි.
- මල බද්ධය දුරලයි.
- හෘද රෝග සඳහා ගුණදායකයි.
- මුත්‍රා ගල්වලට වගේම මුත්‍රාශය ආශ්‍රිත ගැටළු බොහොමයකට ගුණදායකයි.
- ශරීරයේ ප්‍රතිශ්කතිකරණය වර්ධනය කරයි.
- වකුගඩු හා මුත්‍රාශය පිරිසිදු කරයි.
- කොලෙස්ටරෝල් රෝගින්ට ගුණදායකයි.
- ආහාර ජීර්ණය පහසු කරයි.
- පණු රෝගවලට ගුණදායකයි.
- අමිල පිත්ත රෝගීන්ට ඉතා සුදුසුයි.
- සම රැලි වැටීම පාලනය වී සම පැහැපත් කරයි.
- අර්ශස් රෝගය සඳහා සුදුසුයි.
- බර අඩු කර ගන්නට උපකාර කරයි.
- බඩවැල්වල ඇති පිළිකා, පියයුරු පිළිකා,පෙනහළු පිළිකා පුරස්ති ග්‍රන්ථි පිළිකා ආදී තත්ත්වයන් සමනය කරයි.
- අස්ථි දිරායාමෙන් වළකයි.
- මානසික ආතතිය දුරලයි.
සැලකිය යුතුයි.මෙහි පොටෑසියම් අධිකව පවතින නිසා වකුගඩු රෝගින්ට වෛද්‍ය උපදේශයෙන් තොරව ආහාරයට ගැනීමත් විශේෂිත හේතුවකින් තොරව දිනපතා ආහාරයට ගැනීමත් එතරම් හිතකර නොවෙයි.
කොමඩු ඇට සතු ඖෂධීය ගුණයන්

කොමඩු ආහාරයට ගැනීමේදී ඉවත් කරන කොමඩු ඇට සතුව රෝග බොහොමයක් සුව කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන තියෙනවා.ඒ හැරුණාම විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂාව සිටින්නටත් කොමඩු ඇටවලට අපූරු හැකියාවක් පවතිනවා. නමුත් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක සපයන කොමඩු ඇට විසි කිරීමෙන් අපේ ශරීරයට කොමඩු ගෙඩියකින් ලැබෙන සියලු පෝෂණ ගුණයන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම කොමඩු ඇට සතු අනර්ඝ ගුණයන් පිළිබඳව සැවොම දැනුවත්ව සිටීම ඉතා වැදගත්.
කොමඩු ගෙඩියේ රතු පැහැ කොටසේ වගේම කොමඩු ඇට සතුවත් ප්‍රෝටීන්, විටමින් B, මැග්නීසියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස්, කොපර්, මැංගනීස් සින්ක් යනාදී පෝෂ්‍ය පදාර්ථ බොහොයමක් අන්තර්ගත වෙනවා.
කොමඩු ඇට අමුවෙන් ආහාරයට ගැනීමට වඩා එය පිස ආහාරයට එකතු කරගන්නට පුළුවන්. ඒ විතරක් නොවෙයි ඒවා බැද කුඩු කර ආහාරයට එකතු ගන්නටත් පුළුවන්. තේ කෝපි වෙනුවට මේ කොමඩු ඇට කුඩු පානය කරන්නට පුළුවන්. ඒ වගේම මේ කොමඩු ඇට කුඩු නටන උණු වතුර ලීටර 2 ක දමා නැවත විනාඩි 15 ක් පමණ නටවා ගෙන තබාගෙන පානය කරන්නටත් පුළුවන්.කොමඩු මදය සේම කොමඩු ඇටත් ශරීරයේ දාහය නසාලන ඇඟ සිසිල් කරන පෝෂණීය පානයක්.
කොමඩු ඇට සතු පෝෂණීය ගුණයන්

- මෙහි අඩංගු ඇමයිනෝ අම්ල මගින් මානසික ආතතිය දුරු කරයි.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබන හෙයින් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි.
- ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරනු ලබන නිසා ස්ථුල පුද්ගලයන්ගේ බර අඩු කරන්නට උපකාර වෙයි.
- කොමඩු ඇටවල අඩංගු මොනසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් යන මේද අම්ල මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරන බැවින් හෘදයේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගෙන යන්නට උපකාරී වෙයි.හදවත් රෝග ඇතිවීම අවම කරයි.
- මෙහි අඩංගු මැග්නීසියම් රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට උපකාරී කරයි.
- ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම මගින් ඇතිවන මාංශ පේශීවල වේදනාවන් සමනය කරනු ලබයි.
- කැල්සියම් උරා ගැනීමේ හැකියාව පහසු කිරීමෙන් අස්ථි ශක්තිමත් වීමට උපකාරී කරයි.

- මාංශ පේශීවල ගෙවී ගිය පටක වර්ධනය කරයි.
- බඩවැලේ සිටින අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අවම කරයි.
- මුත්‍රාශයේ ගල් ඇතුළු මුත්‍රාශය ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි.අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.
- හදවත් රෝගවලින් ආරක්ෂා කරයි.
- අධි රුධිර පීඩනය දුරලයි.
- මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරමින් මතක ශක්තියද වර්ධනය කරයි.
- මෙහි අඩංගු විටමින් A මගින් ඇස් පෙනීම වර්ධනය කරයි.
- හිසකෙස් ගැලවී යාම, වියළි හිසකෙස්, හිසකෙස් අග පැලීම ආදී හිසකෙස් ආශ්‍රිත ගැටළු සඳහා ඉතාමත් ගුණදායකයි.
- සම පැහැපත් කරයි.සමේ රැලි වැටීම් ඇතිවීම අවම කර තරුණ පෙනුම රැකදෙයි.
අපේ නීරෝගී බවට ගත යුතු පලතුරු අතරින් තවත් ඉතා වැදගත් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත පලතුරක් තමයි මේ කොමඩු. නමුත් කොමඩු ආහාරයට ගැනීමේදී එහි ඇට විසිනොකර තබාගෙන භාවිතයට ගන්නත් අමතක කරන්නට එපා.