මොනතරම් ගුණ එළවළු වර්ග තිබුණත් වට්ටක්කාවල විශේෂ ගුණ බොහොමයක්ම අන්තර්ගත නිසාම ඒ කාලෙ නම් සෑම ගෙදරකම වගේ වට්ටක්කා වැලක් වැරදුණේ නැහැ. නමුත් අද අපිට වට්ටක්කා වැලක් නිවසක දකින්නට ලැබෙන්නේ හදිස්සියෙන්. වට්ටක්කා ගෙඩිය විතරක් නෙවෙයි වට්ටක්කා ඇට,මල් සහ දලු ආදිය අපේ ආහාර වේලට එකතු කර ගන්නට ඇති හැකියාව නිසාම එදා සෑම නිවසකම් වට්ටක්කා වැලක් වවාගෙන තිබුණා. අවාසනාවට බොහෝ දෙනෙක් වට්ටක්කා වැලක් නිවසේ ඉබේ හටගෙන තිබුණත් වට්ටක්කා දළු හෝ මල් ආහාරයට ගන්නේ නැහැ. නමුත් මේ වට්ටක්කා දලුවල ඇති ගුණ ගැන ඔබ දැන ගත්තොත් නම් නිසැකයෙන්ම ඔබත් මේවා ආහාරයට ගන්නට හුරු වේවි. අපි අද කතා අරමු වෙට්ටක්කා දළු ආහාරයිට ගැනීමෙන් අපට ලබාගන්නට හැකි ඵල ප්‍රයෝජන මොනවද කියලා.
අපි යම් ශාකයක් වගා කරන්නේ ගෙඩි ලබා ගන්නට. නමුත් ඉතින් හැම වට්ටක්කා වැලකින්ම ගෙඩි ලබා ගන්න හැකියාවක් නැහැ. නමුත් එහෙමයි කියලා මේ වට්ටක්කා වැල ප්‍රයෝජනයක් නැති දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද වට්ටක්කා ගෙඩිය හැර අනෙකුත් කොටස් ඉහළ පෝෂණ ගුණයෙන් සමන්විත නිසා ඒවා අපිට ආහාරයට එකතු කරගන්න හැකියාව තියෙනවා. වට්ටක්කා දළුවල විශේෂ ගුණ බොහොමයක්ම තියෙනවා.
සාමාන්‍යයෙන් වට්ටක්කා දළුවල සෝඩියම් අඩු ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්නේ. කොලෙස්ටර්‍රෝල් අඩු නමුත් තන්තු බහුල ආහාරයක් මේ වට්ටක්කා දළු. ඒ හැරුණාම විටමින් A, විටමින් E, විටමින් K, විටමින් B6, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, ෆෝලේට් ආදී පෝෂක අන්තර්ගත වෙනවා.මේ නිසාම වට්ටක්කා දලු ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නට පුළුවන්.
මේ වට්ටක්කා දළු ආකාර කිහිපයකටම පිළියෙල කරගන්නට හැකියාව තියෙනවා. වට්ටක්කා දළු පරිප්පු සමග පිස ගන්නට පුළුවන්. ඒ හැරුණාම වට්ටක්කා දළු නියඹලාව විදිහට තෙලට වගේම මැල්ලුමක් ලෙසත් සකසා ගන්නට පුළුවන්. කව්පි ඇට සහ කොස් ඇට ආදිය සමගත් වට්ටක්කා දළු ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ගන්නට පුළුවන්. මේ වට්ටක්කා දළු කලවම් පලාවටත් කදිමයි. ඒ විතරක්ම නෙවෙයි වට්ටක්කා දළු වාෂ්පයෙන් තම්බලා පොල් සමඟ ආහාරයට ගන්නා අය එය කෙතරම් ප්‍රණීත ආහාරයක් ද කියලා හොඳින්ම දන්නවා. අපි බලමු වට්ටක්කා දළු ඔතරම් අපේ ශරීරයට වාසිදායක ද කියලා.

- ඇස් පෙනීම වැඩි දියුණු කරනවා.
- පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
- ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය සමතුලිතව පවත්වා ගන්නා නිසා දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්නට උදව් වෙනවා.
- ලිංගික සරුබව වැඩි කරනවා.
- ශරීරයේ ඇතිවිය හැකි කම්පන තත්වයන් සහිත රෝගාබාධවලටත් ඉතාම ගුණදායකයි.
- ඖෂධ මඟින් හෝ විවිධ ආහාරපාන මඟින් ශරීරයට එකතුවෙන විෂ මගින් අක්මාවට සිදුවන හානිය අවම කරනවා.
- රක්තහීනතාවයට ගුණදායක වෙනවා.
- කිරි දෙන මව්වරුන්ට ගුණදායකයි.
- ආහාර ජීරණය පහසු කරනවා.
- සම පැහැපත් කර නිරෝගී කරනවා.
- ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා.
- වලිප්පුව වළක්වනවා.
- රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා.
- හදවත් රෝග ඇති වීමේ අවදානම අඩු කරන්නට සමත් වෙනවා.
- අංශභාග රෝගය ඇතිවීමේ අවදානම අඩු කරනවා.
- ආතරයිටිස් ආදී රෝගයන්ගේ රෝග ලක්ෂණ අඩු කරන්නට උපකාරී වෙනවා.
- අස්ථි ශක්තිමත් කරනවා.
- මලබද්ධය සමනය කරනවා.
- දන්ත සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා උපකාරී වෙනවා
- සමේ රෝග ඇති වීමේ අවදානම අඩු කරමින් සම මෘදු කරනවා.
- ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී කරනවා.
1.පරිප්පු සමඟ සකසා ගත හැකි වට්ටක්කා දළු ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- වට්ටක්කා දළු මිටක්
- රතු ලූනු ගෙඩි තුනක්
- පරිප්පු කප් බාගයක්
- සුදු ළූණු ගෙඩි තුනක්
- අමු මිරිස් කරල් දෙකක්
- රම්පෙ කෑල්ලක්
- කුරුඳු කෑල්ලක්
- උළුහාල් ඇට තේ හැඳි කාලක්
- අබ කුඩු තේ හැඳි කාලක්
- ලුණු
- කහ
- පොල් කිරි කෝප්ප එකක්
මුලින්ම පරිප්පු ටික සෝදාගෙන එයට රතු ළූණු, සුදු ළූණු, අමු මිරිස්, කරපිංචා ආදිය සිහින්ව ලියාගෙන එයට එකතු කරන්න. එයටම තුනපහ ආදි සියල්ල එකතු කර වතුර දමා පිසගන්න පරිප්පු තැම්බෙන විට පොල් කිරි කෝප්පයක් එකතු කර හොඳින් හැඳි ගාමින් කිරි ටික උතුරුවා ගන්න. පසුව සුද්ද කරගත් වට්ටක්කා දලු ටික එකතු කර විනාඩියක් පමණ පිසගෙන ලිපෙන් ඉවත් කර ආහාරයට ගන්න.
2.වට්ටක්කා දළු නියඹලාව

අවශ්‍ය ද්‍රව්‍ය
- වට්ටක්කා දළු
- අමු මිරිස් කරල් දෙකක්
- රතු ලූනු ගෙඩි තුනක්
- කරපිංචා ටිකක්
- හාල් මිටක්
- කුරුඳු පොත්තක්
- ගම්මිරිස් ස්වල්පයක්
- ලුණු
- කහ
- තුනපහ
- උම්බලකඩ
- පොල් කිරි කෝප්පයක්
- ගා ගත් පොල් මිටක්
මුලින්ම සෝදාගත් වට්ටක්කා දළුවල බූව ඉවත් කරගෙන තරමක කැබලි වලට කපාගෙන එයට ලියාගත් අමු මිරිස් රතු ළූණු, කරපිංචා, ලුණු, කහ, තුනපහ සහ උම්බලකඩ එකතු කර දිය කිරි එකතු කර ලිප තබන්න. ඒ අතරේ ගා ගත් පොල් මිටක ප්‍රමාණය ගම්මිරිස්, සුදු ළූණු, අබ, කුරුඳු ආදී සියල්ලත් සමඟ හාල් මිටක් සමග හොඳින් අඹරා ගන්න. පසුව වට්ටක්කා දළු තැම්බී ගෙන එද්දී එයට අඹරාගත් හාල් පොල් මිශ්‍රණය සහ මිටි කිරි එකතු කර හොඳින් හැඳි ගාන්න. විනාඩි කිහිපයක් පිසගෙන රස බලන්න.
වට්ටක්කා දළු හිස ගැනීමේදී ලා දළු මේ සඳහා භාවිත කරන්න. ඒ වගේම වැඩි වේලාවක් පිස ගැනීමෙන් ද වලකින්න. එමගින් එහි අඩංගු පෝෂක බොහොමයක් විනාශ වෙනවා. ඒ වගේම වට්ටක්කා නැටි විශාල කැබලි වලට කඩාගෙන මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්.
ඒ විතරක් නෙවෙයි පොඩි පිහියක් භාවිතයෙන් නැට්ටෙ සහ දාරවල කොලවල තියෙන බූව ඉවත් කර සෝදා ගන්නත් අමතක කරන්න එපා.
ඉතින් වට්ටක්කා ගෙඩිය විතරක් නෙමෙයි මල් විතරක් නෙමෙයි අපි සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්නට අතිශයින් ම වැදගත් වන පෝෂණය කළා ආහාරයක් aakha ගෙඩියේ අන්තර්ගත වෙන පෝෂණ යන්ට නොදෙවෙනි ආකාරයේ පෝෂණ ගුණයක් අන්තර්ගතවන වට්ටක්කා දළු ඔබටත් ඔබේ ආහාරයට ඉතා රසවත්ව එකතු කරගන්නට පුළුවන් ඒ කුඩා දරුවන්ටත් විශේෂයෙන්ම සෞඛ්‍ය අස්ථි ශක්තිමත් කරගන්නට. ඉතාම වැදගත් කළ ආහාරයක්.