ශරීරයේ විෂ ඉවත් කරන ස්වභාවික ක්‍රම 14 ක්

health tips

අපි ගන්නා ආශ්වාස වාතයේ සිටම ශරීරයට ලබා ගන්නා සෑම දෙයක්ම වගේම බාහිරින් භාවිතා කරන සියල්ලම අපේ ශරීරයේ අභ්‍යන්තරයට විෂ එකතු වෙන්නට බලපානවා. ඒ හැරුණාම අපි ගන්නා ආහාරවේලක ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ නොමැති වුණාම විෂ ද්‍රව්‍ය ශරීරය තුළ ගොඩනැගෙනවා. මේ විෂ ද්‍රව්‍ය අපේ ශරීරයෙන් පිට වන්නේ බහිස්ශ්‍රාවීය ද්‍රව්‍ය හරහා.දහදිය මගින්, මලපහ මගින්, මුත්‍රා  කිරීම මගින්, හුස්ම පිට කිරීම මගින් හා ඔසප්වීම මගින් ඒ විෂ අපේ සිරුරෙන් ඉවත් කරනු ලබනවා.ඉතින් අපේ ශරීරයේ විෂ ඉවත් කරන්නට ප්‍රතිශක්තිකරණ පද්ධතියට, අක්මාවට සහ වකුගඩුවලටත් හැකියාව නැති වුණාම ඒවා කාලයක් තිස්සේ අපේ ශරීරයේ තැන්පත්වෙලා අපේ සිරුරේ ඉන්ද්‍රියන්ට හානි කරන්නට පටන් ගන්නවා. ඒ නිසා විවිධ ලෙඩ රෝගවලට අපිව ගොදුරු වෙනවා. ඉතින් මේ නිසා අපේ ශරීරයේ විෂ මට්ටම වැඩි වුණාම ඒ ලක්ෂණ ගැන අවබෝධයෙන් ඒ විෂහරණය කරගන්නට අපට සිදු වෙනවා. ඒ සඳහා අද වෙද්දි විවිධ ආහාර වර්ග වගේම අධික මිලකට ගන්නට හැකි නිෂ්පාදනත් පවතිනවා.  නමුත් අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ අධික මුදලක් වැය කිරීමකින් තොරව ඉතා පහසුවෙන් ශරීරයේ තැන්පත්ව ඇති විෂ ඉවත් කර ගන්නට අපේ ශරීරයේ විෂහරණ පද්ධතිය වැඩි දියුණු කරගත හැකි ආකාර  කිහිපයක් පිළිබඳව.

මත්පැන් පානය සීමා කරන්න ඇල්කොහොල්වලින් 90% ට වඩා අක්මාව තුලදී පරිවෘත්තීය වෙනවා. මෙහිදී අක්මාවේ එන්සයිම මගින් පිළිකා ඇති කරන රසායන ද්‍රව්‍යක් වන ඇසිටන්ලිහයිඩ් වෙත ඇල්කොහොල් පරිවෘත්තීය කරනවා.එවිට ඇසිටන්ලිහයිඩ් විෂ ද්‍රව්‍යක් ලෙස අක්මාව මගින් හඳුනා ගන්නා අතර පසුව එය ඇසිටේට් නම් හානිකර ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කර ශරීරයෙන් ඉවත් කරනු ලබනවා.අධික ලෙස මත්පැන් පානය නිසා අක්මාවට ප්‍රමාණවත් ලෙස ක්‍රියාකාරීවීමට නොහැකිවීමෙන් ශරීරයේ අපද්‍රව්‍ය සහ  විෂ ද්‍රව්‍ය පෙරීම ඇතුළු  අවශ්‍ය කාර්යයන් කිරීමට නොහැකි වෙනවා.ඒ නිසා මත්පැන් පානය අවම කිරීම අක්මාවේ නිසි පැවැත්මට හේතුවෙනවා. 

ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න ශරීරයේ සෑම ඉන්ද්‍රියකම නිසි පැවැත්ම සඳහා වගේම විෂහරණ කටයුතු නිසි පරිදි පවත්වා ගන්නටත් නින්ද අත්‍යවශ්‍යයි.නින්ද මගින් මොළය ප්‍රතිසංවිධානය කිරීම වගේම  නැවත ආරෝපණය කිරීමට සහය ලබාදෙනවා. ඒ වගේම දවස පුරාම එකතු වි ඇති විෂ ද්‍රව්‍ය සහ අතරු නිෂ්පාදනය ඉවත් කරගන්නටත් ඉඩකඩ ලබාදෙනවා. ඒ විෂ ද්‍රව්‍යවලින් එකක් තමයි බීටා ඇමයිලෝඩ් කියන ප්‍රෝටීනය.මේ ප්‍රෝටීනය ඇල්ෂයිමර් රෝගය ඇතිවෙන්නට බලපාන අතර වකුගඩුවලට වගේම අක්මාවටත් අපේ ශරීරයේ විෂ ඉවත් කරන්නට අවශ්‍ය විවේකය රාත්‍රී ප්‍රමාණවත් නින්දක ලබාගැනීම මගින් ලබාදෙනවා. ඒ නිසා නින්ද කියන්නේ සිරුරේ විෂහරණය ක්‍රියාවලියට අත්‍යවශ්‍යම කාරණයක්.ඒ නිසා සෑම දිනකම පැය 7-8 ක් අතර නින්දක් ලබා ගැනීම අවශ්‍යමයි.  

වැඩිපුර ජලය පානය කරන්න ජලය අපේ ශරීරයේ සෑම කාර්යකටම අත්‍යවශ්‍ය වෙනවා.සිරුරෙ උෂ්ණත්වය යාමනයට, ආහාර ජීර්ණයට, සන්ධි ලිහිල් කිරීමට, පෝෂක අවශෝෂණයට වගේම ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කර විෂහරණයටත් ජලය අත්‍යවශ්‍ය වෙනවා. ශරීරයේ සෛල අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය යූරියා සහ  කාබන්ඩයොක්සයිඩ් ස්වරූපයෙන් මුදහරිනු ලබනවා.ඒ ද්‍රව්‍ය ශරීරයෙන් පිට නොවී රුධිරය තුළ එකතු වුණොත් සිරුරට දැඩි ලෙස හානි වන්නට පුළුවන්. නමුත් ජලය මගින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන අතර  මුත්‍ර පිට කිරීම,  හුස්ම ගැනීම,  දහදිය දැමීම මගින්  ඒවා කාර්යක්ෂමව ඉවත් කරනවා.ඒ නිසා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සිරුරේ විෂහරණය ක්‍රියාවලියට බෙහෙවින් උපකාරී වෙනවා. පිරිමි පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 3.7 ක් සහ කාන්තාවක් නම් දිනකට ජල ලීටර් 2.7 ක් පමණ ප්‍රමාණයක් පානය කළ යුතු වෙනවා. 

  • විෂ මගින් අක්මාව විනාශ කරන නිසා එයින් වැළකෙන්නට ඩැන්ඩලියන් තේ පානය කරන්න
  • පාස්ලි සිලැන්ත්රෝ ආදී ආහාර ගැනීම 
  • යෝගාවල යෙදීම 
  • රාත්‍රී නින්දට පෙර දත් මදින්න 
  • ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් ආහාර පරිභෝජනය කරන්න 

ප්‍රතිඔක්සිකාරක මගින් ෆ්‍රී රැඩිකල්ස් ලෙස හඳුන්වන අණු නිසා ඔබේ සෛලවලට සිදුවන හානිවලින් ඔබව ආරක්ෂා කරනවා. මේ අහිතකර අණු ශරීරයේ අධික ලෙස පැවතීම සෞඛ්‍ය ගැටළු රාශියක් ඇති කිරීම සඳහා මගපාදනු ලබනවා.ඒවා සෛලවලට හානි කිරීම නිසා ඩිමෙන්ෂියාව හෘද රෝග, අක්මා රෝග, ඇදුම සහ ඇතැම් පිළිකා තත්ත්වයන් ඇති කරනු ලබනවා. නමුත් ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරවේලක් ලබා ගන්නා විට මේ අතිරික්ත අණු සහ වෙනත්  විෂ ද්‍රව්‍ය නිසා ඇතිවන රෝගවලින් පහසුවෙන්ම මිදෙන්නට පුළුවන්.බෙරි, පලතුරු, ඇට වර්ග ,කොකෝවා, එළවලු, කුළු අඩු, කෝපි සහ හරිත තේ ප්‍රති ඔක්සිකාරක බහුල ආහාර ලෙස දක්වන්නට පුළුවන්.   

ප්‍රෝබයෝටික් අඩංගු ආහාර පරිභෝජනය කරන්න බඩවැල්වල සෛල තුළ විෂහරණ පද්ධතියක් පවතින අතර සෞඛ්‍යය සම්පන්න නොවන රසායනික ද්‍රව්‍ය සහ හානිකර විෂවලින් ආරක්ෂා කිරීමත් සිදු කරනවා.සෞඛ්‍යමත්ව බඩවැල් තබා ගැනීම සඳහා ප්‍රෝබයෝටෙක් නම් බඩවැලේ ඇති හිතකර බැක්ටීරියා පෝෂණය කරන තන්තු වර්ගය ඉතාමත් අත්‍යවශ්‍යයයි.ප්‍රෝබයෝටෙක්  ශරීරයට හිතකර බැක්ටීරියා සමඟ වඩාත් හිතකරව කටයුතු කරමින් බඩවැල් නීරෝගීව තබා ගැනීමට ඉතාම වැදගත්. තක්කාලි, ඇස්පරකස්, ලූණු, කෙසෙල් සුදු ලූණු සහ ඕට්ස් ආදී ආහාර ප්‍රෝබයෝටෙක් තන්තු බහුල ආහාර වර්ගයි. ඒවා නිතර පරිභෝජනය කිරීම විෂහරණ කාර්ය සඳහා අතිශයින්ම වැදගත්.  

  • ස්වාභාවික රූපලාවන්‍ය ද්‍රව්‍ය පමණක් භාවිතයට උත්සාහ ගන්න 
  • කෘතීම සහ සැකසූ ආහාර පරිභෝජනයෙන් වළකින්න

මේ ආහාර ගැනීම නිසා දියවැඩියාව,පිළිකා ආදී රෝග ඇතිවීම නිසා සිරුරේ විෂහරණයට දායක වන අක්මාව සහ  වකුගඩුවල ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වෙනවා.

  • ලුණු පරිභෝජනය අඩු කරන්න 
  • දිනපතා ව්‍යායාම් කිරීම 

වේගයෙන් ඇවිදීම ආදී ව්‍යායාම් සතියකට විනාඩි 150-350 ත් අතර කාලයක් කිරීම හෝ  සතියකට මිනිත්තු 75ක් -150 ට වැඩි තීව්‍රතාවයකින් යුත් ශාරීරික ව්‍යායාමයක යෙදීම වඩා යහපත්.

  • එප්සම් ලුණු ද්‍රාවණයක පාද පොගවා ගැනීම මගින් පාදය මගින් සිරුරේ සියලුම විෂ ඉවත් කරගන්නට පුළුවන්.

ඉතින් ශරීරයේ විෂ ඉවත් කරගන්නට අපිට ගොඩක් අමාරු දේවල් කරන්නට නැහැ. අපේ ආහාර පුරුදු වගේම චර්යාවේ වෙනස්කම් මගින් ඉතා පහසුවෙන් අපේ ශරීරයේ විෂහරණය සිදු කරගන්නට පුළුවන්.