හැදීගෙන එන වකුගඩු රෝගය පවා සුව කරන ක්‍රම 8 ක්

health tips

සෛල වලට අනවශ්‍ය දේ සිරුරෙන් බැහැර කිරීම සඳහා නිර්මාණය වී ඇති අවයව සමූහය ලෙස සැලකෙන බහිස්ස්‍රාවීය පද්ධතියේ ප්‍රධාන කාර්යබාරයක් ඉ‍ටු කරන අවයවයක් ලෙස වකුගඩු හැඳින්විය හැකියි.

සිරුරේ අතිරික්ත ජලය බැහැර කිරීම,සිරුරේ අපද්‍රව්‍ය බැහැර කිරීම,ලවණ,පොටෑසියම් සහ pH මට්ටම් නිසි නියාමනයකින් පවත්වාගෙන යාම  වැනි වැදගත් කාර්යන් ‍රැසක් වකුගඩු මඟින් ඉ‍ටුකරයි.සිරුරේ නීරෝගී පැවැත්මට මෙතරම් වැදගත් වන වකුගඩු ආරක්ෂා කරගැනීමට නම් එදිනෙදා ජීවිතයේදි ඔබට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නට සිදුවෙනවා.

සෞඛ්‍ය සම්පන්න ආහාර පාන රටාවක් අනුගමනය කරන්න සෞඛ්‍යයට හිතකර ආහාර පාන පරිභෝජනය සමස්ත සිරුරේම නීරෝගිබව සඳහා හේතුවෙයි.වකුගඩු වල නීරෝගීබව සම්බන්ධයෙන් ද එය එලෙසින්ම වැදගත්.අප පරිභෝජනය කරන දෑ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට ලක්වෙනවා.අහිතකර ඒවා මග හැර හිතකර ආහාර පාන පමණක් ‍තෝරාගැනීම වැදගත් වන්නේ මේ නිසයි.අධික ලෙස සීනි, ලුණු සහ මේද අඩංගු ආහාර ඔබේ සිරුරට අහිතකරයි. එවැනි ආහාර පාන නිසා ස්ථූලතාව, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි අවදානම් ද ඉහළ යයි.මෙවැනි සෞඛ්‍ය ගැටලු නිසා ඔබේ වකුගඩු වලට දැඩි බලපෑමක් එල්ල විය හැකියි.නැවුම් එළවළු, පලතුරු,පූර්ණ ධාන්‍ය වර්ග වඩි වශයෙන් එදිනෙදා ආහාර වේලට එක්කරගන්න.ක්ෂණික -කෘතිම ආහාර පාන වලින් හැකිතාක් වළකින්න.

ව්‍යායාම කරන්න ව්‍යායාම වල යෙදීම ඔබේ වකුගඩු වල නීරෝගීබව වැඩිදියුණු වීමට උපකාර කරයි.නිතිපතා ව්‍යායාම අභ්‍යාස වල යෙදීමෙන් හෘද රෝග,දියවැඩියාව වැනි ඔබේ වකුගඩු වලට බලපෑම් ඇතිකළ හැකි රෝග අවදානම් අවම කරගත හැකියි.එවැනි රෝග නිසා වකුගඩු අකර්මන්‍යතා ඇතිවී සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් අඩාල වී යා හැකියි.ඔබ ව්‍යායාම වල යෙදුණු කෙනෙක් නොවේ නම්, මුලදී පැය ගණන් එක දිගට ව්‍යායාම කිරීමෙන් වළකින්න.එය ඔබේ සිරුරට අහිතකරයි;විශේෂයෙන්ම වකුගඩු වලට පවා.දිනකට මිනිත්තු 20-30ක් පමණ සැහැල්ලු ව්‍යායාම ක්‍රම වල යෙදෙන්න.ක්‍රමක්‍රමයෙන් ව්‍යායාම වල යෙදෙන කාලය වැඩිකරන්න.

දිනකට හොඳින් වතුර බොන්න ජලය සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා ඉන්ධනයක් වැනියි.ප්‍රමාණවත් ලෙස දිනපතා හොඳින් ජලය පානය කිරීම සිරුරේ පැවැත්මට ඉතා වැදගත්.හොඳින් ජලය පානය නොකර ව්‍යායාම හෝ වෙනත් ක්‍රියාකාරකම් වල නිරතවීම සිරුරට අපහසුය.දිනකට ලීටර් 1.5-2අතර ප්‍රමාණයක් ජලය පානය කිරීම සුදුසු බව නිර්දේශයයි.ජලය පානය කිරීම වකුගඩු ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත්ය. ආහාර පාන වලින් අහිතකර ද්‍රව්‍ය බැහැර කර සිරුරට ලැබෙන පෝෂක ගුණ උරාගැනීම සිදුකරන්නේ වකුගඩු මඟිනි.හොඳින් ජලය පානය කරන විට මෙම ක්‍රියාකාරීත්වය වඩාත් පහසුවෙන් සිදුවෙයි.ජලය මඟින් පෝෂක කොටස් උරාගෙන අනවශ්‍ය දෑ මූත්‍රා ලෙස පිටවීම සඳහා මූත්‍රාශය දෙසට තල්ලු කර හරියි. හොඳින් ජලය පානය නොකිරීමෙන් වකුගඩු ගල් සහ වකුගඩු ආසාදන වැනි තත්වයන් වර්ධනය වීමට ඉඩ තිබෙයි.

මත්පැන් පානයෙන් වළකින්න නිතර නිතර මත්පැන් පානය කිරීම, ඊට ඇබ්බැහි වීම ඔබේ සිරුර රෝගී වීමට මුලික වෙන හේතුවක් විය හැකියි.විශේෂයෙන්ම ඉන් ඔබේ හෘදයට,වකුගඩු සහ අක්මාවට බලපෑම් ඇතිවෙයි.මද්‍යසාර භාවිතය දිගු කාලීන අතුරුබලපෑම් සිරුර තුළ මතුකළ හැකියි.සිරුර විජලනය කරවයි.එවිට වකුගඩු වල ක්‍රියාකාරීත්වයට නොයෙකුත් බාධා ඇතිවෙයි.මින් සිරුරේ අධි රුධිර පීඩනය හා අක්මා රෝග ඇතිවීමේ අවදානම ද ඉහළ යා හැකියි.

ඖෂධ වර්ග භාවිතයේදි සැලකිලිමත්වන්න ඕනෑම නිවසක වේදනා අපහසුතා හා විවිධ රෝගාබාධ වලට ගන්නා බෙහෙත් ඖෂධ වර්ග තිබෙනවා.නමුත් ඖෂධ භාවිතයේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි.ක්ෂණික සහනයක් ලබාදුන්න ද ඇතැම් ඖෂධ වර්ග දිගු කලක් භාවිත කිරීම ඔබේ වකුගඩු වලට හානිකර විය හැකියි.ප්‍රතිප්‍රදාහක ,වේදනානාශක පෙති වර්ග (NSAID) මීට හොඳ උදාහරණයක්.මේවා එක්වරකදී අධිකව ගැනීම හෝ නිතර නිතර ගැනීමෙන් වකුගඩු වලට හානි ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වාදෙනවා. වණ රෝග වලට ලබාදෙන PPIS ඖෂධ දිගු කාලීනව භාවිතයෙන් වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් ඇති බව ද සඳහන් වෙයි.

හර්බල් සප්ලිමන්ට් වර්ග භාවිතයේදි සැලකිලිමත්වන්න වෙළඳ දැන්වීම් හරහා ඔබ දකින මෙවැනි නිෂ්පාදන වර්ග වලින් ඔබට කියන තරම්ම ප්‍රතිඵල ලැබේද යන්න සැකසහිතයි.ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂාවෙන් බොහෝ අය මෙවැනි අතිරේක පෝෂක භාවිතයට නැඹුරු වෙමින් සිටිනවා.මෙවැනි නිෂ්පාදන වල ප්‍රතිඵල සහගත බව පිළිබඳ ප්‍රමාණවත් පර්යේෂණ සිදුකර නොමැති නිසා ඒවා ගැන ප්‍රබල විශ්වාසයක් තැබිය නොහැකියි.කරල්, පෙති වශයෙන් සකසා ඇති ඒවා දිගින් දිගටම ගැනීම ඔබේ වකුගඩු වලට හානිකර විය හැකියි.ඔබ වකුගඩු රෝගයකින් පෙළෙන්නේ නම් එවැනි පුරුදු ඔබේ සෞඛ්‍ය තත්වය තවදුරටත් පිරිහීමට බලපෑ හැකියි. එම නිසා පීඩාකාරී රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර වෙත යොමුවීම වඩාත් උචිතය.

දුම්පානයෙන් වළකින්න දුම්බීම ඔබේ සිරුරේ රුධිර නාළ වලට දැඩි ලෙස හානිකරයි.මෙම බලපෑමින් සිරුරේ රුධිර සංසරණය දුර්වල වී යයි. ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොමැතිකමින් සිරුරේ අවයව ක්‍රියාකාරීත්වයන් අඩාල වෙයි.වකුගඩු සම්බන්ධයෙන් මෙය ඉතා අවදානම් තත්වයකි.සිගරට් පානය කිරීම පුද්ගලයා තුළ පිළිකා වර්ධනය වීමේ අවදානම ඉහළ දමන බව පෙන්වාදෙයි.මෙවැනි අහිතකර පුරුදු වලින් ඈත්වීමට උත්සහ කිරීම අතිශයින්ම වැදගත්ය.

වරින් වර ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂාවට ලක්කරගන්න.වයස අවුරුදු 30 ඉක්මවූ පසු සිරුරේ නොයෙකුත් රෝගාබාධ වර්ධනය වීමෙ අවදානම වැඩිවෙයි. එම නිසා කලින් කලට හෝ ඔබේ සෞඛ්‍ය පරික්ෂාවන් කරගන්න.ඇතැම් වකුගඩු රෝගාබාධ වලට පවුලේ එම රෝග ඉතිහාසය බලපෑ හැකියි. ඔබේ පවුලේ පෙර සාමාජිකයින් යම් යම් වකුගඩු රෝග වලින් පෙළී ඇත්නම්, එම අවදානම ඔබ තුළ ද මතුවීමට ඉඩකඩ තිබිය හැකියි. වෛද්‍ය නිර්දේශය යටතේ නිසි සෞඛ්‍ය පරික්ෂාවන් කරගැනීමෙන් එවැනි අවදානම් කල් තියා හඳුනාගැනීමට බොහෝ විට හැකිවෙයි.