අකලට වයස්ගතවීම පවා නැති කරන උපන් ඇදුමෙන් නිදා ගන්න අයට විතරක් ලැබෙන වාසි 8 ක්

health tips

අපේ ශරීරයට නින්ද කියන්නේ හොඳ ඖෂධයක්. ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වෙලා නීරෝගී ජීවිතයක් ගත කරන්නට පැය 6-7 ක් නින්දක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් නින්ද සුවබර එකක් වෙන්නට අපි සැහැල්ලු ඇදුමකින් තමයි නින්දට යන්නේ. දවල් කාලයේදී හිර ඇදුම් ඇදීම නිසා ඇතිවන අපහසුතාවයෙන් මිදෙන්නට රාත්‍රි  කාලයේදී නින්දේදී සැහැල්ලු ඇදුම් ඇදීම වැදගත්. නමුත් කිසිම ඇදුමක් අදින්නේ නැතුව ඔබ නින්දට ගියොත් ඔබට ප්‍රතිලාභ රැසක්ම ලබා ගන්නට හැකියාව ලැබෙනවා. අපි අද කතා කරන්නේ උපන් ඇදුමෙන් නිදා ගන්නා  අයට විතරක් ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් පිළිබඳව.

නින්දේ ගුණාත්මක බව වැඩිවීම  හරියට නින්දක් ලබා ගන්නට නොහැකි වීම නිසා නොයෙකුත් ලෙඩ රෝග කායිකවත් මානසිකවත් ඇති වෙනවා. කාර්යබහුල ජීවන රටාවත් එක්ක හැමදාම වගේ සුවදායි නින්දක් ලබා ගන්නට නොහැකි වීම අමතක වීම, බුද්ධිය  හීන වීම ආදියටත් හේතුවක්. ඒ නිසා  වෛද්‍යවරුන් නින්ද නොයන අයට උත්සාහ කර බලන්නට උපදෙස් ලබාදෙන හොඳ ක්‍රමයක් තමයි උපන් ඇදුමෙන් නින්දට යාම. 

රාත්‍රි  ඇදුමක් ඇදලා  ඇදට ගිහින් තව බෙඩ් ෂීට් එකකුත් පොරවාගෙන තමයි අපි නින්දට යන්නේ. ශරීරයට හොද සැප නින්දක් ලබා ගන්න නම් ශරීරයට සීතල අවශ්‍ය  වෙනවා. එය බාධාවක් නැතුව සැප නින්දක් ලබා ගන්නට උදව් වෙනවා.නමුත් ඇදුම් ඇදගෙන නිදාගත්තම උෂ්ණය පිට වෙන්නට තියෙන අවස්ථාව ඇහිරීම සිදු වෙනවා. ඒ නිසා නින්දේදී අපිට නැවත  අවදි වෙන්නට සිදු වෙනවා. බෙඩ් ෂීට් එකක් පමණක් පොරවා ගෙන උපන් ඇදුමෙන් නින්දට යද්දි  ඒකාකාරී ලෙස මුළු ශරීරයේම උෂ්ණත්වයක් පැතිර යන නිසා සුවදායි නින්දක් අපිට එමගින් ලබා ගන්නට පුළුවන්.

වයසට යාම ප්‍රමාද කිරීම උපන් ඇදුමෙන් නින්දට යාමෙන් ශරීරය පුරාම ඒකාකාරී ලෙස උෂ්ණත්වය පැතිර යාම මෙලටොනින් ශ්‍රාවය උත්තේජනය වීමක් සිදු වෙනවා. එමගින් අපේ දේහයට තරුණ බව ඇති කරන වර්ධක හෝර්මෝන ශ්‍රාවයත් වැඩි  කරනවා. වයස අවුරුදු 25 ඉක්මවූ අයෙකුගේ මෙලටෝනීන් සහ වර්ධක හෝර්මෝන ශ්‍රාවය අඩුවීයාම පටන් ගන්නවා. ඒ කියන්නේ වයසට යාමේ ලක්ෂණ මතුවීම ආරම්භ වී ඇති බව. මේ මෙලටොනින් සහ වර්ධක හෝර්මෝන වැඩිපුර දේහයට ලැබීමෙන් හිසකෙස් සුදුවීම, සමේ මලානික බවක් ඇතිවීම වගේම ශරීර ශක්තිය අඩු වී යාමත් පමා කරගන්නට පුළුවන්. ඒ නිසා තරුණව ඉන්නට නම් උපන් ඇදුමෙන් නින්දට යාම සුදුසුයි.

මානසික ආතතිය අඩුවීම නිරුවතින් නින්දට යන අය ගැඹුරු නින්දකට වැටීම නිසා එමගින් මනසට හොඳ සැහැල්ලු බවක් ලැබෙනවා. තද නින්දේදී අපේ එදිනෙදා ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටළුවලින් මොළය සම්පූර්ණයෙන්ම විවෘත තත්ත්වයට පත් වෙනවා. මේ නිසා කල් පවතින මානසික ආතති තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් ඒ නිසා අවම වෙනවා.දවස පුරාම මානසික පීඩනයෙන් කල් ගෙවන අයෙක් නම් ඔබට එයින් ඉතා පහසුවෙන් මිදෙන්නට මේ ක්‍රමය අත්හදා බලන්නට පුළුවන්.

ඉකිලි ආශ්‍රිත රෝග සහ දුර්වර්ණ වීම අඩුවීම දවස පුරාම යට ඇදුම් ඇදගෙන ඊටත් පසුව හිර ඇදුම් ආදිය ඇදගෙන සිටීමෙන් ඉකිලි ප්‍රදේශයට ලැබෙන්නේ ඉතා  අඩු වාතාශ්‍රයක්. ඒ නිසා දහදිය වාෂ්ප නොවී වැඩි වේලාවක් ඒ ප්‍රදේශයේ තිබීම, මැරුණු  සෛල පහසුවෙන් ඉවත් නොවීම ආදිය නිසා  ඉකිලි කැසීම් ආදිය ඇති වෙනවා. ඒ හැරුණාම ඒ ප්‍රදේශයේ වඩාත් දුර්වර්ණ වීමක් ද  දකින්නට ලැබෙනවා. මේ ගැටළුවට හොඳ විසඳුමක් තමයි රාත්‍රි  කාලයේදී හෝ ඇදුම් නැතිව නින්දට යාම. එමගින් ඒ ඉකිලි ප්‍රදේශයට හොඳින්ම  වාතාශ්‍රය ලැබීමෙන් ඉකිලි ආශ්‍රිත රෝග වැළකෙනවා. 

සම නීරෝගී කරනවා.දහවල් කාලයේදී වගේම රාත්‍රී  කාලයේදීත් ඇදුම්වලින් ශරීරය වැසී තිබීමෙන් ශරීරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ. දහදිය වාෂ්ප වීමත් හරියට සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා සමේ නීරෝගි බවට අවශ්‍ය  කරන මේද නිපදවීම සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගැනීම හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ.ඒ නිසා සම නීරෝගී කර ගන්නට මේ ක්‍රියාවලින් හොඳින් සිද්ධ වෙන්නට රාත්‍රියටවත් ඇදුම් ඉවත් කර නින්දට යාම  වැදගත්.

සරුභාවය ඉහළ යාම දවස පුරාම යට ඇදුම් ඇදගෙන සිටීම මගින් රහස් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාම සරුභාවය අඩු කරන්නටත් හේතුවක් වෙනවා.විශේෂයෙන්ම පුරුෂ පාර්ශ්වය රාත්‍රියේ  ඇදුම් ඉවත් කර නින්දට යාමෙන් වෘෂණ කෝෂවලට සිසිල් බවක් ලැබෙන නිසා සරුභාවය සඳහා එය ගැටළුවක් වෙන්නේ නැහැ.කාන්තාවන්ගෙත් ප්‍රජනන සෞඛ්‍යටත් මේ උපන් ඇදුමෙන් නිදා  ගැනීම හරිම වැදගත්.ඉලාස්ටික් පටි සහිත කලිසම් හෝ සායවල් ඇදගෙන නින්දට යාමෙන් කාලයත් සමඟ උකුල් ඇටය දෙපස තද වීම උකුල පුළුවීමට බාධා  ඇති කරන නිසා එය ඩිම්බ මෝචනයටත්  කලලය ගර්භාෂයේ රඳවා ගැනීමටත් වගේම දරු ප්‍රසූතියටත් පවා බාධා කරනවා.

ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වීම ඇදුම් නොමැතිව නින්දට යාමෙන් සිහින් සිරුරක් ලබා ගන්නට හැකියාව ලැබෙන බව  ඔබ දැනුවත් නැතුව ඇති. නමුත් ඇදුම් ඇතිව නිදා ගනිද්දි ශරීරය සිසිල්ව පැවතීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වීම සිදු වෙනවා.එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ කැලරි දහන ක්‍රියාවලිය වේගවත් වී ශරීරයේ බර අඩුවීමයි. 

  • අඹු සැමි සබඳතාවය වර්ධනයට දායක වීම 
  • අහිතකර මේදය තැන්පත්වීම වැළකීම 

ඉතින් මේ  ප්‍රතිලාභ ඔබට නිරුවතින් නින්දට යාම මගින් ඉතා  පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන්. නමුත් මෙසේ  උපන් ඇදුමෙන් ඔබට නිදා  ගන්නට හැකියාව තියෙන්නේ ඔබ තනිව වාසය කරන්නේ නම් හෝ විශ්වාසවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් සමඟින් ජීවත් වීමේදී පමණක් නිසා ඒ  පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ඔබ  නින්දෙන් ඇවිදින පුද්ගලයෙක් නම් මේ පුරුද්ද ගැන ඔබට නැවත  සිතා  බලන්නත් වෙන බව මතක තබා ගන්න.