බර වැඩිවීගෙන එන විට කිරි වෙනුවට පානය කර යුතු පාන වර්ග 7ක්

health tips

සිරුරේ තැන්පත් වුණු මේදය දහනය කරගැනීම සඳහා ව්‍යායාම් සහා ආහාර පාලනය කිරීම බොහෝ දෙනා සිදුකරති. මෙම උත්සාහයන් සමඟම ඔබේ සිරුරේ මහත අඩු කරගැනීම වඩාත් කාර්යක්ෂම සහා ප්‍රතිඵලදායි කරගත හැකි උපක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. මෙය ආහාර රටාවටත් සෘජුවම සම්බන්ධ වන දෙයක්. සිරුරේ නීරෝගී බව වගේම ශක්තිමත් බව ආරක්ෂා කරගන්නා අතරේ ඇග හැඩකරගැනීමට ප්‍රයෝජනවත් වන , නිවසේදීම සකස් කර ගත හැකි පාන වර්ග කිහිපයක් පහත දැක්වේ.

  1. වියළි මිදි පානය

ක්‍රමය:

  • වියළි මිදි ග්‍රෑම් 100 ක් පමණ සෝදා පිරිසිදු කර වීදුරු බඳුනකට දමාගන්න.
  • ජලය ලීටර් 2 ක් පමණ දමා වසා තබන්න.
  • සතියකට පසු පෙරාගන්න.
  • පෙරාගත් ප්ලම් පානය ශීතකරණයේ තබන්න. දිනපතා උදෑසන හිස්බඩ මින් වීදුරුවක් පානය කරන්න

ප්‍රතිලාභ:වියළි මිදි සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කරවමින් සිරුරේ බර අඩුවීම වේගවත් කරයි. ඒවායේ විටමින් A, පොටෑසියම්, මැග්නීසියම් සහ යකඩ පෝෂක බහුලව අන්තර්ගත වන නිසා සිරුර මනා හැඩයකින් පවත්වාගැනීමට උපකාර කරයි. දිනකට එක් වීදුරුවකට වඩා පානය නොකල යුතුයි (ප්ලම් වල ප්‍රබල විරේක ගුණ ඇති නිසාවෙනි ).

  1. කුරුඳු+මි පැණි මිශ්‍ර පානය

ක්‍රමය:

  • කාමර උෂ්ණත්වයේ යුතු ජලය වීදුරුවකට මි පැණි මේස හැන්දක් එක් කරගන්න. 
  • එයටම කුරුඳු කුඩු මේස හැඳි 1/2 ක් එක් කරගන්න. හොඳින් කලවම් කරගන්න.
  • සෑම දිනකම උදැසන හිස්බඩ මේ ආකාරයෙන් සාදාහත් විදුරුවක් පානය කරන්න.

ප්‍රතිලාභ: කුරුඳු වල ගුණ මඟින් රුධිරයේ සීනි මට්ටම් පහළ දැමීම සිදුකරන අතර ජීර්ණ ක්‍රියාවලියට උපරිමයෙන් දායක විම සහ සිරුරේ පරිවෘත්තිය වැඩිදියුණු කිරීම ද සිදුකරයි. සීනි වෙනුවට මී පැණි ආදේශකයක් ලෙස භාවිතා කිරීමෙන් සිරුරේ බර වැඩි වීම වළක්වාගත හැකි බව විද්‍යාඥයින් පවසති.

  1. තිරිඟු පියලි පානය

ක්‍රමය:

  • ජීවාණුහරණය කල ලීටර් 1 කේ වීදුරු බෝතලයක 1/4 ක් පිරෙන සේ තිරිඟු පියලි (ජනක) පුරවාගන්න.
  • ඉතිරිය ජලයෙන් පුරවාගන්න.
  • වීදුරුවේ කට ගෝස් කැබැල්ලක් තදින් ආවරණය කර මූඩියෙන් වසා තබා දින දෙකකට පසු පෙරාගන්න.
  • හිරු එලියට නිරාවරණය නොවන තැනක මෙය තබන්න. 
  • ආහාර ගැනීමට පෙර මෙම පානයෙන් මි.ලී.150 ක් පමණ පානය කරන්න.
  • පානය මඩ පැහැයෙන් යුතුවීම පදම වන අතර කැමති නම් සියුම් පැඟිරි රසයක් ඊට මුසු කර පානය කරන්න.

ප්‍රතිලාභ: මෙම පානය සිරුරේ පරිවෘත්තිය වැඩිදියුණු කරයි. ආහාර ජිර්ණ ක්‍රියාවලියට දායක වෙමින් සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කරවයි. සිරුරේ විෂහරණය කරන ආහාර වේලක් සමඟ මෙම පානය සුසංයෝගයක් ලෙස භාවිතා කල හැකි නම් ඔබට වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකියි.

  1. ලෙමන්+ ඉඟුරු මිශ්‍ර පානය

ක්‍රමය:

  • ජලය පුරවාගත් වීදුරුවකට ලෙමන් ගෙඩි බාගයක යුෂ මිරිකාගන්න.
  • ඉඟුරු අල බාගයක් පමණ ග්‍රේට් කරගෙන ඊට එක්කරගන්න. හොඳින් කලවම් කරන්න.
  • මෙම පානය දිනපතා උදැසන පානය කරන්න.

ප්‍රතිලාභ:

පෝෂණවේදීන්ගේ අදහස් වලට අනුව ඉඟුරු යනු සිරුරේ බර අඩුකරවා ගැනීමට ඇති හොඳම ඖෂධයක් බවයි. ඉඟුරු වල ඇති ගුණ මඟින් ආමාශයේ ඉදිමුම් ස්වභාවය සමනය කිරීම, සිරුරේ අතිරික්ත ජලය සිරුරෙන් බැහැර කරවීම සඳහා දායක වේ. ලෙමන් වල ගුණ මඟින් ආහාර ජිර්ණ ක්‍රියාවලිය මැනවින් පාලනය කිරීම සහ වකුගඩු උත්තේජනය කරමින්  සිරුරේ ඇති විෂ අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීමේ ක්‍රියාවලියට සහය දක්වයි

  1. ඩැන්ඩේලියන් තේ

ක්‍රමය:

  • ලීටර් 1 ක වීදුරු බෝතලයක් ගෙන එයට කොළ ඉවත්කර පිරිසිදුකරගත් ඩැන්ඩේලියන් මල් පුරවාගන්න.
  • එයට උණු ජලය වත්කරගන්න.
  • මි පැණි හැඳි කිහිපයක් දමා කලවම් කරගන්න.
  • පැය 4 ක් පමණ ශීතකරණයේ තබන්න. පසුව මෙම පානය පෙරාගන්න.
  • තේ වෙනුවට මෙය පානය කරන්න.

ප්‍රතිලාභ:නීරෝගි ආහාර රටාවක් අනුගමනය කිරීම ඔබේ අදහස නම් මේ පාන වර්ගයත් එහි කොටසක් කරගන්න. ඩැන්ඩේලියන් තේ පානය සිරුරට හානිකර විෂ ද්‍රව්‍ය ඉක්මනින් ඉවත්කර දමමින් ආහාර පාලනයෙන් සිරුරට ලැබෙන බලපෑම් උපරිම කරවයි. මෙය මූත්‍රාවර්ධක පානයක් බැවින් දිනකට එක් කෝප්පයක් බැගින් පානය කරන්න.

  1. අන්නාසි යුෂ

ක්‍රමය:

  • ඉදුණු අන්නාසි ගෙඩියක් පොතු ඉවත්කරගෙන ජූස් ස්ක්වීසර් උපකරණයකින් හෝ බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් යුෂ ලබාගන්න.
  • එයට ජලය දමා සාන්ද්‍රණය අඩුකරගනිමින් පානය කරන්න.

ප්‍රතිලාභ:

මෙම පානය විටමින් C වලින් අනූනය. එමඟින් සිරුරේ අතිරික්ත ජලය සිරුරෙන් බැහැර කිරිමට උපකාර කරයි. මේද වලට වඩා අධික ලෙස තරල තැන්පත් වීම බර වැඩිවීමට හේතුවක් වේ.

  1. ලෙමන්+පිපිඤ්ඤා+ඉඟුරු+මින්ට් මිශ්‍ර පානය

ක්‍රමය:

  • ජලය ලිටර් 2 පමණ සූදානම් කරගන්න.
  • එයට ලෙමන් ගෙඩියක යුෂ මිරිකාගන්න.
  • පිපිඤ්ඤා ගෙඩියක් කුඩා කැබලි ලෙස කපා ඊට එක්කරගන්න
  • වියළි ඉඟුරු කුඩු ස්වල්පයක් එක්කරගන්න.
  • මින්ට් කොළ 10 ක් පමණ එක්කරගන්න.
  • මෙම පානය කලවම් කර පැය 15 ක් පමණ ශීතකරණයේ තබන්න.
  • දින 4 ක් පුරාවට දිනකට වීදුරු 8 බැගින් පානය කරන්න (දිනකට කිලෝ කැලරි 1400 කට වඩා පරිබෝජනය නොකල යුතුයි).

ප්‍රතිලාභ: බර අඩුකරගැනීමට ඇති හොඳම ක්‍රමයක් ලෙස මෙම පානය ඉතා ප්‍රචලිතය. මේද කොටස් ඉතා ඉක්මනින් ඛණ්ඩනය කිරීමට උපකාර කරන පානයක් ලෙසත් හැඳින්විය අහෙකියි. එමෙන්ම බඩපිපුම වළක්වමින් බඩේ ඉදිමුන් ස්වභාවය සමනය කරයි. මෙම පාන වර්ග ලබාගන්නා අතරේ ඔබ අනුභව කර ආහාර වර්ග ගැන ද සැලකිලිමත් වන්න. නැතිනම් දහනය වන වේගයෙන්ම ඔබේ සිරුරේ බර වැඩිවීම සිදුවිය හැකියි!