ඉක්මණින් කිලෝ 10ක් අඩු කරගන්න රාත්‍රී නින්දට පෙර පානය කර යුතු ස්වභාවික පානයක්

health tips

ශරීරයේ සුන්දරත්වය ගැන සැළකිලිමත් වන බෝහෝමයක් දෙනෙකුට පවතින ප්‍රධාන ගැටලුවක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම කියන්නේ. බඩ අඩු කර ගැනීම සදහා බෝහෝමයක් දෙනා නොයෙකුත් පාන වර්ග, ඖෂධ ලබා ගැනීම මෙන්ම නොයෙකුත් ශාරීරික ව්‍යායාම හා ක්‍රියාකාරකම්වල නිරත වේ. නමුත් ඉතා පහසුවෙන් බඩ අඩු කර ගැනීම සදහා අපට නිවසේදී සකසා භාවිත කළ හැකි පානයක් පවතී. එනම් එම පානය සුළු වේලාවකින් සකස් කර ගත හැකිය.  සියයට සීයක් ස්වාභාවික පානයක් වන මෙය ලොව පුරා බෝහෝමයක් දෙනෙකුට ශරීරයේ බර අඩු කර ගැනීම සදහා උපකාරී වී තිබේ. මෙම පානය සකසා රාත්‍රි කාලයේ පානය කර පසු දින මිනිත්තු තිහක් පමණ එකම වේගයකින් කිසියම් ක්‍රියාකාරකමක් හෝ ව්‍යායාමයක් සිදු කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රථිඵල ඔබට ලබා ගත හැකිය.මෙම ස්වාභාවික රාත්‍රි පානය සකස් කර ගැනීම සදහා,

  • මධ්‍යම ප්‍රමාණයේ දෙහි ගෙඩියක් 
  • මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක් 
  • ඉගුරු මේස හැන්දක් 
  • සූරා ගත් කෝමාරිකා මද මේස හැන්දක් 
  • පාර්ස්ලි හා කොත්තමල්ලි කොළ මිටක් 
  • වතුර වීදූරු භාගයක් පමණ

ගෙන සියල්ල බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් හොඳින් අඹරා සෑම දිනකම නින්දට පෙර මෙම යුෂ වීදුරුවක් පානය කිරීම සිදු කළ යුතුය. 

පානයේ ඇති වැදගත්කම රාත්‍රි නින්දට පෙර මෙම පානය භාවිත කිරීමෙන් ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේද තට්ටු දිය වී යනු ලබයි. මේදය තැන්පත් වීම නිසා ඉදිරියට නෙරා විත් ඇති බඩ අඩු කර ගැනීම මෙම පානය වඩාත් උපකාරී වේ. අප නින්දට යන විට ශරීරය තුළ මේද දහන ක්‍රියාවලිය මන්දගාමීවේ. නමුත් මෙම ස්වාභාවික රාත්‍රි පානය මගින් අප නින්දට ගිය පසුවද මේද දහන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබයි. මෙම පානය සැකසීම සදහා යොදා ගනු ලබන දෑ මගින් අප ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කිරීම මේ සඳහා හේතුවනු ලැබේ. 

පානය සැකසීම සදහා භාවිත කරන ද්‍රව්‍යයන්හි ගුණ 

  • පිපිඤ්ඤා පිපිඤ්ඤාවල අන්තර්ගත ශීත ගුණය නිසා රසවත් බවක් මෙම පානයට එකතු කරනු ලබයි. අපගේ ශරීරයේ මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පිපිඤ්ඤා බොහෝ සෙයින් උපකාරී වේ. මේ සදහා පිපිඤ්ඤාවල අන්තර්ගත තන්තු, ජලය හේතූ වේ. බෝහෝමයක් දෙනා ශරීරයේ බර අඩු කර ගැනීම සදහා භාවිත කරන ආහාර පාලන වට්ටෝරු වල  පිපිඤ්ඤා අන්තර්ගත වේ. පිපිඤ්ඤාවල අන්තර්ගත කැලරි ප්‍රමාණය 45කි. 
  • ඉගුරු ශරීරයේ බර අඩු කර ගැනීම සදහා ඉගුරු ද බෝහෝමයක් දෙනෙකු භාවිත කරනු ලබයි. ඉගුරු පරිවෘත්තිය ක්‍රියාවලිය පාලනය කරමින් මලබද්ධය ද සුවපත් කරයි. අප නින්දට ගිය විට ශරීරයේ මේදය දහන ක්‍රියාවලිය නොකඩවා සිදු කිරීමට ශරීරයට උත්තේජනය සැපයීම ඉගුරු මගින් සිදු කරනු ලබයි. 
  • දෙහි යුෂ අප ගනු ලබන ආහාරවල අන්තර්ගත ටොක්සීන් එනම් විෂ සංඝටක දීර්ඝ කාලයක් තිස්සේ ශරීරය තුළ විශාල වශයෙන් තැන්පත් වීම සිදු වේ. මෙලෙස තැන්පත්වන විෂ හරණය කිරීමට දෙහි යුෂ භාවිත කරනු ලබයි. දෙහි යුෂ මගින් තැන්පත් වී ඇති විෂ ඉවත් කළ විට පුද්ගලයාට ඉමහත් සහනයක් දැනේ. බෝහෝ සෙයින් ශරීරයේ බර අඩු කර ගැනීම සදහා ද දෙහි පානය සදහා එක් කර ගැනීම වටී. 
  • කෝමාරිකා මෙම පානය සැකසීමේ දී අප කෝමාරිකා මදය භාවිත කරයි. පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කර මේද දහන ක්‍රියාවලිය වේගවත් කිරීමට කෝමාරිකාවලට හැකියාව පවතී. කෝමාරිකාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය පිළිකා ඇති කරන නිදහස් අණු නිර්මාණය වීම ද වළක්වනු ලබයි. එනිසා ශරීරය අනවශ්‍ය ලෙස ඉදිමීම හා පුරවා දැමීම සුව කරයි. 
  • පාර්ස්ලි හා කොත්තමල්ලි ශරීරයේ පිරි පවතින අනවශ්‍ය දියර මෙමගින් ඉවත් කිරීම සිදු වේ. එනිසා ඉදිරියට නෙරා පිම්බී ඇති උදරය ඉක්මනින් පෙතලි කර ගැනීමට හැකියාව ලැබේ.කැලරි දහනය කිරීමට ඉතා වැදගත් ද්‍රව්‍ය දෙකක් ලෙස මේවා හදුනා ගත හැකිය. කොත්තමල්ලි හා පාර්ස්ලි ප්‍රතිඔක්සිකාරක ගුණ හා ඛනිජ ලවණ ,විටමින් යනාදීයෙන් පොහොසත් වේ. 

මේ සියලු ස්වාභාවික ද්‍රව්‍ය යොදා සකසන මෙම බඩ අඩු කරන සුවිශේෂී පානය ගුණාත්මක බවින්ද පිරිපුන් වේ. ශරීරයට අහිතකර කිසිවක් එහි අන්තර්ගත නොවේ. නියමාකාරයෙන් මෙම පානය රාත්‍රි නින්දට පෙර දින තිහක් පමණ පානය කිරීමෙන් ඉදිරියට නෙරා ඇති බඩක් නොමැති සිහින් සිරුරක හිමිකරුවෙක් වීමට ඔබටත් හැකියාව ලැබේ. කෘත්‍රීම ද්‍රව්‍ය භාවිත කර තම සුන්දරත්වය රැක ගැනීමට උත්සාහ කිරීමට වඩා ස්වාභාවික දේවල් ඒ සදහා භාවිතය වඩාත් හිතකර වේ.