ශරීරයේ බර අඩු කරන කස කසා ඇට පානය

health tips

වර්තමානය වන විට බොහෝ සෙයින් ප්‍රචලිත කස කසා ඇට යනු ඖෂධීය ගුණයෙන් යුතු බීජ නොහොත් ඇට වර්ගයකි. එනම් කුෂ් කුෂ්,බැසිල් බීජ, තුල්සි ඇට, යනාදී වශයෙන් කස කසා ඇට විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ. එනම් පානයක් ලෙස කස කසා ඇට වඩාත් ප්‍රචලිත වන අතර ජෙලි,පුඩින් වර්ග, සලාද වර්ග සැරසීම සඳහාද  කස කසා ඇට හෙවත් බැසිල් ඇට භාවිත කළ හැකිය.කස කසා වර්ග දෙකක් පවතී. එනම් සුදු හා නිල් පැහැයෙන් එම වර්ග දෙක හඳුනාගත හැකිය.

එනම් කස කසා ඇට භාවිතයට ගැනීමට ප්‍රථමව ජලයේ පෙඟෙන්නට හැරිය යුතුය. එවිට කස කසා ඇට ජලයෙහි තම්බන ලද සව් ඇට මෙන් විනිවිද පෙනේ. එමෙන්ම මෙහි ප්‍රමාණයද යම් තරමකින් විශාලවේ. මෙසේ පානයක් ලෙස සකස් කර කස කසා ඇට භාවිතා කිරීමෙන් එහි පවතින පෝෂ්‍ය ගුණයෙන්ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් ප්‍රෝටීන්, විටමින්, කැලරි, මැග්නීසියම්, කොලෙස්ටරෝල් රහිත මේදය, පෝලේට්,යකඩ, කැල්සියම්,නියසින්… ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් කස කසා ඇටවල අඩංගුවේ.

කස කසා ඇට පානය සකස් කර ගන්නා ආකාරය.කස කසා ඇට ආයුර්වේදයේ ඕනෑම වෙළඳසැලකින් මිලදී ගත හැකිය. එනම් මේ සඳහා කස කසා ඇට ස්වල්පයක් ගෙන සෝදා පිරිසිදු වතුර වීදුරුවකට දමා පැයක් පමණ පෙඟෙන්නට තබා හොඳින් බ්ලෙන්ඩර් කර ඊට දෙහි යුෂ ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කළ හැකිය.

කස කසා ඇට පානයේ ඖෂධීය ගුණ

මළබද්දය සමනය කරනු ලැබේ.මළබද්දය හෙවත් මළ වේලී මළ පිටකිරීමට අපහසු වීමේ තත්ත්වයෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එනම් මෙම තත්වය ඇතිවීමට බලපාන ප්‍රබල හේතුව වන්නේ අප ගනු ලබන ආහාර රටාව හා අප ගතකරන ජීවන රටාවයි. එනම් තන්තු අවම ජලය රහිත ආහාර පාන භාවිතා කිරීම මගින් මෙම රෝග තත්ත්වය ඇතිවේ. මෙම රෝග තත්ත්වය සමනය කිරීම සඳහා කස කසා ඇට භාවිතය ගුණදායකය. එනම් එහි අඩංගු තන්තු මගින් මළ බද්දය සමනය කිරීම සිදු කරනු ලැබේ.

ශරීරයේ බර පාලනය කරයි.බොහෝ දෙනෙකුට ගැටලුවක් ලෙස පවතින ශරීරයේ බර පාලනය කිරීම සඳහා කස කසා ඇට භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කස කසා ඇට පානය දිනපතා සකස් කර භාවිතා කිරීම ගුණදායකය.

මානසික ආතතිය සමනය කරයි.අද අප ගෙවනු ලබන කාර්යබහුල ජීවන රටාව සමඟ මානසික රෝග තත්ත්වයන් නිරතුරුව ඇතිවේ. එනම් මානසික ආතතියම තත්වය බොහෝ දෙනෙකුට පවතී. එනම් මෙසේ මානසික ආතතිය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ශරීරයේ කෝටිසෝල් හෝමෝනය ඉහළ යාමයි. නමුදු මේ සදහා කස කසා ඇට පානය භාවිතා කරන්නේ නම් එම හෝමෝනය වර්ධනය අඩාල කර ගත හැකිය. එනම් ඉන් මානසික රෝග ඇති වීම වලක්වා ගත හැකිය.  

පිළිකා ඇතිවීම වළකවයි.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව ඇතිවන පිළිකා රෝග ඇතිවීම වැළැක්වීමට මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කිරීම සඳහා  කස කසා ඇට පානය ගුණදායකය.එනම් කස කසා ඇටවල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා ඇති කරන සෛල විනාශ කර පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.

ආහාර ජීර්ණය පහසු කරයි.ආහාර ජීර්ණය නොවුණ විට නොයෙක් රෝග තත්වයන් ඇතිවේ. එම තත්ත්වය මගහරවා ආහාර හොඳින් ජීර්ණය කිරීමට මෙන්ම කුසගිනි වර්ධනය කිරීමට කස කසා ඇට පානය කිරීම ගුණදායකය. එනම් කස කසා ඇට පානයක් ලෙස භාවිතා කිරීමෙන් එහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයන්ගෙන්ද ආරක්ෂා කරනු ලැබේ.

අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනා තත්වයන් සමනය කරයි.වයස් ගත වීමත් සමග ගැහැණු පිරිමි දෙපක්ෂයටම අස්ථි දුර්වලතා ඇතිවේ. ඊට අමතරව ආර්තවයෙන් පසුව  කාන්තාවන්ට ඇතිවන සන්ධි ආශ්‍රිත රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා ද කස කසා ඇට පානය භාවිතා කිරීම ගුණදායකවේ.

තුවාල සමනය කරයි.එනම් සම මත ඇතිවන ලප කැලැල්,තුවාල සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස කස කසා ඇට පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් එමගින් එම තුවාල ඉක්මනින් සුව කරගෙන සම පැහැපත් කර ගත හැකිය.

ශරීරය සිසිල් කරයි.කස කසා ඇට පානයක් ලෙස භාවිතා කිරීම මගින් උෂ්ණාධික ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගත හැකිය. එමෙන්ම උෂ්ණය නිසා ශරීරයේ ඇතිවන තුවාල,මුඛය ආශ්‍රිත ඇතිවන තුවාල සමනය කිරීම සඳහා කස කසා ඇට පානය භාවිතා කිරීම වඩාත් ගුණදායකය.

රක්ත හීනතාවය සමනය කරනු ලැබේ.රුධිර ගත හිමොග්ලොබින් ප්‍රමාණය අවම වූ විට රක්තහීනතාවය ඇතිවේ. එනම් අප ගනු ලබන ආහාර වල යකඩ අවම වීම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇතිවනු ලැබේ. මෙය සමනය කිරීම සඳහා යකඩ අඩංගු ආහාර පාන භාවිතා කළ යුතුය. එනම් මේ සඳහා කස කසා ඇට පානය භාවිතා කළ හැකිය. එනම් කස කසා ඇට පානය කිරීමෙන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය කර රක්තහිනතාවය සමනය කිරීම සිදුකරනු ලැබේ.

කාන්තාවන්ගේ  ප්‍රජනන පද්ධතිය නිරෝගිමත් කරයි.බොහෝ කාන්තාවන්ට පවතින මදසරුභාවය සමනය කිරීමට මෙන්ම ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා කස කසා ඇට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කස කසා ඇට පානයක් ලෙස භාවිතා කිරීම මගින් එහි පවතින මෙදය කාන්තාවන්ගේ සරු භාවය වර්ධනය කිරීම සිදුකරනු ලැබේ. ඊට අමතරව එහි පවතින මේද කොටස් පැලෝපීය නාල වල පවතින අපද්‍රව්‍ය ඉවත්කර එම නාළවල නීරෝගී බව සඳහා ද හේතුවේ.

  • අර්ශස් රෝගයට
  • හිසකෙස් රෝගයන්ට
  • තයිරොයිඩ් ග්‍රන්ථි ඉදමීම සමනය කිරීමට
  • පුරුෂ ශක්තිය වර්ධනය කිරීමට

මේ ආදී රෝග රැසකට ඖෂධයක් ලෙස කස කසා ඇට පානය භාවිතා කිරීම ගුණදායකය.
නමුදු  කෙතරම් ගුණදායක වුවද කස කසා ඇට පානය මාත්‍රාව ඉක්මවා භාවිතා නොකළ යුතුය.