ආහාර ගැනීමෙන් පසුව උගුරට ඒම, බඩේ මාංශපේශීන් තද වීම ,ඇතැම්විට වමනයට ඔක්කාරයට එන ගතිය, අලසකම හා නිදිමත, සන්ධි වේදනාවක් ඇතිවීම,ආහාර ගැනීමෙන් පසුව ඉතා ඉක්මනින් මළපහ පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම, ආහාර ගැනීමෙන් පසු අධික නිදිමත ගතිය, ජානමය බලපෑමක් නොමැතිව හිටිහැටියේ ඇතිවන දියවැඩියාව, බර අඩු නොවීම, කියන ලක්ෂණයන්ගෙන් කිහිපයකින් හෝ ඔබ පීඩා විදිනවා ඇති. ඉතින් ඒ සියලුම රෝග තත්ත්වයන්ට බලපාන්නේ එකම එක ආහාරයක් බව කිව්වොත් ඇතැම්විට ඔබ විශ්වාස කරන්නේ නැතිවෙන්නට පුළුවන්.
මේ අමුද්‍රව්‍ය අපිට ලැබෙන්නේ බටහිර රටවලින්. නමුත් මෙයට ආසන්න වශයෙන් සමානකම් සහිත දේවල් අපේ ආහාරයේ ඈත අතීතයේ සිටම භාවිතා වුණා. නමුත් එය එතරම් ප්‍රබල නැහැ. මේ ආහාරය මෑතකාලයේ වඩාත් ජනප්‍රිය වුණු නිසා මෙහි නොයෙකුත් වෙනස්කම් කරන්නට පටන් ගත්තා. ඉතින් මේ ආහාරයෙත් අනෙක් ආහාරවලින් ලැබෙන ආකාරයේ කාබෝහයිඩ්රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ ලවණ ලැබෙනවා. නමුත් මේ ආහාරයේ තියෙන එක්තරා ප්‍රෝටීන වර්ගයක් තමයි අපේ ශරීර සෞඛ්‍යයට ඉතා දැඩි ලෙස බලපෑම් කරනු ලබන්නේ.
මේ ප්‍රෝටීනය අනිත් ආහාර වගේම අපේ ආමාශයට ගමන් කිරීමෙන් පසුව ආමාශයේ තියෙන ආමාශයික යුෂ මගින් ජීර්ණය කරනු ලබනවා. ජීර්ණය කළ පසුව ප්‍රෝටීනයක් අපිට ලැබෙන්නේ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියන සංඝටක ලෙසටයි. මේ ඇමයිනෝ අම්ල මගින් මිනිස් ශරීරයේ ඇති සෛල කොටස්, විශේෂ ප්‍රෝටීන කොටස් සියල්ලම ගොඩනගනු ලබනවා. ඉතින් ඒ නිසාම අපේ ශරීරයට මේ ඇමයිනෝ අම්ල ඉතා ප්‍රයෝජනවත් සංඝටකයක්.

ඉතින් අද අපි කතා කරන මේ ආහාරය ජීර්ණයවීමෙන් ඇමයිනෝ අම්ල ලබා ගන්න හැකිද යන්නයි ගැටළුව වන්නේ. මොකද මේ ආහාරයේ ඇති ඇමයිනෝ අම්ල ආමාශයේ ඇති ආමාශයික යුශවලට ජීර්ණය කරගන්නට අපහසුයි. මේ ආහාරයේ ඇති විශේෂ ප්‍රෝටීන වෙනස්කම වන්නේ මේ ආහාරය ආමාශයට ගිය විට එහි ඇති ප්‍රෝටීන කොටස අපේ ආමාශ යුශයට එකවර ජීර්ණය කරගන්නට අපහසුවීමයි. ඒ වගේම සම්පූර්ණ ඇමයිනෝ අම්ල ලැබෙන තුරු මෙය කොටස්වලට වෙන් කරන්නටත් බැහැ. ඒ නිසා මෙහි ඉතිරිවන කොටස් දැඩි ද්‍රව්‍ය විදියට නැත්නම් නොදිරවූ කොටස් විදියට ඉතිරි වෙනවා. මේ ජීර්ණය කරගන්නට නොහැකිව ඉතිරිවන ප්‍රෝටීන කොටස්වල ඇති දැඩිභාවය නිසා අපේ ආහාර මාර්ගය දිගේ ගමන් කරන විට විශේෂයෙන්ම මහා බඩවැල ප්‍රදේශයේ ආහාර අවශෝෂණයේ ප්‍රමාණය වැඩි කරන්නට සකස් වුණු ඉතා සියුම් රැලි වැනි අංගුලිකා හානියට පත් කරනවා. මේ නොදිරවූ ප්‍රෝටීන කොටස් විසින් මේ ඉතා සියුම් අංගුලිකා විනාශ කිරීම එකවර වන සිදුවීමක් නොවන අතර එය දීර්ඝ කාලයක් තිස්සේ නිතරම මේ ආහාරය ගන්නා විට ක්‍රම ක්‍රමයෙන් කාලයක් තිස්සේ මේ අංගුලිකා ප්‍රමාණය විනාශ කරනවා.
මේ අංගුලිකා විනාශයට පත්වූ පසු ගුණාත්මක පෝෂ්‍යදායි ආහාරයක පවතින වැදගත් පෝෂක කොටස් පවා අවශෝෂණය කර ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ආහාරවල ඇති පෝෂක නිසිලෙස අවශෝෂණය නොවීමෙන් ඒවා මල ලෙස බැහැර කරනු ලබනවා. මේ විශේෂ ප්‍රෝටීන වර්ගය තමයි ග්ලූටන් කියන්නේ. මේ ග්ලූටන් කියන ප්‍රෝටීනය ඇති ආහාර වර්ගයෙන් ඇති කරනු ලබන හානිය පිළිබඳව දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාවේ සිටි විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා. මොකද දෙවන ලෝක යුද්ධයෙන් පසුව බහුල ලෙස මේ ආහාරයන් මිනිසුන් ආහාරයට ගත් නිසා මිනිසුන් වැඩි වශයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වුණු නිසා. එයට හේතුව සොයා යද්දි මේ ග්ලූටන් කියන විශේෂ ප්‍රෝටීනය සොයා ගෙන ඇත්තේ 1950 දී මහාචාර්ය W.Dicke විසින්. ඒ නිසා ඔවුන් මේ ග්ලූටන් නැති ආහාර වට්ටෝරු සකසන්නට පටන් ගත්තා.

ඉතින් ලෙඩ බොහොමයට හේතුවන මේ ග්ලූටන් වැඩි වශයෙන් පිරිසිදු කළ පිටි හෙවත් තිරිඟු පිටිවල අඩංගු වෙනවා. අද අපි සැමදෙනාම මේ තිරිඟු පිටි යොදා සකස් කළ ආහාර වර්ග කොතරම් ලබා ගන්නවා ද. නොයෙක් හැඩවලින් නොයෙක් රසයෙන් නොයෙක් ආකාරයෙන් දිගින් දිගටම මේ ආහාරය ලබාගන්නවා. මේ තිරිඟු පිටිවල ඇති විෂ සහිත ග්ලූටන් නිසා සිරුරට ඇතිවන අහිතකර තත්ත්වයන් බොහොමයි.
- ඇතැම් විට මේ ආහාරයේ ඇති ග්ලූටන් නොදිරවූ කොටස් ලෙස රුධිරයට අවශෝෂණය කරගනු ලබනවා. එමගින් විවිධ ආසාත්මිකතාවයන් ඇති කරනු ලබනවා.
- සමේ කැසීම් ඇතිවීම
- සමේ බිබිලි ඇතිවීම්
- හුස්ම ගැනීමේ අපහසුතා
- ග්ලූටන් කියන රසායනික සංඝටකය සමඟ සොලුයීන් කියන රසායනික සංඝටකයත් ශරීර අභ්‍යන්තරයේ හට ගැනීමෙන් ඒ සොනීලීන් කියන සංඝටකය මිනිසාගේ ආහාර මාර්ගයේ තැන් රුධිර වාහිනීවල ඇති අවශෝෂණ හැකියාව අඩුකරනවා.
- ග්ලූටන් අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛලවට හානි කරනු ලබනවා. එය ජානමය සාධකවලින් තොරව වැළදෙන දියවැඩියාවට හේතුවක්.
- පාන් පිටිවලින් සකස් කළ ගැඹුරු තෙලේ බඳින ලද ආහාරවල ග්ලූටන් සහ වෙනත් සංඝටක කිහිපයක් එකතුකරලා ඉතා විෂ සංඝටකයක් වන ඇක්‍රිලමයිඩ් සංඝටකය නිපදවනවා. මෙය පිළිකා කාරකයක්. ඒ නිසාම කිසිදු ජාන සම්බන්ධයක් නැති පිළිකා රෝගයකට මේ ග්ලූටන් හේතුවක්.

- ආතරයිටීස් ආදී රෝග තත්ත්වයන් ඇති කිරීම
- ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන්නට බලපානු ලබනවා.
අද අපේ රටේ ජනතාවගෙන් මේ කාරණාවන් පිළිබඳව දැනුවත්ව සිටින්නේ අවම පිරිසක් පමණයි. කොහොමවුණත් එදා මේ ආහාරවල මේ විෂ සංයෝග අඩංගු නොවුණත් අද බොහෝසෙයින් තිරිඟු පිටිවල මේ ග්ලූටන් අන්තර්ගත වෙනවා. ඒ හැරුණාම සෝස් වර්ග,දත් බෙහෙත්,පැණිබීම,මුද්දර හා ලියුම් කවර මැලියම් අදී අපි නොසිතනා බොහෝ ස්ථානවලත් මේ ග්ලූටන් සැඟවී පවතිනවා.
මේ තත්ත්වයෙන් වැළකෙන්නට ග්ලූටන් කියන රසායන සංයෝගය අඩංගු නොවන බත් පරිභෝජනය ඉතා වැදගත්. රතු හාල් ඇතුළු දේශීය සහල් වල මේ ග්ලූටන් සංඝටක අඩංගු වෙන්නේ නැහැ. මේ තිරිඟු පිටිවලින් සකස් කළ ආහාරවලින් වැළකීමෙන් ලෙඩ රෝග බොහොමයකින් වැළකී සිටින්නට ඔබට හැකියාව තියෙනවා.