මේවගේ කෙසෙල් ආහරයට ගැනීමෙන් ඔබට සිදුවෙන දේවල් 7 ක්

health tips

කෙසෙල් කියන්නේ බොහෝ දෙනා කැමති රසවත් වගේම ගුණදායි පලතුරක්. කෙසෙල් වල අපේ සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂක බහුලයි. ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරවන ඉහළ මට්ටමේ තන්තු අන්තර්ගතයක් ද තිබෙයි. මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක තන්තු ග්‍රෑම් 3ක් පමණ අඩංගුයි.තන්තු නිසා වැඩි කාලයක් බඩපිරී පවතියි.එම නිසා නිතර නිතර බඩගිනි ඇතිනොවෙයි.කෙසෙල් පලතුරක් ලෙස, සලාද හෝ ස්මූති ලෙස සකසා ආහාරයට ගත හැකියි.

කෙසෙල් වල හොඳ පොටෑසියම් අන්තර්ගතයක් ද තිබෙයි.රුධිර පීඩනය නියාමනයට මෙන්ම වකුගඩු ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමට ද මෙම ඛනිජ ලවණය ඉතා වැදගත්.කෙසෙල් වල මැග්නීසියම් ද අඩංගු නිසා හෘද රෝග මෙන්ම දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝග අවදානමෙන් ද ආරක්ෂා විය හැකියි.දියවැඩියාවෙන් පෙළෙන අයට ද කෙසෙල් හිතකර ආහාරයක්.මධ්‍යස්ථ ප්‍රමාණයකින් ආහාරයට ගැනීමට සැලකිලිමත්වීම ඉතා වැදගත්.පිෂ්ටය සහ සීනි අතින් ඉහළ මට්ටමක් ගත්ත ද කෙසෙල් වල ඇත්තේ අඩු ග්ලයිසමික් දර්ශකයකි (මෙම දර්ශකය ආහාර ගැනීමෙන් පසු ඉන් රුධිර සීනි මට්ටම් කොතරම් ඉහළ යන්නේ දැයි පෙන්නුම් කරයි). කෙසෙල් කිරි (latex) ඇතැම් අයට ආසාත්මික විය හැකියි.

ඉදුණු කෙසෙල් වල රසය වැඩියි. ඇතැම් අය එතරම්ම ඉදී නැති කොළ පාට තත්වයේ තියෙද්දී කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීමට කැමතියි.ඕනෑවටත් වඩා ඉදුණු පොත්ත දුඹුරට හැරුණු ගෙඩි ආහාරයට ගන්නයි තවත් සමහරු කැමති.කෙසෙල් වල රසය ගැන විතරක්ම නෙවෙයි අපි ඒවයේ ගුණය වගේම අපේ සෞඛ්‍යයට හිතකර අහිතකර බව ගැනත් සිතන්නට අවශ්‍යයි. එහෙනම් ආහාරයට ගැනීමට සුදුසු කුමන තත්වයේ තියෙන කෙසෙල් ගෙඩි ද කියලයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

  1. කොළ (අමු) කෙසෙල් මේවායේ ප්‍රතිරෝධක පිෂ්ටය අඩංගුයි. ඒවා මඟින් රුධිර සීනි මට්ටම් නියාමනයට සහය දී ඔබ තුළ දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කරයි.අමු කෙසෙල් වල ඉහළ තන්තු අන්තර්ගතයක් තිබෙයි.තන්තු වැඩි නිසා ආහාරයට ගත් පසු බඩ පිරෙයි. එවිට නිතර බඩගිනි නොදැනෙයි.කාලයක් යන විට සිරුරේ බර අඩුවී යයි.කෙසෙල් අඩුම ග්ලයිසමික් දර්ශකයක් පෙන්වන්නේ මෙම අවධියේදීයි.රුධිර සීනි මට්ටම් පාලනයකින් තබාගත යුතු වන අයට මෙම කෙසෙක් ඉතා ගුණදායීය.
  1. කහ කෙසෙල් බොහෝ දෙනා මේ තත්වයෙන් ඇති කෙසෙල් ආහාරයට ගැනීමට වඩාත් ප්‍රියකරති.මේවායේ ප්‍රතිඔක්සිකාරක බහුලයි.ඒවා මඟින් සිරුර ලෙඩ වීම අවම කර නීරෝගි කරයි.කහ කෙසෙල් වල ඩොපමයින් නම් ප්‍රතිඔක්සිකාරකය අඩංගුයි.මේවා පුද්ගලයා තුළ හෘද රෝග අවදානම් ඇතිවීම අවම කිරීමට සහය දෙයි.සිරුර තුළ පරිහාණී රෝග ඇතිවීම ද අවම කරයි.
  1. දුඹුරු ලප සහිත කහ කෙසෙල් මෙවැනි තත්වයේ කෙසෙල් ඇතැම් අය කසල ගොඩට බැහැර කරනව.නමුත් එසේ කරන්න එපා. මේ තත්වයට ඉදුණු කෙසෙල් ඊට පෙර අවධි වලදී තරම්ම සෞඛ්‍යාරක්ෂිත නොමැති වුණත් ඒවායේ වැදගත් ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා.කහ කෙසෙල් වලට වඩා මේවා අධික ලෙස පැණි රසයි.ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වාදී තිබෙන ආකාරයට අනුව දුඹුරු ලප සහිත කහ කෙසෙල් සිරුරේ පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමට සහය වෙයි.Tumor Necrosis Factor (TMF) නම් අසාමාන්‍ය සෛල හා පටක ක්ෂය කරදැමීමේ සාධක කොළ කෙසෙල් වලට වඩා 8 ගුණයකටත් වැඩියෙන් මෙම කෙසෙල් වල අඩංගියි. ඒවා මඟින් පිළිකා සෛල නැසීම ද සිදුකරයි. එමෙන්ම සිරුරේ ආසාදිත ප්‍රදේශ වෙත සුදු රුධිරාණු මෙහෙයවීම මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රතිලාභ දෙයි.
  1. දුඹුරු කෙසෙල් පොත්ත දුඹුරු වූ කෙසෙල් ද අහිතකර නැත.මේවායේ පොටෑසියම් මට්ටම ඉතා ඉහළයි.එම නිසා ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආබාධ වර්ධනය වීමේ අවදානම වළක්වාගැනීමට හොඳ සහයක් ලැබෙයි.මේ තරමට ඉදුණු කෙසෙල් වල ‘ට්‍රිප්ටොෆන්’ නම් ඇමයිනෝ අම්ලය අඩංගුයි.මනෝභාවය (mood) පාලනය කිරීම සහ විශාදයීය හා කාංසා ලක්ෂණ සමනය කිරීම සඳහා මෙම අම්ල උපකාර කරයි.මේවා ජීර්ණය කිරීමට ද ඉතා පහසුයි.ජීර්ණ මාර්ගයේ ගැටලු වළින් පෙළෙන අයට මෙම තත්වයේ කෙසෙල් හොඳ අතුරු ආහාරයකි.මෙම තත්වයේ කෙසෙල් එලිමහනට නිරාවරණය වී තියෙන තරමට ඒවායේ පෝෂණ මට්ටම වේගයෙන් අඩුවී යන බව සඳහන්.එම නිසා පොත්ත දුඹුරු වු කෙසෙල් ශීතකරණයේ තැබීම වඩාත් සුදුසුයි.

කෙසෙල් වලින් ලැබෙන තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ගැනයි මේ.

  • ප්‍රීබයෝටික් පෝෂණය අඩංගුයි අමු කෙසෙල් වල අඩංගු ප්‍රතිරෝධක පිෂ්ටය ප්‍රීබයෝටික් පෝෂක ලෙස සිරුර තුළ ක්‍රියාකරයි.මේවා ජීර්ණ ක්‍රියාවලියට ලක්නොවන අතර මහ බඩවැලට ඇතුළු වෙයි.එහි ඇති හිතකර බැක්ටීරියාවන්ට ආහාරයක් වෙයි.ආහාර ජීර්ණයට වැදගත් වන හිතකර බැක්ටීරියා වර්ධනය වීමට මේවා සහය වෙයි.
  • මලබද්ධය දුරුකරයි- බඩවැල් පිළිකා අවදානම අඩුකරයි කෙසෙල් වල පෙක්ටීන් නම් විශේෂ තන්තු අඩංගුයි.ඉදුණු හා අමු කෙසෙල් දෙවර්ගයේම මේවා අඩංගු නිසා ඒවායින් මල ද්‍රව්‍ය මෘදු කර මලබද්ධය වළකයි.කෙසෙල් වල බඩවැල් ආශ්‍රිත පිළිකා වර්ධනය වීමේ අවදානම අවම කිරීමේ හැකියාව ඇති බව ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වාදෙනවා.
  • බර අඩුකරයි බර අඩුකරගන්න උත්සහ කරන අයට කෙසෙල් කියන්නේ හොඳ සෞඛ්‍යාරක්ෂිත අතුරු ආහාරයක්.මේවායේ කැලරි අඩුයි. ඒවගේම පෝෂක හා තන්තු ඉහළයි.සාමාන්‍ය කෙසෙල් ගෙඩියකින් සිරුරට කැලරි 100ක පෝෂණයක් ලැබෙයි.බඩ පිරෙන නිසා ආහාර රුචිය අනවශ්‍ය ලෙස වැඩිනොවෙයි.තන්තු බහුල නිසා බර අඩුකරගෙනීමට හොඳ සහයක් ලබාදෙයි. මේ සඳහා අමු කෙසෙල් වඩාත් සුදුසුයි. ප්‍රතිරෝධක පිෂ්ටය බහුල නිසා සිරුරේ මේද දහනය වැඩිකිරීමට ඒවාට හැකියි.
  • මැග්නීසියම් අන්තර්ගතය කෙසෙල් වල මැග්නීසියම් අඩංගු නිසා අධි රුධිර පීඩනය සහ හෘද රෝග ඇතිවීමේ අධි අවදානම් අවම කරගැනීමට හොඳ සහයක් ලැබෙයි. මැග්නීසියම් ඌනතාව එවැනි සෞඛ්‍ය ගැටලු වලට හේතුවේ.ආහාර ශක්තිය බවට හැරවීම,ප්‍රෝටීන නිර්මාණයකිරීම,ජාන වල පැවැත්ම සහ පේශී චලන ක්‍රියාකාරීත්වය ඇතුලු සිරුරේ ක්‍රියාකාරීත්වයන් 600කට අධික ප්‍රමාණයක් නිසි ලෙස සිදුවීමට සිරුරට හොඳින් මැග්නීසියම් පෝෂණය ලබාගැනීම වැදගත් වෙයි. මැග්නීසියම් අඩුකම විශාදයීය ලක්ෂණ මතුවීමට හේතුවිය හැකියි.
  • ප්‍රතිඔක්සිකාරක ගුණ අමු හෝ ඉදුණු කෙසෙල් වල ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. මේවා මඟින් සිරුර තුළ හානිකර මුක්තකණ්ඩ වලින් සෛල වලට සිදුවන හානි වළක්වයි.මුක්තකණ්ඩ අධික වීම සිරුරේ පිළිකා වැනි නිදන්ගත රෝග මතුකරයි.
  • අමු කෙසෙල් ආහාරයට ගැනීම රුධිර සීනි මට්ටම් නියාමනයට ගුණදායකයි අමු කෙසෙල් සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව වැඩිදියුණු කරයි.ඉන්සියුලින් ප්‍රතිරෝධය/නොඉවසීම දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැනි නිදන්ගත රෝග වලට ප්‍රධාන හේතුසාධකයකි.සිරුරේ රුධිර සීනි මට්ටම් නියාමනය කරන හෝර්මෝන වල ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ද අමු කෙසෙල් ආහාරයට ගැනීමෙන් ඉහළ යයි.
  • වකුගඩු නීරෝගි කරයි කෙසෙල් වල අඩංගු පොටෑසියම් පෝෂණය වකුගඩු රෝග උඩුදිවීම වළක්වයි.රුධිර පීඩනය අඩු කරමින් මුල් අවදියේ පසුවන වකුගඩු රෝගය උත්සන්න වීම මන්දගාමී කරවන බව පර්යේෂණ මඟින් පෙන්වාදෙයි.අසාධ්‍ය මට්ටමේ වකුගඩු රෝග තත්වයන්ගෙන් පෙළෙන අය පොටෑසියම් පරිභෝජනය අවම කිරීම ඉතා වැදගත්ය. එම නිසා ඔබ යම් වකුගඩු රෝගයකින් පෙළෙන්නේ නම් කෙසෙල් පරිභෝජනය පිළිබඳ ඔබේ වෛද්‍යවරයාගෙන් නිසි උපදෙස් ලබාගන්න.
  • ව්‍යායාම වලින් පසු සිරුර ප්‍රකෘතිමත් කරවන හොඳ අතුරු ආහාරයකි ව්‍යායාම කරන විට දහඩිය සමඟ සෝඩියම්, මැග්නීසියම් වැනි ඉලෙක්ට්‍රොලයිට සිරුරෙන් ඉවත් වී යයි.කෙසෙල් වල අඩංගු මැග්නීසියම් සහ පොටෑසියම් සිරුරේ එම මට්ටම අසමතුලිත වීම වළක්වාගැනීමට යම් සහයක් දෙයි.මේවා අසමතුලිත වීමෙන් කෙණ්ඩා පෙරළීම් සහ පේශී තැලුම් ස්වභාවය වැනි පීඩාකාරී ලක්ෂණ ඇතිවිය හැකියි.යෝගට් සමඟ, සීරියල් සමඟ හෝ ස්මූති එකක් ලෙස සකසා ආහාරයට එක්කරගන්න.බේක් කරන ආහාර වලදී සීනි වෙනුවට ආදේශකයක් ලෙසත් භාවිත කළ හැකියි.