සමේ ඇතිවන කුඩා සුදු පැහැති බිබිලි නැති කරන ක්‍රම 5 ක්

health tips

අලුත උපන් බිලිඳුන් අතරින් 40-50% පමණ පිරිසකගේ පොදුවේ දකින්නට ලැබෙන දෙයක් තමයි සුදු පැහැති කුඩා බිබිලි ස්වභාවයක් මුහුණේ මතුවී තිබීම.මේ තත්වය වැඩිහිටි වියට පත්වන තුරුම කල් පවතින අවස්ථා ද ඇතැම් විට තිබෙන්නට පුළුවන්.හොඳම ආරංචිය තමයි මේ බිබිලි කිසිසේත්ම හානිකර තත්වයක් නොවීම.ඉතින්, මේ වගේ බිබිලි තියෙන අය අනවශ්‍ය ලෙස කලබල වන්නට ඕනෑ නැහැ.

මොනවද මේ පුංචි සුදුපාට බිබිලි?

මෙම සුදු බිබිලි /තිත් ස්වභාවය හඳුන්වන්නේ මිලියා සිස්ට්ස් (Milia cysts) යනුවෙනි. මේවා රාශියක් මතුවීම මිලියා තත්වය යැයි හඳුන්වයි. මේවාට milk spots කියා ද කියනවා. මෙම ගැටිති ස්වභාවය මතුවන්නේ සමට යටින් (ඇතුල් සමේ) කෙරටින් නම් ප්‍රෝටීන තැන්පත්වීම නිසාය.බොහෝ විට මේවා සුදු පැහැයක් ගන්නා අතර ඇතැම් විට කහ පැහැයකට සමානව මතුවී තිබිය හැකියි. ඒවා නළල, කම්මුල්, ඇහිපිය, නාසය සහ නිකට ප්‍රදේශ වල බොහෝ විට මතුවේ. ගොඩක් අය මෙය කුරුලෑ තත්වයක් ලෙසයි සිතන්නේ.නමුත් එය සත්‍යක් නොවේ.ඊට හේතුව ,සාමාන්‍යයෙන් කුරුලෑ ඇතිවන්නේ හෝර්මෝන මූලික වීමෙන් නිසයි.

මෙම සුදු බිබිලි සමේ මතුවන්නේ ඇයි?

මිලියා තත්වය ඇතිවීමට නිශ්චිත හේතුසාධක මොනවාද කියා කිසිවෙක් නොදත්තද,ඊට බලපාන බවට විශ්වාස කෙරෙන පැහැදිලි කිරීම් කිහිපයක්ම තිබෙනවා.ඉන් එකක් තමයි සම හානිවි තිබීම.සමේ අපහසුතා (irritation), අව්වට නිරාවරණය වීම, සම පිලිස්සීම හෝ සමට සැහැල්ලු නොව සම ‍රැකවරණ හා රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය මිලියා තත්වයට තුඬු දිය හැකි බව පෙන්වාදෙනවා. මැරුණු සම එකතුවීම හා සමේ සිදුරු තුළ ඒවා සිරවීම මිලියා තත්වයට තුඬු දිය හැකි තවත් හේතුවකි.අවසාන වශයෙන් ජානමය බලපෑම ද මීට හේතු විය හැකියි. එනම් ජානමය උරුමයෙන් ඔබට මේ තත්වය ඇතිවීමට ඉඩ තිබීමයි.

මේවාට කුමක් කළ යුතුද?

මිලියා තත්වය සම්බන්ධයෙන් ඔබ කිසිවක් කිරීමට අවශ්‍ය නොමැති තරම්ය. ඊට හේතුව නම් මෙය සම්පූර්ණයෙන් අපට කිසිඳු හානියක් ඇතිනොවන තත්වයක් වීමයි.නමුත් ඔබ ඔබේ සුන්දරත්වය ගැන වදවෙන කෙනෙක් නම්, ඔබට අනුගමනය කළ හැකි විසඳුම් කිහිපයක්ම තිබෙනවා.මේ තත්වය වළක්වාගැනීමට භාවිත කරන ක්‍රම සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවට නිශ්චිතව තවමත් සනාථ වී නැති බව ද ඔබ මතක තබාගැනීම මෙහිදී වැදගත් වෙනවා.නමුත් ඔබට ඒවා උත්සහ කර බැලිය හැකියි!

  • සමට තෙතමනය ලබාදී සමට ආරක්ෂාව සලසන්න

සම සඳහා හොඳ සන්ක්‍රීම් එකක් සහ මොයිෂ්චරයිසර් එකක් භාවිත කරන්න.මේවා මඟින් ඔබේ සමට හොඳ ආරක්ෂාවක් සැලසේ.සම මෘදු හා නම්‍යශීලී ස්වභාවයක් ගැනීමට ද ආධාර කරයි.අව්ව අඩු සීත කාල වල පවා සමට සන්ක්‍රීම් එකක් ගැල්වීමට අමතක නොකළ යුතුයි.

  • මැරුණු සම ඉවත්කරන්න (exfoliate)

අනවශ්‍ය ලෙස නිතරම මෙය නොකළ යුතුයි.මෘදු ස්ක්‍රබ් වර්ග භාවිතයට ගන්න.රළු නිෂ්පාදන වලින් ඔබේ සමට හානිවීමට ඇති අවදානම වැඩි අතර ඉන් සමේ බිබිලි මතුවීම තවත් උත්සන්න වීමට ඉඩ තිබේ.නිවසේදී සරල ස්ක්‍රබ් එකක් කිරීමෙන් මුහුණේ මැරුණු සම ඉවත්කරගන්න. නැතිනම් පළපුරුදු අයෙකුගෙන් රූපලාවණ්‍ය සත්කාරයක් සිදුකරගන්න.

  • රෙටිනෝල් අඩංගු සම සඳහා වන නිෂ්පාදන භාවිත කරන්න

රෙටිනෝල් යනු මිලියා තත්වය දුරුවීමට ආධාර කරන අමුද්‍රව්‍යක්.රෙටිනෝල් ක්‍රීම් සමේ මෘදු ස්තරයක් ඇතිකරන අතර විවිධ දෑ සම මත එකතුවීම වළක්වයි.මෘදු රෙටිනෝල් අඩංගු නිෂ්පාදනයක් ‍තෝරාගන්න සැලකිලිමත්වන්න.

  • සැලිසිලික් අම්ලය භාවිත කරන්න

කුරුලෑ තත්වයට ප්‍රතිකාර කිරීමේදී මෙම අම්ල වර්ගය බොහෝ අවස්ථා වල නිර්දේශ කෙරෙනවා.මෙය මිලියා තත්වයට ද හොඳ පිළියමක් විය හැකියි. මේ හරහා සිදුකෙරෙන්නේ සමේ ස්තර තුනී කරවීමයි.එමඟින් මිලියා සිස්ට් ඉවත්කිරීම සිදුකළ හැකියි.නින්දට පෙර සම මත සැලිසිලික් අම්ල ආලේප කරන්න.

*මෙම පිළියම් භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.