වසර 100 වඩා ජිවත්විය හැකි කිරි වෙනුවට පානය කර හැකි තල පානය

health tips

 ලාංකීය අපට කොතරම් පෝෂණීය අගයකින් යුක්ත ස්වභාවික පානයන් ලබා ගන්නට හැකියාව තිබුණත් අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ වස විස එකතු කරපු අපේ ශරීරයට අහිතකර බලපෑම් බොහොමයක් ඇති කරන කිරිපිටි පානය කරන්නට. විවිධ මාධ්‍ය ඔස්සේ කොතරම් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කළත් අවාසනාවකට වගේ ඔවුන්ට මේ පුරුදු අත් හරින්නට නොහැකි වෙලා තියනවා. නමුත් එදා අපේ මුතුන් මිත්තන්  නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වුණේ අද අපිට නැතුවම බැරි කිරිපිටි භාවිතා කරලා නම් නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් හරි අපූරු ගුණයෙන් ඉහළ රසයෙන් අනූන ස්වභාවික පානයන් භාවිතා කළා. ඒ වගේම ඔවුන්ගේ ආහාර පාන කිසිවක්  කෘතිම ඒවා වුණේ නෑ. ඒ සියල්ලම අවට පරිසරයෙන් වස විසෙන් තොරව සපයාගත් ස්වභාවික ආහාර පාන.

නමුත් අනාගතයේදී ආයු කාලය අවුරුදු 35 දක්වා කෙටි කරන්නට තරම් අද අපි ගන්නා මේ වස විස සහිත කෘතීම  ආහාර පාන හේතු වෙලා තියෙන්නවා. ඒ අතරින් කිරි පිටි මූලික වෙනවා. කිරිපිටි නිෂ්පාදනාගාරවලදී මුලින්ම කිරිවල ඇති පෝෂක කොටස් ඉවත් කර ඒ පෝෂණය රහිත කිරිවලට ෆාම් තෙල් ඇතුළු  රසායනික කෘතීම ද්‍රව්‍යයන් එකතු කරනවා. ඒවා  කල්තබා ගැනීම සඳහාත් විවිධ දෑ එකතු කරනවා. ඒ හැරුණාම ප්‍රෝටීන කොටස් ඉවත් කර මෙලස්මයින් යෙදීම, මේදය ඉවත් කර ෆාම් ඔයිල් එකතු කිරීම ආදී බාල ආදේශක එකතු කරනවා. ඉතින් අපේ දේහයට මේ අහිතකර දේවල් ගැනීමෙන් නොදරුවාගෙන් පටන් මහලු වියේ  පුද්ගලයා දක්වා හැමෝම නොයෙකුත් ලෙඩරෝගවලට ගොදුරුවෙලා අකාලයේ මියැදෙනවා

 ඉතින් කිරිපිටි වෙනුවට නිරෝගීව ජිවත් වෙන්නට ඔබටත් අවශ්‍ය නම් කිරිපිටි වෙනුවට දේශීය පානයන්වලට හුරු වෙන්න. බාල මහලු භේදයක් භේදයකින් තොරව හැමෝටම ගුණයක් ලබා දෙන ඉතා ඉහළ පෝෂණ ගුණයකින් සමන්විත එවැනි ස්වභාවික පානයක්  ගැන තමයි අද අපි ඔබට කියන්නට යන්නේ.

 අපේ ශරීරයට විවිධ ඇට වර්ග කොතරම් හිතකර ද කියන කාරණාව අපි හැමෝම දන්නවා. ඒ අතරින් තල ඇට ඔබ අපි හැමෝම හරිම ආසාවෙන් ආහාරයට එක්තු කරගන්න ධාන්‍ය වර්ගයක්. තල විවිධ  ආහාර රසවත් කර ගන්නට නිතරම භාවිතා කරනවා. ඉතින් අපි අද කියන්න යන්නේ මේ තල ඇට භාවිතයෙන් කැල්සියම් බහුල පෝෂණීය පානයක් සකසා ගන්නා ආකාරය පිළිබඳව.

 මුලින්ම මේ තල ඇට අපි ආහාරයට එකතු කර ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා  බලමු.

  • ශරීරය අනවශ්‍ය මේදය දහනය කරනවා. 
  • දියවැඩියාව ළක්වනවා.
  • පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය  ප්‍රවර්ධනය කරනවා.
  • රුධිර පීඩනය අඩු කරනවා.
  • හදවත නිරෝගී කරනවා.
  • පිළිකා සෛල විනාශ කරනවා.
  • කාන්තාවන්ගේ හෝර්මෝන සමබරව පවත්වා ගැනීමට උදව් කරනවා. 
  • අස්ථි ශක්තිමත් කරනවා.
  • මානසික ආතතිය දුරු කරනවා.
  • ඇස් නිරෝගී කරනවා.

මේ පානය සඳහා සීනි භාවිතා කරනවා වෙනුවට අපි රට ඉදි භාවිතා කරන නිසා රටඉදි ගැනත් අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ගුණදායි පළතුරක් වෙන රට ඉදි ආහාරයට ගැනීමෙන් මේ වාසි ලබා ගන්නට පුළුවන්. 

  • අස්ථි ශක්තිමත් කරනවා.
  • ආහාර ජීරණය පහසු කරනවා.
  • මලබද්ධය දුරු කරනවා.
  • ගුද මාර්ගය ආශ්‍රිත රෝගවලින් ආරක්ෂාව සලසනවා.
  • මානසික පීඩනය නැති කරනවා. 
  • ශරීර ශක්තිය සහ ජවය ඉහළ නංවනවා .

 තල ඇට පානය සකසා ගන්නා ආකාරය

   අවශ්‍ය  ද්‍රව්‍ය

  • කබලේ බැදගත්  සුදු  තල ඇට මිටක්
  • ඇට ඉවත් කරගත් රට ඉඳි ගෙඩි 6
  • පෙරා ගැනීම සඳහා පිරිසිදු කපු රෙදි කෑල්ලක්
  •  පිරිසුදු ජලය

  තල සහ රට ඉදි  බ්ලෙන්ඩර් එකට දමා පානයට අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කර බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව මේ යුෂ  රෙදි  කෑල්ල භාවිතයෙන් පෙරාගන්න. 

කිරිපිටි පානය කිරීමෙන් ඇතිවන  බඩ පුරවා දැමීම ආදී අපහසුතා කිසිවක් මේ ස්වාභාවික පානය ගැනීමෙන් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඉතා ඉහළ පෝෂණයක් අන්තර්ගත මේ පානය වයස අවුරුද්දකට වැඩි දරුවන්ට ඉතාම සුදුසුයි. ඉතින් මේක ඔබට සතියකට තුන් හතර වතාවක් පානය කරන්න පුළුවන්. ඒ අතරේ තවත් ස්වභාවික දේශීය පානයක් ඔබට මේ අතරතුර අරගන්න පුළුවන්. හැමෝම පතන නිරෝගී ජීවිතයක් සඳහා මේ වගේ ස්වභාවික දේවල්වලට ඔබත්  හුරු වෙන්න.