මුහුණේ හටගන්නා වයිට්හෙඩ්ස් බ්ලැක්හෙඩ්ස් සතියෙන් නැති කරන ස්වභාවික සත්කාර 5ක්

health tips

වයිට්හෙඩ්ස් (whiteheads) සුදු හිසක් සහිත කුරුලෑ බිබිලි වයිට්හෙඩ්ස් ලෙස හඳුන්වයි.මේවා රතු රවුමක් මැද සුදු කොටසක් සහිත බිබිලක් හෝ සමේ කොටසක් ලෙස පෙනෙයි.ඇතැම් ඒවායේ මැදින් රෝම කූප පිටතට වර්ධනය වී හෝ ඒවා තුළ සිරවි ඇති ආකාරයක් ද දකින්නට පුළුවන්. බොහෝ විට කුණුදුහුවිලි, ස්නේහක ද්‍රව්‍ය (තෙල්) සහ සමේ මැරුණු සෛල සිදුරු තුළ පිරී ඒවා අවහිර වූ විට මෙවැනි කුරුලෑ හටගනියි.මෙම තත්වයට ස්වභාවික පිළියම් කිහිපයක්

වැල්මී කුඩු ෆේස් පැක් වැල්මී කුඩු තේ හැඳි 1ක් බඳුනට දමන්න. මී පැණි තේ හැඳි 1ක් සහ රෝස වතුර තේ හැඳි 1/2ක් දමා හොඳින් කළවම් කරන්න. පිරිසිදු කරගත් මුහුණේ මෘදුව ආලේප කරන්න.මිනිත්තු 15ක් පමණ තබා ඇඟිලි තුඬු වලින් පිරිමදිමින් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

වදකහ වලින් මාස්ක් සත්කාරයක්-කහ වල අඩංගු ප්‍රතිප්‍රදාහක හා බැක්ටීරියානාශක ගුණ සමට හොඳින් ප්‍රතිකාර කරයි. කහ තේ හැඳි 1/4ක් බඳුනකට දමා දෙහි හෝ ලෙමන් යුෂ ස්වල්පයක් සහ මි පැණි ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරන්න.මෙම ඝනකම් මිශ්‍රණය මුහුණේ ආලේප කරගන්න.වියළෙන තුරු තබන්න. ඇඟිලි තුඬු වතුරෙන් තෙමා මුහුණ කවාකාරව පිරිමදින්න. පසුව වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.සතියකට දෙවරක් මෙය භාවිත කරන්න.

  • මීට අමතරව දිනපතා මුහුණට වාෂ්ප ඇල්ලීම , සම ගැඹුරින් පිරිසිදු කරන ක්ලෙන්සර් සත්කාර භාවිත කිරීම හරහා ද මෙම ගැටලුව බොහෝ දුරට දුරුකරගත හැකියි.

බ්ලැක්හෙඩ්ස් (blackheads)-බ්ලැක්හෙඩ්ස් කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තත්වයක්. තෙල් සහිත සමක මේවා බහුලව ඇතිවිය හැකියි.මේවා කුරුලෑව මතුපිට කලු පාට තිතක් ආකාරයෙන් පෙනෙයි.සමේ සිදුරුවල තෙල් සිරවී ඒවා වාතයට නිරාවරණය වීමෙන් (ඔක්සීකරණය හෙවත් ඔක්සිජන් සමඟ සංයෝග වී රසායනික ප්‍රතික්‍රියාකිරීමෙන්) සම මතුපිට බ්ලැක්හෙඩ්ස් මතුවේ. පපුව,පිට වැනි සිරුරේ විවිධ තැන් වල මතුවිය හැකි වුණත් මෙය බහුලව මුහුණේ (විශේෂයෙන්ම නාසය ආශ්‍රිතව) ඇතිවේ.කලු තිත් හෝ කැලැල් (blemishes) ස්වභාවයක් ගන්නා මෙම බ්ලැක්හෙඩ්ස් අපේ සුන්දර සම අවලස්සන කරවයි.

බ්ලැක්හෙඩ්ස් සඳහා හොඳ ස්වභාවික සත්කාර කිහිපයක්

ඕට්ස්+ රෝස වතුර-සාමාන්‍ය ඕට්ස් වලින් මේස හැඳි 1/2ක් පමණ බ්ලෙන්ඩරයට දමා කුඩුකරගන්න.ඊට රෝස වතුර එක්කර මෘදු මිශ්‍රණයක් සාදාගන්න. පිරිසිදු කරගත් මුහුණේ මෙය හොඳින් ආලේප කරගන්න.මිනිත්තු 20ක් පමණ තබා ඇඟිලි තුඬු වලින් සම පිරිමදිමින් සෝදාහරින්න.මෙය දිනපතාම කරන්න.

මුහුණට වාෂ්ප ඇල්ලීම-වාෂ්ප ඇල්ලීම සමේ තරුණ බව හා නීරෝගී බව ‍රැකගැනීමට උපකාරී වන හොඳ පුරුද්දක් බව රූපලාවන්‍යයේදී විශ්වාස කරනවා.හුමාලයට නිරාවරණය වෙද්දී සම මෘදු මොළොක් වෙයි.සමේ සිදුරු විවෘත වී බ්ලැක්හෙඩ්ස් සමඟ අපද්‍රව්‍ය බුරුල් වී ඉවත් වී යයි.මෙම සත්කාරයේ ප්‍රතිලාභ වැඩිකරගැනීමට මේ උපක්‍රමය බොහෝ ප්‍රයෝජනවත් වේවි. වාෂ්ප ඇල්ලීමට සකස් කරගත් උණු වතුර බඳුනට ලෙමන් පෙති 2-3ක් හෝ සුදුහඳුන් කුඩු තේ හැඳි 1ක් වතුරට මිශ්‍ර කරන්න. පසුව මිනිත්තු 8-10ක් පමණ වාෂ්ප අල්ලන්න.

සමේ සිදුරු විශාල වීම (open pores)සමේ සිදුරු අවලස්සන ලෙස විවෘත වී විශාල වී තිබෙන තත්වය open pores ලෙස හඳුන්වනවා.අධි හිරු එළියට සම නිරාවරණය වීම,තෙල් සහිත සමක් තිබීම ආදි හේතු නිසා සමේ සිදුරු විශාල වීමට පටන්ගත හැකියි.වයිට්හෙඩ්ස් සහ බ්ලැක්හෙඩ්ස් ඇතිවීමට මූලිකවම හේතුවන්නේ මෙම තත්වයයි.සමේ සිදුරු වල විශාලත්වය වෙනස්කරන්න කාටවත් හැකියාවක් නැහැ.ඉතින්, මේවා තවත් විවෘත වීම සහ ප්‍රමාණයෙන් විශාල වීම බොහෝ දුරට අවම කරගැනීම සඳහා දිනපතා සම පිරිසිදුව තබාගැනීම වැදගත් වෙනවා. මේ සඳහා සම ක්ලෙන්සර් කරගත යුතුවෙනවා.මේ සඳහා මෘදු නිෂ්පාදනයක් දිනපතා භාවිත කරන්න. 

  • ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සැකසූ සත්කාර මුහුණට ලබාදෙන්න.
  • අයිස් කැට වැනි සත්කාර ක්‍රම මඟින් මේ තත්වය ගොඩක් දුරට අවම කරගන්නට හැකි බව පෙන්වාදෙනවා.
  • මුල්තානි මිට්ටි යනු සමට ඉතා හොඳ ප්‍රතිඵල දෙන රූපලාවන්‍ය භාවිතයට ගන්නා මැටි විශේෂයක්, මේවා මඟින් සමේ අතිරික්ත තෙල් ගතිය උරාගනියි. ඉවත්කිරීම පහසු කරයි. සමේ සිදුරු ගැඹුරින් පිරිසිදු කරයි.සමේ සිදුරු හකුළුවමින් විශාල වී පෙනීම අඩුකරයි.මෙම ඖෂධීය මැටි විශේෂය ආයුර්වේද බෙහෙත් ඖෂධ හල් වලින් මිලදී ගන්නට පුළුවන්.

මුල්තානි මිට්ටි මේස හැඳි 1ක් බඳුනකට දමා, ඊට කස්තුරු කහ හෝ කහ කුඩු මේස හැඳි 1/2ක් දමන්න.කොහොඹ කොළ කුඩු හෝ සාරයෙන් තේ හැඳි 1ක්, වතුර මේස හැඳි 1ක්, එළකිරි තේ හැඳි 1ක් සහ ලෙමන් හෝ දෙහි බිංදු කිහිපයක් එකට දමා මිශ්‍ර කරන්න.මෙම මෘදු මිශ්‍රණය පිරිසිදු කරගත් සම මත ආලේප කරන්න.මිනිත්තු 15-20ක් පමණ තබා උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.අවශ්‍ය නම් සාමාන්‍ය වතුරෙන් ද පසුව මුහුණ පිරිසිදු කරගන්න.සතියට දෙවරක් මෙම සත්කාර භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් දැකගත හැකිවේවි.

තවත් වැදගත් උපදෙස් කිහිපයක්:

  • දිනපතා මුහුණ පිරිසිදු කරගත් පසු උණුසුම් වතුරෙන් පෙඟවූ තුවායක් මුහුණේ ඔතාගෙන මිනිත්තු 5ක් පමණ සිටින්න.
  • මේක්-අප් සඳහා භාවිත කරන බුරුසු,ස්පොන්ජ් ආදි පිරිසිදු කර තබාගන්න. රාත්‍රී නින්දට පෙර හොඳින්  මේක්-අප් ඉවත් කරගන්න.මේක්-අප් භාවිතය හැකිතාක් අවම කරන්න.
  • දිනපතා සමට හොඳ මොයිෂ්චරයිසිං ක්‍රීම්, ජෙල් හෝ ලෝෂන් එකක් භාවිත කරන්න.
  • සමබල ආහාර වේලක් දිනපතා ලබාගන්න.හොඳින් වතුර පානය කරන්න.