මාස දෙකෙන් අදුරු සම සුදු කරන වැල්මී පානය සතු ගුණ 25 ක්

health tips

සමේ පැහැය වැඩි කරගෙන ලස්සනට ඉන්නට අපි හැමෝම කැමතියි නේ.  මේ  සඳහා  වෙළදපොලේ නොයෙකුත් ආලේපන වර්ග බෙහෙත්  වර්ගත් විවිධ මිල ගණන් යටතේ පවතිනවා. මේ නිසාම කිසිම දැනුමක් අවබෝධයක් නැතිව තරුණ තරුණියන් වැඩිදෙනෙක් මේ  නිෂ්පාදන මිලට ගෙන භාවිතා කරනවා. මේවායේ අඩංගු වෙන ඇතැම් අහිතකර රසායන සංයෝග නිසාවෙන් සම නැවත සකස් කළ නොහැකි තරමටම විනාශ වෙනවා. ඒ විතරක් නෙවෙයි සමේ පිළිකා ඇති කරන්නටත් රුධිරයට විෂ ඇතුල් වෙන්නත් මෙවැනි අපි භාවිතා කරන ඇතැම් නිෂ්පාදන හේතු වෙනවා. මේ නිසා කෘතීම දේවල් භාවිතා  කරනවාට වඩා ලාංකීය අපිට ස්වභාවික දේවල් අපේ රුව ලස්සන වැඩිකර ගන්නට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අපි අද ඔබට කියන්නට  යන්නේ පැහැපත් වෙන්නට හිසකෙස්වල වර්ධනයටත් නීරෝගීභාවය උදෙසාත් අපිට භාවිතා කරන්නට හැකි සුවිශේෂී දේශීය පානයක් පිළිබඳව. ඒ තමයි වැල්මී තේ.

වැල්මී කියන නම ලාංකීය අපිට නුපුරුදු නමක් නම් නෙවෙයි. මොකද ආයුර්වේදය තුළ නිරන්තරයෙන්ම මේ වැල්මී ඖෂධයක් විදියට භාවිතා වෙනවා. මේ වැල්මී අපේ රටේ විතරක් නෙවෙයි මැද පෙරදිග ඇතැම් රටවල වගේම ඇතැම් යුරෝපා රටවලත්  පැලවෙන ඔසුවක්. මේ වැල්මී සතු පැණි රස එය හඳුනා  ගන්නට උපකාරී වෙනවා.මේ වැල්මීවල ග්ලීසීරයිසීන් , පිෂ්ටය, මාලික් අම්ලය කැල්සියම්, මැග්නීසියම් ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා.

වැල්මී කැබලි විදියටත් කුඩු විදියටත් වැල්මී තේ බෑග් විදියටත් මිලට ගන්නට හැකියාව තියෙනවා. ඉතින් අපිට  ඉතා පහසුවෙන් මේ වැල්මී පානය  භාවිතයට ගැනීමට හැකියාව තියෙන නිසා එමගින්  අපේ ශරීරයට ප්‍රතිලාභ  බොහොමයක්ම ලබා ගන්නට පුළුවන්.

වැල්මී පානයෙන් සමට සහ හිසකෙස්වලට ලැබෙන වාසි 

  • සමේ පැහැපත් බව වැඩි කරනවා.මේ වැල්මී පානය කිරීමෙන් දේහය අභ්‍යන්තරයෙන්ම අපේ සමේ ඇති අඳුරු බව අඩු කරමින් සමේ පැහැපත් බව වැඩි කරනවා.
  • අහිතර UV කිරණවලින්  සම ආරක්ෂා කරනවා.
  • කුරුලෑ ඇතිවීම අඩු  කරනවා.
  • හිසකෙස් ගැලවී යාම අඩුකර හිසකෙස් ශක්තිමත් කර  නීරෝගී කරනවා.
  • හිසකෙස් වැවීමේ වේගය වැඩි කරනවා.

වැල්මී පානයෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ 

  • විෂනාශක ගුණයෙන් යුක්ත නිසා විෂබීජ හේතුවෙන් ඇතිවන රෝගවලින් ආරක්ෂාව සලසනවා.
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
  • ආතරයිටීස් රෝගයෙන් ආරක්ෂාව සලසනවා.
  • මානසික ආතතියෙන් මිදෙන්නට උපකාරී වෙනවා.
  • කටහඩ මිහිරි කරනවා.
  • වයසට යාම පාලනය කරනවා.
  • සමේ ආසාදන සුව කරනවා.
  • වමනය සමනයට උදව් වෙනවා.
  • මුත්‍රාගත ආබාධ සුව කරනවා.
  • පිපාසය සන්සිදුවනවා.
  • අක්මාවේ පිළිකා ඇතිවීම වළක්වා අක්මාව නීරෝගී කරනවා.
  • පිළිකාවලට එරෙහිව සටන් කරනවා.
  • සෙම් රෝග සමනයට උදව් වෙනවා.
  • ආහාර අජීර්ණවීම නැති කරනවා.
  • බඩේ තුවාල ඇතිවීම වළක්වනවා.
  • ශරීරගත දැවිල්ල සමනය කරනවා.
  • රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවෙන් සමන්විත වෙනවා.
  • අක්ෂි රෝගවලට ගුණදායක වෙනවා.
  • දත් කුහර ඇතිවීම වළක්වනවා.
  • මලබද්ධයට ගුණදායකයි.

වැල්මී තේ හොඳින් පිරිසිදු කරගත් වැල් මී පොතු කිහිපයක් වීදුරුවකට දාලා අවශ්‍ය ප්‍රමාණයට උණු වතුර එකතු කර විනාඩි 3-4  ක් පමණ වේලාවක් වසා  තබා කිතුල් හකුරු සමඟ පානය කරන්න.

මේ වැල්මී පානය දිනපතාම පානය නොකර සතියට දෙවරක් හෝ තුන් වරක් පානය කිරීම ප්‍රමාණවත්. දිනපතාම භාවිතය නිසා මේ වැල්මීවල අඩංගු වෙන ග්ලිසරටිනික් ඇසිඩ්  වැඩි වශයෙන් ශරීරයට ඇතුල් වීම නිසා අධි රුධිර පීඩනය, ගෑස්ට්‍රයිටීස් වගේම බඩ පිපුම වගේ තත්වයන් වුණත් ඇති වෙන්නට පුළුවන්. නමුත් වෙළදපොලෙන් මිලට ගන්නට හැකි වැල්මී තේ පැකට්වල ඒ ඇසිඩ් එක ඉවත් කර ඇති නිසා දිනපතාම පානය කිරීම ගැටළුවක් වෙන්නේ නැහැ.

සැලකිය  යුතුයි ඔබ ගර්භනී මවක් නම් හෝ කිරිදෙන මවක් නම් ඔබට මේ වැල්මී පානය සුදුසු  නොවෙන බව මතකයේ තබා ගන්න. ඒ වගේම ඔබ දැනටමත් වැල්මී අඩංගු වෙනත් සප්ලිමන්ට් එකක් භාවිතා කරන එක නම් ඔබටත් මේ වැල්මී පානය සුදුසු වෙන්නේ නැහැ.

නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ වෙනත්  රෝග සඳහා ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් වැල්මී පානයට පෙර වෛද්‍ය  උපදෙස් ලබා ගත යුතුයි.