ආහාර ගැනීමට බඩගිනි දැනෙන තුරු සිටීමෙන් සිදුවෙන දේවල් 6 ක්

health tips

බඩගින්න කියන්නේ අපි හැමෝටම ඇති වෙන දෙයක්. කෙනෙකුගේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියේ සහ ශරීර ක්‍රියාකාරිත්වයේ ක්‍රමවත් බව හඟවන සංඥාවක් ලෙසත් බඩගිනි ඇති වීම හඳුන්වාදිය හැකියි. නමුත්, ඔබට ආහාර ගැනීමට නම් ස්වභාවිකව බඩගිනි ඇතිවන තුරු බලාසිටීමට අවශ්‍යය වන්නේ නැහැ.සිරුරේ ශක්තිය බොහෝ සෙයින් හීන වී ගිය පසු ආහාර  ගැනීමෙන් සිරුරට අනිසි බලපෑම් ඇතිවීමට හැකියි. බඩගින්න සහා ඔබේ ආහාර පුරුදු අතර ගැටලු ඇති නොවීමටනම් මේ හේතු කිහිපය ගැන ඔබත් අදම දැනුවන් වන්න.

  1. බඩගින්න නිසා වැඩිපුර ආහාර ගැනීමට පෙළඹිය හැකියි (Overeating)

ආහාර වේල් කිහිපයක් මගහරින සහා වෙලාවට කෑම නොකන අය ආහාර ගන්නා අවස්ථාවේදී මඟ හැරුණු ආහාර වේල් වලටත් සරිලන ලෙස වැඩියෙන් කෑමට පෙලඹෙන බවයි කියන්නේ. සෑම පැය 3-4 කට වරක්ම මිනිස් ශරීරයට නිසි පෝෂණයක් ලැබීම අත්‍යවශ්‍යය දෙයක් වෙනවා. ක්‍රමයෙන් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වීම වැළැක්වීම, වැය වූ ශක්තිය යලි ලබා ගැනීම වගේම ආහාර වලට ඇති ආශාව සන්සිඳුවා ගැනීම යන අවශ්‍යතා සපුරාගැනීමේ වැදගත්කම ඊට හේතුවයි. දිගු කාලයක් පුරාවට නිරාහාරව සිටින විට ඔබේ රුධිරයේ සීනී මට්ටම ද ඉතාම පහළ අගයක් ගන්නවා. ඒ නිසාම ශරීරය විසින් අප ලබාගන්නා ආහාර මඟින් ඊට අවශ්‍යය සීනී ලබා ගැනීමට පෙලඹෙනවා.

  1. බඩගින්නේ සිටීම බර අඩු කරගැනීමට උපකාරී නොවේ.

 බොහෝ වේලාවක් බඩගින්නේ සිටීමෙන් ඉක්මණින් බර අඩු කරගන්න හැකියි කියා බොහෝ දෙනෙක් සිතනවා. නමුත් , ඇත්තෙන්ම ඔබ කිසිඳු පෝෂණයක් නොලැබ බඩගින්නේ සිටියත් බොහෝ කලක් එසේ සිදුකිරීමට නොහැකිව යයි. අඩුවෙන් ආහාර ගැනීමෙන් එහි ඇති කැලරි ප්‍රමාණය අවම නිසා ශරීරය හදිසි අවස්ථාවකට මෙන් ස්වභාවිකව හැඩගැසීමට පටන් ගනියි. එහිදී වැඩියෙන් මේද තැන්පත් කරගැනීමටත් අඩුවෙන් කැලරි දහනය කිරීමටත් ඔබේ සිරුර හැඩගැසේ. ස්වයං-ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් එවැනි අවස්ථා වල අනාගත භාවිතය වෙනුවෙන් මිනිස් ශරීරය කැලරි ආරක්ෂා කරගනු ලබයි.

  1. බඩගින්න නිසාම නීරෝගිමත් ආහාර ‍තෝරාගැනීමට පෙලඹෙනවා අඩු විය හැකියි.

“you are not you when you are hungry” යනුවෙන් ප්‍රචාරය වන ලෝක ප්‍රසිද්ධ චොකලට් නිෂ්පාදන දැන්වීම ඔබත් දැක ඇති. ඇත්තෙන්ම, ඔබ බඩගින්නේ ඉන්නා විට ඔබේ හිත නිතරම ඇදීයන්නේ පෝෂක ආහාරයකටත් වඩා රසකැවිලි වර්ගවලට බවයි පැවසෙන්නේ.රුධිරයේ සීනී මට්ටම පහළ ගිය විට මිනිසුන් චිත්තාවේග වලට ඉඩදී පාලනයෙන් තොරව විවිධ දේවල් ආහාරයට ගැනීමට පෙලඹෙන බව පවසයි. අතට හසු වන ඕනම කෑමක් ඔවුන් ආහාරයට ගැනීමට උත්සාහ කරයි. මේ පුරුද්ද නිසා සීනි සහිත ආහාර බොහෝමයක් ආහාරයට ගැනීම හේතුවෙන් සෞඛයටද අහිතකර බලපෑම් ඇති විය හැකියි. එවැනි ආහාර රටාවක් නිරෝගී සහා පෝෂණීය ජීවන රටාවකට බාධාවකි.

  1. සැම විටම බඩගින්න හඳුනාගැනීමට නොහැකිවිය හැකියි.

බඩගින්න පාලනය කරන හෝර්මෝන වර්ග 2 කි: “ග්‍රෙලින්” හෝර්මෝනය මඟින් ආහාර රුචිය උත්තේජනය කරන අතර ,”ලෙප්ටින්” හෝර්මෝනය මඟින් ආහාර රුචිය නැති කරවයි. ඔබ බොහෝ වේලාවක් නිරාහාරව සිටියේ නම් ඔබේ සිරුරේ ග්‍රෙලින් මට්ටම ඉහළ අගයක් ගනියි. ඔබ ආහාර ලබා ගත් පසු ලෙප්ටින් මඟින් ආහාර නිසා බඩ පිරී ඇති බව සිරුරට දන්වයි. බඩගිනි ඇති වන වේලාවන් හරියටම කීමට නොහැකියි. බොහෝ විට වෙහෙසකර ආහාර වේලකට පසු ශරීරයට යලි බඩගිනි ඇති වී ඇත්දැයි කියාවත් හඳුනාගැනීමට නොහැකිවීයයි. යම් කෙනෙකුගේ ජීවන රටාවට අනුකූලව බඩගිනි ඇති කිරීමට මොළය හුරුවෙයි. ඉතින් ,ඒ නිසාම දවසකට එක් වේලක් කන්න හුරුවෙලා ඉන්න කෙනෙකුට කිසි ගැටලුවක් නැතිවම දවස පුරා තමන්ගේ කටයුතු ගැටලුවක් නැතිව කරගන්න හැකිවෙනවා. නමුත්, දිනකට එක් වේලක් ආහාරයට ගැනීම සුදුසු දෙයක් කියා මින් කියවෙන්නේ නැති බවත් මතකතබාගන්න.

  1. බඩගින්න ඔබේ සෞඛ්‍යයට හිතකර නැත.

බඩගින්නේ සිටීමෙන් ඔබේ සිරුරට විනාශකාරී ආකාරයේ දිගුකාලීන බලපෑම් ඇතිකරවිය හැකියි.ඒවා මානසික සෞඛ්‍යය සිට නිදන්ගත රෝග මතු වීමේ අවදානම දක්වා පරාසයක දක්වා විහිදිය හැකියි. බඩගිනි ඇතිවන විට ඔබට අපහසුතාවක් දැනෙන්නට පටන් ගන්නවා. මේ තියෙන්නේ බඩගිනි ඇති වීමත් එක්ක මතුවන තවත් ලක්ෂණ කිහිපයක්:

  • අවධානය හා මනසේ ඒකාග්‍රතාව පවත්වාගැනීමේ අපහසුතාවය
  • බඩ රිදුම් දෙන ආකාරය දැනීමට පටන්ගැනීම
  • දුර්වලබව
  • කරකැවිල්ල
  • ඔක්කාරය සහා වමනය පිටවීම
  • අප්‍රසන්නබව
  • හිසරදය
  • බඩ කෑගැසීම
  • නින්ද ආශ්‍රිත ගැටලු

බඩගින්න හඳුනාගැනීම

විද්‍යාඥයින් පවසන ආකාරයට බඩගින්න වර්ග තුනකි.

ඒවා ශාරීරික බඩගින්න (physical), මනෝවිද්‍යාත්මක බඩගින්න (psychological) සහා අවස්ථාවාදී බඩගින්න (opportunistic) යනුවෙන් හැඳින්වේ. ශාරීරික බඩගින්න යනු කුසේ කිසිත් ආහාරයක් නොමැති විට ආහාරගැනීමට ඇති වන ආශාවයි. මනෝවිද්‍යාත්මක බඩගින්න සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ චිත්තවේග (emotions) මතයි. බොහෝ විට ච්ත්තවේග නිසා බඩගිනි ඇති වීම ආහාරවලටත් එහා ගිය බලවත් ආශාවක් විය හැකියි. සතුටට පත්වීම හෝ ප්‍රබෝධමත් ගතියක් ලබාගැනීමට ආශාකිරීම හෝ බලවත් හැඟිම් නිසා ඇතිවන බඩගින්න ලෙස හැඳින්වීම සුදුසුයි.

අවස්ථාවාදී නැතිනම්  (opportunistic hunger) කියන්නේ ආහාර දකින විට ඔබට බඩගිනි ඇතිවීමයි. ඒ මොහොතේ ඔබට ඇත්තෙන්ම බඩගින්නක් ඇති නොවී තිබිය හැකියි. ඔබට ආහාර ඉදිරියෙන් තිබෙනවා දකින විටත් නොකා සිටින්නේ ඇයි කියා සිතමින් ඔබ එය ආහාරයට ගැනීම සිදුකරයි. කොහොම වුණත් සිරුරට ශක්තිය ලබාගැනීමට තමයි ආහාර ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. ඒ නිසා අනික් බඩගිනි වර්ග දෙක මේ එක්ක පටලවාගන්න එහෙම එපා.