දියවැඩියාව පවා සුව කර හැකි දිවුල් පානය සතු විස්මිත ගුණ 21 ක්

health tips

අතුපතර විහිද වැඩෙන විශාල ශාකයක් වන දිවුල් යනු බාල මහලු සෑම දෙනාම පාහේ වැඩි ප්‍රියතාවයකින් ආහාරයට ගනු ලබන තවත් එක් පලතුරකි. එනම් බහුලවම ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල වැඩෙන දිවුල් ශාකය නිවෙස් ආශ්‍රිතව ද දැක ගත හැකිය. එනම් ශාක කඳ මදක් කටු දරන අතර දිවුල් ගෙඩි සුදු පැහැතිවේ.  අමු දිවුල් ඇඹුල් රසයෙන් යුතු වන අතර ඉදුණු දිවුල් දුඹුරු පැහැයෙන් හා මද පැණි රසයෙන් යුක්ත වේ. එමෙන්ම දිවුල්වල  ඊටම ආවේණික වූ සුවඳක්ද අඩංගුවේ. 

දිවුල් පලතුරක් ලෙස හෝ පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එනම් ඉන් ශරීරයට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාගත හැකිය. එනම් දිවුල් වල පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. 

  • ප්‍රෝටීන්
  • රයිබොප්ලෙවින්
  • තන්තු කොටස්
  • මේදය
  • යකඩ
  • කැලරි
  • කැල්සියම්
  • තයමින්
  • ජලය
  • නියසින්
  • කාබෝහයිඩ්‍රේට්
  • පොස්පරස්
  • කැරොටින් මේ ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් දිවුල් වල අඩංගු වේ. 

අධි රුධිර පීඩනයට ඖෂධයක්වේ.අධි රුධිර පීඩනය පාලනය කර ගැනීම සඳහා ආයුර්වේදය තුළ දිවුල් ඖෂධයක් ලෙස භාවිතා කරයි. එනම් දිවුල් පළතුරක් ලෙස ආහාරයට ගැනීමට අමතරව දිවුල් කොළ තම්බා පානය කිරීම මගින් අධි රුධිර පීඩනය පාලනය කර ගත හැකිය.

ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.ශරීරයේ විෂ පහසුවෙන් ඉවත් කර ගැනීම සඳහා දිවුල් ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් දිවුල් ආහාරයට ගැනීමෙන් දිවුල් වල  අඩංගු තයමින් සහ රයිබොප්ලෙවින් වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ පවතින විෂ ඉවත් කර  වකුගඩු නිරෝගිව පවත්වා ගැනීමට උපකාරී වේ. 

ශරීර ශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.හීන වු ශරීර ශක්තිය වැඩි කර ගැනීම සඳහා පලතුරක් ලෙස දිවුල් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.  එනම් වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ගේ ශරීර ශක්තිය වර්ධනය කිරීමට දිවුල් පළතුරක් ලෙස හෝ පානයක් ලෙස භාවිතා කිරීම ගුණදායක වන අතර  ඉදුණු දිවුල් ගෙඩියක් හකුරු සමඟ ආහාරයට ගැනීමද මේ සඳහා වඩාත් ගුණදායකයවේ.

ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට උපකාරී වේ.ආහාර ජීර්ණය නොවීම බොහෝ රෝග ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ. දියවැඩියාව, අම්ලපිත්තය වැනි රෝග ඇති වීම සඳහා ආහාර ජීර්ණ නොවීමේ තත්වය වැඩි බලපෑමක් එල්ල කරයි. එනම් ආහාර නොදිරවන විටක ආහාර හොඳින් ජීර්ණය කර ගැනීමට දිවුල් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ.එනම් දිවුල් වල අඩංගු තන්තු සහ ජලය මෙන්ම විටමින් C වැනි පෝෂ්‍ය පදාර්ථ ආහාර හොඳින් ජීර්ණය කිරීම සිදුකරයි. 

ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කෙරේ.දිවුල් ආහාරයට ගන්නේ නම් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සංකූලතා සමනය කර ගත හැකිය. එනම් නිතර ඇතිවන උගුරේ අපහසුතා, සෙම, සෙම්ප්‍රතික්ෂාව, ඇදුම, පීනස සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග තත්වයන් ඇති වීම වළක්වා ගත හැකිය. එමෙන්ම දිවුල් කොළ තම්බා පානය කිරීම හා  හුස්ම ගැනීමේ අපහසුතා  ඇති වූ විට දිවුල් ගෙඩියක මද ඇල්දියෙන් දියකර සීනි දමා පානය කිරීම ගුණදායකය. 

අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ.දිවුල් පලතුරක් ලෙස හෝ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් එහි අඩංගු කැල්සියම් වයස් ගත වීමත් සමග හෝ විටමින් ඌනතා මත ඇතිවන අස්ථි දුර්වලතාවයන් සමනය කිරීම සිදුකරයි. එනම්  කැල්සියම් ඌනතාවය සමනය කර ගැනීමට ද දිවුල් පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් කිරි වීදුරුවක් පානය කිරීමෙන් ලැබෙන කැල්සියම් ප්‍රමාණය දිවුල් වීදුරුවක් පානය කිරීම මගින් ලබා ගත හැකිය.එමෙන්ම ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් පවතින රෝගීන්ට ද දිවුල් පානය ගුණදායකය. 

තුවාල සුව කිරීමට උපකාරී වේ.තුවාල සුව කිරීමට දිවුල් ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් දිවුල් වල පවතින ටැනින් සහ ෆිනෝලික් අම්ලය යන රසායනික සංයෝග තුවාල ඉක්මනින් සුව කිරීමට හේතුවේ. 

දියවැඩියාව පාලනය කිරීමට උපකාරීවේ.දියවැඩියාව පාලනය කිරීම සඳහා දිවුල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් දිවුල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි සමතුලිතව පවත්වා ගත හැකිය. එනම් දිවුල් වල අඩංගු ෆෙරෝනියා නැමැති ගම්වලින් සීනි පාලනය කිරීම සිදුකරයි. එමෙන්ම දිවුල් ඇට ද දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් දිවුල් ඇට හොඳින් වියළා කුඩු කර ඊට මී පැණි  මිශ්‍රකර අනා  නෙල්ලි ගෙඩියක තරම් ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව ඇති වීම පාලනය කර ගත හැකිය.

රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වේ.අපිරිසිදු වූ රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා දිවුල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා දිවුල් ගෙඩියක් උණු වතුරෙන් දියකර සීනි මිශ්‍ර කර පානය කිරීම යෝග්‍ය වේ.

ලිංගික සරු භාවයට උපකාරී වේ.ලිංගික දුර්වලතා සමනය කර ලිංගික සරුබව වර්ධනය කර ගැනීමට දිවුල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කාන්තාවන්ගේ මඳසරු භාවය දුරු කර ගැනීමට දිවුල් මදයට මී පැණි සහ සූදුරු මිශ්‍රකර උකු පානයක් සකසා උදෑසනට පානය කිරීම ගුණදායකය. එමෙන්ම 

  • උෂ්ණ රෝග සඳහා 
  • ඉක්කාව සුව කිරීම සඳහා 
  • ස්නායු ආබාධ සඳහා 
  • හිස් කබලේ ඇතිවන උෂ්ණත්වය සඳහා 
  • මාංශපේශීන් ශක්තිමත්  කිරීම සඳහා 
  • අක්මාව නිරෝගි කිරීම සඳහා 
  • ගර්භණී සමයේ ඇතිවන රක්තහීනතාවය සඳහා 
  • සන්ධි වේදනා සඳහා 
  • උකුණන් වද කිරීම සඳහා 
  • සර්ප විෂ ඇතුලු ශරීරගත විෂ  සඳහා 
  • දිවුල් ඖෂධයක් ලෙස භාවිතා කරයි. 
  • සන්ධි රෝග සමනය කරන දිවුල් පානය