මිනිස්සු පරිණාමය වෙන්න පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම ඒ කියන්නේ ගල් යුගයේ ඉදන්ම අනාගතය කොහොම වෙයිද කියන එක ගැන හිතන්න පුරුදු වෙලා හිටියා. පස්සෙ කාලෙක විවිධ ක්‍රම භාවිතා කරල මිනිස්සු අනාවැකි කියන්න පටන් ගත්තේ ඒ නිසයි.බොහෝ ඈත කාලයකට කලින් මායාවරුන් හෙලි කල අනාගතය ගැන අනාවැකි පල වුන විදිය ඔයාලට මතක ඇති. ඉතින් මම ඔයාලට කිව්වොත් අපි බලන ඇනිමේෂන් කාටූන් එකක අපේ අනාගතය ගැන අනාවැකි ගැබ් වෙලා තියෙනවා කියල ඔයාලට පුදුම හිතෙයි.
මේ ඇනිමේෂන් කාටූන් එක තමයි “ද සිම්ප්සන්ස්” කියල කියන්නෙ. ඇමරිකාවේ නිෂ්පාදනය වුන ඇනිමේෂන් වර්ගයට අයත් මේ කාටූන් එක නිර්මාණය කලේ “මැට් ග්රෝනින්ග්” කියන පුද්ගලයායි. ඒවගේම මේ සුප්‍රසිද්ධ කාටූන් එකේ විකාශන අයිතිය හිමි වෙන්නේ “ෆොක්ස් බ්‍රෝඩ්කාස්ටින් සමාගම”ටයි. මේ ඇනිමේෂන් කාටූන් එක පුරාම දකින්න්ට ලැබෙන්නේ ඇමරිකාවේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවන රටාව උපහාසාත්මකව හාස්‍යයට ලක් කරන විදියයි. ඇමරිකානු සංස්කෘතිය සහ සමාජය හාස්‍යයට ලක් කරනවා වගේම මිනිසුන්ගේ මානව හැසිරීම් ගැනත් වක්‍රාකාරව පෙන්වීමට මේ කාටූන් එක සමත් වෙලා තියෙනවා. 1989 දෙසැම්බර් 17 වෙනිදා විකාශය ආරම්භ වුන මේ කාටූන් විකාශණය, 2022 වසර පුරාත් විකාශය කිරීමට නියමිතව තියෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති බවට පත් වීම, රිචඩ් බ්‍රැන්සන්, ටෙඩ් කෲස්, රෝයි හෝර්න් ඇතුලු ජනප්‍රිය පුද්ගලයන් විශාල ප්‍රමාණයකටත්,ඇපල් නිෂ්පාදන වල ව්‍යාප්තිය පිළිබදවත්, ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ අවසානය පිලිබදවත්, කොරෝනා වෛරසය පිලිබදවත් යනාදී වශයෙන් ලෝකයේ ආන්දෝලනයට තුඩු දුන් බොහෝ දේවල් ගැන ඔවුන් නිවරදි මත පල කරන්නට සමත් වුනා.
ඉතින් ඔවුන් 2022 වසර වෙනුවෙන් සිදු කල භයානක උපකල්පන මොනවාද? දැන් අපි යන්නේ ඒ මොනවද කියල බලන්නයි.තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කලොත් මේ වගේ වීඩීයෝ මිස් වෙන්නේ නැතුව බලන්න ඔයාට පුළුවන් වෙයි.

අංක එක – රොබෝවරුන් විසින් මිනිසා යටත් කර ගැනීම.කෘතීම බුද්ධිය කියන්නේ මේ වෙනකොට ලෝකය පුරා බොහෝ කතා බහට තුඩු දුන් මාතෘකාවක්. අපි භාවිතා කරන ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු සහ ස්පීකර්, රූපවාහිනී වගේම ශීතකරණ මේ හැම උපකරණයක්ම අපිට පුදුම හිතෙන තරම් තාක්ෂණයකින් සන්නද්ධ වෙලයි තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට විද්‍යාඥයන් විසින් සුපිරි මොළයක් සහිත රොබෝවරුන් නිෂ්පාදනය කරන්නත් සමත් වෙලා තියෙනවා. පොලිස් නිළ සුනඛයන්ට ආදේශ කල හැකි රොබෝ බල්ලන් මේ වෙනකොට ප්‍රධාන පොලිස් මූලාස්ථාන වල අත් හදා බලමින් තිබෙනවා. ඒ වගේම ඔවුන් නිර්මාණය කල කුඩා ළමයෙක්ට සමාන මේ රොබෝ යන්ත්‍රය මිනිසුන් සමග ජීවත් වන විට ඔවුන්ගේ කතා බහ, හැසිරීම් සියල්ල ග්‍රහණය කරගෙන ක්‍රම ක්‍රමයෙන් මිනිසාගේ හැසිරීම් සහ කතාබහ ඉගෙන ගැනීමට සමත් ආකරයට නිර්මාණය කර තිබෙනවා.ඒ වගේම රෝහල් වල සංකීර්ණ ඝනයේ සැත්කම් සිදු කිරීම සදහා රොබෝවරුන් භාවිතා කිරීමද අත් හදා බලමින් තිබෙනවා.
සිම්ප්සන් කතා මාලාව තුල මේ සියල්ල උපකල්පනය කර තිබෙනවා. ඔවුන්ගේ කාටූනයේ හයවන කතා මාලාවේ හතරවන කොටස වන “ ඉචි ඇන්ඩ් ස්ට්රෑචි ලෑන්ඩ්” කොටසේ දියුණු රොබෝ යන්ත්‍ර විසින් මිනිසුන් ඝාතනය කරන ආකාරය නිරූපණය කර තිබෙනවා.
එසේම 23 වන කතා මාලාවේ 17 වන කොටසේ සේවකයන් වෙනුවට රොබෝ යන්ත්‍ර භාවිතා කිරීමට මිනිසුන් හුරු වන ආකාරයත් ඉන් පසුව සිදුවන විශාල විනාශයත් පිලිබදව නිරූපණය වෙනවා. ක්‍රම ක්‍රමයෙන් රොබෝ යන්ත්‍ර මිනිසා ඇසුරු කරමින් දැනුම ලබා ගන්නා ආකාරයත්, ඉන්පසුව මානව වර්ගයා මිහිමතින් තුරන් කරවීමට කටයුතු කරන ආකාරයත් ඔවුන් කාටූනය හරහා නිරූපණය කර තිබෙනවා. ඉතින් අපේ අනාගතයත් රෝබෝ වරුන් ගේ අතින් අවසාන වෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.
අංක දෙක – සොම්බිවරුන්ගේ ආක්‍රමණය.

සිම්ප්සන් කතා මාලාවේ සොම්බිවරුන්ගේ ආක්‍රමණයක් ගැන සදහන් කොටස් ගණනාවක්ම ඔවුන් තමන්ගේ කාටූනය හරහා ඉදිරිපත් කර තිබෙනවා. එහි එක් කොටසක් නම් කර තිබෙන්නේ, “ ඩෝන්ට් හෑව් අ කව් මෑන් කයින්ඩ්” යනුවෙනුයි. ස්ප්‍රින්ග්ෆීල්ඩ් නම් නගරයේ ජීවත් වන කාටූන් චරිත සොම්බීන් බවට පත් වන්නේ බර්ගර් වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුවයි.
එහි පෙන්වන් අයුරින් එයට තුඩු දෙන හේතුව වන්නේ බර්ගර් වල අඩංගු මස් වල වෛරසයක් අන්තර්ගත වී තිබීමයි. කොරෝනා වෛරසය පිලිබදවත් සාර්ථක අනාවැකියක් තමන්ගේ කතා මාලාව තුලින් නිරූපණය කල නිසාම මෙම සොම්බි වෛරසය පිලිබදවත් බොහෝ දෙනෙක් අතර කතා බහක් නිර්මාණය වී තිබෙනවා. 2022 වසරේදී අපේ ලෝකයට සොම්බි ආක්‍රමණයක් සිදු වෙයිද? එසේ නොවෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.
අංක තුන – ජනාධිපතිවරයාගේ බිරිදගේ ඝාතනය.14 වන කතා මාලාවේ 21 වන කොටසේ පුවත්පතක කොටසක් අන්තර්ගත වෙනවා. කාටූනයේ පෙන්වන ආකාර්යට එම පුවත් පතේ ප්‍රධානම කතු වැකිය වන්නේ “ ප්‍රසිඩන්ට් ශූට්ස් වයිෆ්” යන්නයි. එහි සිංහල අදහස වන්නේ “ජනාධිපතිතුමා තම බිරිදට වෙඩි තබයි” යන්නයි. මෙම කොටස විකාශය වී තිබෙන්නේ 2003 වසරේදීයී. එම කාලයේ ඇමරිකාවේ ජනාධිපති ධූරය දැරුවේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතායි. ඔහු තමන්ගේ බිරිදට වෙඩි තැබීමක් සිදු කලේ නැහැ. එහි අදහස වන්නේ ඔවුන් සිදුකල එම උපකල්පනය මේ වන තුරුත් සනාථ වී නොමැති බවයි. කෙසේ වෙතත් මේ අනාවැකිය සනාථ වන්නේ 2022 වසරේදීද? මේ වන විට ඇමරිකාවේ ජනාධිපති ධූරය දරන්නේ ජෝ බයිඩන් මහතායි. එළැඹෙන වසර අවසන් වන විට සිම්ප්සන් ගේ මේ අනාවැකිය සත්‍ය වේවිද නැද්ද යන්න වටහා ගැනීමට අපිට පුළුවන් වේවි.සමහරක් දෙනා ප්‍රකාශ කරන්නේ මේ අනාවැකිය යම් හාස්‍යයක් හැගවීම සදහා විකාශය කරන්නට ඇති බවයි. නමුත් එය භයානක විහිළුවක් බව පැවසීමට අවශ්‍ය නැහැ. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් මෙම කරුණ වෙත විශාල අවධානයක් යොමු කර තිබෙනවා.

අංක හතර – තුන්වන ලෝක යුද්ධය.යුද්ධයක් කියන්නේ කිසිදු පාර්ශවයකට වාසියක් අත් වන දෙයක් නොවෙයි. දහස් ගණනක් මිනිසුන්ගේ දේපල සහ ජීවිත විනාශ වන ලෝක යුද්ධයක් ආරම්භ වීම බොහෝ කණගාටුදායක කාරණයක් වෙනවා. 2022 වසරේදී ලෝක යුද්ධයක් ඇති වේවිද? සිම්ප්සන්ස් කාටූන් මාලාවේ අන්තර්ගත ආකාරයට එවැන්නක් සිදු වීමේ අවධානමක් 2022 වසරට තිබෙනවා. 1995 වසරේ විකාශය කෙරුණු “ලීසාස් වෙඩින්” කතා කොටසේ එතැන් පටන් වසර 15 ක අනාගතය නිරූපණය කර තිබෙනවා. එහි තැබෑරුමක වයින් පානය කරන දර්ශනයේ අඩංගු දෙබසක් වන්නේ, “අපි ඔයාව දෙවන ලෝක යුද්ධයෙන් බේර ගත්තා.” යන්නයි. ඉන්පසුව ලැබුණ පිළිතුර නිසා මෙම කාටූන් මාලාව නරඹන බොහෝ දෙනෙක් පුදුමයට පත් වුනා. පිළිතුර වූයේ “ අපි ඔයාව තුන් වන ලෝක යුද්ධයෙන් බේරගත්තා” යන්නයි. මෙම කොටස තුල අන්තර්ගත බොහෝ දේවල් මේ වන විට සනාථ වී අවසන්.
එහි අන්තර්ගත වර්චුවල් ගේම්ස්, ඇපල් වර්ගයේ ඔරලෝසු,වීඩීයෝ ඇමතුම් ලබා ගැනීමේ තාක්ෂණය ආදී දේවල් බොහොමයක් මේ වන විටත් අපි භාවිතා කරනවා. එම කොටසේ අන්තර්ගත තුන් වන ලෝක යුද්ධය තවමත් මේ ලෝකය තුල ආරම්භ වී නැහැ. එය අනාගතයේත් ආරම්භ නොවේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

අංක පහ – විනාශකාරී ක්ෂුද්‍රග්‍රහයා.සිම්ප්සන් කතා මාලාවේ විකාශය වුන විදියට 2022 අවුරුද්දේ අපේ පෘතුවියට කඩා වැදෙන ක්ෂුද්රග්රහයෙක් නිසා මුළු පෘතුවියම විනාශ වී ගොස් අපි සියළු දෙනාම මිය යන්නට පුළුවන්. 14 වන කතා මාලාවේ සදහන් කර තිබෙන්නේ හදුනා නොගත් ග්‍රාහකයක් ක්‍රමයෙන් පෘතුවිය වෙත ලගා වෙන බවයි. පුදුමයට කාරණය වන්නේ ඉන් පසුව නාසා ආයතනය විසින් නිවේදනය කලේ යම් කිසි ක්ෂුද්‍ර ග්‍රාහකයක් ක්‍රම ක්‍රමයෙන් පෘතුවියට ලගා වන බවයි. 2021 වසර පුරාම වගේම එලැඹෙන 2022 වසර තුලදීත් නාසා ආයතනය මේ ග්‍රාහකය පිලිබදව බොහෝ අවධානයකින් පසු වෙනවා. මෙම ග්‍රාහකය ගමන් කරන්නේ පැයකට සැතපුම් 28,000ක වේගයකින් වන අතර එය මේ වන විට ගමන් කරන්නේ පෘතුවි කක්ෂය වෙතයි. එහි පළල අඩි 1500 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. යම් හෙයකින් මේ ක්ෂුද්‍ර ග්‍රහයා පෘතුවිය මත පතිත වුවහොත් සිදුවන විනාශය වචන වලින් විස්තර කිරීමේ හැකියාවක් නැහැ.
කෙසේ වෙතත් සිම්ප්සන් කතා මාලාවේ මෙම කොටස අවසන් වන්නේ මෙම විනාශකාරී ග්‍රාහකය කොටස් වල දැවී විනාශ වී යාමෙන් පසුවයි. එයින් කිසිවෙකුටත් හානියක් සිදු වන්නේ නැහැ.
ඉතින් අපි අද වීඩීයෝවෙන් ගෙන ආවේ ලෝක ප්‍රසිද්ධ සිම්ප්සන් කතා මාලාවේ ඔවුන් උපකල්පනය කරන 2022 වසරේ සිදු විය හැකි ඛේදජනක සිදුවීම් ගැනයි. ඉතින් මේවා මේ විදියටම නොවී 2022 වසර සුබ වසරක් වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා.
මේ වීඩියෝව යාලුවන් අතරේ ශෙයා කරන ගමන් වීඩීයෝ එකට ලයික් කරන්නත්, ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම පුදුම හිතෙන වීඩියෝවකින් ආයෙමත් හමුවෙන තුරු ඔයාලට සුබ දවසක්!