ඕනෑම පණු රෝගයක් සුව කරන ස්වභාවික සත්කාර 9 ක්

health tips

පීඩාකාරී පණු රෝග යනු ඕනෑම පුද්ගලයෙකුට ඇති වන රෝග තත්වයකි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට කාන්තාවන්ට පණු රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී.  බඩේ අජීර්ණ තත්ත්වයන් මෙන්ම අප ගනු ලබන විවිධ ආහාර හේතුවෙන් පණු රෝග වර්ධනය වේ.  ඈත අතීතයේ සිටම පණු රෝග සමනය කර ගැනීමට කුස විරේක මෙන්ම විවිධ ඖෂධ වර්ග භාවිතා කළ අතර වර්තමානය වන විට කෘතිම බෙහෙත් වර්ග භාවිතා කරනු ලැබේ. නමුත්  එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන නිසා පණු රෝග බාල මහළු වැඩිහිටි සෑම දෙනා තුළම බහුලව දක්නට ලැබේ. 

  • ශරීර ශක්තිය හීන වීම. 
  • නාභිය වටේ කැක්කුම් ඇති වීම. 
  • මලබද්ධය ඇතිවීම 
  • කෘශ වීම 
  • බඩ පුරවා දැමීම. 
  • රුධිර පීඩන වෙනස්කම් ඇති වීම 
  • නොසන්සුන්තා ඇති වීම. 
  • මානසික අසහනය ඇති වීම. 
  • වැනි රෝග ලක්ෂණ පණු රෝග ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ වේ. 

පණු රෝග ඇති වීමට බලපාන හේතු

  • අපිරිසිදු බව 
  • ඇතැම් සමාජ සංස්කෘතික පුරුදු 
  • වැරදි ආහාර විහරණයන් 
  • දිළිදුබව 
  • වැනි හේතූන් පණු රෝග ඇති වීමට බලපානු ලැබේ. 
  • බහුලව පවතින පණු රෝග 
  • කිරි පණු රෝගය 
  • වටපණු රෝගය 
  • කස පණු රෝගය 
  • පටි පණු රෝගය 
  • කොකු පණු රෝගය 
  • යන ආදී පණු රෝග බහුලව පවතින පණු රෝග වේ. 

පණු රෝග වර්ධනය වීමට  හේතුවන  ආහාර 

  • ඇඹුල් අධික ආහාර 
  • උදුපිටි කෑම 
  • පිටි මිශ්‍ර කැවිලි 
  • ලුණු රස අධික ආහාර 
  • උක් හකුරු 
  • පලා වර්ග 
  • තල 
  • සලාද  කොළ ,
  • මාළු, 
  • මුදවපු කිරි 
  • ද්‍රව සහිත ආහාර 
  • පණු රෝග සදහා හේතුවන ආහාර වර්ග වේ.

පණු රෝග ඇතිවීම වලක්වා ගැනීමට ගත යුතු ආහාර වර්ග මෙන්ම ඖෂධ වර්ග බොහොමයක් පවතී. 

පණු රෝග සදහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර 

  • ඇහැල ඈත අතීතයේ සිටම පණු රෝග සමනය කර ගැනීම සඳහා ඇහැල දළු මැල්ලුම සකස් කර ආහාරයට ගෙන තිබේ එනම් එක් වරක් හෝ දෙවරක් ඇහැල දළු මැල්ලුම සකස් කර ආහාරයට ගැනීමෙන්  මළපහ සමග පණුවන් ඉවත් කරගත හැකිය. මෙය පණු රෝග වලට මෙන්ම අක්මා රෝග සමනය කිරීම සඳහා ද උපකාරී වේ.
  • කුඹුරු ඇට කෂාය.කුඹුරු ඇට කෂාය සකස් කර පානය කිරීමෙන් පණු රෝග ඇති වීම වළක්වා ගත හැකිය. එනම්වසරකට වරක් හෝ මෙම කෂාය භාවිත කිරීම වඩාත් ගුණදායක වේ. 
  • බටකිරිල්ල පණු රෝග සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටින භාවිතා කළ තවත් එක් ඖෂධයක් ලෙස බටකිරිල්ල හදුනාගත හැකිය. එනම් බටකිරිල්ල දළු සහ ගෙඩි වියළා කොටා තබා ගෙන කෝපි මෙන් වත්කර බීමේන් පණු රෝගසමනය කර ගත හැකිය. මීට අමතරව බට කිරිල්ල ගෙඩි කුඩු කර ඒවා අගනා වැනි කෑම රට සකස් කරන විට එක් කර කුඩා දරුවන්ට ලබාදීමෙන් පණු රෝග ඇතිවීම වළක්වාගත හැකිය.
  • පෙති තෝර මැල්ලුම රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන පෙති තෝර මැල්ලුම ආහාරයට ගන්නේ නම් එමගින් පණු රෝග සමනය කරගත හැකිය. ඊට අමතරව වා පිත් සෙම් රෝග ඇදුම ,ඉක්කාව වැනි රෝග සුවකර ගැනීමටද පෙති තෝර මැල්ලුම් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 
  • ගැටතුඹ පණු රෝග සමනය කිරීම සඳහා ගැටතුඹ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. ගැටතුඹ සම්පූර්ණ ශාකයම තම්බා පානය කිරීම හෝ ඉස්ම මිරිකා පානය කිරීම මගින් පණු රෝග හා උදරය ආශ්‍රිත රෝග සමනය කර ගත හැකිය.
  • ඇත්තෝර දළු මැල්ලුම ඇත්තෝර ළපටි දළු වෙනත් පළා වර්ග සමඟ මිශ්‍ර කර කලවම් පළා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් කිරි පණු රෝගය සුවපත් කර ගත හැකිය. එමෙන්ම ආමාශයේ සිටින පණුවන් ඉවත් කර ගැනීමට ද මෙම පවා මැල්ලුම වඩාත් ගුණදායකය.  මීට අමතරව පිරිසිදු ඇත්තෝර දළු මිටක් මිරිකූ පොල් සහ ලුණු මිරිස් සමග මුසු කොට රාත්‍රියේදී ආහාරයට ගැනීමෙන් පසු දින  මළපහ සමඟ පණුවන් ඉවත් කර ගත හැකිය. 
  • පළා වර්ග පළා වර්ග වලින් ගොටුකොළ, මුගුණුවැන්න වැනි පළා වර්ග ආහාරයට ගැනීම පණු රෝග ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වේ. ඊට අමතරව ගොටුකොළ හා වළගසල් කෂාය ද පණු රෝග සදහා සුදුසු වේ. 
  • පැණි තෝර දළු කොළ මැල්ලුම.පණු රෝග සමනය කිරීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු තවත් එක් පළා වර්ගයක් ලෙස පැණි තෝර කොළ මැල්ලුම හැඳින්විය හැකිය. එනම් පැණි තෝර මැල්ලුමක් ලෙස සකස් කරන විට කලවම් පලා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් මෙමගින් පණු රෝග සමනය කරගත හැකි අතර නීරක්තිය වැනි රෝග තත්ත්වයන් ද සමනය කර ගත හැකිය. නමුත් ගැබිනි මවුවරුන් සඳහා පැනිතෝර දළු මැල්ලුම ආහාරයට ගැනීම යෝග්‍ය නොවේ. එමෙන්ම මේවා කුඩා දරුවන්ට ලබා දෙන විට මෙහි පවතින තිත්ත රසය වෙනස් කර ගැනීමට  වැලි කොස් ඇට තැම්බුමට දමා කෑමට දෙනු ලබයි. පැණි තෝර කොළ ආහාරයට ගැනීමෙන් පණු රෝග පමණක් නොව  දත් මුල් දියවීම ,දත් කැක්කුම ආදී මුඛය ආශ්‍රිත රෝග තත්ත්වයන් සමනය කරගත හැකිය.
  • එරබොදු  දළු. එර බොදු වර්ග කිහිපයක් ම පවතින අතර යක් එරබොදු ,කටු එරබොදු , එරමුදු යන ආදී ශාකයන්ගේ දළු ගෙන බැලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් පණු රෝග සමනය කරගත හැකිය. විශේෂයෙන්ම කිරිපණු රෝගය සමනය කිරීම සඳහා එරබදු ශාකය බහුලව යොදා ගන්නා අතර මේ නිසාම මෙම ශාකය පාලියෙන් කෘමිස්න ලෙස හදුන්වනු ලබයි. 

මේ ආදී ස්වභාවික ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් පණු රෝග සමනය කරගත හැකිය. නමුත් මෙම ඖෂධ බාවිතා කිරීමට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.