අක්මා රෝග සුව කරන යකිනාරං කැඳ පානය

health tips

බෝහෝමයක් ඖෂධීය ගුණයන්ගෙන් සමන්විත යකිනාරන් ශාකය බොහෝ ශාඛා වලට බෙදෙමින් වර්ධනය වන මීටර් දෙකක් පමණ උසට වැඩෙන දේශීය ශාකයක් වේ.මෙම ශාකය ඇතැම් අවස්ථාවන්හි පදුරක් ලෙසද දැකිය හැකිය. ශාක කද සහ අතු කටුවලින් යුක්ත වේ. පුෂ්ප මංජරියක මල් හට ගන්නා අතර ඒවා සුදු පැහැයක් ගනී.

මෙහි පත්‍ර ළපටි අවස්ථාවෙහි ලා කොළ පැහැයක් ගන්නා අතර මේරූ විට තද කොළ පැහැයක් ගනී. Rutaceae ශාක කුලයට අයත් මෙම ශාකයෙහි ගෙඩි මංසල බදරියක්වේ. ඵලය පැගිරි සහිත ඵලාවරණයකින් ආවරණය වී තිබේ. මෙම ශාකයේ කොළ , පොතු , මුල් , ගෙඩි යනාදී සියලු ශාක කොටස් රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරනු ලැබේ. 

යකිනාරං ශාකයේ ඖෂධීය ගුණ භාවිතය – එනම් බෝහෝමයක් රෝග නසන යකිනාරන් ඖෂධීය කැද  පානය බෝහෝ දෙනා අතර ප්‍රචලිත ඖෂධීය පානයක්වේ. 

යකිනාරං කැද පානය පිස ගන්නා ආකාරය 

පළමුවෙන්ම අවශ්‍ය අමුද්‍රව්‍ය

  • යකිනාරං කොළ මිටවල් දෙකක් පමණ 
  • කැකුලු සහල් මිටක් 
  • වතුර කෝප්ප 01ක් 
  • පොල්කිරි කෝප්ප 01ක් 
  • සුදු ලූණු බික් කිහිපයක් 
  • බී ලූණු ගෙඩි එකක් 
  • දෙවනුව යකිනාරං කොළ දෙමිට සිහින්ව කපාගෙන හොඳින් කොටා ජලය කෝප්ප භාගයක් පමණ යොදා එහි යුෂ ලබා ගන්න. 
  • ඊට පසු කැකුලු හාල් ටික සෝදා බතක් ලෙස සාමාන්‍ය ආකාරයට පිස ගන්න. 
  • එම බතට සුදු ලූණු ,බී ලූණු පොල් කිරි ආදිය එක් කර මද වේලාවක් තැම්බෙන්න හරින්න. 
  • පසුව යකිනාරං කොළ යුෂ එයට එක් කර අවශ්‍ය ආකාරයට ලුණු එකතු කර මිනිත්තු පහක් පමණ මද ගින්නෙන් පැසෙන්න හරින්න . 
  • ලිපෙන් බා මදක් නිවෙන්නට හැර පානය කරන්න . 
  • ඔබට කැමති පරිදි කැද පානය රසවත් කර ගැනීමට වෙනත් ඕනෑම කොළ වර්ගයක් එක් කීරීමට හැකියාව ඇත . 

මෙම ඉතා ගුණවත් ඖෂධීය පානය

  • සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට සෙම
  • පැසවීම සදහා 
  • රුධිරගත මේදය පාලනය කීරීමට 
  • ශරීරයේ විෂ ඉවත් කිරීමට 
  • කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමට 
  • අක්මා ගත රෝග සදහා (සෙංගමාලයට) වඩාත් ගුණදායක වේ . 
  • මෙම ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගත හැකි රෝග රැසක් පවතී .
  • සෙම්ප්‍රතිශ්‍යාව 
  • උණ 
  • ඇදුම 
  • ආමතිසාරය 
  • ආහාර අරුචිය 
  • අජීර්ණ 
  • සන්නි රෝග 
  • පක්ෂගාත 
  • සන්ධි ඉදිමුම් 
  • සර්ප විෂ 
  • චර්ම රෝග 
  • අර්දිත (මුහුණේ කොටසක් අකර්මණ්‍ය වීම ) වැනි රෝග ඒ අතර වේ 
  • මී මැස්සන් ,බඹරන් දෂ්ඨ කළ විට එම විෂ නැසීමට යකිනාරං ශාකයේ මුල් දෙහි ඇඹුලින් අඹරා එම ස්ථානයන්හි ආලේප කිරීම සුදුසුවේ. 
  • බඩේ අජීර්ණ තත්වයන් සමනය කරයි.එනම් මේ සඳහා මෙම ශාකය හොඳින් කොටා යුෂ ලබා ගන්න.පසුව එයට ගිනියම් කළ යකඩයක් ඔබා මී පැණි මිශ්‍ර කර ලබා දීම සුදුසුවේ. 
  • සන්ධි ඉදිමීම , පක්ෂගාත ,අර්දිත යනාදී රෝග සමනය කරයි. මේ සදහා යකිනාරං ගෙඩි වලින් සකස් කර ගන්නා තෙල් ආලේප කිරීම ගුණදායකය. 
  • සෙම්ප්‍රතිශ්‍යාවට සහනයක් ගෙන දෙයි.මේ සදහා යකිනාරං කොළ හොඳින් තම්බා එහි වාෂ්ප ආග්‍රහණය කිරීම කළ යුතුය . 
  • බෝහෝමයක් ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධය ඒකීයව භාවිත කරන අතර දේශීය දලු අනුපාන වර්ග වලට යොදන එක් ඖෂධය වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු යොදා ගනු ලැබේ . 
  • පණු දද සදහා යකිනාරං කොළ හොඳින් අඹරා ආලේප කිරීම යෝග්‍යය වේ. 
  • මදුරුවන් පලවා හැරීම සදහා යකිනාරං කොළ දුම ඇල්ලීම සිදු කරනු ලබයි . 
  • කැසීම් සහිත චර්ම රෝග සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගනු ලැබේ .
  • මේ සදහා යකිනාරං කොළ තැම්බූ කෂාය ජලයෙන් අවශ්‍ය ස්ථාන සේදීම කරනු ලැබේ. 
  • ආහාර රස ගැන්වීමේදී යකිනාරං කොළ යුෂ භාවිත කරනු ලැබේ. 
  • යකිනාරං ගෙඩි යාග හෝමවලදී පස් පැගිරි සදහා භාවිත කරනු ලබයි .එමෙන්ම ගම්වල යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම් බලිතොවිල් ආදිය සදහා භාවිත කරනු ලැබේ. 
  • යකිනාරං ගෙඩි හා විනාකිරි යොදා සකසා ගන්නා රසකාරක ඉවුම්පිහුම් වලදී ආහාර රසවත් කිරීමට භාවිත කරනු ලබයි .

බෝහෝමයක් අවස්ථාවන්හි ප්‍රතිකාර කිරීමේදී එකීයව භාවිත කරනු ලබන මෙම ශාකය විශ්මිත ඔසුවක් වේ .මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස යකිනාරං ශාකය භාවිතා කළ හැකිය. නමුත් යම් රෝග තත්ත්වයකට ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.