දැන්ම ඔබ නතර කර යුතු යෝනිය ආශ්‍රිතව යීට්ස් ආසාදනය ඇති කරන නරක පුරුදු 11 ක්

health tips

කාන්තාවන් යනු ජීවිත කාලය තුළ විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන පිරිසකි.එනම් කාන්තාවට නොයෙකුත් හේතූ මත විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමට සිදු වේ. බෝහෝමයක් කාන්තාවන් මුහුණ දෙන පීඩාකාරී තත්වයක් ලෙස යෝනිය තුළ යීට්ස් ආසාදනය වීම දැක්විය හැකිය.සාමාන්‍ය ව්‍යවහරයේ මෙය හදුන්වනු ලබන්නේ ‘සුද යාම’ යනුවෙනි. ඇත්තෙන්ම මෙවැනි නමක් මෙම තත්වය හැදින්වීමට උචිත නොවේ. කූට උපක්‍රමවලින් මුදල් සොයන වෙදුන් මෙම තත්වය මහා භයානක රෝගී තත්වයක් ලෙස පෙන්වා මුදල් ලබා ගැනීමට නොයෙක් ඖෂධ ලබා දෙයි.එහෙත් මෙය සුව කිරීම සරල පහසු දෙයක් වේ. 

යීට්ස් ආසාදනයක් යනු කුමක්ද ? කාන්තාවන් බෝහෝමයක් යෝනියේ යීට්ස් ආසාදනයෙන් පීඩා විදී. මෙය සාමාන්‍ය සුලභ තත්වයක් වන අතර යෝනියේ සුළු ප්‍රමාණයෙන් ජීවත් වන පුස් විශේෂයක් ලෙස යීට්ස් හදුනා ගත හැකිය. මෙම පුස් විශේෂය අසාමාන්‍ය ලෙස යෝනිය තුළ වර්ධනය වීම යීට්ස් ආසාදනයක් ලෙස හදුන්වනු ලැබේ. මෙම තත්වය පහසුවෙන් සුවපත් කර ගත හැකි අතර ඒ පිළිබඳ අනවශ්‍ය ලෙස මානසිකව වද වීම අවශ්‍ය නොවේ. 

යෝනිය තුළ යීට්ස් ආසාදනයක් ඇති වූ විට එහි ලක්ෂණ 

  • යෝනීයේ කැසීමක් හට ගැනීම.
  • යෝනිය රත් පැහැ වීම.
  • ඉදිමීම.
  • තද කුඩා චීස් කැබලි වැනි කැබලි සහිත සුදු පාට ශ්‍රාවයක් යෝනී මාර්ගයෙන් පිටතට පැමිණීම. 

යෝනිය තුළ යීට්ස් ආසාදනයක් ඇති වීම සදහා බලපාන හේතූ ( යෝනීයෙ බැක්ටීරියා සමබරතාව ගිලිහීමට හේතූ) 

  • ශරීරයේ ඊස්ට්‍රජන් හොර්මෝනවල මට්ටම පහළ බැසීම. 
  • රුධිරගත සීනි මට්ටම වැඩි වීම.
  • කිසියම් රෝගයකට ප්‍රතිබැක්ටීරීයාකාරක ඖෂධ ගැනීම නිසා හිතකර බැක්ටීරියා මැරී යාම.
  • HIV වැනි රෝග තත්වයන් ඇති වීම. 

යීට්ස් ආසාදනයක් ඇති වූ විට සහ එය ඇති වීම වළක්වා ගැනීමට කළ හැකි දේවල් 

යීට්ස් ආසාදනයක රෝග ලක්ෂණ ඔබ තුළත් දක්නට ලැබේ නම් ඔබ පළමුවෙන්ම කළ යුතු දෙය වන්නේ වෛද්‍යවරයකු හමු වී ලබා දෙන උපදෙස් අනූව ප්‍රතිකාර ගැනීමයි. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ භාවිත කිරීම නොකළ යුතුය. මේ සදහා බලපාන හේතූ කිහිපයක් පවතී. 

  • ඇතැම් ලිංගාශ්‍රිත රෝගී තත්වයන්ගේද මෙම රෝග ලක්ෂණ දැකිය හැකි වීම. 
  • ඔබ නොදැනුවත්ව ගර්භණී තත්වයට පත් වී සිටිය හැකිය. බෝහෝමයක් ගර්භණී කාන්තාවන්ට ගර්භණී සමයේ මෙම යීට්ස් ආසාදන ඇති වේ. එහිදී අපට සිතැගි පරිදි ඖෂධ ලබා ගතහොත් කුස තුළ සිටින දරුවාට එමගින් බලපෑමක් ඇති විය හැකිය. 

වෛද්‍යවරයකු හමු වූ විට මෙම ආසාදන තත්වය සදහා ප්‍රතිදිලීර ඖෂධ ලබා දෙන අතර එමගින් සුවපත් වී මාස ගණනාවකට පසු නැවත එම තත්වය ඇතිවන අවස්ථා පවතී. එනිසා එවැනි තත්වයක් නැවත ඇති නොවීම සදහා අප අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයක් පවතී. මෙම සෞඛ්‍ය පුරුදු නිසියාකාරව අනුගමනය කිරීම යීට්ස් ආසාදනයක් නැවත ඇති වීම වළක්වා ගැනීමට අත්‍යාවශ්‍ය වේ. 

1. ප්‍රති බැක්ටීරියා කාරක ඖෂධ නිතරම භාවිතයෙන් වැළකී සිටීම.හෙම්බිරිස්සාව වැනි රෝගී තත්වයන් හිදී ඇන්ටි බයෝටික්ස් ඖෂධ බහුලව භාවිත කිරීමෙන් වැළකිය යුතුය. මෙම රෝග සදහා ඉබේම සුවපත් වීම සදහා අවස්ථාවක් ලබා දිය යුතුය. 

2. ලිංගික අවයව ප්‍රදේශය නිතරම පිරිසිදුව සහ වියළිව තබා ගැනීමට කටයුතු කළ යුතුය. නොමැති නම් තෙතමනය සහ උණුසුම යීට්ස් වර්ධනය වැඩි කිරීමට හේතූ වේ. 

3. උපත් පාලනය සදහා හොර්මෝන ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් ලිංගික ප්‍රදේශවලට රසායනික ද්‍රව්‍ය අන්තර්ගත සුවද පැන් ආදිය ආලේප කිරීමෙන් වළකින්න. 

4. සාමාන්‍යයෙන් ඇග පිස දැමීම සදහා භාවිත කරනු ලබන තුවාය ලිංගික ප්‍රදේශය පිස දැමීම සදහා භාවිත නොකළ යුතුය.මේ සදහා ටිෂු පැක් එකක් භාවිත කර තෙත මාත්තු කරන්න. වැසිකිළි ගිය පසු පිටුපස සිට ඉදිරියට තෙත මාත්තු කිරීමෙන් ගුදය පෙදෙස වියළි යීට්ස් යෝනිය තුළට පැමිණීම වළක්වා ගත හැකිය.

5. තද යට ඇදුම් ඇදීමෙන් වැළකීම. 

6. පැණි රස නිතර ආහාරයට ගැනීමෙන් වැළකීම. 

7. නින්දට යාමේදී ලිංගික පෙදෙස ආවරණය නොකර දෙපා ඈත් කර තැබීම. 

8. යෝනී මාර්ගය තෙත පිටින් නොතබන්න. සෑම සේදුමකටම පසු හොඳින් තෙතමාත්තු කර යෝනී පෙදෙස වියළි ආකාරයෙන් තබා ගන්න. 

9. මෙම රෝගී තත්වය දිගු කලක් පවතී නම් යට කලිසම් ඇදීමෙන් වැළකී සිටිය යුතුය. මේ සදහා දිග සායවල් ආදිය භාවිතයට යොමු වන්න.

10.ඔසප් වීම සිදුවන විට පමණක් යට කලිසම් භාවිත කරන්න. යට කලිසම් භාවිතය වැළකීමෙන් යීට්ස් වර්ධනය සදහා ඇති අවකාශය අඩු වේ. 

11.රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කර දියවැඩියාව ඇත්නම් ඒ සදහා ප්‍රතිකාර ගැනීම. එනම් සීනී ප්‍රමාණය වැඩි වීම ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල කිරීම සදහා හේතූ වේ. 

බොහොමයක් දෙනෙක් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් මෙම තත්වය සුවපත් කර ගනී. මෙම සෞඛ්‍යය පුරුදු ඔබ නියමාකාරයෙන් අනුගමනය කරයි නම් යෝනිය ආශ්‍රිතව ඇතිවන යීට්ස් ආසාදනයේ පීඩාකාරී බවින් ඔබට නිසැකවම මිදීමට හැකියාව ලැබේ.