මිනිස් සිරුර නීරෝගීව ක්‍රමවත්ව ක්‍රියානොකරන විට ඒ බව විවිධ රෝග ලක්ෂණ මඟින් පෙන්නුම් කරන්නට පටන්ගන්නවා. ඔබේ සිරුරේ නීරෝගිකම රැකගැනීමට නම් ඔබේ සිරුර ගැන හොඳ අවධානයක් අවබෝධයක් ඔබට තිබීම ඉතා වැදගත් වෙනවා. බොහෝ අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සිරුර රෝගී වී ඇති බව විවිධ රෝග ලක්ෂණ මතුවීම් මඟින් සංඥා කළත් ඇතැම් පුද්ගලයින්ගේ නොසැලකිල්ල නිසා රෝග තත්වයන් උත්සන්න වන තුරුම එම තත්වයන් කල් තියා හඳුනාගන්නට බොහෝවිට හැකිවන්නේ නැහැ.
එවැනි අවදානම් වළක්වාගැනීමට නම් ඔබේ සිරුරේ ඇතිවන වෙනස්කම් පිළිබඳව හොඳ අවධානයකින් සිටිය යුතුයි.ඔබත් පහත සඳහන් ආකාරයේ රෝග ලක්ෂණ අත්දකිමින් සිටිනවාද? එසේ නම් එම ලක්ෂණ ගණන් නොගෙන ඉන්න් එපා. දිගින් දිගටම පීඩාකාරී ලෙස මෙම රෝග ලක්ෂණ සිරුරේ මතුකරයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට කටයුතු කිරීම නුවණට හුරුයි.

- යම් යම් දේවල් පාවෙනවා පෙනීම (floaters)ඉඳ හිට යම් යම් දේවල් පාවෙනවා මෙන් ඇස් වලට පෙනීම ලොකු ගැටලුවක් නොවෙයි.නමුත් මෙය දිගින් දිගටම ඇතිවෙයි නම් ඒ ඇසෙහි දෘෂ්ටි පටලය (විතංසතිය) ඈත්වීම (retinal detachment),ඉරීයාම හෝ ඇසේ ප්‍රදාහය වැනි බරපතල ගැටලුවක් නිසා විය හැකියි. නිසි ප්‍රතිකාර වෙත යොමුනොවුණොත් ස්ථීර ලෙස ඇස් පෙනීම අහිමිවී යාමට ඉඩ තිබෙයි.
- අධික උණඋණ තත්වය ඉබේ පහව යයි කියා අනුමාන කළත් අධික උණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත් විය යුතුයි.බැක්ටීරියා ආසාදන හෝ නියුමෝනියා වැනි අවදානම් උත්සන්න වීම වළක්වාගැනීමට එය වැදගත්.
- පැහැදිලි හේතුවක් නැතිව ඇස් වල වේදනාවක් දැනීම ඇස් වල වේදනාකාරී බවක් දැනීම සංසන්ධිතදාහය (conjunctivitis) නම් ඇස් ආසාදනයේ ලක්ෂණයක් විය හැකියි. මෙය බැක්ටීරියා, වෛරස හෝ ආසාත්මිකතා බලපෑමින් ඇස් වල ඇතිවන පීඩාකාරී ප්‍රදහය (ඉදිමුම්) තත්වයක්.මෙය වහාම ප්‍රතිකාර අවශ්‍ය ගැටලුවක්.ඇස් වල වේදනාව ඇතිවීම ඇස් ආශ්‍රිත වෙනත් සංකූලතාවක් වීමට ද ඉඩ ඇත.
- හුස්ම හිරවීම ව්‍යායාම වගේ ඇඟ මහන්සි වෙන වැඩක් කළ පසු සුලු වෙලාවක් යනතුරු හුස්ම ගැනීම අපහසු ගතියක් දැනීම සාමාන්‍යයයි.නමුත් කිසි වැඩක නොයෙදුණත් නිතරම හුස්ම හිරවෙන ගතියක් දැනෙනවා නම් එය හෘද ගැටලුවක සංඥාවක් වෙන්නට ද පුළුවන්.
- බොඳ වී පෙනීම මෑතක සිට ඔබට අවට දේවල් පෙනෙන්නේ බොඳ වෙලා නම් ඇතැම් විට ඒ ඔබ දියවැඩියාව හෝ අධික ආතතිය වැනි නිදන්ගත රෝගයකින් පෙළෙමින් ඉන්න බවට සංඥාවක් වෙන්නට පුළුවන්.කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාම නිසා ද මෙවැනි තත්වයක් ඇස් වල ඇතිවිය හැකියි.
- උරහිස් වල තදබල වේදනාව උරහිස් වල අධික වේදනාවක් ඇතිවීම හෘදයාබාධයක පූර්ව ලක්ෂණයක් වීමට ඉඩතිබෙයි (විශේෂයෙන්ම එය එක්වරම හදිසියේ ඇතිවෙයි නම් හෝ වේදනාව වේගයෙන් වැඩිවෙයි නම්).
- ඇස් රතුවීම හා කඳුළු ගැලීම ඔබ ඇස් කාච පලඳින කෙනෙක් නම් ඇස් ආසාදනයට ලක්වීමේ ඉහළ අවදානමක් තිබිය හැකියි (විශේෂයෙන්ම කාච නිසි ලෙස පිරිසිදු නොකිරීම, අපිරිසිදු අත් වලින් ඇස් ඇල්ලීම නිසා). ඇස් රතුවී ඇත්නම්, වේදනාවක් දැනෙයි නම් හෝ ඇස් වලින් කඳුළු ගැලීමට පටන්ගෙන ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ ඇස් පරික්ෂා කරගන්න.

- පපුවේ පීඩනයක් දැනීම පපුව පීඩාකාරි ලෙස තෙරපෙන බවක් දැනේ නම් එය හෘදයාබාධයක හෝ ඇතැම් විට නියුමෝනියාවේ සංඥාවක් විය හැකියි.ඇතැම් විට මෙය පුප්ඵුසීය නික්ඛිත්තිය (pulmonary embolism) හෙවත් පෙනහළු වල ධමනි අවහිරවීමේ තත්වයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් ද විය හැකියි.
- දෙක වී පෙනීම (double vision) තෙහෙට්‍ටුවෙන් ඉන්න අවස්ථාවක මෙවැනි පෙනීමක් ඇතිවීම සාමාන්‍ය තත්වයක්.නිතර නිතර යමක් දෙකක් වෙලා පෙනෙනවා නම් ඇතැම් විට ඒ අධි රුධිර පීඩනය හෝ ආඝාතය (අංශබාගය) පූර්ව සංඥාවක් වීමට ඉඩ තිබෙයි.
- පපුවේ තදගතියක් දැනීම පපුවේ තදගතියක් නිතර දැනෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.ඇතැම් විට මෙය හෘදගැටලුවක් පිළිබඳ ඉඟි කිරීමක් විය හැකියි.
- සිරුරේ එක් පැත්තක අප්‍රාණිකබව සිරුරේ එක් අංශයක් පමණක් පණ නැති බවක් දැනීම ආඝාතය හෙවත් අංශබාග රෝග ලක්ෂණයක් විය හැකියි.මෙවැනි සංවේදනයක් ඇතිවේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

- පපුවේ වේදනාව අම්ලා ප්‍රතිවාහ (acid reflux) හෙවත් ජීර්ණය වන ආහාර නැවත අන්නස්‍රොතය දෙසට ගලා ඒම (උගුරට ඒම) නිසා පපුවේ වේදනාව හටගත හැකියි.නිතර මේ තත්වය ඇතිවෙයි නම් ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.
- පපුවේ වේදනාව සමඟ ඉස කරකැවිල්ල ගතියක් දැනීම මෙම ලක්ෂණ ඇතිවන්නේ එකවරම නම් එය බොහෝ දුරට යම් හෘද රෝගයක් ගැන ඉඟි කරනවා විය හැකියි.
- කකුල් හෝ යටිපතුල් වල වේදනාව මේ රෝග ලක්ෂණය රාත්‍රි කාලයේදී වඩාත් උත්සන්න වේ නම් එය ආතති අස්ථි බිඳුමක ලක්ෂණයක් විය හැකියි.නිසි ප්‍රතිකාර නොගෙන දිගින් දිගටම කකුල් වෙහෙසවා ඇවිදීම නිසා මෙය නරක අතට හැරීමට ඉඩ තිබෙයි.ඇතැම් විට කකුල් වල වේදනාව ඇතිවීමට ඒ ආශ්‍රිත රුධිර නාළයක ලේ කැටිත්තක් අවහිර වී තිබීම හේතුවක් විය හැකියි.
- උගුරේ සිට ආරම්භ වී පැතිරෙන උගුරේ වේදනාව උගුරේ වේදනාව උගුර තුවාල වීමෙන් ද ඇතිවෙයි.නමුත් පපුවෙන් පටන්ගෙන පැතිරෙන උගුරේ වේදනාවට හේතුව යම් හෘද ගැටලු තත්වයක් විය හැකියි.