මිනිසාගේ රුධිරය වර්ග හතරකට බෙදෙන බව ඔබ දන්නවා.A,B,AB,O යන රුධිර වර්ග නැවත නෙගෙටිව් (Negetive ) හා පොසිටිව් (Positive ) ලෙසත් වර්ග දෙකකට බෙදෙනවා. මේ එක් එක් රුධිර වර්ගයට ආවේණික වූ විශේෂතා කිහිපයක්ම පවතිනවා. රුධිර පාරවිලයනයේදී මේ රුධිර ඝන ගැලපීම අත්‍යවශ්‍යයි වගේම අපිට හිමි රුධිර වර්ගය අනුව පුද්ගලයාගේ සෞඛ්‍ය පිළිබඳවත් දැන කියා ගන්නට අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට හිමි රුධිර වර්ගය ඔබේ ශරීර සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලයි අද අපි කතා කරන්නට සූදානම් වන්නේ.
O වර්ගයේ රුධිරය

O වර්ගයේ රුධිරය හිමි අයට මැලේරියාව වැළදීමේ අවදානම අඩු බව සොයාගෙන තියෙනවා. නමුත් O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයන් විවිධ දෂ්ට කිරීම් ඇතිවීමේ අවදානමක් තිබුණත් ඔවුන්ට මැලේරියාවෙන් ආරක්ෂා වෙන්නට පුළුවන්. O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයන් ඇතැම්විට මැලේරියා රෝගයට ගොදුරු වුණත් එයින් මරණයට පත්වීමේ ඉඩකඩ ඉතා අඩුයි. මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ මැලේරියාව ඇති කිරීමට දායක වන රයිෆීන් ප්‍රෝටීනයට O රුධිර සෛලවලට බන්ධනය වීමේ ඇති හැකියාව ඉතාමත් අවම මට්ටමක පැවතීමයි.මේ නිසාම O වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට මැලේරියාව වැළදීමේ ඉඩකඩ ඉතාම අවමයි.
ඒ වගේම හෘදය ආශ්‍රිත ගැටළු O වර්ගයේ රුධිරය හිමි අයෙකුට වැළදීමේ ඉඩකඩ ඉතා අවමයි. විශේෂයෙන්ම හෘදයාබාධ ඇතිවීම වගේම ආඝාතය වැනි භයානක තත්ත්වයන්ගෙන් ද O රුධිර වර්ගය සහිත පුද්ගලයන් ආරක්ෂිතයි.නමුත් මේ රුධිර ගණය සහිත අය නිතරම ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවතිනවා. ආමාශයේ සංවේදීතාවය වැඩි නිසා ආමාශගත වණ තුවාල ආදිය ඇතිවීමේ ප්‍රවණාවයත් ඉහළයි.
වයස්ගත වෙත්ම O රුධිර ගණය සහිත කාන්තාවන්ගේ සරුභාවය නැත්නම් ගැබ් ගැනීමේ හැකියාව අඩු වන බව සොයා ගෙන තියෙනවා.යේල් විශ්ව විද්‍යාලය විසින් කළ අධ්‍යයනකදී O රුධිර ගණය හිමි කාන්තාවන්ගේ FSH මට්ටම ඉහළ අගයක් පවතින බව සොයාගෙන තියෙනවා. FSH මට්ටම ඉහළ විට ඩිම්බ සංචිත අඩු වෙනවා. ඒ අනුව O රුධිරය හිමි කාන්තාවන් වයසටයත්ම ගැබ් ගැනීමේ ප්‍රවණතාවය අඩු වෙනවා.

AB රුධිර ගණය මොවුන් ඩිමෙන්ෂියා රෝගයට ලක්වීමේ ඉහළ අවදානමක් ගන්නා කාණ්ඩයක් වන අතර සංජානන දුර්වලතා ඇතිවීමේ අවදානම 82% කින් ඉහළ බවත් අනාවරණය කරගෙන තියෙනවා.
නෙගෙටිව් රුධිර වර්ග (O- B- A- AB-) මේ නෙගෙටිව් වර්ගයේ රුධිර වර්ගයන් ඇති පුද්ගලයන්ට මානසික ගැටළු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතිනවා. ඒ හැරුණාම නෙගෙටිව් වර්ගයේ රුධිර වර්ග හිමි අය බොහෝවිට භීතිය සම්බන්ධ ගැටළු, සමාජ විරෝධී පෞරුෂත්ව ආබාධ සහ අවධානය අඩුවීම ඇතුළු බොහෝමයක් මානසික ආබාධවලට ගොදුරුවීමේ හැකියාවක් පවතිනවා. මේ මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටළුවලට අමතරව ආසාත්මිකතාවලට ගොදුරුවීමේ අවදානමත් ඉහළ බවයි සඳහන් වන්නේ.ඒ නිසා ඒ රුධිර ඝනය හිමි පුද්ගලයන් සමේ ඇතිවන අසාත්මිකතාවලට වැඩි වශයෙන් ගොදුරු වෙනවා.
පිළිකා ඇතිවීම

A වර්ගයේ රුධිරය A වර්ගයේ රුධිරය සහිත පුද්ගලයන්ට ආමාශගත පිළිකා ඇතිවීමේ ඉහළ අවදානමක් පවතිනවා. මේ A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයන්ට වඩා පිළිකා ඇතිවීමේ අවදානම 38% කින් ඉහළ බව අනාවරණය කරගෙන තියෙනවා.A නොවන වර්ගයේ රුධිර ගණ ඇති පුද්ගලයන්ට ආමාශයික පිළිකා ඇතිවීමේ සම්භාවිතාවය සාපේක්ෂව අඩු අගයක් ගනු ලබනවා.
B වර්ගයේ රුධිර වර්ගය B වර්ගයේ රුධිරය ඇති පුද්ගලයෙකුගේ පිළිකා ඇතිවීමේ අවදානම 59% ක් බවටයි සඳහන් වන්නේ.විශේෂයෙන්ම මේ රුධිර වර්ගය හිමි පුද්ගලයන් ආමාශය ආශ්‍රිත පිළිකා රෝගවලට වැඩි වශයෙන් ගොදුරු වෙනවා. ඒ හැරුණාම O රුධිර ගණ හැර අනෙකුත් රුධිර ගණ ඇති පුද්ගලයන්ට අග්න්‍යාශයික පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ බවත් අනාවණය කරගෙන තියෙනවා.
දියවැඩියා රෝගය

A හා B වර්ගයේ රුධිර වර්ග ප්‍රංශ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යනයකදී හෙළි වුණු ආකාරයට A සහ B වර්ගයේ පුද්ගලයන් දියවැඩියා රෝගයට ගොදුරු වෙනවා.A වර්ගයේ රුධිරය ඇති පුද්ගලයන්ට දෙවන වර්ගයේ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානම 10% කින් වැඩි බවත් B වර්ගයේ රුධිර වර්ගය හිමි පුද්ගලයන් දියවැඩියාව වැළදීමේ ඉඩකඩ 21% කින් වැඩි බවත් සොයාගෙන තියෙනවා.
ගර්භණීභාවයට ඇතිවන බලපෑම් කාන්තාවකගේ රීසස් සාධකය (RH Positive RH Negetive ) ධන ද ඍණ ද යන්න කාන්තාවකගේ ගර්භණීභාවය සඳහා බලපානු ලබනවා. කාන්තාවකගේ රීසස් සාධකය ඍණ වී කළලය ධන වුණොත් ගැටළු ඇතිවීමේ අවදානමක් පවතිනවා. මෙය හඳුන්වනු ලබන්නේ රීසස් නොගැලපීම විදියටයි.රීසස් සාධකය ධන වන කළල රූපයක රීසස් සාධකය ඍණ වන කාන්තාවකගේ රුධිරයට ඇතුළු වුණොත් එය තමාගේ රුධිරය නොවන බව කාන්තාවගේ ශරීරය විසින් හඳුනා ගෙන කාන්තාවගේ ශරීරයේ රීසස් විරෝධී ප්‍රතිදේහ නිපදවීමත් ඒ ප්‍රතිදේහ කලල රූපයට එරෙහිවත් ක්‍රියා කරනවා.මේ ප්‍රතිදේහ කළල බන්ධය ඔස්සේ ගමන් කිරීමෙන් කළල රූපය විනාශ කරන්නට වුණත් හැකියාව ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාව නිසා බරපතල සෞඛ්‍ය ගැටළු පවා ඇති වෙන්නට පුළුවන්.
මදුරු දෂ්ඨන මදුරුවන්ගේ දශ්ට කිරීම් සඳහාත් රුධිර ඝනය බලපානු ලබනවා. වෛද්‍ය කීට විද්‍යා සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබුණු ආකාරයට O රුධිරය ඇති පුද්ගලයන් වෙත මදුරුවන් ආකර්ශණය 83% ක් බවත්,A වර්ගයේ රුධිරය සහිත පුද්ගලයන් වෙත මදුරුවන් ආකර්ශනය වීම් 47% ක් වන බවත් අනාවරණය කරගෙන තියෙනවා.
ඉතින් රුධිරය කියන්නේ අපේ ශරීර සෞඛ්‍ය කෙරෙහි බලපානු ලබන ප්‍රමුඛ සාධකයක්. ඒ වගේම අපේ ගති ගුණ වගේම නීරෝගීභාවයත් ආදී බොහෝ කාරණා රුධිර ගණයට අනුව විවිධ ස්වරූප ගන්නා බව පැහැදිලි කාරණයක්.