කුමාරයෙක් වගේ ලස්සන දරු පැටියෙක් ලබාගන්න ගර්භනී මාස 9 තුළ කර යුතු දේවල් 6ක්

health tips

කාන්තාවකගේ ජීවිතයේ ඇයට ලැබෙන ඉහළම පදවිය වන්නේ මව් පදවියයි. ගර්භනී කාලයේදී මාස 9 ක් පුරාවට තම දරුවා කුස තුල දරාගෙන ඇය ගතකරන්නේ ඉතා සැපපහසු ජිවිතයක් නම් නොවෙයි. මේ කාලයේදී කාන්තාවකගේ සිරුර බරින් වැඩිවීම ඉතා සාමාන්‍යය දෙයක්. නමුත් සිරුරේ බර අනවශ්‍ය ලෙස වැඩී තරබාරු පෙනුමක් ඇතිවීම සෞඛ්‍ය සම්පන්න නැහැ. නීරෝගී ආහාර පාන හා නිතිපතා ව්‍යායාම වල යෙදීම ඔබේ සිරුර ලෙඩවීම හා තරබාරු වීම වළක්වාගැනීමට බොහෝසෙයින් උපකාරි වෙනවා. ගැබිනි සමයේදීත් ඔබේ සිරුරේ නීරෝගී හැඩය පවත්වාගැනීම පහසු කරවන උපක්‍රම කිහිපයක් ගැනයි අද ඔබට කියන්නේ.

  1. ඇ‍ඳෙන් නැගිටින විට පැත්තකට බර වී වාඩිවීමට උත්සහ කරන්න.

දවසින් දවස ගැබ වර්ධනය වෙද්දී  උදරය නෙරීම (උදර පේශී වෙන්වීම) වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.වර්ධනය වන කලලයේ පීඩනය සහ ගැබිනි සමයේදී මවකගේ සිරුරේ ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසයි මේ  දේ සිදුවන්නේ.මෙසේ පෙශී වෙන්වීම හානිකර දෙයක් නොවුණත්, උදරය විශාල වී නෙරා ඇති පෙනුමක් ගැනීමෙන් ඇතැම් විට ඔබට යම් අපහසුතාවක් දැනිය හැකියි.උදර ප්‍රදේශය තවදුරටත් වෙනම නෙරා යාම වළක්වාගැනීමට  ඇ‍ඳෙන් නැගිටින විට හෝ වාඩි වීමට උත්සහ කරන විට ඔබේ එක් ඇලයකට බර වී (පෙරලී) නැගිටින්න.

  1. නිතරම වතුර බෝතලයක් ඔබ ලඟ තබාගන්න

සිරුරේ නීරෝගීබව ‍රැකගැනීමට වගේම සිරුරේ බර නිසි පරිදි පාලනයකින් යුතුව පවත්වාගැනීමට දිනකට ප්‍රමාණවත් ලෙස වතුර පානය කිරීම ඉතාම වැදගත් දෙයක් වෙනවා.විශේෂයෙන්ම ගැබිනි සමයේදී මේ ගැන හොඳ අවධානයක් යොමුකළ යුතුයි. ඩිම්බය හා සම්බන්ධ වන අපරාව එහෙමත් නැතිනම් වැදෑමහ නිර්මාණය වීමට වතුර උපකාරී වෙයි. ඔබ කොහේ ගියත් ඔබ ලඟ වතුර බෝතලයක් තබාගන්න. සිරුරේ සජලතාව පවත්වාගැනීමට හොඳින් වතුර බොන්න.

  1. දෙන්නෙකුට හරියන්න කන්න ඕන කියලා හිතන එක නවත්තන්න

ගැබිනි කාලයේදී මවකට බොහෝ ආශාවන් එහෙමත් නැත්නම් දොළදුක් ඇතිවෙනවා. විවිධ ආහාර පාන වර්ග පරිභෝජනය කිරීමට ඇතිවන බලවත් ආශාව ඔබේ සිරුරේ නීරෝගි බවට බාධා කරන්න ඉඩ තිබෙනවා. හිතේ හැටියට ආහාර පාන ගැනීමෙන් ඔබේ සාමාන්‍ය කැලරි පරිභෝජනය මෙන් දෙගුණයකටත් වැඩි තරමේ කැලරි ප්‍රමාණයක් ශරීරගත වීමට ඇති අවදානම වැඩියි.ගැබිනි කාලයේ දෙවන ත්‍රෛමාසිකය ආරම්භ වීමත් සමඟ ඔබ පරිභෝජනය කළ යුත්තේ ඔබේ දෛනික  කැලරි ප්‍රමාණයට වඩා කැලරි 300ක ප්‍රමාණයක් පමණයි.ඒ නිසා ආහාර පාන ගැනීමේදී වඩාත් සැලකිලිමත්වන්න.පෝෂණීය ආහාර පාන ලබාගන්න.

  1. ගොඩක් ආහාර ගන්නවා නම් දවල් වේලට කන්න

ගැබිනි කාලයේදී සිරුරට ඇතිවන තෙහෙට්‍ටුකර ස්වභාවය වැඩියි. බොහෝවිට රාත්‍රී කාලයේදී ඔබට දැඩි බඩගින්නක් දැනෙන්නේ ද මේ හේතුවල බලපෑමින් විය හැකියි.නමුත්, අනවශ්‍ය ලෙස බර වැඩිවීමට ඉඩ ඇති  නිසා රාත්‍රියේදී ලොකු ආහාර ප්‍රමාණයක් ලබාගන්න එපා. දවසේ ලොකුම ආහාර වේල දිවා කාලයේදී ලබාගැනීම වඩාත් හොඳයි. දිවා කාලයේදී නීරෝගී හා පෝෂ්‍යදායී ආහාර වේලකට ද,රාත්‍රී කාලයේදී සැහැල්ලු ආහාර වේලකට ද ප්‍රමුඛස්ථානය දෙන්න.මින් ඔබේ සිරුරේ බර හොඳින් පාලනය කරගත හැකියි.

  1. ව්‍යායාම කිරීමට යම් කාලයක් යොදාගන්න

ඇඳේ හාන්සි වෙලා විවේකයෙන් ඉන්න කොයිතරම් සනීප වුණත් ඔබේ සිරුරට ව්‍යායාම අවශ්‍ය බව අමතක නොකළ යුතුයි. ගර්භනියක් නිසා ව්‍යායාම වලින් සම්පූර්ණයෙන් ඉවත්වෙලා ඉන්න එපා. නිතිපතා යම් කාලයක් වැය කරමින් සරල හා සැහැල්ලු ව්‍යායාම අභ්‍යාස වල  නිරතවෙන්න. ව්‍යායාම ඔබේ සිරුරේ බර පාලනය කිරීමට වගේම ඔබේ මනෝභාවය (mood) යහපත් කිරීමට ප්‍රතිලාභ දෙනවා.ගැබිනි කාලයේදී බාස්කට්බෝල් හෝ හොට් යෝගා වගේ තීව්‍ර ක්‍රියාකාරකම් වල යෙදීම නිර්දේශ කරන්නේ නැහැ. ඇවිදීම වගේ සරල ව්‍යායාම වඩාත් යෝග්‍යයයි.

  1. සීනි අධික බීම වර්ග පානය කිරීමෙන් වළකින්න

ඉඳහිට සිත ඉල්ලන ඔබ ගොඩක්ම කැමති ආහාර පාන රසබැලීම වරදක් නැහැ. නමුත් හැමදාම වගේ ක්ෂණික-කෘතිම ආහාර වර්ග සහ සීනි බහුල සෝඩා බීම වර්ග පරිභෝජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් එය ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් නම් හිතකර තත්වයක් නෙවෙයි.සිසිල් බීම වර්ග වල ඇත්තේ ඉතාමත් අඩු පෝෂණ වටිනාකමකි. කෙසේවෙතත් මේවායේ අඩංගු කැලරි ප්‍රතිශතය නම් ඉතා ඉහළයි.ඉතින් ඔබ නිතර නිතර ඒවා පානය කළොත් ඔබ නොසිතන අන්දමින් ඔබේ සිරුරේ බර එන්න එන්නම වැඩිවී ඔබ තරබාරු විය හැකියි.මේවායේ අඩංගු රසකාරක හා වර්ණක සිරුරේ සෞඛ්‍ය සම්පන්න බවට ද දැඩි ලෙස හානිකරයි.