නින්ද කියන්නේ දවසේ අපට ලැබෙන හොඳම විවේකය වුණත් බොහෝ දෙනෙක් සුවදායි නින්දක් ලබන අය නොවෙයි. ජනගහනයෙන් 30% ක් පමණ දෙන නින්දන්ගත ඉන්සොම්නියාව හෙවත් නින්ද නොයාම නම් ගැටලුවෙන් පීඩා විඳින බව වාර්තාවන් පෙන්වාදෙනවා.ඒ වගේම වයසත් සමඟ බොහෝ අය අතරේ නිදි භාවිතයත් වැඩිවෙමින් ඇති බව අධ්‍යයන පෙන්වාදෙනවා.නිත්‍ය නිදන කාලසටහනක් අනුගමනය කළත් සුවදායි නින්දක් ලබන්නට නොහැකි ඇයි කියා ඔබ සිතෙන් වදවෙමින් ඉන්නවා නම්, බොහෝ විට ඊට හේතුව ඔබ කිසිලෙසකින් වත් නොසිතන දෙයක් වෙන්නට පුළුවන්.
ඔබේ නිදන රටාවට බාධාකාරී බලපෑම් ඇතිකළ හැකි ආකාරයේ දේවල් කිහිපයක් ගැනයි අද අප කතාකරන්නේ.
- සින්තටික් ඇඳ ඇතිරිලි,කොට්ට කවර භාවිතය

ස්වභාවික රෙදි අමුද්‍රව්‍ය වලින් මසා ඇති ඇඳ ඇතිරිලි,කොට්ට කවර සිරුරට හොඳ සිසිලක් සලසන අතර ශ්වසන හා වාතය විනිවිද ගමන් කිරීම පහසු කරයි.තෙතමනය හොඳින් උරාගනියි. සින්තටික් හෙවත් කෘතිම කෙඳි වලින් මැසූ ඒවායේ වාතය එහාමෙහා ගමන් කළ නොහැකි නිසා තාපය ඉවත් නොවී අවහිර වේ. මේ නිසා රාත්‍රී කාලයේ ඇඟට දැඩි රස්නයක් දැනීම හා දහඩිය දැමීම සිදුවිය හැකියි.ඇතැම් කෘතිම රෙදි අමුද්‍රව්‍ය සමට අපහසුතා ඇතිකළ හැකියි.
- සුවඳ තෙල් (essential oils) භාවිතය

ලැවෙන්ඩර් වැනි සගන්ධ තෙල් වර්ග ගත සිත සන්සුන් වීමට -සමනය වීමට ආධාර කලත් ඇතැම් ඒවායින් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් විය හැකියි.පැඟිරි සගන්ධ තෙල් ඔබව අවදියෙන් තබයි.සගන්ධ තෙල් වර්ග කොට්ට මෙට්ට ඇතිරිලි මත ස්ප්‍රේ කරනවානම් ඔබ මතකතබාගත යුතු දෙයක් තමයි ඇතැම් තෙල් වර්ග වලින් සම මත රසායනික පිලිස්සුම් ඇතිවිය හැකි බව.ඔබේ සිරුරේ හෝර්මෝන වලට ද යම් යම් බලපෑම් ඇතිවිය හැකියි.හෝර්මෝන අසමතුලිතවීම නින්ද බාධාකාරී වීමට හේතුවිය හැකියි.
- තයිරොයිඩ් ගැටලු

තයිරොයිඩ් ගැටලු වලින් පෙළෙන පුද්ගලයින් නිද්‍රා ඇප්නියාව (sleep apnea) හෙවත් නින්දෙන් හුස්ම හිරවී අවදිවීමේ ගැටලුවට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩියි.නින්දෙන් නිතර නිතර අවදිවීම ඔබේ නින්ද අඩාල කරවයි.මේ නිසා පසුදා උදෑසන එම පුද්ගලයා අවදිවන්නේ නැවුම් ප්‍රාණවත් ලෙස නොව, දැඩි තෙහෙට්‍ටුවකිනි.තයිරොයිඩ් අකර්මන්‍යතා සිරුරේ සර්කැඩියානු රිද්මය අඩපණ වීමට පවා තුඩු දෙන හේතුවකි.
- මැග්නීසියම් ඌනතාව

මැග්නීසියම් යනු අපේ සිරුරට අත්‍යවශ්‍ය පෝෂකයකි. ඒවා පුද්ගලයාගේ නින්ද සම්බන්ධයෙන් ද බලපායි.අපේ සිරුරේ මේවා ඌනව පවතියි නම්, සැහැල්ලුබවක්-විවේකයක් අත්දැකීම ඉතා අසීරු වේ.මැග්නීසියම් මට්ටම් පහත බැසීම මාංශ පේශී ඇඹරීයාම හෝ රෙස්ට්ලස් ලෙග් සින්ඩ්‍රෝම් වැනි පීඩාකාරි පාද ආශ්‍රිත ගැටලු ඇතිවිය හැකියි.නින්ද නොමැතිකමින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාරයේ කොටසක් ලෙසයි මැග්නීසියම් අතිරේක පෝෂක (සප්ලිමන්ට්) ලබාදීම සිදුකරන්නේ මේ නිසයි.
- ශාක පැළෑටි

නිදන කාමරය තුළ පැළෑටි බඳුන් තබාගැනීමේදි ප්‍රවේසම් විය යුතුයි.ඇතැම් විසිතුරු පැළ වර්ග මිනිසුන්ට විෂ සහිතයි.ඔබ ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නම්,ඔබට ආසාත්මිකතා ඇතිකරවන ඇතැම් පැළෑටි වලට නිරාවරණය වීමෙන් මෙම රෝග ලක්ෂණ උත්සන්න වීමට පවා ඉඩ තිබෙනවා.මෙම බඳුන් වල ඇති පසේ ඇති පුස් දිලීර හා බැක්ටීරියා නිසා ඔබට ඇතැම් ආකාරයේ හානිකර බලපෑම් ඇතිවන්නට ද පුළුවන්.එවැනි තත්වයන් ඔබේ නින්දේ ගුණාත්මක බව අඩුවීමට හේතුසාධක විය හැකියි.
- ‘රෙස්ට්ලස් ලෙග් සින්ඩ්‍රෝම්‘ (restless leg syndrome)

කකුල් වල පීඩාකාරී සංවේදනයන් ඇතිවීමත් සමඟ එම ගාත් චලනය කිරීමට දැඩි අවශ්‍යතාවක් මෙන් දැනීම මෙම සින්ඩ්‍රෝමයේ ලක්ෂණයකි.කකුල් වල දැනෙන පුපුරුගසන,ඇඹරෙන හෝ දැවිල්ල ගතිය මැඩපවත්වාගැනීමට බලෙන්ම නින්දෙන් අවදිවීමට සිදුවෙයි.අපහසුතාවන් විවිධ තීව්‍රතාවලින් හටගත හැකි අතර වසය අවුරුදු 50 සිමාවේ පසුවන්නන් අතර මෙය වඩාත් බහුලව හඳුනාගත හැකි තත්වයකි.මෙම සින්ඩ්‍රෝමය නින්ද කඩාකප්පල් වීමට හේතු සාධකයක් ලෙස ගෝ නින්ද අඩුකමේ අතුරුආබාධයක් ලෙස වුව ද මතුවිය හැකිය.
- හීටර් (වායුතාපක) දමා තිබියදී නින්දට යාම

රාත්‍රියේදි නින්දට සූදානම් කරවීමක් ලෙස අපේ ශරීර උෂ්ණත්වය පහත බැසීම සිදුවෙනවා.ඒ හරහා නිදාගන්න වේලාව බව අපේ සිරුරට සංඥාවක් කෙරෙනවා.නමුත් ඔබේ නිදන කාමරය තුළ හිටර් එකක් ක්‍රියාත්මක වෙමින් තිබේ නම්, ඔබේ සිරුරට මේ නින්දට කාලය බව නිසි ලෙස හඳුනාගැනීම අසීරු වෙන්නට පුළුවන්. ඊට අමතරව ,හීටර් වලින් කාබන් මොනොක්සයිඩ් වැඩි වශයෙන් නිපදවෙන නිසා ඒවායින් අපේ සෞඛ්‍ය කෙරෙහි විශාල තීරණාත්මක බලපෑමක් එල්ල වෙනවා.