පිළිකා පවා සුව කර හැකි ඉඟුරු භාවිතයේ ගුණ 12 ක්

health tips

Zingiberaceae අයත් ඉඟරු යනු ඖෂධීය ගුණයෙන් අනූන කළුබඩුවකි. ආහාර වල සුවඳ රසය වැඩි කර ගැනීමට ඉඟුරු බහුලව භාවිතා කරන අතර ආයුර්වේදය තුළ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස ද ඉඟරු භාවිතා කරයි. 

සෙන්ටිමීටර් 50 ක් පමණ උසට වැඩෙන ශාකයක් වන ඉඟුරු භූගත කඳක් හෙවත් රයිසෝමයක්  සහිත බහුවාර්ෂික ශාකයකි.පත්‍ර සිනිදු පත්‍ර වන අතර පත්‍ර හැඩය ලන්සාකාරවේ. පත්‍ර අග්‍රය අති තීව්‍රය. මල් දම් කහ මිශ්‍ර මල් වන අතර අරීයව පිහිටි ශුකිමත හටගනු ලැබේ. ඉඟුරු අල මගින් ශාක ව්‍යාප්තිය සිදු කරගත හැකිය. බොහෝ විට ඉඟුරු ශාකයේ අල ඖෂධ ලෙස භාවිතා කරයි. එනම් ඉඟුරු භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

  • කොලරාව 
  • ආර්තව වේදනාව 
  • ප්‍රදාහය 
  • කටීවිවාතය 
  • ඉක්කාව 
  • අතීසාරය 
  • ඇදුම 
  • ආමවාතය 
  • කක්කල් කැස්ස 
  • ආහාර අරුචිය 
  • කැස්ස 
  • අජිරණය 
  • පීනස 
  • මුත්‍රා සමග ලේ පිටවීම 
  • උදර වේදනාව 
  • උණ 
  • මුඛ රෝගය 
  • හිසරදය 
  • සෙම්ප්‍රතිශාව 
  • ඉරුවාරදය 
  • කුරුලෑ සමනය 
  • වමනය 
  • පාචනය 
  • සන්ධි ඉදමුම 
  • හිසකෙස් වැඩීම 
  • බඩ කොර වීම 
  • මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස ඉඟුරු භාවිතා කළ හැකිය.

ආහාර අරුචියට ඉඟුරු යොදා සැකසූ තේ පානයක් භාවිතා කිරීම මගින් ආහාර අරුචිය දුරු කර ආහාර රුචිය වැඩි කර ගත හැකිය.  එමෙන්ම ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගැනීමට ද ඉඟුරු භාවිතා කිරීම යෝග්‍ය වේ.

ඉරුවාරදයට ඉඟුරු තේ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් ඉරුවාරදය සමනය කර ගත හැකිය.  එනම් ඉඟුරු වල අඩංගු වේදනා නාශක ගුණය ඉරුවාරදය නිසා ඇතිවන හිසරදය සමනය කිරීම සිදුකරයි. 

මලබද්ධයට  බර ආහාර පිසින විට ඉඟුරු එකතු කර ගැනීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගත හැකිය. ඊට අමතරව මලපහ පිට කිරීමට අපහසු වීම හෙවත් මලබද්ධය වැනි රෝග තත්ත්වයන් සමනය කිරීමට ද ඉඟුරු භාවිතා කිරීම යෝග්‍ය වේ.

ආමාශ රෝයන්ට  ඉඟුරු කැබැල්ලක් සපා ගිලීමෙන් බඩ පිපුම, ආහාර නොදිරවීම, අජීර්ණය, වමනය, ඔක්කාරය ආදී ආමාශගත රෝග සමනය කර ගත හැකිය. 

ආර්තව වේදනාවට ඉඟුරු කැබැල්ලක් තලා දමා ඊට කොත්තමල්ලි කුඩු එක්කොට උණුවතුරට දමා තැම්බෙන්නට හැර මද රස්නෙන් යුතුව පානය කිරීමෙන් ආර්තවය නිසා ඇතිවන උදරගත වේදනාව, ඔක්කාරය ,කෑම අරුචිය ආදී වූ ආර්තව වේදනාව නිසා ඇතිවන රෝග සමනය කර ගත හැකිය. 

දන්ත වේදනාවට දන්ත වේදනාවක් ඇති වූ විටක ඉඟුරු කැබැල්ලක් තලා යුෂ ගෙන පුලුන් කැබැල්ලකට දමා එම පුළුන් කැබැල්ල වේදනා ගෙනෙන දත මත මද වේලාවක් තබා සිටීමෙන් දත් කැක්කුම සුව කරගත හැකිය. එනම් ඉඟුරුවල අඩංගු වේදනා නාශක ගුණය දන්ත වේදනා සමනය කිරීම සිදුකරයි. 

පිළිකාවට  ඉඟුරු නිතර ආහාරයට ගැනීමෙන් ඉඟුරු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශ කර අග්න්‍යාශ පිළිකා ,ආන්ත්‍රික පිළිකා ,පෙනහළු පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. 

උණට ,සෙම්ප්‍රතිශ්‍යාවට ඉඟුරු මිශ්‍ර තේ පානය කිරීමෙන් උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග සමනය කර ගත හැකිය. ඊට අමතරව මෙම රෝග නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා ශරීරගත වේදනාවන් සමනයට ද ඉඟුරු ඖෂධයක් වේ. 

ඉදමුම්, වේදනාවන් සඳහා ඉඟුරුවල අඩංගු   Anti- inflammation properties මගින් ශරීරගත ඉදමුම් වේදනා සමනය කර ගත හැකිය.  විශේෂයෙන්ම සන්ධි වේදනා ඉදිමුම් පවතින විටෙක ඉඟුරු යුෂ එක් කොට තේ පානයක් සකස් කර භාවිතා කිරීමෙන් ඉදමුම් වේදනාවන් සමනය කර ගත හැකිය. 

හෘද රෝගයට ඉඟුරු තේ පානයක් ලෙස නිතර භාවිතා කරන්නේනම් ඉන් ශරීරගත කොලෙස්ට්‍රෝල් පාලනය කරගත හැකිය. එමෙන්ම එමගින් අධිරුධිර පීඩනය ඇතිවීම ද වලක්වා ගත හැකිය.

මේ ආදී වූ රෝග රැසක් සමනය කිරීමට ඖෂධයක් වන ඉඟුරු කෘතිම ඖෂධ සමඟ හෝ මඤ්ඤොක්කා සමඟ ආහාරයට එකතු කර නොගත යුතුය.