හෘද රෝග සුව කරන ඉඟුරු

health tips

Zingiberaceae කුලයට අයත් ඉඟුරු යනු නිවසේ ඇති කුළුබඩු වර්ග අතර ඖෂධීය ගුණයෙන් අනූන කුළුබඩුවකි. එනම් ආහාර පිසීමේදී ඉඟුරු භාවිතා කිරීම මගින් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එමෙන්ම බොහෝ රෝග ගණනාවක් සුව කර ගැනීමටද ඉඟුරු භාවිතා කිරීම යෝග්‍ය වේ. 

එනම් ඉඟුරු වල ඉතිහාසය වසර 3000කට වඩා පැරණි බව වාර්තා වී තිබේ. එනම් ඉඟුරු නැගෙනහිර ආසියාවෙන් පළමුව වගා කළ බව සඳහන්වේ. වර්තමානය වන විට චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ෆීජි, හවායි, හොංකොං, ජැමෙයිකාව, ජපානය, නයිජීරියාව, පකිස්ථානය, බටහිර අප්‍රිකාව, තායිවානය වැනි රටවල මහා පරිමාණයෙන් ඉඟුරු වගා කරනු ලැබේ. 

ඉඟුරු ආහාර  පිසින විට එකතු කර ගැනීම මෙන්ම නොයෙක් රෝගයන්ට ද ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඉඟුරු භාවිතා කිරීමෙන් සුවකරගත හැකි රෝග රාශියකි. 

ඉඟුරු වල ඖෂධීය භාවිතය 

ආමාශගත රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.බඩ පිපුම, ආහාර නොදිරවීම, අජීර්ණය, වමනය, ඔක්කාරය වැනි රෝග තත්ත්වයන් ඇති වූ විටක එම රෝග ඉක්මනින් සුව කර ගැනීමට ඉඟුරු භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ඉඟුරු කැබැල්ලක් සපා ගිලීම යෝග්‍ය වේ. එනම් ඉන් එම රෝග සුව කර ගත හැකිය. 

ඉදමුම්, වේදනාවන් සමනය කරන ඔසුවක් වේ.  ශරීරගත ඉදමුම් සහ වේදනාවන් සුව කර ගැනීම සඳහා ආයුර්වේදයේ භාවිතා වන ඔසුවක් ලෙස ඉඟුරු හැඳින්විය හැකිය. එනම් ඉඟුරු භාවිතා කිරීම මගින් එහි අඩංගු Anti- inflammation properties නැමති රසායනය ඉදමුම් , වේදනා සමනය කරයි. එනම් මෙම රෝග තත්ත්වයන් ඇති විටෙක  ඉඟුරු ආහාරවලට එකතුකර ගැනීම හෝ ඉඟුරු මිශ්‍ර තේ පානය කිරීම යෝග්‍යය වේ. 

ආර්තව වේදනාවට සහනය සලසා ගත හැකිය.වේදනා ගෙන දෙන ආර්තව වේදනාව සුව කර ගැනීම සඳහා ඉඟුරු කදිම ඖෂධයක් වේ. එනම් ඉඟුරු කැබැල්ලක් තලා දමා ඊට කොත්තමල්ලි කුඩු එක්කොට උණුවතුරට දමා තැම්බෙන්නට හැර මද රස්නෙන් යුතුව පානය කිරීමෙන් ආර්තව වේදනාව සුව කර ගත හැකිය. 

උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. උණ, සෙම්ප්‍රතිශාව ඇති විටෙක ඈත අතීතයේ සිටම බොහෝ පුද්ගලයින් ඖෂධයක් ලෙස ඉඟුරු භාවිතා කර තිබේ. එනම් මේ මේ සඳහා ඉඟුරු කැබැල්ලක් ගෙන තලා තේ එකක් ලෙස පානය කරන්නේ නම් ඉන් සෙම්ප්‍රතිශාව, හිසරදය, උණ වැනි රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. 

දන්ත වේදනා සමනය කිරීම සඳහා ඔසුවක් වේ.ඉතා වේදනාකාරී වූ දත් කැක්කුම සුවකර ගැනීම සඳහා ඉඟුරු යුෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් දත් කැක්කුම් ඇති අවස්ථාවක ඉඟුරු කැබැල්ලක් තලා යුෂ ගෙන පුලුන් කැබැල්ලකට දමා එම පුළුන් කැබැල්ල වේදනා ගෙනෙන දත මත මද වේලාවක් තබා සිටීම මගින් එම වේදනාවන් සුව කරගත හැකිය. එනම් මේ සඳහා ඉඟුරු වල  අඩංගු ප්‍රතිජීවක හා ප්‍රතිදිලීර වැඩි දායකත්වයක් සපයනු ලැබේ. 

හෘද රෝග සඳහා ඖෂධයක් වේ. හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට මෙන්ම හෘදයේ නිරෝගී භාවය පවත්වාගැනීමට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඉඟුරු තේ පානය නිතර භාවිතා කරන්නේ නම් ඉන් ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් දහනය කර රුධිර නාල ඝන වීම වළක්වා හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදු කර ගත හැකිය. එනම් ඉන් හෘද රෝග ඇතිවීම ද පාලනය වේ. 

පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය.පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පිළිකා සෛල වර්ධනය වීම වළක්වා ගැනීමට ඉඟුරු යනු ගුණදායක ඖෂධයක් බව නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් නිතර ඉඟුරු භාවිතා කරන්නේ නම් ඉන් අග්න්‍යාශ පිළිකා ,ආන්ත්‍රික පිළිකා ,පෙනහළු පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය. 

ආහාර රුචිය වැඩිදියුණු කරගත හැකිය. ආහාර අරුචිය ඇති අවස්ථාවක ඉඟුරු මිශ්‍රකළ තේ පානයක් භාවිතා කරන්නේ නම් ඉන් ආහාර රුචිය වැඩි කර ගත හැකිය. එනම් මීට හේතුව ආහාර හොඳින් ජීර්ණය වීමට ඉඟුරු වැඩි දායකත්වයක් සැපයීම සිදු කිරීමයි. එනම් ඒ නිසාම ආහාර රුචිය වැඩි වනු ලැබේ. 

ඉරුවාරදය සුව කරන ඔසුවක් වේ. බොහෝ දෙනෙකුට පවතින වේදනා ගෙනදෙන ඉරුවාරදය සුව කර ගැනීම සඳහා ඉඟුරු භාවිතය වඩාත් යෝග්‍ය වේ. එනම් ඉරුවාරදය පවතින අවස්ථාවක ඉඟුරු මිශ්‍ර කර සකසා ගත් තේ පානය භාවිතා කිරීම මගින් ඉරුවාරදය සුව කරගත හැකිය. 

මලබද්ධය ඇතිවීම වළක්වාගත හැකිය. බොහෝ දෙනෙකුට පවතින මලපහ පිට කිරීමට අපහසුවී මේ රෝග තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ මල බද්ධය සමනය කිරීමට ඖෂධයක් ලෙස ඉඟුරු භාවිතා කළ හැකිය. එනම් ඉඟුරු ආහාරයට එක්කර ගැනීම මෙන්ම උණුසුම් වතුර වීදුරුවකට ඉඟුරු කැබැල්ලක් මිශ්‍රකර තැම්බෙන්නට තබා එම වතුර පානය කිරීම ද මලබද්ධය සමනය කිරීමට හේතු වේ. 

මේ ආදී රෝග බොහෝමයකට ඖෂධයක් ලෙස ඉඟුරු භාවිතා කළ හැකිය. නමුත් වෙනත් රෝගවලට කෘතිම ඖෂධ භාවිතා කිරීමේ දී හෝ මඤ්ඤොක්කා වැනි ආහාර භාවිතා කළ විටෙක ඉඟුරු භාවිතා කිරීම බොහෝ දෙනෙකුට නුසුදුසු බව සදහන්වේ. මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉඟුරු භාවිතා කළ යුතුය.