ලිංගික ශක්තිය වර්ධනය කර ගන්නට භාවිතා කළ හැකි විස්මිත ඔසු

 අද වෙද්දි තිරිහන් වීමට සඳහා භාවිතා කරන බෙහෙත් එහෙම නැත්නම් වාජිකරණ ඖෂධ වැහිවැහැලා. ලෝකයේ ඇති වටිනාම වාජිකරණ ඖෂධය විදියට ආයුර්වේදයේ සඳහන් වෙන්නේ කස්තුරි මුවන්ගෙන් ලබා ගන්නා කස්තුරි. පුරාණයේ ලිංගික ශක්තිය වර්ධනය කර ගන්නට දේශීය ඔසු ගණනාවක් අපේ පරිසරයෙන් ස්වභාවිකව සපයා ගන්නට හැකියාව තිබුණත් නමුත් අද වෙද්දි ලිංගික ශක්තිය වඩවන  ඖෂධ විකිණීම විශාල ලාභ ලබන ජාවාරමක් වෙලා  තියෙනවා. එවැනි වාජිකරණ ඖෂධ ගැන නිරන්තරයෙන්ම විවිධ මාධ්‍යන් ඔස්සේ දැන්වීම් පළ කරනවා ඔබත් දැකලා ඇති. 

එදා සමාජයට මේ ලිංගික සබඳතාවය කාරණා කීපයක් මත අවශ්‍ය වෙලා තිබුණා. ශ්‍රමය මූලික කරගත් සමාජයක් තුළ පුද්ගලයා වැදගත් සාධකයක් වීම නිසා  වර්ගයා බෝ කිරීම කියන කාරණාවට මූලික ස්ථානයක් එදා හිමිවෙලා තිබුණා. ඉතින් ඒ සඳහා මේ කාරණාව පිළිබඳ ඔවුන් වැඩිපුර අවධානය යොමු කරලා තිබුණා.  

ඉතින් සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල් වන මනා සබඳතාවයක් සඳහා යොදා ගත හැකි බව පැවසෙන කාමෝද්දීපක ඖෂධ පිළිබඳව ලෝකය පුරාම කතාබහට ලක්වෙනවා. විශේෂයෙන්ම පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක  ක්‍රම බොහොමයක් ලෝකය පුරා පවතින බව නොරහසක්. අපි අද කතා කරන්නේ දේශීය වෙදකම තුළ අපිට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්  එවැනි ඔසු වර්ග කිහිපයක් පිළිබඳව.

මුරුංගා

 අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල්වල වඩාත් ප්‍රචලිත දීඝායු ගස නමින් හඳුන්වන මුරුංගා පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ ලොකුම ලෙඩේට ඉතා හොඳ ආහාරයක්. මුරුංගා කරල්, මල්, පොතු සහ කොළ ආදී සියල්ලම ඖෂධ පිණිස භාවිතයට ගන්නවා. 

ආහාර ජීරණය පහසු කරන, පිළිකානාශක ගුණ සහිත, දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායක මුරුංගා ආහාරයට ගැනීමෙන් රෝග තුන්සියයකට වඩා සුවපත් කරගන්නට හැකියාව ඇති බව සොයාගෙන තියෙනවා. ශරීරයේ  ප්‍රතිශක්තිකරණය වර්ධනයත් , රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමත් , අස්ථි ශක්තිමත් කිරීමත්  හිසකෙස් සහ සමට ගුණදායක වීමත් යන කාරණා හැරුණාම පුරුෂයන්ගේ කාම ශක්තිය වර්ධනයට සහ පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයට ඇතිවන බාධක මැඩ පවත්වා ගන්නටත් විශේෂ ඔසුවක් විදියට මුරුංගා ආහාරයට එකතු කරගන්නට පුළුවන්.

මෙහි අඩංගු වන සැපොනින්  කියන රසායනිකය ලිංගික උද්දීපනය ඇති කරවන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවනවා.  මුරුංගා කොළ මැල්ලුම්, ‍ ව්‍යංජනය හැරුණාම මුරුංගා තේ පානයෙන් ද  ඔබට ඉතා පහසුවෙන් ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්. 

වැල් පෙනෙල

 තිත්ත රසයකින් යුක්ත මේ වැල් විශේෂය භාවිතයෙන් කොළ කැඳ සාදා ගන්නවා .එහි කොළ තෙල් දමා හෝ  ව්‍යංජනයක් විදිහට හෝ මැල්ලුමක් විදිහටත් ආහාරයට එකතු කර ගැනීම ජනප්‍රියයි. වැල්පෙනල ශාකය බොහෝ දෙනෙක් හඳුනන්නේ ශරීර ශක්තිය වර්ධනය කරන්නට සමත්, ශුක්‍රාණු වර්ධනය කරන ශක්තිය වැඩිකරන ඖෂධයක් විදියටයි.

අපේ  රටේ දී දේශීය වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් මේ ඔසුව සඳහා තියෙනවා. දේශීය ඖෂධ විද්‍යාවට අනුව වැල් පෙනල ශාකය සම්පූර්ණ ශාකයම අවශ්‍ය ලෙස භාවිතයට ගන්නවා. ස්නායු රෝග සදහා ගුණ දෙන වැල්පෙනල කැඩුම් බිඳුම් වෙදකමේදීත් බහුලව භාවිතයට ගන්නවා.

රුධිරය පිරිසිදු කර, ආහාර අරුචිය ඇති කරන අධි රුධිර පීඩනය නැති කරන පිළිකා නාශක ගුණයෙන් සමන්විත මේ වටිනා ඔසුව ඔබටත් නිතර  ආහාරයට එකතු කරගන්න පුළුවන්. 

හාතවාරිය

ගෙවතුවල බඩවැටිවල වගේම වනගතවත් දකින්නට ලැබෙන වියළි කලාපයේ  වගේම තෙත් කලාපයේ බහුල වටිනා ඔසුවක් තමයි හාතවාරිය. මෙහි අල සහ කොළ යන දෙකම ඖෂධ පිණිසත් ආහාර විදිහටත් භාවිතයට ගැනෙනවා. මෙයින් පිළියෙල කරගත හැකි කැද ශරීර ශක්තිය වර්ධනය කරන්නටත් ශරීරයේ විෂ නසන්නටත් උදව් වෙනවා.

කාන්තා රෝග සඳහා ඉතාම සුදුසු ඖෂධයක් විදියටත් සැලකෙන හාතවාරිය  දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳ තබා ගන්නටත් ඉතාම වැදගත්. ඒ  විතරක්ම නෙවෙයි හාතවාරිය මගින් සාදාගත හැකි කොළ කැඳ පානයෙන් රුධිරය පිරිසිදු කිරීමත්, වයසට යාම පමාකර කරන බවත් ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම උෂ්ණාධික බව නැති කර ගන්නටත් හොඳම ඖෂධයක් වෙන හාතවාරිය වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට ආහාරයට ගන්න පුළුවන්.

මුත්‍රා පිටකිරීම හොඳින් සිදු කරන්නටත් , ශරීරය පෘෂ්ටිමත් කර ගන්නටත්, අකලට හිසකෙස් වැටීම නතර කරන්නත්, සරුබව ඇති කරන්නත් හැකියාව ඇති මේ ශාකය හදවතට ඉතා හිතකරයි. ඒ හැරුණාම මව්කිරි වර්ධනයට, බුද්ධිය වර්ධනයට, ස්නායු පද්ධතියේ  නිරෝගි බවට, ඇස් පෙනීමට සහ  අර්ශස් රෝගීන්ට ඉතාම අනර්ඝ ඔසුවක් විදිහටයි  හාතවාරිය සඳහන් වෙන්නේ.

 ඒ හැරුණාම පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කර ප්‍රතිශක්තීකරණය වැඩි කරන්නටත් මේ ශාකයට විශේෂ හැකියාවක් තියෙනවා.  මේ හාතාවාරිය පමණක් භාවිතා කරමින් කැඳ සාදා ගෙන ඔබට පානය කරන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් අනෙකුත් කොළ වර්ග සමග  හාතවාරිය එකතු කරගෙන පානය කරන්නත් පුළුවන්.

අමුක්කරා හෙවත් අශ්වගන්ද ශාකය 

මේ ශාකය පොඩි කළ විට අශ්වයන්ගේ මුත්‍රවල ගඳට සමාන ගන්ධයක් නිකුත් වෙන නිසා අශ්වගන්ධ යද යන නාමයෙන් හඳුන්වනවා. වේදනාවන්  සමනය, ශරීර පෘෂ්ටිමත් කිරීම, පිළිකා මර්දනය, තරුණ පෙනුම රැක දීම , ශරීර ප්‍රතිශක්තිය වර්ධනය ආර්ථික වාසි බොහොමයක් මේ නිසා කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. අශ්වගන්ධාරිෂ්ටය අශ්ව ගන්ඩ ආදියත් මේ ශාකය භාවිතයෙන් ලිංගික ශක්තිය වැඩිකර ගැනීම සඳහා නිෂ්පාදනය කරන ලද ඒවා. පානයක්  විදියට භාවිතයට ගත හැකි නම් එය ඔබේ මේ ගැටලුව ඉතාම හොඳයි .  මේ සඳහා අමුක්කරා අල කොළ ගෙඩි සම ප්‍රමාණයෙන් ගෙන සියුම්ව අඹරා එළකිරි කාලකට නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් එකතු කර දියකර පානය කරන්න. එය ශරීර බල වඩන ඔසුවක් විදිහටයි සඳහන් වෙන්නේ.  

කිරිබදු 

 දේශීය වෛද්‍ය ක්‍රමය තුළ විවිධ රෝග සුවපත් කිරීමට සඳහා භාවිතයට ගැනෙන ඖෂධීය ගුණයෙන් යුක්ත ශාකයක් තමයි කිරිබදු.  කිරිබදු ශාකයේ  අල සහ ලොකු මුල් ඖෂධ වශයෙන් භාවිතයට  ගැනෙනවා. රසායන ගුණය සහ වාජීකරණ ශක්තියෙන් යුක්ත ඖෂධයක් විදිහටයි මේ ආයුර්වේදයේ සඳහන් වෙන්නේ  

කිරිබදු අල, තිප්පිලි, ඇල් හාල්, කොට්ටම්බා ඇට මද, වඳුරු මෑ මල් මුල් ආදී චූර්ණය කර එයින් කලං 3 බැගින් උදෑසන හිස් බඩ ගැනීමෙන් ධාතු වඩවනවා. මෙයටම මේ පැණි ද  සීනි සහ සීනි සහ අලුත් ගීත ද + එකතු කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් .

නිරෝගී ජීවිතයක් සඳහා සහ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නත් ඔබට මේ පිළිබඳව  දැනුවත් වෙන්නට සිදු වෙනවා. ඒ සඳහා  මෙ කරුණු වැදගත් වෙතැයි සිතමි