හිසකෙස් කියන්නේ කාන්තා පිරිමි භේදයකින් තොරව සෑම කෙනෙකුගේම පෙනුමට අතිශයින්ම බලපාන අංගයක්. ශරීරය අභ්‍යන්තරයේ ඇතිවන යම් යම් දරුණු රෝගයන් පිළිබඳව අපිට මුලින්ම දැන ගන්නට හැකියාව ලැබෙන්නෙත් බොහොදුරට මේ හිසකෙස් මගින්.කොහොමවුණත් අද වැඩිදෙනෙක් කතා කරන මාතෘකාවලින් හිසකෙස් සම්බන්ධ ගැටළු මූලික වෙනවා. ඉතින් දරුණු රෝගී තත්ත්වයන්, උණු වතුර ස්නානය හෝ හිසකෙස්වලට රසායනික ද්‍රව්‍ය නිතර යෙදීම කියන හේතු නිසා කොණ්ඩය දුර්වල වී ගැලවී යන්නට පුළුවන්. එවැනි දුර්වල වූ හිසකෙස් නැවත වර්ධනයට වගේම හිසකෙස් ගැලවීයාම වළක්වා ගන්නටත් කොණ්ඩයට නිසි පෝෂණයක් ලබාදිය යුතු වෙනවා.ඒ සඳහා භාවිතා කළ හැකි විටමින් වර්ග බොහොමයක් ද පවතිනවා.ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වන්නේ නීරෝගී කොණ්ඩයක් සඳහා ලබාගත යුතු පෝෂණ සංඝටක මොනවාද කියන කාරණාව පිළිබඳවයි.

- විටමින් A නීරෝගී කෙස් කළඹක් සඳහා අත්‍යවශ්‍යම පෝෂණ සංඝටකයක් වන විටමින් A අපේ ශරීරයට ලබාගත් පසුව හිස්කබල ආශ්‍රිතව සිබම් ශ්‍රාවය වීම නිසියාකාරව සිදු වෙනවා. මේ සිබම් ශ්‍රාවය වීම හිස් කබලේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. හිස් කබල වියළිව පැවතීම හිසකෙස්වල නීරෝගීභාවයට බාධාවක්. නමුත් මේ විටමින මගින් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරමින් සෛල වර්ධනය කරනවා.
- විටමින් B නීරෝගී කොණ්ඩයක් සඳහා දෛනිකව ලබාගත යුතු විටමින් වර්ගයක් තමයි මේ විටමින් B . විටමින් B කාණ්ඩයේ වර්ග ගණනාවක් පවතිනවා. මේ අතුරින් බයොටීන් කියන්නේ ඉතාමත් වැදගත් වන විටමීනයක්. හිසකෙස්වල වර්ධනය සඳහා මේ බයෝටීන් අත්‍යවශ්‍යයි වගේම විටමින් B 12 ආදීය පවා අපගේ රතු රුධිරාණු නිෂ්පාදනය නිසිපරිදි සිදු කරන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා. රතු රුධිරාණු නිෂ්පාදනය නිසිලෙස සිදුවන විට ඔක්සිජන් පරිවහනයත් නිසිලෙස සිදුවෙන්නට පටන් ගන්නවා. එය හිසකෙස්වල වර්ධනය කෙරෙහි බලපානු ලබනවා. ඒ නිසා B කාණ්ඩයේ විටමින් හිසකෙස්වල නීරෝගීභාවය කෙරෙහි දැඩිව බලපෑම් කරනු ලබනවා.
- විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C අපේ ශරීරයට බෙහෙවින් වැදගත් වෙනවා. ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා නිසා ඇතිවන මුක්ත ඛණ්ඩක අපේ ශරීරයට ඉතාමත් අහිතකර වෙනවා. අපේ ශරීරයේ මුක්ත ඛණ්ඩක ප්‍රමාණය වැඩි වූ විට හිසකෙස් ආශ්‍රිත ප්‍රදේශයට හානිවීම වැඩි වෙනවා. මේ හානි ඇතිවීම වළක්වා ගන්නට විටමින් C මගින් ලැබෙන නිසා එයින් කෙස් කලඹ ආරක්ෂා වෙනවා. ඒ නිසා විටමින් C හිසකෙස්වල ආරක්ෂකයා විදියට වැදගත් වෙනවා. හිසකෙස් වර්ධනයේදී අත්‍යවශ්‍ය වන සංඝටකය තමයි කොලජන් තන්තු. මේ කොලජන් තන්තු නිෂ්පාදනයටත් විටමින් C අත්‍යවශ්‍ය වෙනවා. මේ කොලජන් තන්තු නිෂ්පාදනය බහුල නම් එය හිසකෙස්වල වර්ධනයට ඉතා වැදගත් වෙනවා.

- විටමින් D ඇලෝපේසියා තත්ත්වය හෙවත් හිසකෙස් ගැලවී යාම සඳහා විටමින් D බෙහෙවින් බලපෑම් ඇති කරනවා. යම්විටෙක විටමින් D ශරීරයේ ඌණ වුණොත් එය හිසකෙස් ගැලවීම සඳහා වැඩි අවදානමක් පවතින බව සොයාගෙන තියෙනවා.ඒ නිසා හිසකෙස්වල නීරෝගි බවට මේ විටමින් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබාගත යුතු වෙනවා.
- යකඩ යකඩ හීම යකඩ සහ හීම නොවන යකඩ වශයෙන් කොටස් දෙකකට බෙදෙන අතර හීම යකඩ ඉතා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගනු ලබනවා. නමුත් හීම නොවන යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීම තරමක් අපහසුයි.කොහොමනමුත් යකඩ කියන්නේ හිසකෙස්වල නීරෝගී පැවැත්මට නැතුවම බැරි ප්‍රබලම පෝෂකයක්.
- සින්ක් අපේ ශරීරයේ සෑම කොටසක්ම විවිධ ක්‍රියාවලි නිසා හානියට පත්වෙනවා.හිසකෙස් කියන්නෙත් නිතරම හානියට පත්වෙන අංගයක්. මේ හිසකෙස් ඇතුළු ශරීරයේ කොටස් නැවත අලුත්වැඩියා කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපේ ශරීරයට දෛනිකව ලබාගත යුතු සංඝටකයක් තමයි සින්ක් කියන්නේ. හිසකෙස්වල නීරෝගී පැවැත්මට වගේම හානිවූ හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කරන්නටත් සින්ක් අත්‍යවශ්‍යම සංඝටකයක්.
- ප්‍රෝටීන් සිරුරට නොයෙකුත් පෝෂක ප්‍රමාණවත් පරිදි ලැබුණත් නිසි ලෙස ප්‍රෝටීන් නොලැබෙන්නේ නම් හිසකෙස්වල වර්ධනයට එය ඉතාමත් හානිදායක විදියට බලපානු ලබනවා. ඒ නිසා දෛනිකව ශරීරයට ප්‍රමාණවත් පරිදි ප්‍රෝටීන ලබාගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රෝටීන් අපේ ශරීරයට අවශෝෂණය කර ගන්නේ ඇමයිනෝ අම්ල විදියටයි. මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශරීරයට අපි සපයන්නේ නැතිවිට සිරුරේ විවිධ ක්‍රියාවන් අඩපණ වෙනවා. ඒ නිසා සිරුරට නිසි පරිදි ප්‍රෝටීන් සැපයීම හිසකෙස්වල වර්ධනයට අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රෝටීන් ඌණ වූ විට හිසකෙස් ගැලවී යාමයට පවා වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්.
හිසකෙස්වල වර්ධනය සඳහා මේ පෝෂණ සංඝටක ආහාර මගින් හෝ ඖෂධ මගින් ලබා ගැනීමට අපි වගබලා ගත යුතු වෙනවා. යම් විටෙක එක් විටමින් දෙකක් ඌණ වුණොත් එය හිසකෙස් දුර්වල වීමට වගේම ගැලවී යාමටත් දුර්වර්ණ වීමටත් හේතු වෙනවා. ඒ නිසාවෙන් නීරෝගී කෙස් කළඹක් උදෙසා මේ විටමිනයන් සිරුරට ලබාදීම කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්.