පිළිකා නාශක ගුණ සහිත ශීත කල දෙහි සතු ඔබ නොදත් ඖෂධීය ගුණ

Uncategorized

 අද වෙද්දි මාරාන්තික ලෙස පැතිර යන රෝග තත්වයක් තමයි පිළිකා කියන්නේ. කල්තියා හඳුනා ගැනීමට හැකියාවක් ලැබුණොත් ජීවත් වෙන්නට පුංචි  හෝ අවස්ථාවක් හිමි කරගන්නට හැකියාව තියෙන අදටත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති මේ රෝගය කෙටි කාලයක් තුළ මුළු ශරීරයම අඩපණ කරන්නට සමත් වෙනවා. පිළිකාවක් වැළඳිලා යැයි දැනගත් විගසම තමන් මියදේවි යැයි සිතෙන තරමටම අධික බියක් ඇති වෙන්නේ ඒ නිසාවෙන්මයි.

 විශේෂයෙන්ම පිළිකාවලින් ආරක්ෂා වෙලා ඉන්නට වගේම පිළිකා සෛල විනාශ කරන්නට විශේෂ ගුණ සහිත ආහාර අපේ රටේ ඕනෑ තරම් තියෙනවා. ඒ අතරිනුත් පිළිකා සෛල විනාශ කරන්නට ප්‍රබල හැකියාවක් සහිත විද්‍යාගාර පර්යේෂණවලින් මේ වනවිට සනාථ කරගෙන කියන අපූරු ප්‍රතිකර්මයක් ගැන තමයි අපි අද ඔබට කියන්නට සූදානම් වෙන්නේ. ඒ තමයි දෙහි හෝ ලෙමන් ප්‍රතිකාර පිළිබඳ.

 සාමාන්‍යයෙන් පැඟිරි වර්ගයේ පලතුරු බොහොමයක් විශේෂයෙන්ම දෙහි, ලෙමන්, ජම්බෝල සහ දොඩම් මිදි ආදී පලතුරුවල පිළිකා අවදානම 50% කින් පමණ අවම කරගන්නට හැකියාව තියෙන බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනයන් හතරකින් පමණ හෙළි කරගෙන තියෙන්නේ අපේ දේහයේ අග්න්‍යාශය සහ උදරය ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයන් බොහොමයක් අවම කරගන්නට මේ පැඟිරි කුලයේ පළතුරුවලට විශේෂ හැකියාවක් පවතින බවයි. 

සිට්‍රස්  කුලයට අයත් වන පලතුරක් වන ලෙමන්වල විටමින් සී බහුලව අඩංගු වෙනවා. ලෙමන් යුෂ ඉතාම පෝෂදායි පානයක්. මෙය උදෑසනට පානය කිරීමෙන් ලැබෙන පෝෂණ ගුණය ඉතාම ඉහළයි. උදෑසන සකසා ගන්නා තේ කෝප්පය කිරි රහිතව සකස් කර ගන්නේ නම් කිරි වෙනුවට ලෙමන් ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් එකතු කර ගැනීමෙන් විශ්මිත ගුණ ඔබට හිමි කර ගන්නටත් පුළුවන්.

 ලෙමන්වල ඇති විශේෂ ගුණ අතර ඉහතින් සඳහන් කළ පිළිකා නැසීමේ හැකියාව මූලික වෙනවා. නමුත් අපි හැමෝම ලෙමන් පොතු ප්‍රයෝජනයට නොගෙන ඉවත් කරන්නට පුරුදු වෙලා ඉන්නවා. ලෙමන් මදයට වඩා වැඩි පෝෂණ කොටස් ප්‍රමාණයක් ලෙමන් පොත්තේ ඇති බව ඔබ දැනගත යුතුයි. 

ලෙමන් ලෙල්ලේ විටමින් සහ  ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඒ හැරුණාම ලෙමන් ලෙලි කැල්සියම්, විටමින් A, s ඔමේගා 3  මේද අම්ලවලින් ද පොහොසත් .ඒ විතරක් නෙවෙයි අපේ සෞඛ්‍යයට අහිතකර විෂ ශරීරයෙන් ඉවත් කරන්නත් මේ ලෙමන් ලෙල්ලේ අඩංගු වෙන පෝෂණ ගුණය හේතු වෙනවා. ලෙමන් ආහාරයට ගනිද්දී එහි සෑම කොටසක්ම අපතේ නොයවා ආහාරයට ගන්නා එක තමයි වඩාත් සුදුසුයි.

ලෝකයේ තියෙන විශාලතම ඖෂධ  නිෂ්පාදන සමාගමක් විසින් සොයාගෙන කියන ආකාරයට ශීතකළ මුදවපු ලෙමන්වලට  පිළිකා සෛලවලට එරෙහිව සටන් කිරීමේ ඉතා ප්‍රබල හැකියාවක් ඇති බව තහවුරු කරගෙන තියෙනවා. මේ සඳහා ඔවුන් පර්යේෂණ විස්සක් පමණ සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. 1970  පටන් මේ මිදුනු ලෙමන් භාවිතා කරමින් පියයුරු පිළිකා, පෙනහලු පිලිකා, අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා සහ අන්ත්‍රවල ඇතිවන පිළිකා ආදී පිළිකා විනාශ කරන්නට භාවිතයට ගෙන තියෙනවා .ඒ අනුව සියලුම  වර්ගයේ පිළිකාවලට එරෙහිව සටන් කරන්නට සුවිශේෂී හැකියා හැකියාවක් මේ ලෙමන් සතුවන බව ඔවුන් තහවුරු. කරගෙන තියෙනවා. 

 මේ සත්කාරයේ විශේෂත්වය වෙන්නේ මේ සත්කාරය සිදුකරන විට අපේ ශරීරයේ නිරෝගී සෛලවලට කිසිදු බලපෑමක් සිදු නොවීමයි. මෙමගින් විනාශ කරනු ලබන්නේ පිළිකා සෛල පමණයි. ඒ  වගේම මේ ප්‍රතිකර්මය මගින් ශරීරයේ ඇති නිරෝගී සෛලවලට අවශ්‍ය කරන පෝෂණය ලබාගන්නටත් හැකියාව ලැබෙනවා. 

අද පිළිකාවකට ගොදුරු වූවෙක් සඳහා සිදු කරන මූලික ප්‍රතිකර්මය තමයි කිමෝ තෙරපි ප්‍රතිකාරය. නමුත් එයින් අපේ ශරීරයට අතුරු බලපෑම් බොහොමයක් ඇති වෙනවා. ඒ නිසාවෙන් වඩාත් සුදුසුම ප්‍රතිකාරයක් විදිහට මේ මිදුණු ලෙමන් ප්‍රතිකාරය සඳහන් කරන්නට පුළුවන්. මෑතකදී කරන ලද පර්යේෂණයකට අනුව ලෙමන්වල ඇති පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව කිමොතෙරපි ප්‍රතිකාරයට වඩා 1 0000 ගුණයකින් වැඩි බව සනාථ වෙලා තියෙනවා. 

නමුත් තවමත් මේ ප්‍රතිකර්මය  පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. වැඩි දෙනෙක් උනන්දුවක් දක්වන්නේ බටහිර ඖෂධ භාවිතා  කරමින් සුවපත්භාවයක් ළඟා කරගන්නට. නමුත් බටහිර ඖෂධ භාවිතා කිරීම තවත් ලෙඩ ගොඩකට මග විවර කිරීමක් වන නිසා ඒ අතුරු ආබාධ සුවපත් කරගන්නට අපට නැවත  නැවතත් ඖෂධ භාවිතා කරන්නට සිද්ධ වෙනවා. එයින්  අපිට තවත් අතුරු ආබාධ ඇති වෙනවා.

 ඉතින් මෙන්න මේ කාරණා නිසා නොනවතින ලෙඩ රෝග රාශියකට මුල පුරන්නට අපට සිද්ධ වෙනවා. නමුත් .ලාංකීය අපිට මේ ලෙඩ රෝග පහසුවෙන් සුවපත් කරගන්නට හැකි ස්වභාවික ප්‍රතිකර්ම ඕනෑතරම් තියෙනවා. ලෙමන්  සොයා ගන්නටඅපහසු දෙයක් නෙවෙයි නෙ.  ඒ වගේම  මේ ප්‍රතිකර්මයෙන් අපේ ශරීරයට පිළිකා සෛල විනාශ කිරීම හැරුණාම නොයෙකුත් අමතර වාසි ලබා ගන්නත් පුළුවන්.

 විසප්පු, කුෂ්ඨ  සහ ඉදිමුම් සුවපත් කර ගන්නටත්, පරපෝෂිතයන්ට පණුවන්ට සහ බැක්ටීරියාවලට එරෙහිව කටයුතු කරන්නටත්, අධි රුධිර පීඩනය පාලනය කරන්නටත්, මේ ලෙමන්වලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මානසික පීඩනය අඩු කර ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනයටත් ලෙමන්වලට පුළුවන් .

ලෙමන් ලෙලි අධිශීතකරණ කොටසේ තබා බ්ලෙන්ඩර් කර පවුඩර් එකක් ලෙස තබාගෙන කළු ගම්මිරිස් සමග මිශ්‍රකර  කර කුළුබඩුවක් ලෙස ඔබට භාවිතයට ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් දෙහි වෙනුවට මේ ලෙමන් ලෙලි පවුඩර් අවශ්‍ය අවස්ථාවලදී ඔබට භාවිතයට ගන්නටත් පුළුවන්. 

පිළිකා සඳහා මේ ලෙමන් භාවිතයට ගන්නා ආකාරය.

 මුලින්ම ලෙමන් හොඳින් සෝදා ගන්න.

 පසුව ඒවා අධිශීතකරණ කොටසේ ගබඩා කරන්න.

 පසුව ලෙමන් මිඳුනට පසු ලෙලි ඉවත් නොකර  කුඩු කරගන්න.

 මෙසේ සකස් කරගත් ලෙමන් ඔබ ආහාරයට ගන්නා සැලඩ්, අයිස්ක්‍රීම්, නූඩ්ල්ස්, සලාද  ආදී ඕනෑම ආහාරයකට එකතුකර ගන්නටත්  පුළුවන්