මිදි කියන්නේ අපි කොයිකවුරුත් ඉතා ප්‍රිය කරන රසවත් වගේම ගුණවත් පලතුරක්. මිදි වලින් මිදි යුෂ පාන, වයින් සහ වියළි මිදි හෙවත් රේසින්ස්,මිදි විනාකිරි,මිදි ඇට වලින් සකසන ග්‍රේප්සීඩ් ඔයිල් වගේ දෑ ද සකසයි.
ඉතින් අද අප කතාකරන්නේ දිනපතා මිදි ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද කියලයි.

මිදි වල පෝෂණ ගුණය ඉතා ඉහළයි මිදි වල පොටෑසියම්,කැල්සියම්,පොස්පරස්,යකඩ,සින්ක් වගේ ඛනිජ ලවණ වර්ග, විටමින් C,විටමින් K ඇතුලු නොයෙකුත් විටමින් වර්ග,ප්‍රෝටීන් හා තන්තු ද අඩංගුයි.රතු හෝ කොළ මිදි කෝප්පයක් ආහාරයට ගැනීමෙන් ඔබේ දෛනික විටමින් C සහ K අවශ්‍යතාවෙන් හතරෙන් එකකටත් වඩා සපුරාගන්නට පුළුවන්.විටමින් C පටක නීරෝගි කරන අතර විටමින් K ඔබේ අස්ථි සහ රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියට ඉතා වැදගත් පෝෂකයකි.මිදි වල මේද නොමැත. ඒ නිසාම මිදි කියන්නේ හොඳ අතුරු ආහාරයක්.
මිදි වල ප්‍රතිඔක්සිකාරක බහුලයි මිදි වල සිරුරට හිතකර සංඝටක 1600කට අධික සංඛ්‍යාවක් තිබෙන බව සඳහන්.ප්‍රතිඔක්සිකාරක ඒ අතරින් ප්‍රධානයි.විශේෂයෙන්ම රතු මිදි වල මේවා බහුලයි.ප්‍රතිඔක්සිකාරක වැඩි වශයෙන් අන්තර්ගතව ඇත්තේ මිදි පොතු සහ ඇට වලයි.ප්‍රතිඔක්සිකාරක මඟින් ඔබේ සිරුර හානිකර මුක්තකණ්ඩ (free radicals) වලින් ආරක්ෂා කරයි.දියවැඩියාව,පිළිකා හා හෘද රෝග බලපෑමින් ඇතිවන ඔක්සිකාරක ආතතිය අවම කරයි.
පිළිකාවන්ට එරෙහිව සිරුර ආරක්ෂා කරයි ඇතැම් පිළිකා තත්වයන්ට එරෙහිව සිරුරට හොඳ ආරක්ෂාවක් සැපයීමට මිදි වලට හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙයි.මීට හේතුව වන්නේ ඒවායේ අඩංගු විශේෂ ශාකමය සංඝටකයි.ප්‍රතිඔක්සිකාර මඟින් හානිකර පිළිකා සෛල සිරුරේ ව්‍යාප්ත වීම වළකනු ලබයි.මහාන්ත්‍ර පිළිකා තත්වයක් ව්‍යාප්ත වීම වැළැක්වීමට මිදි සාරය ප්‍රයෝජනවත් බව පර්යේෂණාගාර අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙයි.පියයුරු පිළිකාවකින් පෙළෙන අයට ද මිදි ඉතා ගුණදායකයි.
රුධිර පීඩනය අඩුකරයි මිදි කෝප්පයක පොටෑසියම් ග්‍රෑම් 300ක් පමණ අඩංගුයි.පොටෑසියම් ඔබේ හෘද සෞඛ්‍ය නීරෝගී වීමට උපකාර කරයි. සිරුරේ පොටෑසියම් අඩු මට්ටමකට පැමිණීම ආඝාත (අංශබාගය) සහ හෘදයාබාධ වැනි ගැටලු මතුවීම හා සම්බන්ධතා පෙන්නුම් කරයි.
කොලෙස්ටරෝල් අඩුකරයි කොලෙස්ටරෝල් මට්ටම් වැඩි වී තිබෙන පුද්ගලයින්ට එම මට්ටම් අඩුකරගැනීමට උපකාරී වන හොඳ ආහාර මූලාශ්‍රයක් ලෙස මිදි හඳුන්වයි.මිදි මඟින් රුධිර ප්‍රවාහයට කොලෙස්ටරෝල් උරාගැනීමට ඉඩ නොදෙයි.විශේෂයෙන් රතු මිදි වල මෙම ගුණය වැඩියි.නරක කොලෙස්ටරෝල් මට්ටම් අඩුකිරීමට ද ගුණ දෙන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදේ.
දියවැඩියාවට එරෙහිව සටන් කරයි පලතුරු පැණි රස නිසා බොහෝ දියවැඩියා රෝගීන් ඒවා ආහාරයට ගැනීම අත්හැර දමනවා. මිදි වලද සීනි බහුලයි.නමුත් ඒවා දියවැඩියා රෝගීන්ට අහිතකර නැහැ.ග්ලයිසමික් දර්ශකය යනු ඇතැම් ආහාර පරිභෝජනය කිරීමෙන් කොපමණ අගයකින් රුධිර සීනි මට්ටම් ඉහළ යා හැකිද යන්න පෙන්නුම් කරන්නකි. එම අගය වැඩි තරමට අහිතකරබව ද වැඩිය. මිදි වල ඇත්තේ 53 ක් වැනි අගයකි. එය තරමක අඩු මට්ටමකි. මිදි වල අඩංගු රෙස්වෙරට්‍රොල් වැනි සංඝටක දියවැඩියාවට ඉතා ගුණදායකයි.ඉතා ඉක්මනින් ඉන්සියුලින් සංවේදීතාව වැඩිකිරීම සහ ඉහළ ගිය රුධිර සීනි මට්ටම් පහත හෙලීම සිදුකරයි.
ඇස් පෙනීම ප්‍රවර්ධනය කරයි දවස පුරා පරිගණකයක් ඉදිරියේ වැඩකිරීමට සිදුවීම නිසා ඔබේ ඇස් විඩාවට පත්වෙයි. ඊට අමතරවාහිතකර හිරු කිරණට නිරාවරණය වී ඔබේ ඇස් වලට හානිවීමට පවා ඉඩ තිබෙයි.ඔබේ ඇස් වල නීරෝගී බව වැඩිකරගැනීමට දිනපතා මිදි කෝප්පයක් ආහාරයට එක්කරගන්න යැයි අධ්‍යයන පෙන්වාදේ.රෙස්වෙරට්‍රොල් සංඝටක මඟින් ඇසේ පීඩනය වැඩිවීම (ග්ලූකෝමා) සහ ඇසේ සුද මතුවීම (කැටරැක්ට්ස්) වළකයි.ඇසේ රෙටීනාව සිහින් වී යාම වයසට යාමේදි මතුවන තත්වයකි. මෙම සංඝටක මඟින් එම ක්‍රියාවලිය ද මන්දගාමී කරයි.

මතක ශක්තිය සහ මනෝභාවය වැඩිදියුණු කරයි මතක ශක්තිය වැඩිකරගැනීමට මිදි යුෂ හා මිදි සප්ලිමන්ට් වර්ග ඉතා ගුණදායි බව පැවසෙනවා.මිදි මොළයේ ක්‍රියාකාරීබව වැඩිදියුණු කරයි.මොළයේ රුධිර සැපයුම වැඩිවීම නිසා මනෝභාවය (mood) ද යහපත් වේ.
අස්ථි ශක්තිමත් කරයි මිදි වල විටමින් හා ඛනිජ ලවණ බහුලයි.ඒවා මඟින් ඔබේ අස්ථි වල ශක්තිමත් බව පවත්වාගැනීමට සහ අස්ථි බිඳුම් වැනි අවදානම් ඇතිවීම අවම කිරීමට සහය දේ.
බැක්ටීරියා සහ ආසාදන වලට එරෙහිව ගුණදායකයි විටමින් C බහුල නිසා ප්‍රතිශක්තිය වැඩිවීමට සහය වෙයි.මිදි සාරය අඩංගු නිෂ්පාදන යීස්ට්,පැපොල,හර්පීස් වැනි ආසාදන පැතිරීම වළකන බව අධ්‍යයන පෙන්වාදේ.සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස වලින් ද ආරක්ෂා කරයි.
සම නීරෝගි කරයි බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදන වල මිදි ඇට සාරය අඩංගු වී තිබෙන බව ඔබ දන්නවාද?මිදි සාරයෙන් සැකසූ ෆේස් වොෂ්, සබන්,මොයිෂ්චරයිසිං ලෝෂන් සහ ක්‍රීම් වර්ග වෙළඳපොලේ බහුලයි.මිදි වල අඩංගු රෙස්වෙරට්‍රොල් සංඝටක මඟින් සෛල නීරෝගී කරවන බව පෙන්වාදේ.සම වියපත් වීමේ ලක්ෂණ අවම කරයි.දිනපතා මිදි කෝප්පයක් ආහාරයට ගැනීම ඔබේ පුරුද්දක් කරගන්න.
ප්‍රතිප්‍රදාහක ගුණ බහුලයි ප්‍රදාහකකාරක සංඝටක මඟින් පිළිකා,හෘද රෝග,ආතරයිටීස් වැනි ගැටලු අවදානම් මතුවීම වැඩිකරවයි.මෙම රෝග වලින් ආරක්ෂා වීමට දිඋනකට මිදි කෝප්ප 1 1/2ක් පමණ ආහාරයට එක්කරගැනීම සුදුසුයි.මිදි යුෂ සහ මිදි පවුඩර් ප්‍රදාහය තත්වයන් පාලනයට ඉතා ගුණදායකයි.