මුහුණේ අදුරු පැහැය දවස් 7න් නැති කරන රණවරා සතු ගුණ 10 ක්

Uncategorized
  • විසබීජ නාශනයට ,මලබද්ධයට ,දියවැඩියාවට 
  • අතීසාරයට ,අර්ශස්වලට ,සම පැහැපත් කිරීමට 
  • ප්‍රජනන පද්ධතියේ රෝග සුවකිරීමට ,මුත්‍රා රෝගවලට ,අක්ෂි රෝග වලට ,චර්ම රෝග වලට ,මුඛ රෝග වලට ,අතීසාරයට,ඇදුමට 
  • උදර වේදනාවට ,ශුක්‍ර වර්ධනයට ,රුධිරය පිරිසුදු කිරීමට යන ආදී බොහෝ රෝග සමනය කිරීමට ඈත අතීතයේ සිටම භාවිතා කළ ඖෂධයක් ලෙස රණවරා හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ  වියළි කලාපය තුළ වැඩි වශයෙන් හමුවන රණවරා “පීත පුෂ්පා” යන නාමයෙන් ආයුර්වේදය තුල හඳුන්වනු ලැබේ. 

රණවරා ප්‍රධාන වශයෙන් ප්‍රභේද  දෙකක් හඳුනාගත හැකිය.  

  • 1.නියම රණවරා 
  • 2.අනියම් රණවරා 

ලෙසය. මෙම වර්ග දෙක එකිනෙකට වෙනස් වන අතර නියම රණවරා වල කන්පෙත්තක හැඩයෙන් යුත් කුඩා පත්‍ර දෙකක් දක්නට ලැබේ.  එමෙන්ම හටගනු ලබන මල්, කොළ තරමක් කුඩාවේ. 

අනියම් රණවරා වල කන්පෙත්තක හැඩයෙන් යුත් පත්‍ර දක්නට නොමැති අතර නියම රණවරා වලට සාපේක්ෂව මල්, කොළ විශාලවේ.

ආයුර්වේදය තුළ ඖෂධ සඳහා රණවරා කොළ, මල්, පොතු, ඇට  යන පංචාංගයම  භාවිතයට ගන්නා අතර  රණවරා මල් ,ඇට, පොතු පානය ඖෂධීය පානයකි. එනම් එම පානය භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.ඒ හැරුණු විට රණවරා කොළ මැල්ලුම හා කැඳ පානය ද බොහෝ රෝගයන්ට ගුණදායකය.

රණවරා ඖෂධීය ගුණ භාවිතය

මලබද්ධය,අර්ශස් සමනය කරයි.වයස් භේදයකින් තොරව පවතින මල බද්ධය හෙවත් මලපිට කිරීමට අපහසුවීමේ තත්ත්වය සමනය කිරීම සඳහා රණවරා මල් තම්බා පානය කිරීම මෙන්ම රණවරා කොළ මලවා ආහාරයට ගැනීම සුදුසුවේ. එනම් එමගින් මලබද්ධය අර්ශස් සමනය කරගත හැකිය.

මුඛ රෝග සමනය කරයි.මුඛය ආශ්‍රිත හටගැනෙන තුවාල වලට, කට ගඳ ගැසීමට, උගුරේ ආබාධ ඇති විටෙක රණවරා කොළ තැම්බූ වතුරින් කට සේදීම මෙන්ම රණවරා අමු කොළ කිහිපයක් සැපීම ගුණදායකය.

චර්ම රෝග  සුවයට දායකවේ.දද කුෂ්ඨ ආදී චර්ම රෝග හෙවත් සම මත ඇතිවන රෝග සුව කර ගැනීම සඳහා රණවරා කොළ කොටා ලබා ගත් යුෂ ආලේප කිරීම යෝග්‍යය වේ. ඊට අමතරව රණවරා මල් තම්බා පානය කිරීම ද ගුණදායකය.

සම පැහැපත් කරයි. ණවරා මල් පානයක් ලෙස දිනපතා භාවිතා කරන්නේ නම් ඉන් සමේ ලප කැළැල් සමනය වී සම පැහැපත් කර ගත හැකිය.

ශරීරයේ ඇතිවන තැලුම්, උලුක්කු සමනය කරයි.රණවරා කොළ, සියඹලා කොළ කොටා හෝ අඹරා එම ස්ථානවල ආලේප කිරීම හෙවත් පත්තු බැඳීම සුදුවේ.

ආහාර ජීර්ණය පහසු කිරීමට දායකවේ. ආහාර ජීර්ණය නොවීම නිසා දියවැඩියාව, අම්ලපිත්තය වැනි රෝග තත්ත්වයන් ඇති වී තිබේ. මෙවැනි අවස්ථාවක එම රෝග සමනය කරගෙන හොඳින් ආහාර ජීර්ණය කර ගැනීමට රණවරා මල් පානය මෙන්ම කොළ මැල්ලුම හෝ කොළ යුෂ මිශ්‍ර කර සකස් කර ගත හැකි කැඳ පානය කිරීම යෝග්‍ය වේ. 

ශුක්‍රාණු වර්ධනයට රණවරා මල් තම්බා පානය කිරීම සුදුසු වේ

ඔසප් වේදනාව සුව කරයි.ආර්තවය හේතුවෙන් බොහෝ කාන්තාවන් පීඩා විඳින අතර එම තත්ත්වය සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි ගුණදායක පානයක් ලෙස රණවරා මල් පානය හැඳින්විය හැකිය. එනම් දිනපතා රණවරා පානය කිරීමෙන් මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකිය.

මුත්‍රා රෝග සමනය කරයි.බොහෝ දෙනකු පීඩා විඳින රෝග තත්වයක් වන මුත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග එනම් මුත්‍රා දැවිල්ල ,වරින්වර මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍රා පිට කිරීමේ අපහසුතාවන් ආදී මුත්‍රා රෝග වලට රණවරා මල් තම්බා පානය කිරීම සුදුසුවේ.

සම පැහැපත් කර ගැනීම සඳහා-වර්තමානය වනවිට බොහෝදෙනකු සම පැහැපත් කර ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග විවිධ ආලේපන වර්ග බහුලව භාවිතා කරයි. නමුත් දිනපතා රණවරා මල් තම්බා පානය කරන්නේ නම් ඉන් සම පැහැපත් කර ගත හැකිය.  එනම් රණවරා මල් මිටක් ගෙන සෝදා වතුර පත හතරක් දමා පත එකට සිඳුවා උදේ හෝ සවස පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.මේ ආදී වූ රෝග ගණනාවක් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස රණවරා භාවිතා කළ හැකිය.